දොඩම් ගොඩම බදාගෙන අමාරුවේ වැටෙනව ද? හරි Audience එක තෝරගෙන ගොඩ යනව ද?

ඔයා Coffee Shop එකක් කරන කෙනෙක් නම් තේ විතරක් බොන්න කැමති මිනිස්සුන්ටත් කොහොම හරි කෝපි විකුණලා ඔයාගේ Sales වැඩි කරගන්න ඕන කියලා හිතුවොත් ඔයා සාර්ථක වෙයි ද? තේ බොන්න කැමති ඒත් කෝපි බොන්න අකමැති පිරිස වෙනුවෙන් Ads දාන්න වියදම් සල්ලිවලින් ඔයාට පුළුවන් නේද කෝපි බොන්න කැමති Audience එකෙන් ඔයාගේ Productsවලටම Loyal වෙන Audience එකක් නිර්මාණය කරගන්න?

හේතුව මේකයි, Business එකකදි ඔයා හරියට Target Audience එක හඳුනාගත්තේ නැත්නම් දොඩම් ගොඩ බදාගත්තා වගේ ඔයාගේ නිෂ්පාදනය හෝ සේවාව හැමෝටම විකුණන්න ගිහින් ඔයා ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්. 

එහෙම අමාරුවේ නොවැටි ඉස්සරහට යන්න නම් ඔයාගේ නිෂ්පාදනයට හෝ සේවාවට ගැළපෙන Audience එකක්/ Market එකක් ඔයා තෝරගන්න ඕන. මේකට කියන්නේ Market Segmentation කියලා. ඒ කියන්නේ ඔයාගේ Market එක කොටස්වලට වෙන් කරගන්න ඕන. ඒකෙන් ඔයාට පුළුවන්කම ලැබෙනවා නිෂ්පාදනයක් හෝ සේවාවක් හරියටම විකුණන්න ඕන කාට ද කියන එක අඳුනගන්න. 

Market Segmentation කිරීමේ ප්‍රධාන කාණ්ඩ මොනවාද?

Market Segmentation එකට අදාළව ප්‍රධාන කාණ්ඩ ඒ කියන්නේ Segments 4ක් තියෙනවා.

  1. Demographic Segmentation
  2. Geographic Segmentation
  3. Behavioral Segmentation
  4. Psychographic Segmentation

1. Demographic Segmentation

මේ කාණ්ඩය (Segmentation) යටතේ සලකා බලන සාධක කිහිපයක් තියෙනවා. 

  • වයස
  • ස්ත්‍රී පුරුෂභාවය
  • විවාහක අවිවාහක බව
  • පවුලේ සාමාජිකයන් ගණන
  • රැකියාව
  • අධ්‍යාපන මට්ටම
  • ආදායම
  • ආගම
  • ජාතිය

මේ සඳහන් කරලා තියෙන සාධක තමයි Demographic Segmentation එකේදි සලකා බලන්නේ. 

Demographic Segmentation යටතේ Audience එක තීරණය කිරීමේදී ලැබෙන වාසිය තමයි ඉහත දක්වා ඇති වයස, ස්ත්‍රී පුරුෂභාවය, විවාහක අවිවාහක බව ඇතුළු සාධක පිළිබඳ දත්ත ලබා ගැනීමේ පහසුව. එහිදී පාරිභෝගිකයන්ගෙන් සෘජුවම තොරතුරු විමසීමෙන් හෝ Online ක්‍රමයට හෝ දත්ත විකුණන ආයතනයක් මාර්ගයෙන් ඔයාට අවශ්‍ය දත්ත පහසුවෙන් ලබා ගන්න පුළුවන්. 

උදාහරණයක් විදියට Face Wash නිෂ්පාදනය කරලා විකුණනවා නම් ඒක කාන්තාවන්ට විකුණනව ද නැත්නම් පිරිමි පුද්ගලයන් target කරලා විකුණනව ද කියලා තීරණය කරන්න මේ Segmentation එක ඔයාට වැදගත් වෙනවා.

2. Geographic Segmentation

මේ කාණ්ඩය යටතේ නිෂ්පාදන හෝ සේවා අලෙවි කරන්නේ පාරිභෝගිකයන් සිටින ස්ථානය පිළිබඳ සිතා බැලීමෙන්. 

  • රට 
  • නගරය
  • Zip Code
  • ප්‍රදේශයේ ස්වභාවය (ග්‍රාමීය හෝ නාගරික)
  • කාලගුණ තත්ත්වය
  • ජනගහනය

Geographic Segmentation එක යටතේ නිෂ්පාදනයක් විකුණනවා නම් සලකා බලන සාධක තමයි ඉහතින් ඔයාට දකින්න ලැබෙන්නේ.

උදාහරණයක් ගත්තොත් රස්නය වැඩි ප්‍රදේශයක Audience එකක් Target කරලා ගණකම වැඩි, ඌෂ්ණත්වය රඳවා තබාගන්නා අමුද්‍රව්‍යකින් නිෂ්පාදනය කළ ඇඳුම් විකුණන එක අසාර්ථක වැඩක්. ඒ වගේ නිෂ්පාදනයක් විකුණන්න ඕන සීතල ප්‍රදේශයක ජීවත් වෙන පිරිසක් Target කරලා.

3. Behavioral Segmentation

Target audience එකේ හැසිරීම මත ඔයාගේ නිෂ්පාදනය හෝ සේවාව අලෙවි කරන්න ඇති හැකියාව ගැන තමයි මේකෙන් කියවෙන්නේ.

  • Target audience එකේ දැනුම මට්ටම
  • ඔවුන්ගේ ආකල්ප
  • ඔවුන් භාවිත කරන Brands, නිෂ්පාදන වර්ග, සේවා
  • ඔවුන් වැඩියෙන් ආකර්ෂණය වන්නේ කුමන ආකාරයේ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්වලට ද
  • ඔවුන්ගේ විශ්වාසයක් (Belief System)

මෙන්න මේ සාධක තමයි මේ කාණ්ඩය යටතේ සලකා බලන්නේ. Behavioral Segmentation කියන කාණ්ඩය තවත් කොටස් කීපයකට බෙදෙනවා. අපි බලමු ඒ මොනවද කියලා.

i) Purchasing and Usage Behavior

අදාළ පුද්ගලයා මොන වගේ දේවල් ද මිල දී ගන්නේ, ඒ වෙනුවෙන් කොපමණ මුදලක් වැය කරන්න සූදානම් ද, අදාළ නිෂ්පාදනය එම මොහොතේම මිල දී ගනීවි ද කියන කාරණා ගැන තමයි මේකෙන් අදහස් වෙන්නේ.

උදාහරණයක් විදියට ගත්තොත් රැකියාවක් කරන පුද්ගලයන් සඳුදා සිට සිකුරාදා දක්වා දිනවලදි Uber, PickMe වැනි සේවාවක් වෙනුවෙන් වියදම් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. මොකද වෙලාවට වැඩට යන එක ඔවුන්ට වැදගත් නිසා. නමුත් නිවාඩු දවසකදි ඔවුන් එවන් සේවාවක් වෙනුවෙන් වියදම් කරන්න හිතලා බලනවා. මේක තමයි Purchasing and Usage behavior එක විදියට හඳුන්වන්නේ.

ii) Occasion Purchasing

අලුත් අවුරුද්ද, නත්තල, Black Friday, Birthday Party, Wedding වගේ විවිධාකාර විශේෂිත අවස්ථා සඳහා Target කළ යුත්තේ කුමන Audience එකක් ද කියන එක ගැනයි මේකෙන් අදහස් කරන්නේ. 

උදාහරණයක් විදියට Bridal Saree විකුණනවා නම් විවාහ වන වයස් සීමාවේ සිටින තරුණියන්ව Target කරන්න ඕන. පළමු දරු උපත සම්බන්ධ නිෂ්පාදන විකුණනවා නම් අලුත විවාහ වුණ තැනැත්තන් Target කරන්න ඕන.

iii) Benefit Sought

Target Audience එක මොන වගේ ප්‍රතිලාභවලට ද කැමති කියන එක ගැන මෙතනදි සලකා බලනවා. 

ඔයා දැකලා ඇති සමහර ආහාර අලෙවි සැල් තියෙනවා අපිට අවශ්‍ය කෑම මිලට ගන්න පුළුවන්, හැබැයි ඒ අලෙවි සැලේ ඉඳගෙන කන්න පහසුකම් හදලා නැහැ. ඒ ඔවුන්ගේ Audience එක කෑම අරගෙන ගිහින් කන්න කැමති අය. ඒත් සමහර Restaurants, Coffee Shops වගේ දේවල් ගැන හිතලා බැලුවොත් වෙනස්ම පරිසරයක් ඒවගේ නිර්මාණය කරලා තියෙනවා. හේතුව ඔවුන්ගේ Audience එක කැමති ඒ වගේ තැනකට ඇවිත් නිවීසැනසිල්ලේ ඉන්න ගමන් කෑම කන්න. එහෙම නැත්නම් තමන්ගේ හිතවතුන් එක්ක කෝපි එකක් බොන ගමන් නිදහසේ කතා කරන්න. මෙන්න මේ වගේ ප්‍රතිලාභ ගැන සලකා බලන එක තමයි Benefit Sought යටතේ සිද්ධ වෙන්නේ.

iv) Customer Loyalty

මේ Target audience එක ඔවුන් මිල දී ගන්න නිෂ්පාදනයට හෝ සේවාවට වඩා වැඩි යමක් බලාපොරොත්තු වෙන පිරිසක්. Offers, Loyalty membership, Buy one get one free වැනි අමතරව ලැබෙන විශේෂිත යමක් පිළිබඳ සලකා බලන හැසිරීමක් ඔවුන් සතු වෙනවා.

04. Psychographic Segmentation

මෙහිදී Target audience එකේ මානසික තත්ත්වය ගැන සලකා බැලෙනවා. Luxury brands භාවිතා කරන පුද්ගලයන්ගේ Lifestyle එක, Social status, Personality, Attitude කියන මේ හැම දෙයක්ම අනෙක් පුද්ගලයන්ට සාපේක්ෂව වෙනස්. ඒ වගේ මානසික තත්ත්වයන් ගැන සලකා බලන එක තුළින් ඔයාට පුළුවන් ඔයාගේ නිෂ්පාදනය හෝ සේවාව මිල දී ගන්න ඕන Target Audience එක කවුද කියන එක හරියටම තීරණය කරගන්න.

දැන් අපි බලමු කොහොමද Market Segmentation එකක් කරන්නේ කියන දේ ගැන.

Market Segmentation එක ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු පියවර මොනවාද?

  1. Define Your Market

ඔයාගේ නිෂ්පාදනය හෝ සේවාව විකුණන්නේ කාට ද කියන එක තීරණය කරන එක ගැන තමයි මේ පියවරේදි අදහස් කරන්නේ. ඒ තරුණ තරුණියන් වෙන්න පුළුවන්, වැඩිහිටි පුද්ගලයන් වෙන්න පුළුවන්, දරුවන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මැදි ආදායම්ලාභීන් වෙන්න පුළුවන්, ඉහළ ආදායමක් උපයන පුද්ගලයින් වෙන්න පුළුවන්. ඉන්පස්සේ ඔයාට හැකියාවක් තියෙනවා ලංකාවේ ඒ අදාළ Market එකේ විශාලත්වය මොන වගේ ද කියලා හොයලා බලන්න.

  1. Segment Your Market

මේ ලිපියේ මුලින්ම අපි කතා කළ Demographic Segmentation, Geographic Segmentation, Behavioral Segmentation සහ Psychographic Segmentation කියන කොටස්වලට ඔයාගේ Market එකේ අදාළත්වය මොන වගේ ද කියන එක තමයි මෙතනදි බලන්න ඕන. මේ කොටස් හතරෙන් එකකට ඔයාගේ Market එක සීමා කරන්න අවශ්‍ය නැහැ. සමහරවිට ඔයාගේ නිෂ්පාදනය හෝ සේවාව මේ කොටස් හතරෙන් එකකට හෝ කිහිපයකටම අයිති වෙන්න පුළුවන්.

කාලයත් සමග ඔයාට හරියටම පුළුවන්කම ලැබේවි ඔයාගේ Market එක මේ කොටස්වලින් මොන කොටස්වලට ද අදාළ කියන එක දැගනන්න.

  1. ඔයාගේ Market එක තවදුරටත් තේරුම් ගන්න

ඔයාගේ Target audience එක මේ වෙනකොටත් හඳුනාගෙන තියෙන්නේ කියලා ඒ ගැන අධ්‍යයනය කරන එක නවත්වන්න එපා.  කාලයත් සමග පුද්ගල මානසිකත්වය පවා වෙනස් වෙන්න පුළුවන්. ඔයාගේ Audience එකේ හැසිරීම් රටාවල වෙනස්කම් ගැන නිතර අධ්‍යයනය කරන්න ප්‍රශ්නාවලි ඉදිරිපත් කරන්න, Research, Survey ආදිය කරන්න ඔයාට පුළුවන්. ඒ හරහා ඔවුන්ව හොඳින් තේරුම් ගන්න අවස්ථාවක් ඔයාට ලැබෙනවා.

  1. Create Your Customer Segment

මේ පියවරේදී තමයි ඔයාට හරියටම දිගුකාලීනව ඔයා විසින් Target කරන්න ඕන Audience එක කවුද කියන එක තීරණය කරන්න හැකියාව ලැබෙන්නේ. කලින් පියවරවලදි ඔයා හඳුනාගත්ත Target Audience එක එක්ක කාලයක් ගනුදෙනු කරද්දි ඔයාට තේරුම් යන්න පුළුවන් ඒ හරිම Audience එක ද නැද්ද කියන එක. ඒ නිසා මේ පියවරේදි තමයි ලැබූ අත්දැකීම් එක්ක ඔයාට පුළුවන්කම ලැබෙන්නේ නිවැරදිම Audience එක තෝරගන්න.

  1. Test Your Marketing Strategy

ඔයා Target Audience එක හඳුනාගෙන තිබුණා වුණත් කාලයත් එක්ක ඔයාගේ නිෂ්පාදනය හෝ සේවාව මිල දී ගන්න තවත් පිරිසක් හුරුවෙමින් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ Marketing Strategy එක නිතර පරීක්ෂාවට ලක් කරන්න. ඔයාගේ ව්‍යාපාරය එක තැන පල් වෙන්න නොදී පුළුල් කරන්න මේ පියවර ඔයාට උදව් වෙනවා.

Marketing Segmentation එකකින් ලැබෙන ප්‍රතිලාභ මොනවද?

Segmentationවලට ඔයාගේ නිෂ්පාදනය හෝ සේවාව බෙදාගන්න එකෙන් ඔයාට ලැබෙන වාසි කීපයක්ම තිබෙනවා.

  • Laser Focus – නිවැරදිම audience එකක් හඳුනාගන්න හැකි වීම නිසා ඔවුන් ගැන වඩාත් හොඳින් අධ්‍යයනය කිරීමට ඇති හැකියාව තමයි Laser Focus කියලා කියන්නේ. 
  • Strong Brand Image – ඔයාගේ Brand එක ගැන ඉතා හොඳ, ශක්තිමත් ප්‍රතිරූපයක් ගොඩනැගීමට හැකි වීම
  • Greater Potential for Brand Loyalty – ඔයාගේ Brand එක වෙනුවෙන් Loyal Customer Base එකක් නිර්මාණය කරගැනීමේ හැකියාව
  • Stronger Market Differentiation – එකම නිෂ්පාදනයක් සම්බන්ධයෙන් තිබෙන තරගකාරීත්වය හමුවේ වෙනස් නිෂ්පාදනයක් ලෙස ඔයාගේ නිෂ්පාදනය හඳුන්වාදීමට හැකි වීම
  • Digital Advertising – Facebook වගේ සමාජ මාධ්‍යවල වෙළඳ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමේදී ඔයා ඒ වෙනුවෙන් දරන වියදමට අනුව හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව

Limitations of Segmentations

Segmentations කිරීමේදී ඔයාට ප්‍රතිලාභ හිමි වෙනවා වගේම අභියෝගවලටත් මුහුණ දෙන්න වෙනවා. අපි බලමු මොනවද ඒ අභියෝග කියලා.

  • Higher Upfront Marketing Expenses – Segmentation කිරීම සඳහා ඔයාට research, survey වගේ දේවල් කරන්න සිද්ධ වෙනවා. මේ වගේ දේවල්වලට යම් වියදමක් දරන්න, කාලයක් යොදවන්න වෙනවා. මේක ඔයාට අභියෝගයක්. ඒත් ඒ අභියෝගය ආයෝජනයක් විදියට සලකලා භාරගත්තොත් ඔයාට ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණය වැඩියි.
  • Increased Product Line Complexity – ව්‍යාපාරයේ නිෂ්පාදන කිහිපයක් ඇත්නම් ඒවාට අදාළව Target Audience කිහිපයක් සිටිනවා. මේ වගේ වෙලාවට ඒ එක් එක් Audience එක ගැන වෙන වෙනම අවධානය දෙන්න සිදුවීම සංකීර්ණ වගේම යම් පීඩනයක් සහිත ක්‍රියාවලියක් බවට පත් වෙනවා.
  • Greater Risk of Misassumptions –  ඔයා Target Audience එකක් තීරණය කරගෙන තිබුණත් ඔයා ඔවුන්ට ආමන්ත්‍රණය කරන ආකාරය නිසා ඔයාගේ Audience එකට අදාළ නොවෙන පිරිසක් වරදවා වටහාගන්න පුළුවන් ඔයා ආමන්ත්‍රණය කරන්නේ ඔවුන්ට කියලා. මේ අභියෝගය ජයගන්න නම් සන්නිවේදනය කරන ආකාරය, වචන භාවිතය ගැන ඔයා ගොඩක් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි.
  • Reliance on Reliable Data – ඔයාගේ නිෂ්පාදන හා සේවා සම්බන්ධ දත්ත ලබා ගැනීමට විශ්වසනීය මූලාශ්‍ර භාවිත කළ යුතුයි. නිවැරදි නොවන දත්ත මත ඔයා යැපෙනවා නම් ඒක ඔයාගේ ව්‍යාපාරයට හානියක් මිසක් ප්‍රතිලාභයක් ලබා දෙන්නේ නැහැ.

මේ වෙනකොට Market Segmentation ගැන ඔයාට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති. Market Segmentation කියන්නේ Marketing Plan එකක එක කොටසක් විතරයි. ඒ නිසා Marketing Plan ගැන ඔයාට හොඳ අවබෝධයක් තියෙන එකත් ඔයාගේ ව්‍යාපාරයේ දියුණුවට ගොඩක් වැදගත් වෙනවා. දැවැන්ත ව්‍යාපාරිකයෙක් වෙන්න ඔයාගේ හිතේ තියෙන හීනේ පොඩි තැනකින් නතර වෙන්න දෙන්න එපා. පහළ තියෙන Link එකට ගිහින් Marketing Plan එකක් හදන විදිය ගැනත් ඉගෙන ගන්න.
https://school.lokubusiness.lk/p/marketing-plan?affcode=1420258_ghpjvsre

වැඩි වියදමක් නැතුව ඇඟට නොදැනෙන්න Brand එකක් Promote කරන කලාව

ව්‍යාපාරිකයෙක් හෝ ව්‍යවසායකයෙක් වෙන ඔයාට වැඩි වියදමක් දරන්නේ නැතුව ඔයාගේ Brand එක ලොකු Target Audience එකක් අතරට අරන් යන්න ක්‍රමයක් තියෙන බව දැනගෙන හිටිය ද? අලෙවි ප්‍රවර්ධනය (Marketing Promotion) කියන්නේ මොන තරම් වියදමක් යන, මොන තරම් මහන්සියක් වෙන්න ඕන දෙයක් ද කියලා ඔයාට අමුතුවෙන් කියන්න ඕන නැහැ. 

Loku Business Blog එකෙන් මේ කියලා දෙන්න යන්නේ වැඩි මුදලක් වැය නොකර, Stress නොවී ලේසියෙන්ම ඔයාගේ Business එක Promote කරගන්න කලාවක් ගැන.

අලෙවි ප්‍රවර්ධනයේදී ඔයාට පුළුවන්කම තියෙනවා සෘජුවම ඔයාගේ Target Audience එකට ඔයාගේ නිෂ්පාදන හෝ සේවා ගැන සන්නිවේදනය කරලා Promotion කරන්න. මේකට කියනවා Direct Promotion කියලා. නමුත් ඔයාට සෘජුවම මැදිහත් නොවී ඔයාගේ නිෂ්පාදන හා සේවා ඔයාගේ Target Audience එක අතරට අරන් යන්න ක්‍රමයක් තියෙනවා. ඒකට කියන්නේ Cross Promotion කියලා. මෙතැනදි වෙන්නේ, වෙනත් ව්‍යාපාරයක් සමග හවුල්වෙලා ඔයාගේ ව්‍යාපාරය වැඩි පිරිසක් අතරට අරන් යන එක.

මුලින්ම ප්‍රායෝගිකව දැකලා තියෙන උදාහරණ කීපයක් ගැන මතක් කරන්නම්.

ඔයා දැකලා ඇති Burger King එකට ගියාම එයාලගේ නිෂ්පාදන එක්ක Coca-Cola එකත් Promote කරනවා. 

එහෙම නැත්නම් සමහර වෙලාවට දැකලා ඇති ඔයා ගන්න කෑමක් එක්ක Coca-Cola එකක් Free ලැබෙනවා කියලා ඒ ගැන Promote කරනවා.

එහෙම නැත්නම් කෑම රෙසිපි ගැන කියලා දෙන YouTube Channel එකක වීඩියෝ එකක් බලද්දි ඒ YouTuber පාවිච්චි කරන පොල්තෙල් වර්ගය, මාගරින් වර්ගය, සෝස් වර්ගය Brand name එක හොඳින් පෙනෙන ලෙස මේසේ පැත්තකින් තියලා තිබෙනවා ඔයා දැකලා ඇති. හැබැයි වීඩියෝ එක කරගෙන යද්දි එයා විශේෂයෙන් ඒ Brand එක ගැන විස්තර කරන්නේ නැහැ. ඒ විදියට තමයි ඇඟට නොදැනෙන්න එක Brand එකක් තවත් Brand එකක් Promote කරන්නේ.

මෙන්න මේ විදියට Brands හවුලේ එකතුවෙලා කරන දේට තමයි Cross Promotion කියලා කියන්නේ.

Cross Promotion එකක් හරියට කරන්න නම් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන මොනවා ගැන ද?

ඔයාගේ හවුල්කරු (Partner) විදියට විශ්වසනීය සන්නාමයක් තෝරගන්න

McDonalds සහ Coca-Cola කියන Brands දෙක අතර හවුල්කාරීත්වය සැලකුවොත් McDonalds කියන්නේ ලෝකය පුරාම ව්‍යාප්ත වී ඇති විශ්වසනීය සන්නාමයක්. ඒ වගේ සන්නාමයක් සමග එකතු වෙනවා කියන්නේ ඔයාගේ Brand එක ගැනත් Audience එක අතර ඇති වෙන්නේ හොඳ විශ්වාසයක්.

Multiple touchpoints ගැන සැලකිලිමත් වෙන්න

මේ කියන්නේ එක නගරයට සීමා වුණ ව්‍යාපාරයක් වෙනුවට ශාඛා රට පුරා තිබෙන ව්‍යාපාරයක් තෝරාගන්න එක කරන්න කියලා. ඒකෙන් ඔයාට විශාල පිරිසක් වෙතට යන්න පුළුවන්. ඔයාගේ නිෂ්පාදන රට පුරා අලෙවි කරන්න ඔයාගේම ව්‍යාපාරයේ ශාඛා දාන්න යන වියදමත් මේකෙන් ඔයාට ඉතුරු වෙනවා.

Burger King Outlets රට පුරා තියෙනකොට Coca-Colaවලට ලොකු අවශ්‍යතාවයක් එන්නේ නැහැ එයාලගෙම Outlets රටේ තැන් තැන්වල හදන්න. Outletsවලට යන වියදමත් ඉතුරු කරගෙන තමන්ගේ Product එකත් හොඳට විකුණගන්න පුළුවන්කම ලැබෙන්නේ එහෙමයි.

හවුල්කරු ඔයාගේ ව්‍යාපාරයේ තරගකරුවෙක් නොවිය යුතුයි

ඔයාගේ ව්‍යාපාරයේ තරගකරුවෙක් එක්ක එකතුවෙලා Cross Promotion එකක් කරනවා නම් ඔයාගේ තරගකාරී පාර්ශවය මගින් ඔයාගේ සන්නාමය Promote කරගන්න අමාරුයි. ඔයා Stationery Items නම් කරන්නේ හවුල්කාර සන්නාමය විදියට Stationery Items කරන සන්නාමයක් තෝරගෙන හරි යන්නේ නැහැ.

හවුල්කරු සහ ඔයාගේ ව්‍යාපාරයේ Target Audience එක සමාන විය යුතුයි

BMW සහ Louis Vuitton කියන Brands දෙක ගැන සැලකුවොත් Louis Vuitton Brand එක Promote කරන Advertisement එකකදි ඔයා දැකලා ඇති Louis Vuitton Bag එකක් අරගත්ත නිරූපිකාව යන්නේ BMW Car එකක. මේ Brands දෙක අතර තියෙන Cross Promotion එකේදි ඔයාට පේනවා ඇති Target Audience දෙක සමාන බව. Audience දෙකම Luxury Audience දෙකක්.

එතකොට LG Washing Machine එකක් පාවිච්චි කරනවා නම් Procter and Gamble Washing powder එක තමයි වඩාත් සුදුසු කියන එකත් කාලයක් Promote කළා. මේ Cross Promotion එකේදිත් Audience දෙකම එකක් බව ඔයාට පේනවා ඇති.

ඔයා මේ වෙනුවෙන් කරන වියදම Cost effective විය යුතුයි

ඔයා විසින්ම ඔයාගේ නිෂ්පාදන හෝ සේවා ප්‍රවර්ධනය කරනවා නම් ඔයාට ඒකට අධික වියදමක් දරන්න වෙනවා. ඔයාට ඒ ප්‍රවර්ධන කටයුතුවලට විශේෂඥ සහය ගන්න සිද්ධ වෙන්න පුළුවන්. වෙළඳ ප්‍රචාරණ කටයුතු සහ සමාජමාධ්‍ය ප්‍රචාරණ කටයුතුවලට වෙනම ආයතනයක සහය ගන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔයා ඒ කරන වියදමට වඩා වියදමක් Cross Promotion එක සඳහා කරනවා නම් ඒ හවුල්කාරීත්වයෙන් ඔයාට සැලකිය යුතු ප්‍රතිලාභයක් හිමි වෙන්නෙ නැහැ. ඒ නිසා පිරිවැය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන එක අත්‍යවශ්‍යයි.

Brand එකක් Promote කරන්න නැතුවම බැරි අලුත්ම මුදල් ඒකකය ගැන දන්නවා ද?

‘Attention Is The New Currency’ 

වර්තමානය වෙනකොට අවධානය තමයි ව්‍යාපාරයක වටිනාම මුදල් ඒකකය බවට පත්වෙලා තියෙන්නේ. ඔයාගේ Brand එක ගැන Awareness එක වැඩි වෙන්න වැඩි වෙන්න තමයි Sales වැඩිකරගන්න පුළුවන්කම ලැබෙන්නේ. Cross Promotion එක තුළින් ඔයාට ලැබෙන වාසියක් තමයි වැඩි පාරිභෝගික අවධානයක් ඔයාගේ Brand එකට දිනාගන්න හැකි වීම.

අවධානයෙන් අවදානම වළක්වා ගනිමු! මෙහෙම හිතන්න. ඔයාගේ Brand එක ඔයාගේම Outletsවල විතරක් නම් තියෙන්නේ සහ ඔයාගේ Social Media Platformsවල විතරක් නම් තියෙන්නේ ඒ Brand එකට ලැබෙන්නේ සීමිත අවධානයක්. ඒක ඔයාගේ Brand එකට එක්තරා අතකට අවදානමක්. 

ඒත් ඔයා Cross promotion එකක් කරනවා නම් ඔයාගේ Brand එක තවත් Brand එකක් මගින් ප්‍රවර්ධනය වෙනවා. ඔයාගේ Brand එක ගැන නොදැන හිටිය Audience එකක අවධානය පවා Brand එකට ලැබෙන්න පටන් ගන්නවා. ඒකෙන් ලැබෙන Brand Awareness එක නිසා Cross Promotion එකක් කරන එක No Risk Campaign එකක් විදියට හඳුන්වන්නත් පුළුවන්.

Cross Promotion තුළින් ඔයාගේ ව්‍යාපාරය තවත් පුළුල් කරගන්න පුළුවන් කියලා දන්නවා ද?

මුලින් සඳහන් කළ Burger King සහ Coca-Cola අතර Partnership එකෙන්ම මේ ගැන කියලා දෙන්නම්. Burger එකක් විතරක් විකුණනවට වඩා ඒකත් එක්ක Coca-Cola එකකුත් දුන්නම ඒ අතර Combination එකක් හැදෙනවා. හරියට EGB නැතුව කෑම එපා කියනවා වගේ Burger එකක් එක්ක Coca-Cola එකක් ඕන වෙන තැනට මේ වැඩේ යනවා. ඒකෙන් Coca-Cola එකේ අලෙවිය වැඩි වෙනවා වගේම Burger King එකට එයාලගේ Varieties වැඩි කරලා ව්‍යාපාරය පුළුල් කරගන්නත් මේක හොඳ අවස්ථාවක් වෙනවා.

එයාලට ඕනකමක් තියෙනවා නම් Combo Pack එකක් හදන්න, ඒකට එයාලා Beverages වෙනම හදන්න ඕන නැහැ. Coca-Cola එකක් Add කරලා එයාලට පුළුවන් අලුත් Combo Pack එකක් හදන්න.

Cross Promotion සඳහා ඔයාට ගැළපෙන Partner කෙනෙක්/ Brand එකක් තෝරාගන්නේ කොහොමද?

1. Pick the Right Partner

ඔයාගේ Brand එකට සමාන, Audience එකට සමාන වගේම ඔයාගේ Brand Value එකට සමාන Value එකක් තියෙන Partner කෙනෙක් එක්ක විතරක් Cross Promotion එකකට යන්න. 

සරලවම කියනවා නම් ඔයා අටපිරිකර වගේ පූජා භාණ්ඩ අලෙවි කරනවා නම්, ඔයාගේ ව්‍යාපාරයට Cross Promotion එකක් කරන්න මත්පැන් සන්නාමයක් සමග එකතුවෙලා හරියන්නේ නැහැ. එහෙම වුණොත් වෙන්නේ ඔයාගේ ව්‍යාපාරයට සමාජයෙන් ලොකු විරෝධතාවක් එන එක. ඔයා තෝරගන්න ඕන ඔයාගේ Audience එකට සමාන Value එකක් තියෙන Brand එකක්. හරි Partnerව තෝරගත්තේ නැත්නම් ඔයාගේ Brand එකට තියෙන Value එකත් නැති වෙන්න පුළුවන්.

2. Go Beyond Me and Me

මේකෙන් අදහස් කරන්නේ, ඔයාට මුලින්ම ඔයාගේ Brand එක ගැන අදහසක් තියෙන්න ඕන. ඔයාගේ Audience එකේ හැසිරීම මොනව වගේ ද, ඔවුන් කැමති අකමැති දේවල් මොනව ද, ආකල්ප මොන වගේ ද, ඔවුන්ට ඕන කරන්නේ මොන වගේ දේවල් ද, මෙන්න මේ කියන දේවල් ගැන ඔයාට හොඳ අදහසක් තියෙන්න ඕන. එහෙම වුණොත් විතරයි ඔයාට ගැළපෙනම Brand එක තෝරගන්න ඔයාට ලේසි වෙන්නේ.

3. Search Outside of the Box

Cross Promotion කරලා තියෙන Brands කීපයකට උදාහරණ ලිපියේ මුලදි සඳහන් වුණා. ඔයාගේ Brand එකට සමාන Brands Cross Promotion කරලා තියෙන්නේ කොහොමද කියන එක හොයලා බලලා ඒ විදියට ඔයත් Cross Promotion කළොත් සාර්ථකවෙයි කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඔයා ආහාර සම්බන්ධ නිෂ්පාදනයක් නම් අලෙවි කරන්නේ Burger King, Coca-Cola Cross Promotion කරන ආකාරයටම ඔයාගේ  Cross Promotion එකත් කරන්න ඕන නැහැ. ඔයාට පුළුවන් ඊට වඩා වෙනස්, අලුත් Technique එකක් පාවිච්චි කරන්න. ඒ නිසා රාමුවකට කොටු නොවී හැම වෙලාවෙම අලුත් දෙයක් කරන්න උත්සහ කරන්න.

4. Put Everything with a Legal Contract

ඔයා මොන තරම් විශ්වසනීය සන්නාමයක් සමග එකතු වුණත්, දන්න කියන සන්නාමයක් සමග එකතු වුණත් ඒ කිසිම දෙයක් යාළු මිත්‍රකම්වලට කරනවා කියලා හිතාගෙන Cross Promotionවලට යන්න එපා. ඒකට නීතිමය පසුබිමක් හදාගන්න. අදාළ නීතිමය කරුණු ගැන වගේම විශේෂඥ දැනුමත් ලබාගන්න.

5. Consistency in Similar Language

ඔයාගේ Brand එක Cross Promotion එකකට යනකොට ඒකට අරමුණක් තියෙනවා. ඒ අරමුණට සමාන අරමුණක් ඔයාගේ හවුල්කාර සන්නාමයටත් තියෙන්න ඕන. Brands දෙකේ අරමුණු align නොවුණොත් ඔයාගේ Brand එකට හානියක් වෙන්න ඉඩකඩක් තියෙනවා. 

Cross Promotion එකකින් ඔයාගේ Brand Visibility, Awareness එක වැඩි කරගන්න පුළුවන් වගේම හරියන සන්නාමයක් හවුල්කරුවෙක් තෝරගන්න ඔයා අසමත් වුණොත් මේ වෙනකම් ඔයා මහන්සියෙන් ගොඩනගාගෙන තිබුණ විශ්වාසය, කීර්තිනාමය හැම දෙයක්ම නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා Cross Promotion එකක් කරද්දි මේ හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙන්න. 

ඒ විතරක් නෙමෙයි, Cross Marketingවලින් ඔයාගේ Brand එක ලොකු Target Audience එකක් අතරට අරන් යනවා වගේම ඔයාට ඒ ලැබෙන පාරිභෝගිකයන්ව ජීවිත කාලෙටම ඔයාගේ ව්‍යාපාරය වටා රඳවා ගන්න එකත් වැදගත්. ඔයාගේ Audience එකේ ස්නායුවලටම දැනෙන්න Brand එක Market කරගන්න, දැවැන්ත ව්‍යාපාරයක හිමිකරුවෙක් වෙන්න, ව්‍යාපාරයේ දියුණුව අතරමග නතර නොවෙන විදියට ඉස්සරහට අරන් යන්න Marketing Plan එකක් හදන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පහත Link එක Click කරන්න.

https://school.lokubusiness.lk/p/marketing-plan?affcode=1420258_ghpjvsre


සල්ලි හොයන මන්තරයක් තියෙනවද?

“සල්ලි වෙනුවෙන් වැඩ කරන්න එපා, සල්ලි හොයාගන්න උදව් කරන දැනුම ලබාගන්න වැඩකරන්න”

මේ කතාව ඔයාලා අහලා තියෙනවද? අහලා තිබුනත් නැතත් ඔයාලා මේ කතාව විශ්වාස කරනවද? ඵිළිගන්නවද?

පොඩි වෙලාවක් අරගෙන මෙන්න මේ Blog එක කියවලා බලන්නකො.

ඇයි සමාජයේ පොඩි පිරිසක් විතරක් ධනවත් වෙලා ඉන්නෙ? සල්ලි තිබුනට ඇයි බහුතරයක් මිනිස්සු ධනවත් නැත්තෙ? කවදාහරි ඔයාලා මේ විදියට හිතලා තියෙනවද?

ධනවත් වෙච්ච මිනිස්සු දිහා බැලුවොත් ඔයාට තේරෙවි එයාලා මේ ධනවත් වීමේ කලාව හොඳට තේරුම් අරගෙන තියෙන්නෙ කියලා. මෙන්න මේ ධනවත් වීමේ කලාව ලෝකෙ ඉන්න අයට facts and figures එක්ක කියලා දෙන ලෝක ප්‍රසිද්ධ පොතක් තමයි Robert T Kiyosaki විසින් රචිත Rich Dad Poor Dad කියලා කියන්නෙ.

“ධනවත්කම කියන දේ මොකද්ද කියන එක මට කියලා දෙන්න මූලික වෙච්ච පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා” කියලා මේ පොතේ author කියනවා. එක්කෙනෙක් තමයි එයාගෙ තාත්තා වුන Poor Dad, අනිත් කෙනා එයාගෙ යාලුවගෙ තාත්තා වෙච්ච Rich Dad.

මේ කියන Poor Dad, දුප්පත් වෙලා තිබුනට එයා සම්ප්‍රදායික විදියට ඉගෙන ගත්ත, PHD එකක් පවා තියෙන ගුරුවරයෙක්.

මේකෙ ඉන්න Rich Dad කියන්නෙ එහෙම ලොකුවට ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. හැබැයි හොඳට සල්ලි තියෙන, ධනවත් විදියට ජීවත්වෙන ව්‍යවසායකයෙක්. මේ දෙන්නටම සමාජයේ හොඳ නමක්, හොඳ තැනක් තිබුනා. හැබැයි එක්කෙනෙක් විතරක් ධනවත් උනේ ඇයි? මේ Robert T Kiyosaki විසින් රචිත Rich Dad Poor Dad පොතෙන් අපිට කියලා දෙන වටිනා පාඩම් හතරක් තියෙනවා. අපි බලමු මොකද්ද ඒ පාඩම් හතර කියලා

1. Rich people wont work for money

මෙන්න මේක තමයි මේ පොතෙන් ඔයාලට අපිට අරගෙන එන පලවෙනි පාඩම වෙන්නෙ. ධනවත් මිනිස්සු කිසිම වෙලාවක සල්ලි වෙනුවෙන් වැඩ කරන්නෙ නෑ. සල්ලි තමන් වෙනුවෙන් වැඩ කරන්න සලසනවා ඇරෙන්න. මේ පොතේ කියන තව දෙයක් තමයි මේ ධනවත් වෙන මිනිස්සු තමන් උපයන සල්ලිවලින් කොටසක් assets ගන්න යොදවනවා.

මොකද්ද මේ asset එකක් කියන්නෙ?  Asset එකක් කියන්නෙ ඔයාගෙ purse එකට සල්ලි ගේන දෙයක්. හැබැයි ගොඩක් මිනිස්සු assets  කියලා ගන්නෙ තමන්ගෙ purse එකෙන් සල්ලි යන දෙයක්.ගොඩක් මිනිස්සු assets කියලා ගන්නෙ liabilities බව මේ කතුවරයා තමන්ගෙ පොතේ කියනවා.

ගොඩක් අය තමන්ගෙ ආදායමෙන් මුලින්ම කරන්නෙ ලොකු ගෙයක් එහෙම නැත්තම් වාහනයක් මිල දී ගන්න එක. ඒගොල්ලො හිතන්නෙ මේක asset එකක් කියලා උනාට, මේක ඇත්තටම asset එකක් නෙවෙයි ඔයාගෙ purse එකෙන් සල්ලි එලියට යන එක විදියාක්.

ඇයි ඒක liability එකක් වෙන්නෙ? හිතන්නකො ඔයා ගේ හරි වාහනේ හරි ගන්නෙ ලෝන් එකක් දාලා නම්, ඔයා මුලින් නොහිතුවට ඒ ලෝන් එක ගෙවිලා ඉවර වෙන දවස වෙනකම් ඔයාගෙ පර්ස් එකෙන් සල්ලි එලියට යනවා. ඔයාට ඒක නවත්තන්න බෑ.

එතකොට මේ පොතෙන් කියන්නෙ වාහන, ගෙවල් ගන්න එපා කියලද? නෑ නෑ. ධනවත් වෙන එක නම් ඔයාගෙ බලාපොරොත්තුව ඔයා උපයන මුල් කාලෙ liabilities ගන්නවා වෙනුවට කරන්න ඕන assets අරගෙන ඔයාගෙ පර්ස් එකට සල්ලි අරගෙන එන ක්‍රම හොයාගන්න එක.

2. Profession vs Business

මේ පොතෙන් අපිට කියලා දෙන දෙවනි පාඩම වෙන්නෙ ඔයාගෙ profession එක සහ බිස්නස් එක අතර වෙනස් අඳුරගන්න කියන එක. අපි හැමෝම ධනවත් පවුල්වලින් එන අය නෙවෙයි.

ඔයාගෙ Personal Finance එක ගත්තම ඒක කොටස් දෙකකට බෙදෙනවා.

  1. Profession
  2. Business

ඔයා ඉස්සෙල්ලම කරන්න ඕන දේ තමා මෙන්න මේ දෙකේ වෙනස අඳුරගන්න එක. ඔයාගෙ profession එක කියන්නෙ ඔයා සතියට පැය 40 ගාණක් වැඩකරන දෙයක් කියලා මේ පොතේ කියනවා.ඒක ඔයාගෙ ජොබ් එක. ඒකෙන් තමයි ඔයාගෙ ඉඳුම් හිටුම්, කෑම බීම, බිල් ගෙවන ඒව එහෙම කරන්නෙ. මේක කරන එකෙන් ඔයාට ආදායමක් ලැබෙනවනෙ.ඉතින් මේ ආදායම පාවිච්චි කරලා assets මිල දී අරගෙන ඔයා කොහොමද ඔයාගෙ ආදායම දෙගූණ තෙගුණ කරගන්නෙ?

මෙන්න මේක තමයි ඔයාගෙ බිස්නස් එක වෙන්න ඕන. මේක තමයි මේ පොතෙන් ගේන මූලික තර්කය.

ඒ නිසා තමයි අපි කියන්නෙ සල්ලි වෙනුවෙන් වැඩ කරන්න එපා. සල්ලි වෙනුවෙන් වැඩ කරන අය කොහොමද බලන්නකො වැඩ කරන්නෙ? ඉස්සෙල්ලා සල්ලි ගෙවන අය වෙනුවෙන් වැඩ කරනවා, ඊටපස්සෙ ටැක්ස් එහෙම ගෙවන්න වැඩ කරනවා, පස්සෙ බැංකු ලෝන් වෙනුවෙන් වැඩ කරනවා. මේ ඔක්කොම ඉවරවෙලා තමන් වෙනුවෙන් වැඩ කරන්න යද්දි හොඳටම වයස ගිහින්.ඉතින් මෙච්චරකල් ධනවත් නොවිච්ච එක සාදාරණයි නේද?

මේකෙන් අපිට ගන්න තියෙන පාඩම වෙන්නෙ, අපි ඉගෙන ගන්න ඕන. හැබයි ධනවත් වෙන්න ඔයාට අරමුණක් තියෙනම් ඔයා ඔයාගෙ බිස්නස් එකයි profession එකයි manage කරන විදියත් ඉගෙන ගන්න ඕන බව අමතක කරන්න එපා.

3. Three steps to become rich

ඔයාගෙ ධනවත් බව ඊලඟ ලෙවල් එකට අරගෙන යන්න නම් ඒක කරන්න පුලුවන් සරල steps තුනක් මෙන්න මේ පොතේ කියලා දෙනවා.

මේ තුනම ඔයා දැනගෙන ඉන්නම ඕන ඔයාගෙ ධනවත් වෙන අරමුණට යන්න. මොකද්ද මේ ස්ටෙප්ස් තුන?

  • Step 1 – මේ මොහොතේ ඔයාගෙ අර්ථික තත්ත්වෙ මොකද්ද කියන එක ලියාගන්න. ඔයාගෙ ජොබ් එක මොකද්ද, ඔයාගෙ වියදම් මොනවද, ඔයාගෙ ආදායම කොච්චරද කියන එක ලියාගන්න.
  • Step 2 – යන්න ඕන තැන මොකද්ද කියලා goal එකක් හදාගන්න.
  • Steps 3 – ඔයා ඉන්න තැන දන්නවා, යන්න ඕන තැන දන්නවා. මෙතන ඉඳලා එතනට යන්න ඕන කරන skills සහ knowledge එක මොකද්ද කියලා හොයාගන්න, සහ ඉගෙනගන්න.

උදාහරණයකට මේ පොත මෙන්න මෙහෙම කියනවා. ඔයාගෙ අරමුණ ධනවත් වෙන එක නම් ඔයා ඒ වෙනුවෙන් ඉගෙන ගන්න ඕන subjects හතරක් තියෙනවා. ඒ subjects හතර වෙන්නෙ, accounting, investing, markets සහ economy එක සම්බන්ධ laws.

4. Five things holding you back

මෙච්චර දේවල් මේ පොතෙන් කියලා දුන්නත්, කොච්චර examples පේන්න තිබුනත් ඇයි තාමත් මිනිස්සු ධනවත් වෙන්නෙ නැත්තෙ?

ඒක වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන, අපිව අල්ලගෙන ඉන්න භයානක පුරුදු 5ක් ගැන මේ පොතෙන් අපිට කියලා දෙනවා.

ඒවා තමයි,

  1. බය – සාමාන්‍ය මනුස්ස ස්වභාවය තමයි ලැබෙන දේවල් වලට වඩා නැතිවෙන දේවල් ගැන හිතන එක. ඒක එක්තරා විදියක බයක්.
  2. සැකය – බිස්නස් එකක් පටන් ගන්න යද්දි ඒක කරගන්න පුලුවන් වෙයිද කියලා හිතට එන සැකය
  3. කම්මැලිකම – දෙයක් ලබාගන්න නම් ඔයා ඒකට පෙරේත වෙන්න ඕන. හැබැයි ඒ පෙරේත කම, උනන්දුව නැතිකම
  4. නරක පුරුදු – අපේ ජීවිත අපි ලබපු අධ්‍යාපනයට වඩා අපේ පුරුදුවල ප්‍රතිබිම්බයක්
  5. ගණන් ගන්නෙ නැතිකම – වැදගත්කමක් දෙන්නෙ නැති එක.

ඉතින් මෙන්න මේ කියපු lessons 4 හරියට ඉගෙන ගත්ත නම් ඔයාට ධනවත් වෙන්න ඕන කියන අරමුණට යන එක එච්චර අමාරු දෙයක් වෙන්නෙ නෑ කියලා තමයි මේ පොතේ අවසානයට කියන්නෙ.

ඉතින් මේ වගේම ඔයාට උවමනා නම් ධනවත් වෙන්න, ධනවත් වෙන් විදිය ඉගෙන ගන්න ඔයා කරන්න ඕන Loku Business අරගෙන එන Rich Dad Poor Dad Video Book එක බලන්න!

https://school.lokubusiness.lk/p/rich-dad-poor-dad-video-book

LinkedIn එකෙන් Sales කරන්න පුළුවන් ද? බැරිද?

Product එකක් එහෙමත් නැත්තම් Service එකක් Market කරන්න පුළුවන් Digital Platforms කිව්වම අපිට මතක් වෙන්නෙ FB, IG, YouTube, TikTok නෙ. කවුරුවත් LinkedIn කියන්නෙ Business එකක්  Promote කරන්න පුළුවන් Platform එකක් විදියට දකින්නෙ නෑ.

ඉතින් ඔයත් තාම LinkedIn එක Business Promote කරන්න යොදාගන්නෙ නැත්තම් ඔන්න ඒක ලොකුම ලොකු මෝඩකමක්.

අපි එහෙම නොකරට තමන්ට එන Business Leads වලින් 95% ක් විතරම LinkedIn ඔස්සේ Generate කරන මිනිස්සුත් මේ ලංකාවෙම ජීවත්වෙනවා. එහෙම මිනිස්සු අතර ඉන්න LinkedIn Expert කෙනෙක්, LinkedIn Role Model කෙනෙක් තමයි අමිත ගමගේ කියන්නෙ.

මේ අමිත ගමගේ කියන LinkedIn Expert ට පුලුවන් වෙලා තියෙනවා ලංකාවෙ වැඩිම පිරිසකට LinkedIn Use කරලා Business එකක් කරන්න, Sale එකක් ගොඩ දාගන්න විතරක් නෙවෙයි තමන්ගෙ Personal Brand එකක් පවා Build කරගන්න උදව් කරන්න ලංකාවෙ වැඩිම ප්‍රමාණයක් Trainings කරලා තියෙන එකම කෙනා.

ඉතින් අමිත ගමගේ කියන විදියට LinkedIn එකේ Business කරන්න, Market කරන්න ඔයා දැනගෙන ඉන්න ඕන කරුණු කීපයක්ම තියෙනවා.

LinkedIn කියන්නෙ අපි Business දඩයම් කරන තැනක් නෙවෙයි, Farming කරන තැනක්. Lead Generate කරන්න පුලූවන් හොඳම තැන LinkedIn වුනත් මේ Platform එක හරියට සමාජගත වෙලා තියෙනවද කියන ප්‍රශ්නෙ තියෙනවනෙ

  • Business කරන කෙනෙක් එයාගෙ Business Grow කරගන්න LinkedIn යොදාගන්නෙ කොහොමද?
  • LinkedIn වලින් කරන්න පුළුවන් B2B Business විතරමද?
  • Business Page එකක් හදනවද? Individual Account එකක් හදනවද?

ඉතින් LinkedIn එක ඔස්සේ ඔයාගෙ Business එක ව්‍යාපාරය Grow කරගන්න පුලුවන් විදිය ගැන සරලවම දැනගන්න, මේ පැත්තට එන්න

කෙනෙක්ට හිතෙන්න පුලූවන් Professional Platform එකක් කියලා සලකන LinkedIn එක කොහොමද Business Grow කරගන්න හොඳම තැනක් වෙන්නෙ කියලා.

ඒකට බලපාන හේතු කිහිපයක්ම තියෙනවා.

Target Audience එක

LinkedIn හි professionals, business decision-makers, B2B marketers, සහ entrepreneurs කණ්ඩායමක් සිටින නිසා, business networking සඳහා වඩාත්ම ගැලපෙන ප්ලැට්ෆෝමයක්.

Trust and Credibility

Presence එක නිසැකව ඔබේ business එකේ credibility එක ඉහළට නංවන්න දායක වෙනවා

Networking Opportunities

LinkedIn හරහා industry leaders, potential clients, සහ partners සමඟ network කරන්න හැකියාව ඇත

Lead Generation

LinkedIn Ads සහ sponsored content campaigns හරහා නියම audience එක targeting කර lead generation කරන්න පුළුවන්.

Decision Maker ගෙ ගේ ඇතුලට යන්න පුළුවන් එකම පාර තියෙන්නෙ LinkedIn එක ඇතුලෙ කියද්දිත් නිකන් ඒක පොඩ්ඩක් Sure කරන්න අමාරුයි වගේ හිතෙනවා නේද?

1- LinkedIn එකෙන් ගොඩ ගිය අයව පේන්න නැත්තෙ ඇයි?

මේක ගොඩක් අයට හිතෙන්න පුලුවන් දෙයක්. වෙන Social Media Platform එකක බිස්නස් කරලා ගොඩ ගිය අයව අපි දකිනවනෙ. හැබයි මේ LinkedIn එකෙ Business කරලා ගොඩ ගිය අයව අපිට එහෙම පේන්නෙ නෑ.

ඒකට අමිත ගමගේ කියන්නෙ මෙන්න මේ වගේ දෙයක්.

“එහෙම LinkedIn එකෙන් ගොඩ ගිය අයව නොපෙනෙන්න හේතුව තමයි අපි තාම හරියට LinkedIn එක ඇතුලට ගිහිල්ලා නැති එක. LinkedIn එක ඇතුලට ගියොත් තමයි අපිට එයාව පේන්නෙ.

මම මේකට කතාවක් කියන්නම්. මගෙ යාලුවෙක් ඉන්නවා සිංගප්පූරුවෙ. එයාට ටික කාලයක් යද්දි හිතුනා එයාගෙ රැකියාවෙන් ඉවත්වෙලා වෙනස්ම දෙයක් කරන්න ඕන කියලා. කොහොමහරි එයා ඒකට තෝරගන්න Platform එක වෙන්නෙ LinkedIn එක. ඉතින් මෙයා මොකද්ද දන්නවද කලේ, මෙයා කල්පනා කරලා බැලුවා මේ ලෝක ප්‍රසිද්ධ Scientist ලා ගැන කල්පනා කරාම අපිට මතකෙට එන බහුතරයක් අය Europe Countries වලින් ආව මිනිස්සු. ඇයි Asian Counties වලින් Scientist ලා බිහිවෙලා නැද්ද කියලා.

ඒ අනුව එයා කරේ මොකද්ද The Asian Scientist කියලා Magazine එකක් පටන් ගන්නවා. එයා ඒ magazine එක ප්‍රොමෝට් කරන්නෙ ඔක්කොම කරන්නෙ LinkedIn එක ඔස්සේ. ඉතින් LinkedIn එකෙ ඉන්න මේ Field එක ගැන දන්න අය එයාව දන්නවා.

2- ඔබේ ව්‍යාපාරයට මේ LinkedIn එක උපකාරයක් වුණේ කොහොමද?

අපි ඉස්සර ඉඳලා LinkedIn Profile එක පාවිච්චි කරන්නෙ රස්සාවක් හොයාගන්න බලාපොරොත්තුවෙන් නෙ. එහෙම නැත්තම් අපේ රස්සාවලට අදාල විස්තර දාන්න තමයි අපි මේ platform එක use කරන්නෙ.

මම Corporate World එකේ ඉද්දිම තමයි මේ LinkedIn  කියන එක අපේ Business Grow කරගන්න පාවිච්චි කරන්න පටන් ගත්තෙ.මම මුලින්ම කලේ මේ ඔස්සේ මම වැඩ කරපු තැනට ඕන කරන Customersලාව හොයාගන්න යොදාගත්ත එක.

වෙනත් ආයතනය වැඩ කරන ගමන් Customersලා හොයාගන්න, එයාලා එක්ක කතාකරන්න මම මේ App එක ලස්සනට පාවිච්චි කරා. මම ඒ Connections වලට වැදගත් වෙන දේවල් තමයි Share කරේ.

හිතන්නකො ඇයි අපි page එකක් follow කරන්නෙ?

  • මම ඒකෙ share වෙන content වලට කැමති නිසා
  • මට Follow request එකක් ආව නිසා
  • මට දැනුමක් ගන්න

මම මේ ලඟඳි ඔය ප්‍රශ්නෙ කීප දෙනෙක්ගෙන් ඇහුවා. එතකොට ඒකෙන් 80% පමණ දෙනා දීපු උත්තරේ තමයි “අපි page එකක් follow කරන්නෙ මට දැනුමක්, inspiration එකක් අරගන්න” කියලා.කෙනෙක් මාව follow කරන්නෙත් අන්න ඒ හේතුව නිසාමයි. ඕක Facebook වගේ platform එකක් ඇතුලෙ මේක වෙනස් ඇති. හැබැයි LinkedIn එක ඇතුලෙ මේක හරියටම හරි.අපේ LinkedIn Page එකේ මම Share කරන Content වලට තියෙන වටිනකම මත තමයි අර මම යවන connection request එක accept කරන කෙනෙක්ට තරහක් නොයන්නෙ, request එක accept කරන්න හිතෙන්නෙ.

දවස් දෙක තුනක් ගියාම තමයි අපි හෙමින් සැරේ වචනෙ දාලා බලන්නෙ, බිස්නස් එකක් කරගන්න පුලුවන්ද බලන එක.

මට මම කරපු එක ලොකු වරදක් තේරුම් ගියේ මම මගේ corporate job එකෙන් අයින් වෙලා මගේම කියල බිස්නස් එකක් පටන් ගන්න ගියාම. මම පටන් ගත්තෙ training academy එකක්. ඒක promote කරන්න LinkedIn එක ඇතුලට ගියාම තමයි මට තේරුනේ මෙච්චර කල් sales and marketing රස්සාවක් කල හන්දා මගේ list එකේ marketing managers, brand managers ලා ඉන්නවා හැබැයි training එකකට කතා කරන්න පුලුවන් HR එකේ අය, Training handle කරන අය කවුරුවත් නෑ කියන එක.

මම හදල තිබ්බ content වත් ඒ topic එකට ගැලපෙන්නෙ නෑ.

ඊට පස්සෙ තමයි මම අවුරුදු දෙකක් strategy එකක් අරගෙන මට ඕන goal එකට යන්න උවමනා කරන මිනිස්සුන්ව මේ වැඩේට එකතු කරගන්න පටන් ගත්තෙ.

ඒ එකතු කරගන්න ගමන් මම එයාලට වැදගත් වෙන විදියෙ Content තමයි මම මගේ LinkedIn Profile එකේ Share කරන්නෙ. එතකොට ආයෙ මම මෙන්න මේ වගේ Trainings තමයි කරන්නෙ, මගේ Trainings වලදි අපි කතාකරන්නෙ මෙන්න මේ වගේ දේවල් කියලා Sales Pitch එකක් අමුතුවෙන් කරන්න ඕන නෑ මොකද මම ඒ කතාව කියවෙන විදියෙ Content Share කරන විදියට තමයි මගේ LinkedIn Profile එක Maintain කරන්නෙ.

3- LinkedIn Business කරන්න Personal Profile එකක් තිබුණම ඇතිද?

දැන් ලැම්බෝගිනි වගේ ආයතනයක ඉන්න CEO කෙනෙක් තමන්ගෙ LinkedIn එක Use කරලා තමන්ගෙ බිස්නස් එක ගැන, ඒකට related වෙන topics ගැන කතාකරනවා. මොකද මිනිස්සු කැමතියි තමන් යම් කිසි දෙයක් ගන්නවනම්, යම් බ්‍රෑන්ඩ් එකකට කැමති නම් ඒක පිටිපස්සෙ ඉන්නෙ කවුද කියලා දැනගන්න.

දැන් ලංකාව වගේ රටවල නම් මේක වෙනවා හරිම අඩුයි. නැතුව නෙවෙයි ඒත් වෙනවා අඩුයි. හැබැයි බටහිර රටවල මේක වෙනවා. ඒ කියන්නෙ තමන්ගෙ බිස්නස් එක වෙනුවෙන් හදපු LinkedIn Page එකක් තියෙන්න පුලුවන්. හැබයි ඒ බිස්නස් එක ගැන මිනිස්සුන්ට කියන්න, ඒ පේජ් එක follow කරන්න කියලා මිනිස්සුන්ගෙන් ඉල්ලන්න ඒකට සම්බන්ධ කවුරුහරි මනුස්සයෙක් ඉන්න ඕන. ඒක නිසා ඔයාගෙ Business Page එක තරම්ම Personal Profile එකටත් අවධානය දෙන්න වෙනවා කියන එක අමතක කරන්න එපා.

හරි ලේසියි එතකොට, Personal Profile එක Build එක කරගත්තට පස්සෙ බිස්නස් එකට කට්ටිය අරගෙන එන්න.

4- LinkedIn එකේ බිස්නස් කරන්න ලොකු experience එකක් ඕනද?

ඕකට හොඳම උදාහරණය වෙන්නෙ මගේ පුතාගෙ LinkedIn ගිණුම. එයාට YouTube Channel එකක් තිබුණා, එයා ඒකෙන් අපෙ ලංකාවෙ Companies වල CEO ලව Interview කරා. ඕකට වැට බැඳුනා කොවිඩ් කාලෙ. ඊටපස්සෙ තමයි මම එයාට LinkedIn ගිණුමක් හදලා දුන්නෙ. ඉස්සර එයාට මම තමයි Interview කරන්න ඕන අයව හොයලා දෙන්නෙ. හැබයි LinkedIn ගිණුම හරහා පස්සෙ එයාටම පුලුවන් වුනා ඒ අයව හොයාගන්න සහ තෝරගන්න.

ඒකටත් ලොකුම උදව්ව වුනේ එයාගෙ Credibility එක පෙන්වන profile එකක් එයා maintain කරන නිසා. ඉතින් අවුරුදු 14 දරුවෙක්ට පුලුවන් නම් තමන්ගෙම කියලා professional LinkedIn Profile එකක් maintain කරන්න, business page එකක් maintain කරන්න මම හිතන්නෙ නෑ අපිට ඒක කරන්න බැරි කියලා.

