කමල් කියන්නේ ප්‍රමුඛ පෙළේ ආයතනයක සේවය කරන ඉතාම උගත් කෙනෙක්. උගත්කම වගේම දක්ෂකමත් තියෙන නිසා ගොඩක් අය හිතුවා ආයතනයේ පුරප්පාඩු වුණ ජ්‍යේෂ්ඨ කළමනාකාර තනතුර කමල්ට ලැබෙයි කියලා. ඒත් කමල්ට සාපේක්ෂව දක්ෂතාව පොඩ්ඩක් විතර අඩු නිමල්ට තමයි ඒ තනතුර ලැබුණේ. නිමල් කියන්නෙත් කමල් එක්ක කරට කර තරග කරන්න පුළුවන් දක්ෂකමක්, උගත්කමක් තියෙන කෙනෙක්. ඔයාට මොනවද හිතෙන්නේ මේ සිදුවීම ගැන?

ඔයාට හිතෙයි “නිමල් ආයතන ප්‍රධානීන්ට කඩේ යනවා ඇති. ඒකයි promotion එක ලැබුණේ” කියලා. නැහැ. හේතුව වුණේ වෘත්තීය ආචාරධර්ම සහ නිමල් ආයතනය ඇතුළෙ ගොඩනගාගෙන තිබුණ පෞද්ගලික සන්නාමය. දෙන්නාගේ දක්ෂතා ගත්තම නිමල්ට වඩා කමල් තරමක් හොඳයි. ඒත් කමල් ඔෆිස් එනකොට අඳින විදිය, ප්‍රියමනාප නොවන හැසිරීම, දුරකතන ඇමතුමකට ප්‍රතිචාර දක්වන දුර්වල ආකාරය, වගේ ගොඩක් දේවල් කමල්ගේ මේ උසස්වීම අහිමි වෙන්න හේතු වුණා.

නිමල් එහෙම නෙමෙයි. නිමල් හරිම ලස්සනට, වෘත්තීයභාවය රැකෙන විදියට වර්ණ පවා ගළපගෙන ඇඳුම් අඳිනවා. ඔහුගේ හැසිරීම පවා වෘත්තීය මට්ටමක හැසිරීමක්. ආයතනයේ සේවකයන් සහ උසස් නිලධාරීන් සමග කතා කරන ආකාරය, දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වන ආකාරය පවා වෘත්තීයභාවය පවත්වාගෙන ඒ සීමාව ඉක්මවා යන්නේ නැතුව කරන්න නිමල් දන්නවා. ඉතින් ජ්‍යේෂ්ඨ කළමනාකරුවෙකු විදියට ආයතනය නියෝජනය කරන්න නිමල් සහ කමල් දෙදෙනාගෙන් සුදුසුම කෙනා බවට නිමල් පත් වුණා.

බොහෝ දෙනෙක් හිතනවා වෘත්තීය සාර්ථකත්වය රඳා පවතින්නේ අධ්‍යාපනික සුදුසුකම් සහ සේවා පළපුරුද්ද මත පමණක් කියලා. ඒ තුළ යම් ඇත්තක් තිබුණත් ඒක 100%ක් ඇත්ත නෙමෙයි. ඔයා ක්ෂේත්‍රයේ කෙතරම් දක්ෂයෙකු වුණත්‍ ඔයාට වෘත්තීය ලෝකයේදී, සමාජයේදි ඔයාගේ වෘත්තීයභාවය හැසිරීමෙන්, ඇඳුමෙන්, කතාවෙන් එළියට පෙන්නන්න තේරෙන්නේ නැත්නම් ඒක ඔයාට අවාසිසහගතයි. ඒකෙන් ඔයාගේ ඊළඟ උසස්වීම පවා මගහැරෙන්න පුළුවන්.

අපි සමාජය තුළ අනුගමනය කරන ඇතැම් ආචාරධර්ම (Etiquette) වගේම බාහිර පෙනුම, අපේ පෞරුෂය තීරණය කරන ප්‍රධාන සාධක වෙනවා. ඒවා අපේ ජීවිතයේ සාර්ථකත්වය සහ පුද්ගල සන්නාමය (personal brand) ගොඩනැගීමටත් සෘජුවම බලපානවා. මෙම ආචාරධර්ම සහ පෞද්ගලික පෙනුම (Grooming) ගැන නිසි අවබෝධයක් නොමැති වීම නිසා බොහෝ දෙනෙක් තමන්ට හිමි විය යුතු ස්ථානය අහිමි කරගන්නවා.

වෘත්තීය ආචාරධර්ම වගේම පෞද්ගලික සන්නාමයක් ගොඩනගා ගන්න ඔයා දැනගෙන ඉන්න ඕන දේවල් මොනවද කියලා මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන්.

Etiquette යන වචනය බිහි වූ හැටි

Etiquette කියන්නේ සරලවම කිව්වොත් ආචාරවිධි, ආචාරධර්ම. ආචාරශීලිව හැසිරෙන ආකාරය සම්බන්ධව සමාජයේ පොදුවේ පිළිගත් නීති මාලාවක් තිබෙනවා. මේ Etiquette කියන වචනය බිහි වුණේ ඈත අතීතයේදි. ප්‍රංශයේ රාජ සභාවලදී රාජකීය භෝජන සංග්‍රහයන්ට සහභාගි වන අයට ටිකට් පතක් ලබා දී තිබෙනවා. අදාළ භෝජන සංග්‍රහයට සහභාගී වන විට අඳින පළඳින ආකාරය සහ හැසිරිය යුතු ආකාරය පිළිබඳ

Share this post: