ඔයා ඊයෙ ඉඳපු තැන, අද ඉන්න තැන, හෙට යන්න ඉන්න තැන කියන දේවල් තුනම තීරණය වෙන්නෙ එකම එක දෙයක් මත. ඒ තමයි ඔයාගෙ පුරුදු එහෙම නැත්තම් Habits.

ඔයා අහලා තියෙනවද කතාවක් “ඔයා කියන්නෙ ඔයාගෙ පුරුදුවල ප්‍රතිබිම්බයක්” කියලා? අන්න ඒ කතාව සහතික ඇත්ත.

සරලවම හිතන්නකො. ඔයාගෙ බෑන්ක් අකවුන්ට් එක කියන්නෙ ඔයාගෙ මූල්‍ය පාලනයේ ප්‍රතිඵලයක්. ඔයාගේ නිරෝගීකම කියන්නෙ ඔයාගෙ ආහාර රටාවේ ප්‍රතිඵලයක්.

ඔයාට ඔයාගෙ වාසනාව Control කරන්න බෑ. හැබැයි ඔයාට පුළුවන් ඔයාගෙ පුරුදු පාලනය කරන්න. ඉතින් මේ ආටිකල් එකේදි අපි කතාකරන්නෙ යන්නෙ අපි කොහොමද ඒක කරන්නෙ කියලා බලන එක. මේ Topic එක ගැන ලියවෙච්ච පොතක් තමයි James Clear ගේ Atomic Habits කියන පොත.

ඉතින් මෙන්න මේ ආටිකල් එකෙන් අපි අද ඔයාලට කියලා දෙනවා හොඳ පුරුදු ඇතිකරගන්න වගේම නරක පුරුදු නැතිකරගන්න වගේම ඒක කරන්න පුළුවන් Techniques මොනවද කියන එක.

Research වලට අනුව සාර්ථක, ලෝකෙ වෙනස් කරන්න පුළුවන් මනුස්සයෙක් මාසෙකට පොත හතරක්වත් කියවනවා. අපේ ගොඩක් අයට ප්‍රශ්නෙ තියෙන්නෙ පොත් කියවන්න වෙලාවක් නැතිකම හෝ ඉංග්‍රීසි පොත් කියවීමේ අපහසුතාවය. ඒ නිසාමයි අපි මේ ලිපිය ඔයාලා වෙත අරගෙන එන්නෙ.

Goal vs System

පුරුදු හදාගන්න යන මේ ගමනෙදි අපි තේරුම්ගන්න ඕන දෙයක් තමයි Goal එකක් සහ System එකක් අතර තියෙන වෙනස් මොකද්ද කියන එක. අපි හැමෝටම ජීවිතේ එක එක Goals තියෙනවනේ. හැබැයි අපිට මේ හැම Goal එකක්ම Achieve කරගන්න පුළුවන් වෙලා නෑ.

මේ පොතේ කියනවා Goal එකක් කියන්නෙ අපිට යන්න ඕන දිශාව තීරණය කරන දෙයක් විතරයි කියලා. Goal එකක තියෙන විශේෂත්වය තමයි ඒක Outcome Based. හැබැයි System එකක් එහෙම නෙවෙයි.

හිතන්නකො ඔයාලට තියෙනවා Goal එකක් Gym එකට ගිහින් ඇඟ බස්සගන්න එක. හැබැයි ඒ Goal එකට යන්න ඔයා උදේම නැගිටල, Gym Kit එක දාගෙන, Gym එකට යන්න ඕන.මේව තමයි ඔයගෙ Goal එකට යන System එක එහෙම නැත්තම් Process එක. මේ System එකට Discipline එකක් දාගෙන ඔයා මහන්සි උනේ නැත්තම් ඔයාගෙ Goal එක හැමදාමත් Goal එකක්ම විතරයි කියලා මේ පොතේ පැහැදිලි කරනවා.

දැන් අපි තව සරල උදාහරණයක් අරගත්තොත් ඔයා හැඩිවෙච්ච ඔයාගෙ කාමරේ අද අස් කරනවා. හැබැයි මේ කාමරේ අස් කරන එක ඔයා Discipline එකක් විදියට නොකරොත් කාමරේ හෙටත් අවුල් වෙනවා.

Goal එකක් Achieve කරගන්න නම් ඔයා මේ System එක Follow කරන්න ඕන කාරණාව තමයි මේ පොතෙන් ඔයාට මුළින්ම කියලා දෙන්නෙ. මේ පොතෙන් අපිට කියලා දෙන තව අපූරු කතාවක් තමයි ඕනම දෙයක් News එකක් වෙන්නෙ ඒ දේ වුනාට පස්සෙ කියලා. ඔලිම්පික් ගිහිල්ලා මීටර් 100 දුවලා දිනපු අය ගැන අපි ඕනතරම් අහලා තියෙනවා. හැබැයි අපි කවදාවත් අහලා නෑ නේද එහෙම දිනන්න Practice කරන කෙනෙක් ගැන?

Goal එකක් කියන්නෙ සමාජයට පේන දෙයක්. හැබැයි System එකක් කියන්නෙ එහෙම පේන දෙයක් නෙවෙයි. System එක කාලයක් කරාම තමයි Goal එක සමාජයට පේන්න පටන් ගන්නෙ.

මේ පොත කියන දේ තමයි “Goal එකට අපි සෑහෙන ආදරය කරනවා. හැබැයි වැඩේ කරගෙන යද්දි System එක අමාරුනම් අපි වැඩේ මග අතාරිනවා” කියලා. එහෙම කරලා කවදාවත් අපිට අපේ Goal එකට යන්න බෑ. ඉතින් මේ Goal එක සහ System එක අඳුරගෙන, ඒ System එක Follow කරන්නෙ කොහොමද කියන එක කියලා දෙන්න මේ පොතේ කොටස් හතරක Framework එකක් කියලා දෙනවා. මේකෙ පලවෙනි Step එක වෙන්නෙ,

    මෙවැනි වටිනා Blog එකක් දැමූ සැනින් දැනගැනීමට අපව Subscribe කරන්න


    1. Cue – Trigger to Act

    මෙතනදි කියලා දෙන දේ වෙන්නෙ ඔයාගෙ ඕනම පුරුද්දක් ඇතිකරගන්න හරි නැතිකරගන්න හරි බාහිර පරිසරයෙන් ඔයාට ඒකට පෙළඹවීමක් ඇතිවෙන්න ඕන.ඒක ගඳක්, සුවඳක්, හැඟීමක්, තව කෙනෙක් වගේ ඕනම දෙයක් වෙන්න පුලුවන්.

    උදාහරණයක් විදියට හිතන්නකො දිග නිවාඩුවක් තිබ්බොත් විතාරයි ඔයාට ට්‍රිප් එකක් යන්න හිතෙන්නෙ.

    ඉතින් කොහොමද මේ හොඳ Trigger to Act එකක් ඇතිකරගන්නෙ පුරුද්දක් ඇති කරගන්න හරි නැතිකරගන්න හරි. පළවෙනි දේ තමයි Visibility. ඔයාට ගිටාර් ගහන්න පුරුදුවෙන්න ඕන නම් ඔයා ඒක කබඩ් එකේ දාලා තියල වැඩක් නෑනෙ, ඔයාට ඒක පේන තැනක තියල තියන්නයි ඕන.

    මේකෙන් ඔයාගෙ ඇහැ Influence වෙනවා Trigger to Act එක.

    දෙවනි එක තමයි ඔයාගෙ වටේ තියෙන දේවල් නිකන්ම දේවල්, Objectives, දේවල් විදියටම දකින්න එපා. ඒකත් එක්ක ඔයාට තියෙන Relationship එකක් හදාගන්න. සමහර වෙලාවට අපේ කාමරේ තියෙනවා සෝෆා එකක්. ඒක නිකන්ම සෝෆා එකක් විදියට දකින්න එපා. ඒක ඔයා Netflix බලන තැම, පොත් කියවන තැන විදියට දකින්න.

    තුන්වෙනි විදිය තමයි Habit Stacking Method එක. ඒ කියන්නෙ දැනටමත් ඔයාට තියෙන පුරුද්දක් පාවිච්චි කරලා අලුත් පුරුද්දක් ඇති කරගන්න. මේ  පොතේ කියන උදාහරණය මෙන්න මේ වගේ දෙයක්. ඇඟ හෝදන්න හොර ළමයෙක් ඉන්නවා. හැබැයි මෙයා හැමදාම හවසට සෙල්ලම් කරනවා. හවසට සෙල්ලම් කරන නිසා ඇඟට දාඩිය වැටෙන නිසා හවසට ඇඟ හෝදන එක පුරුද්දක් කරගන්න වෙනවා.

    හතරවෙනි එක තමයි ඔයා ඔයාට දෙන Practical Promise එකක්. හිතන්නකො ඔයාට ඕන Online Business එකක් පටන් ගන්න. කොහොමද ඔයා ඒකට Practical Promise එකක් දෙන්නෙ?

    “මට Online Business එකක් කරන්න ඕන” කිව්ව පමණින් ඒක Practical Promise එකක් වෙන්නෙ නෑ. “මම Online Business එකක් කරන විදිය ඉගෙනගන්න හැමදාම හවස හතේ ඉඳල පැය දෙකක් කාලය වෙන් කරනවා” කියලා In detail promise එකක් ඔයාටම දෙන්න.

    2. Craving/Internal Desire

    සමහරවෙලාවට බාහිර පරිසරයෙන් කොච්චර Trigger එකක් තිබුණත් අපි ඒක Follow කරන්නෙ නෑනෙ. අන්න එතනදි තමයි මේ දෙවනි Point එක වැදගත් වෙන්නෙ. බාහිර පරිසරයෙන් ඔයාව කොච්චර Trigger කරත් වැඩක් නෑ ඔයාට ඔයාගෙ ඇතුළාන්තයෙන්ම ඒකට Internal Desire එකක් නැත්තම්.

    මේ පොතේ උදාහරණයක් තියෙනවා කෙනෙක් පීසා කන්නෙ බඩගින්නට, තව කෙනෙක් පීසා කන්නෙ ආසාවට. ඉතින් එක එක අයට පුරුද්දක් ඇතිකරගන්න හෝ නැතිකරගන්න තියෙන හේතු කාරණා වෙනව. හැබැයි මේ හැමෝටම මේ පුරුද්දක් ඇතිකරගන්න හෝ නැතිකරගන්න Internal Desire එකක් ඇතිකරගන්න උදව්වෙන හෝමෝනයක් තියෙනවා. ඒ හෝමෝනය තමයි Dopamine. මේක හරි ඇබ්බැහිවෙන සුළු හෝමෝනයක්. මේ Internal Desire එක ඇතිකරගන්න නම් ඔයා මේ හෝමෝනය Hack කරගන්න ඕන. මේ Method එකට කියන්නෙ Temptation Bundling කියලා. කොහොමද අපි මේක කරන්නෙ කියන දේ මේ පොතේ Explain කරලා තියෙන්නෙ මෙන්න මේ විදියට.

    ඔයාට හදාගන්න ඕන පුරුද්ද – දැනටමත් ඔයාට තියෙන පුරුද්දක් එක්ක Bundle කරගන්න.

    උදාහරණයක් විදියට මෙන්න මෙහෙම දෙයක් හිතන්නකො. ඔයා ක්‍රිකට් මැච් බලන්න මාර ආසයි. ඒ එක්කම මැච් එක දවසෙම ඔයාට Sales Calls ගන්නත් තියෙනවා. දෙකම මිස් කරගන්න ඔයා කැමති නෑ. එතකොට ඔයා කරන්න ඕන Sales Call 10ක් ගත්තට පස්සෙ පොඩි Break එකක් අරගෙන පොඩ්ඩක් Match එක බලනවා කියලා Target එකක් දාගන්න. එතකොට අර මැච් එක බලන්න ලැබෙන මානසික තෘප්තිය නිසා ඇඟ ඇතුලෙ නිපදවන ඩෝපමින් හෝමෝනය ඔයාව උත්තේජනය කරනවා අර Sales Calls 10 අරගන්න.

    3. Response

    තුන්වෙනි Level එක තමා Response Level එක. මේකෙදි තමා ඔයා ඔයාගෙ පුරුදු ක්‍රියාවට නංවන්නෙ. සමහර පුරුදු තියෙනවානෙ අපිට ලේසියෙන් කරන්න පුලුවන්. ටීවි බලන එක, ෆේස්බුක් යන එක වගේ දේවල් අපිට හරි ලේසියෙන් කරන්න පුලුවන් දේවල් නේ.

    මේ පොතේ කියනවා අපේ සමහර පුරුදු වලට අපි ඇබ්බැහි වෙලා ඉන්නෙ ඒව ලේසියෙන් කරන්න පුලුවන් නිසා කියලා. මේ වගේ දේවල් වලින් වැලකෙන්න මේ පොතේ කියන විදියට අපිට කරන්න පුලුවන් එක දෙයක් තමයි Reduce the Friction. ඒ කිව්වේ ඒ පුරුද්ද කරන්න තියෙන ලේසි පහසු ක්‍රමය අඩු කරන්න කියන එක. උදාහරණයක් විදියට ටීවී බලන එක අඩු කරගන්න ඕන නම් ටීවී එක දාන එක අමාරු කරන්න. ප්ලග් එක ගලවල තියන්න, ටීවි එක රෙද්දකින් වහලා තියන්න වගේ දේවල් කරන්න.

    මේ වගේ ඕනම දෙයක් කරන එක ලේසි කරන්න පුළුවන් නම් Response Level එකේදි ඔයා ඒක කරන්න තියෙනව උනන්දුව වැඩිවෙනවා.

    හොඳ පුරුද්දක් හදාගන්න ඕන නම් Friction එක අඩු කරන්න. අයින් කරගන්න ඕන පුරුද්දක් තියෙනම් Friction එක වැඩි කරගන්න.

    ඊළඟට මේ පොතේ කියන දෙයක් තමයි අපිට යම් දෙයක් කරන්න යන කාලයක් තියෙනවනේ. ඔයා දෙන කාලය සහ ඒ පුරුදු හදාගන්න දෙන Effort එක සරල රේඛීය නෑ. මුල් කාලෙදි කොච්චර Effort එකක් දුන්නත් ඒක පේන්නෙ නෑ. ඒ කාලෙ පන්නගත්තට පස්සෙ තමයි ඔයාට Rocket එක වගේ ඉස්සරහට යන්න පුළුවන් වෙන්නෙ. මේ කාලෙට කියන්නෙ Disappointment Curve එක කියල, මොකද මුල් කාලෙ කොච්චර මහන්සි උනත් Result එකක් නොපෙනෙන නිසා අපි Disappointment වෙන්න තියෙන ඉඩ වැඩියි.

    4. Reward

    ඊළඟට මේ පොතේ කියන දේ තමයි අපිට පුලුවන් වෙන්න ඕන මේ කාලෙදි අපිව Reward කරගන්න. මොකද ඒක එක්තරා විදියට උත්තේජනයක් අපිට තව මහන්සිවෙලා වැඩ කරන්න. මෙතන Rewards වර්ග දෙකක් ගැන කියලා දෙනවා. Immediate Rewards – ඒ කියන්නෙ අර හරිම ඉක්මනට දෙයක් කරාම අපිට ලබාගන්න පුළුවන් Rewards. අනිත් එක තමයි Ultimate Rewards -මේක ලැබෙන්න ටික කාලයක් යනවා.

    මේ පොත නග තර්කය තමයි ඔයාට හොඳ පුරුද්දක් හදාගන්න නම් ඔයා මේ Immediate Reward එකක් හදාගන්න ඕන වගේම නරක පුරුද්දක් නැති කරගන්න නම් Immediate ප්‍රතිවිපාකයක් හදාගන්න ඕන.

    ඉස්සර මිනිස්සුන්ට Long term planning තිබුනේ නෑනෙ. එදා වේල කන්නෙ කොහොමද කියලා තමයි අපි බැලුවෙ. හැබැයි අද එහෙම නෙවෙයිනෙ. අපි කරන ගොඩක් දේවල්වල Rewards කාලෙකට පස්සෙ තමයි ලැබෙන්නෙ. ඉතින් මේ පොතේ අපිට කියල දෙනවා ඒ වගේ Ultimate Rewards ලැබෙන Goals වලදි උනත් අපි කොහොමද Immediate Reward එකක් හදාගන්නෙ කියලා.

    මේ පොතේ ඒකට අපිට උදාහරණයක් දෙනවා. ඔන්න Couple එකක් ඉන්නවා. මේ දෙන්න හරියට එළියට ගිහින් කනවා. මේ දෙන්නට උවමනා වෙනවා එළියට ගිහින් කන එක අඩු කරන්න. ඒකට මේ දෙන්නා කරන දේ තමයි ගෙදර කෑම හදාගෙන කන හැම දවසකම එළියට ගිහින් කෑම කන එකට වියදම් වෙන ගාණ බැංකු අකවුන්ට් එකක එකතු කරනවා Europe Trip කියලා. ටිකෙන් ටික ඒ ගිණුමෙ සල්ලි එකතුවෙද්දි, Immediate Reward එකක් දකිද්දි එයාලට පුළුවන් වෙනවා එළියට ගිහින් කන පුරුද්ද අඩු කරගන්න.

    ඉතින් සාරාශයක් විදියට අරගත්තොත් ඔයා දැන් දන්නවා ඕනම පුරුද්දක් වෙනස් කරන්න හෝ ඇතිකරගන්න ඔයා වැඩ කරන්න ඕන Framework එක මොකද්ද කියලා. ඒ අනුව Trigger to Act, Internal Desire, Response සහ Reward කියන Stages 4 එක්ක ඔයා දැන් දන්නවා කොහොමද ජන්මෙට වඩා කොච්චර ලොකු උනත් මේ පුරුද්ද ඔයාට ඕන විදියට හැඩගහගන්නෙ කියලා.

    ඉතින් මේ වගේ වටිනා Watch a Book Videos තවත් බලන්න, තව තවත් දැනුම ඔයාලගෙ ජීවිතේට එකතුකරගන්න, Life එක ගොඩදාගන්න ඔයාලට පුළුවන් අපේ Simple books YouTube Channel එක Subscribe කරල තියාගන්න.

    පොත් කියවන්න වෙලාව නැතිනම්,

    සමහර පොත් ලංකාවෙ හොයාගන්න නැතිනම්,

    කියවලා ඉවර කරන්න කම්මැලි නම්,

    සංකීර්ණ කරුණු තේරුම්ගන්න බැරිනම්,

    බර ඉංග්‍රීසි වචන තේරුම් ගන්න බැරිනම්,

    Link: https://school.lokubusiness.lk/p/atomic-habits?affcode=1420258_ghpjvsre මේ Link එක ඔස්සේ ඇවිත් ලෝකෙ සාර්ථක වෙච්ච මිනිස්සු ලියපු දේවල් සරල සිංහලෙන් අහලා ඉගෙනගන්න ගමන් ඔයාගෙ ජීවිතෙත් ඒ විදියට හැඩගස්වාගන්න අපිත් එක්ක එකතුවෙන්න!

    Share this post: