කමල් කියන්නේ ප්රමුඛ පෙළේ ආයතනයක සේවය කරන ඉතාම උගත් කෙනෙක්. උගත්කම වගේම දක්ෂකමත් තියෙන නිසා ගොඩක් අය හිතුවා ආයතනයේ පුරප්පාඩු වුණ ජ්‍යේෂ්ඨ කළමනාකාර තනතුර කමල්ට ලැබෙයි කියලා. ඒත් කමල්ට සාපේක්ෂව දක්ෂතාව පොඩ්ඩක් විතර අඩු නිමල්ට තමයි ඒ තනතුර ලැබුණේ. නිමල් කියන්නෙත් කමල් එක්ක කරට කර තරග කරන්න පුළුවන් දක්ෂකමක්, උගත්කමක් තියෙන කෙනෙක්. ඔයාට මොනවද හිතෙන්නේ මේ සිදුවීම ගැන?
ඔයාට හිතෙයි “නිමල් ආයතන ප්‍රධානීන්ට කඩේ යනවා ඇති. ඒකයි promotion එක ලැබුණේ” කියලා. නැහැ. හේතුව වුණේ වෘත්තීය ආචාරධර්ම සහ නිමල් ආයතනය ඇතුළෙ ගොඩනගාගෙන තිබුණ පෞද්ගලික සන්නාමය. දෙන්නාගේ දක්ෂතා ගත්තම නිමල්ට වඩා කමල් තරමක් හොඳයි. ඒත් කමල් ඔෆිස් එනකොට අඳින විදිය, ප්‍රියමනාප නොවන හැසිරීම, දුරකතන ඇමතුමකට ප්‍රතිචාර දක්වන දුර්වල ආකාරය, වගේ ගොඩක් දේවල් කමල්ගේ මේ උසස්වීම අහිමි වෙන්න හේතු වුණා.
නිමල් එහෙම නෙමෙයි. නිමල් හරිම ලස්සනට, වෘත්තීයභාවය රැකෙන විදියට වර්ණ පවා ගළපගෙන ඇඳුම් අඳිනවා. ඔහුගේ හැසිරීම පවා වෘත්තීය මට්ටමක හැසිරීමක්. ආයතනයේ සේවකයන් සහ උසස් නිලධාරීන් සමග කතා කරන ආකාරය, දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වන ආකාරය පවා වෘත්තීයභාවය පවත්වාගෙන ඒ සීමාව ඉක්මවා යන්නේ නැතුව කරන්න නිමල් දන්නවා. ඉතින් ජ්‍යේෂ්ඨ කළමනාකරුවෙකු විදියට ආයතනය නියෝජනය කරන්න නිමල් සහ කමල් දෙදෙනාගෙන් සුදුසුම කෙනා බවට නිමල් පත් වුණා.
බොහෝ දෙනෙක් හිතනවා වෘත්තීය සාර්ථකත්වය රඳා පවතින්නේ අධ්‍යාපනික සුදුසුකම් සහ සේවා පළපුරුද්ද මත පමණක් කියලා. ඒ තුළ යම් ඇත්තක් තිබුණත් ඒක 100%ක් ඇත්ත නෙමෙයි. ඔයා ක්ෂේත්රයේ කෙතරම් දක්ෂයෙකු වුණත් ඔයාට වෘත්තීය ලෝකයේදී, සමාජයේදි ඔයාගේ වෘත්තීයභාවය හැසිරීමෙන්, ඇඳුමෙන්, කතාවෙන් එළියට පෙන්නන්න තේරෙන්නේ නැත්නම් ඒක ඔයාට අවාසිසහගතයි. ඒකෙන් ඔයාගේ ඊළඟ උසස්වීම පවා මගහැරෙන්න පුළුවන්.
අපි සමාජය තුළ අනුගමනය කරන ඇතැම් ආචාරධර්ම (Etiquette) වගේම බාහිර පෙනුම, අපේ පෞරුෂය තීරණය කරන ප්‍රධාන සාධක වෙනවා. ඒවා අපේ ජීවිතයේ සාර්ථකත්වය සහ පුද්ගල සන්නාමය (personal brand) ගොඩනැගීමටත් සෘජුවම බලපානවා. මෙම ආචාරධර්ම සහ පෞද්ගලික පෙනුම (Grooming) ගැන නිසි අවබෝධයක් නොමැති වීම නිසා බොහෝ දෙනෙක් තමන්ට හිමි විය යුතු ස්ථානය අහිමි කරගන්නවා.
වෘත්තීය ආචාරධර්ම වගේම පෞද්ගලික සන්නාමයක් ගොඩනගා ගන්න ඔයා දැනගෙන ඉන්න ඕන දේවල් මොනවද කියලා මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන්.
Etiquette කියන්නේ සරලවම කිව්වොත් ආචාරවිධි, ආචාරධර්ම. ආචාරශීලිව හැසිරෙන ආකාරය සම්බන්ධව සමාජයේ පොදුවේ පිළිගත් නීති මාලාවක් තිබෙනවා. මේ Etiquette කියන වචනය බිහි වුණේ ඈත අතීතයේදි. ප්‍රංශයේ රාජ සභාවලදී රාජකීය භෝජන සංග්රහයන්ට සහභාගි වන අයට ටිකට් පතක් ලබා දී තිබෙනවා. අදාළ භෝජන සංග්‍රහයට සහභාගී වන විට අඳින පළඳින ආකාරය සහ හැසිරිය යුතු ආකාරය පිළිබඳ
කමල් කියන්නේ ප්රමුඛ පෙළේ ආයතනයක සේවය කරන ඉතාම උගත් කෙනෙක්. උගත්කම වගේම දක්ෂකමත් තියෙන නිසා ගොඩක් අය හිතුවා ආයතනයේ පුරප්පාඩු වුණ ජ්‍යේෂ්ඨ කළමනාකාර තනතුර කමල්ට ලැබෙයි කියලා. ඒත් කමල්ට සාපේක්ෂව දක්ෂතාව පොඩ්ඩක් විතර අඩු නිමල්ට තමයි ඒ තනතුර ලැබුණේ. නිමල් කියන්නෙත් කමල් එක්ක කරට කර තරග කරන්න පුළුවන් දක්ෂකමක්, උගත්කමක් තියෙන කෙනෙක්. ඔයාට මොනවද හිතෙන්නේ මේ සිදුවීම ගැන?
ඔයාට හිතෙයි “නිමල් ආයතන ප්‍රධානීන්ට කඩේ යනවා ඇති. ඒකයි promotion එක ලැබුණේ” කියලා. නැහැ. හේතුව වුණේ වෘත්තීය ආචාරධර්ම සහ නිමල් ආයතනය ඇතුළෙ ගොඩනගාගෙන තිබුණ පෞද්ගලික සන්නාමය. දෙන්නාගේ දක්ෂතා ගත්තම නිමල්ට වඩා කමල් තරමක් හොඳයි. ඒත් කමල් ඔෆිස් එනකොට අඳින විදිය, ප්‍රියමනාප නොවන හැසිරීම, දුරකතන ඇමතුමකට ප්‍රතිචාර දක්වන දුර්වල ආකාරය, වගේ ගොඩක් දේවල් කමල්ගේ මේ උසස්වීම අහිමි වෙන්න හේතු වුණා.
නිමල් එහෙම නෙමෙයි. නිමල් හරිම ලස්සනට, වෘත්තීයභාවය රැකෙන විදියට වර්ණ පවා ගළපගෙන ඇඳුම් අඳිනවා. ඔහුගේ හැසිරීම පවා වෘත්තීය මට්ටමක හැසිරීමක්. ආයතනයේ සේවකයන් සහ උසස් නිලධාරීන් සමග කතා කරන ආකාරය, දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වන ආකාරය පවා වෘත්තීයභාවය පවත්වාගෙන ඒ සීමාව ඉක්මවා යන්නේ නැතුව කරන්න නිමල් දන්නවා. ඉතින් ජ්‍යේෂ්ඨ කළමනාකරුවෙකු විදියට ආයතනය නියෝජනය කරන්න නිමල් සහ කමල් දෙදෙනාගෙන් සුදුසුම කෙනා බවට නිමල් පත් වුණා.
බොහෝ දෙනෙක් හිතනවා වෘත්තීය සාර්ථකත්වය රඳා පවතින්නේ අධ්‍යාපනික සුදුසුකම් සහ සේවා පළපුරුද්ද මත පමණක් කියලා. ඒ තුළ යම් ඇත්තක් තිබුණත් ඒක 100%ක් ඇත්ත නෙමෙයි. ඔයා ක්ෂේත්රයේ කෙතරම් දක්ෂයෙකු වුණත් ඔයාට වෘත්තීය ලෝකයේදී, සමාජයේදි ඔයාගේ වෘත්තීයභාවය හැසිරීමෙන්, ඇඳුමෙන්, කතාවෙන් එළියට පෙන්නන්න තේරෙන්නේ නැත්නම් ඒක ඔයාට අවාසිසහගතයි. ඒකෙන් ඔයාගේ ඊළඟ උසස්වීම පවා මගහැරෙන්න පුළුවන්.
අපි සමාජය තුළ අනුගමනය කරන ඇතැම් ආචාරධර්ම (Etiquette) වගේම බාහිර පෙනුම, අපේ පෞරුෂය තීරණය කරන ප්‍රධාන සාධක වෙනවා. ඒවා අපේ ජීවිතයේ සාර්ථකත්වය සහ පුද්ගල සන්නාමය (personal brand) ගොඩනැගීමටත් සෘජුවම බලපානවා. මෙම ආචාරධර්ම සහ පෞද්ගලික පෙනුම (Grooming) ගැන නිසි අවබෝධයක් නොමැති වීම නිසා බොහෝ දෙනෙක් තමන්ට හිමි විය යුතු ස්ථානය අහිමි කරගන්නවා.
වෘත්තීය ආචාරධර්ම වගේම පෞද්ගලික සන්නාමයක් ගොඩනගා ගන්න ඔයා දැනගෙන ඉන්න ඕන දේවල් මොනවද කියලා මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන්.
Etiquette යන වචනය බිහි වූ හැටි
Etiquette කියන්නේ සරලවම කිව්වොත් ආචාරවිධි, ආචාරධර්ම. ආචාරශීලිව හැසිරෙන ආකාරය සම්බන්ධව සමාජයේ පොදුවේ පිළිගත් නීති මාලාවක් තිබෙනවා. මේ Etiquette කියන වචනය බිහි වුණේ ඈත අතීතයේදි. ප්‍රංශයේ රාජ සභාවලදී රාජකීය භෝජන සංග්රහයන්ට සහභාගි වන අයට ටිකට් පතක් ලබා දී තිබෙනවා. අදාළ භෝජන සංග්‍රහයට සහභාගී වන විට අඳින පළඳින ආකාරය සහ හැසිරිය යුතු ආකාරය පිළිබඳ නීති එම ටිකට් පතේ පිටුපස ලියා තිබූ අතර ‘Etiquette’ යන වචනය බිහි වී ඇත්තේ ඒ අනුවයි.
මේ ටිකට්පත පිටුපස සඳහන් වූ නීති මාලාව වගේ විවිධ ක්ෂේත්රයන් සඳහා ආචාර විධි වර්තමානය වන විට නිර්මාණය වෙලා තිබෙනවා. අපි උදාහරණ කීපයක් ගැන බලමු.
ආහාර අනුභව කිරීමේ ආචාරධර්ම (Dining Etiquette): අවන්හලකදී, සාදයකදී හෝ විධිමත් දිවා හෝ රාත්‍රී භෝජන සංග්‍රහයකදී හැසිරිය යුතු ආකාරය.
දුරකතන සංවාද ආචාරධර්ම (Telephone Etiquette): නිවැරදි හඬ පාලනයකින් යුතුව, වෘත්තීය දුරකතන සංවාදයක් පවත්වාගෙන යන ආකාරය.
ඇඳුම් පැලඳුම් ආචාරධර්ම (Grooming Etiquette): නිසි අවස්ථාවට ගැළපෙන ඇඳුම් සහ පෙනුම පවත්වාගෙන යන ආකාරය.
සමාජ මාධ්‍ය ආචාරධර්ම (Social Media Etiquette): ඔබගේ සමාජ මාධ්‍ය භාවිතය පවත්වාගෙන යන ආකාරය, පළ කරන දේවල් සහ අදහස් පළ කළ යුතු ආකාරය.
පුද්ගලයෙක්ට හොඳ පෞරුෂයක් තිබිය යුත්තේ ඇයි?
ඔයාගේ පෞරුෂය කියන්නේ ඔයාව වෙනත් අයෙකුගෙන් වෙන්කරලා පෙන්වන සුවිශේෂ ලක්ෂණයක්. ඔයාගේ ඇඳුම් පැලඳුම්, හැසිරීම සහ කතා කිරීමේ විලාසය තුළින් ඔයා කවුද කියන එක අන් අයට දැනගන්නට පුළුවන්.
ලෝකයේ ප්‍රකට ව්‍යාපාරිකයන් වන Elon Musk, Mark Zuckerberg වැනි අය බොහෝ විට සරල ඇඳුම් අඳිනවා කියලා සමාජ මාධ්‍යවල විවිධ පෝස්ට් පළ වුණත් ඔවුන් අඳින ඒ ඇඳුම් මිල අධික, උසස් තත්ත්වයේ ඇඳුම් බව ඔයා දන්නවා ද? ඔවුන්ගේ සරල බව තමයි ඔවුන් ගොඩනගා ගෙන තිබෙන පුද්ගල සන්නාමය.
ගොඩක් දෙනෙක් හිතනවා තමන්ගේ පෞරුෂය, පුද්ගල සන්නාමය ගොඩනගා ගන්න ආචාරධර්ම ඉගෙන ගන්න එක, පෙනුම පවත්වා ගැනීම සඳහා මුදල් වියදම් කරන එක අනවශ්‍ය දෙයක් කියලා. නමුත් ඒ තමයි ඔයා ඔයාගේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනය.
කළු කලිසමට සුදු මේස් දාන්න එපා!
ඔයා අධික මිලක් වැය කරලා ඇඳුමක් ගත්තත් ඒක අඳින විදිය හරියට දන්නේ නැත්නම් ඔයා ඒ කළ වියදමෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. විශේෂ අවස්ථාවකදි අපි ඒ අවස්ථාවට ගැළපෙන්න අඳිනවා. ආයතනයේ රැස්වීමක්, භෝජන සංග්‍රහයක්, සාදයක් වගේ විවිධ අවස්ථා සඳහා අඳින පලඳින ආකාරයක් තිබෙනවා. ඔයා දන්නවා ද ඒ වගේ අවස්ථාවකදි කළු කලිසමක් අඳිනවා නම් සුදු පැහැ මේස් පැලඳීම වැරදි භාවිතයක් කියලා?
මේ වගේ ඇඳුම් ගැළපීමේදී වර්ණ ගැන, උස ගැන, ඇඳුමක ප්‍රමාණය ගැන වගේ දේවල් ඔයා සලකා බලන්න ඕන. එහෙම නැත්නම් ඔයා සම්මුඛ පරීක්ෂණයකට ගියත්, විශේෂ අවස්ථාවකට ගියත් නොගැළපෙන විදියට ඇඳගෙන යාම නිසාම ඔයා අපහසුතාවට, ලැජ්ජාවට පත් වෙන්න පුළුවන්. සම්මුඛ පරීක්ෂණයකදි ඔයාව ප්‍රතික්ෂේප වෙන්න පවා ඔයාගේ ඇඳුම හේතුවක් වෙන්න පුළුවන්.
Etiquette ගැන මේ දේවල් දැනගෙන හිටියා ද?
Etiquette කියන්නේ විශාල පරාසයක විහිදෙන දෙයක් නිසා අපි විවිධ දේවල් සම්බන්ධයෙන් උදාහරණ කිහිපයක් පමණක් මේ ලිපියෙන් සලකා බලමු.
ජංගම දුරකතනයක් භාවිත නොකරන කෙනෙක් අපි අතර නැති තරම්. ඉතින් මේ ජංගම දුරකතනය වගේම ඔයාගේ නිවසේ හෝ ආයතනයේ තිබෙන දුරකතනය භාවිතයේදිත් අනුගමනය කළ යුතු ආචාරධර්ම තිබෙනවා. ඔයා කතා කරනකොට හඬ පාලනයකින් යුතුව කතා කරන්න ඕන. දුරකතනයේ අනෙක් පස සිටින පුද්ගලයාගේ කන් බිහිරියි කියලා හිතාගෙන කතා කරනවා වගේ ශබ්ද නගා කතා කිරීම නොකළ යුතු දෙයක්. ඒ වගේම දුරකතන ඇමතුමකට පිළිතුරු දීමේදි ඔයා වෙන ප්‍රශ්නයක ඉන්න අවස්ථාවක් වුණත් ඔයා ආචාරශීලීව අනිත් පුද්ගලයාට කතා කළ යුතුයි. ඒ වගේම මැසේජ් යැවීමේදී emoji භාවිතය ගැනත් ඔයා සැලකිලිමත් වෙන්න ඕන.
සමාජ මාධ්‍ය භාවිතයේදී Social Media Etiquette දැන සිටීමත් වැදගත් වෙනවා. ඔයාගේ Profile Picture එක, ඔයා පළ කරන පෝස්ට්, ඔයා දාන කමෙන්ට් මේ හැම දෙයකින්ම ඔයා මොන වගේ කෙනෙක් ද කියන එක ගැන අදහසක් තවත් කෙනෙක්ට ගන්න පුළුවන්. ඒ හැමදෙයක් තුළින්ම ඔයාගේ පෞරුෂය ගැන යම් අදහසක් සමාජ මාධ්‍ය පරිහරණය කරන අනෙක් පුද්ගලයන්ට ලැබෙනවා.
භෝජන සංග්‍රහයකට සහභාගී වුණ අවස්ථාවක ඔයා සුප් එකක් ආහාරයට ගන්නවා නම් සුප් හැන්ද භාවිත කළ යුතු ආකාරයක් තියෙනවා. ඔයා සුප් හැන්දෙන් සුප් අරගන්නකොට සම්පූර්ණයෙන් හැන්ද පිරෙන්න සුප් ගන්නවා නම් ඒක වැරදියි. ඒ වගේම සුප් හැන්දට සුප් ගන්නකොට ඔයාගේ ශරීරයෙන් ඉවතට සිටින පරිදි හැන්ද හරවලා තමයි සුප් අරගන්න ඕන. ඒ වගේම භෝජන සංග්‍රහයකදි ගොඩක් දෙනෙක්ට හිතාගන්න බැරි දෙයක් තමයි මේසෙ තියලා තියන වතුර වීදුරුවලින් තමන්ගෙ එක මොකක් වෙන්න ඇති ද කියන එක. මොකද ඔයාගේ වම් පැත්තෙන් වගේම දකුණු පැත්තෙනුත් වතුර වීදුරු තියෙනවා. මතක තියාගන්න ඔයාගේ දකුණු පැත්තෙන් තියෙන වතුර වීදුරුව තමයි ඔයාගේ. ඔයාගේ වම් පැත්තේ තිබෙන වතුර වීදුරුව ඔයාගේ වම් පස අසුන්ගෙන සිටින පුද්ගලයටයි අයිති වෙන්නේ.
මේ වගේ අපි නොහිතන ඒත් අපේ පෞරුෂය හදාගන්න අත්‍යවශ්‍ය වෙන ගොඩක් දේවල් තියෙනවා. අතට අත දීම, Business card එකක් දීම, ලිෆ්ට් එකක් භාවිතය, වැසිකිළි භාවිතය, මේ හැම දෙයක් සම්බන්ධවම Etiquettes තිබෙනවා. ඔයාගේ වෘත්තීය ගමන වගේම හොඳ පෞරුෂයක් සාදාගෙන ඉදිරියට යන්න මේ දේවල් ඔයාට වැදගත් වෙනවා. එහෙම නැත්නම් ඔයා අඳින පලඳින විදිය, ඔයා කතා කරන විදිය, ඔයාගේ හැසිරීම මේ හැම දෙයක්ම ඔයාගේ සතුරෙක් වෙලා ඔයාට ලැබෙන්න තියෙන හොඳ අවස්ථා අහිමි කරන්න හේතුවක් වෙන්න පුළුවන්.
Corporate and Grooming Etiquette ගැන වැඩිදුර දැනගන්න කැමති නම් ඔයාට පුළුවන් පහළ තියෙන Link එකට ගිහින් ඒකේ තියෙන Free Resources බලන්න.
https://school.lokubusiness.lk/p/corporate-and-grooming-etiquettes?affcode=1420258_ghpjvsre