Credibility එක හරි වැදගත්. ඒ Credibility එක හදාගන්න එක වගේම maintain කරගන්න ඕන අපිම තමයි ඉතින්.

Decision Maker ගෙ ගේ ඇතුලට යන්න පුළුවන් එකම පාර තියෙන්නෙ LinkedIn එක ඇතුලෙ කියද්දිත් නිකන් ඒක පොඩ්ඩක් Sure කරන්න අමාරුයි වගේ හිතෙනවා නේද?

Facebook, Instagram වගේ Apps වල නම් Ad එකක් Run කරලා Business එකක් කරගන්න පුලුවන් කියලා හිතුවට LinkedIn එක ඇතුලෙ මේ වැඩේ ඒ විදියටම කරගෙන Business එක Grow කරගන්නෙ කොහොමද කියන ගැටලුව ඔයාට වුණත් තියෙන්න පුලුවන්.

ඉතින් මොකද කියන්නෙ Loku Business අරගෙන එන LinkedIn for Business Owners and Professional Course එක Follow කරලා ඒ ගැන හරිම කෙනාගෙන් ඉගෙන ගමුද?

මේක ඇවිල්ලා අනිත් Social Media Apps වගේ නෙවෙයි. ඇයි අපි එහෙම කියන්නෙ කියලා ඔයාටත් දැන් කුතුහලයක් ඇති. ඒ වගේම තමයි එහෙම App එකකින් Business ගොඩ දාගන්න විදිය මම කොහොමද ඉගෙන ගන්නෙ කියලා හිතනවා ඇති.

වැඩි කතා ඕන නෑ. Free Chapters බලලම Course එක Follow කරමු: https://school.lokubusiness.lk/p/linkedin-for-sme-owners-and-business-professionals

Sales වැඩේ ගොඩ දාන ක්‍රම 5ක් ගැන දැනගන්න ආසද?

බිස්නස් එකක් කරද්දි අපි හැමෝම හොයන්නෙ එක දෙයයිනෙ.

වෙන මොනවද Sales ඇරෙන්න නේද?

අපි හිතනවනෙ දැන් බිස්නස් එකකින් අපි බලාපොරොත්තු වෙන්නෙ Sales නම් අපි හිතනවනෙ “බිස්නස් එකක් කරන්න Sales ගැන පරතෙරට දන්න කෙනෙක් වෙන්න ඕන” කියලා.

මොන Background එකෙන් ආවත්, ඔයා Founder උනත් මුලින්ම ඉතින් ඔය Sales වැඩේ කරන්න වෙන්නෙ ඔයාටමනෙ නේද?

ඉතින් ඒ නිසාම තමයි අපි හිතුවෙ ඔයාල එක්ක බෙදාගන්නවා කියලා හරියට sell කරන්න ඔයාලට උදව් කරන 5 Sales Techniques ගැන. මොනවද මේ කියන 5 Sales Techniques වෙන්නෙ?

1- Phycological Ninja Sales Strategy

මේකෙදි වෙන්න ඔයා ඉස්සෙල්ලා තේරුම්ගන්නවා ඔයාගෙ Customer මොන වගේ කෙනෙක්ද කියන එක. ඒ කියන්නෙ එයා Purchase කරන්නෙ මොන වගේ දේවල්ද, එයාගෙ buying behavior එක වගේ දේවල්. ඒ දේවල් ගැන තේරුම් අරගෙන ඔයා Apply කරන Ninja Techniques ටිකක් ගැන තමයි අපි මෙතනදි කතාකරන්නෙ.

ඒ Ninja Techniques යටතේ ඔයා ඉගෙන ගන්න තව දේවල් කීපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි Anchoring Effect එක.

මොකද්ද මේ Anchoring Effect එක?

ඔයා පාරිභෝගිකයාව මුණ ගැහුනම එයා දකින පලවෙනි පොයින්ට් එකෙන්ම එයා Influence වෙනවා Sale එකක් කරන්න. අන්න ඒක තමයි අපි මේ Anchoring Effect එක කියලා කියන්නෙ. හරියට අර ඇම දැම්ම ගමන් ගිල්ලා වගේ වැඩක් තමයි මෙතන වෙන්නෙ.

අර restaurant වල menu එකේ උඩින්ම දාන්නෙ මිල වැඩිම එක. ඔයාගෙ හිතේ මුලින්ම Anchor වෙන්නෙ අර උඩින්ම තිබ්බා වැඩි මිල එක. ඊටපස්සෙ “ආ මේක පොඩ්ඩක් වැඩි වගේ” කියල පල්ලෙහට යන ගමන් ඊට වඩා ටිකක් අඩු ඔප්ශන් එකකට යනවා. ඉතින් දැන් හෝ නොදැන ඔයාටත් වෙලා තියෙන්නෙ මෙන්න මේ Anchoring Effect එකට අහු වෙන තමයි.

  • ඊලඟ Ninja Technique එක වෙන්නෙ Confirmation Buyers කියන එක. මෙතනදි වෙන්නෙ මිනිස්සුන්ට තියෙනවා opinions. එහෙම නැත්තම් අපි දේවල් විශ්වාස කරනවා, අපේ මතයක් තියෙනවා, අපිටම කියලා තියරි එකක් තියෙනවා.

ඔයාට පුලුවන් නම් ඔයාගෙ Customer ගෙ Opinion එක තේරුම්ගන්න, ඔයා කරන sales pitch එකකදි එයාව ඔයාට hook කරගන්න එක මහ දෙයක් නෙවෙයි. ඒක හරියට ඔයා එයාව තේරුම් ගැනීමක් වගේ දෙයක්.

සමහර නිව්ස් චැනල් අර එක එක අයට සපෝට් කරලා කතා කරන්නෙ. ඔන්න එක්කෙනෙක් ඉන්නව රජයට සපෝට්. ඉතින් රජයට සපෝට් කරන කෙනෙක් වෙන චැනල් එකක් බලන්නෙ නෑ. බලන්නෙ ඔය රජයට සපෝට් කරන ටීවී චැනල් එකක් තමයි.

එයා හිතනවා “මෙයාගෙයි මගෙයි අදහස්, මතයන් සමානයි” කියලා ඔයාව, ඔයාගෙ products විශ්වාස කරනවා. ඕන්න ඕකට තමයි මේ Confirmation Buyers කියන්නෙ.

  • තුන්වෙනි Ninja Technique එක වෙන්නෙ Rhyming Effect කියන එක.

සමහර වචන, statements rhyme වෙනවනෙ. මතක හිටිනවා හරි ලේසියෙන්. මේ rhyming effect එකටත් පුලුවන් customer කෙනෙක්ව convince කරගන්න. උදාහරණයක් විදියට හිතන්නකො ලෝක ප්‍රසිද්ධ brand slogans.

KFC – Finger Licking Good

McDonalds – I’m Loving It වගේ දේවල්. මේව හරිම rhyming වෙනවා, ඒකම හේතුවක් කෙනෙක්ව influence කරන්න.

  • ඊළඟට එන Ninja Technique එක තමයි peak end rule කියන එක.

මෙතනදි කතාකරන්නෙ මිනිස්සුන්ට journey එකක සම්පූර්ණ කතාවම මතක තියෙන්නෙ නෑ කියන එක. මුල හොඳට මතකයි, අග හොඳටම මතකයි, මැද තියෙන දේවල් පොඩ්ඩ පොඩ්ඩ මතකයි. මේ Peak End Rule එකේදි වෙන්නෙ ඔයා ඒ ඔයාට හොඳටම මතක තිබ්බ ඒ අවසානය strong වෙන්න ඕන කියන එක. ඒ කියන්නෙ ඔයා කාට මොනවා විකුණන්න ගියත් ඒ sales pitch එකේ අවසානය, හොඳ memorable දෙයකින් අවසන් කරන්න. මොකද ඒ memorable end එක තමයි හැමෝටම අවසානයෙදි හොඳටම මතක තියෙන්නෙ.

  • ඊලඟ ninja technique එක වෙන්නෙ Loss aversion.

ඒ කියන්නෙ දෙයක් නැතිවෙයිද, ඒක නැති උනොත් මට පාඩු වෙයිද? නැති වෙන්න කලින් ගන්න ඕන නේද කියන Mind set එක ප්‍රයෝජනයට ගන්න එක. මේක ගොඩක් වෙලාවට e commerce sites වලින් හරියට කරනවා. ඔයාලා දැකලා ඇති E commerce style වලින් දානවා “until stocks lasts, only 1 piece is available” වගේ දේවල් කියලා.

ඔය වගේ පණිවිඩයක් දැක්කම අපි ටක් ගාලා කලබල වෙලා “අනේ මේක මට නැතිවෙයිද දන්නෙ නෑ, නැති උනොත් අපරාදෙ” කියලා හිතලා අපිව ඒ Sales එක කරන්න පොළඹවන එක.

  • හය වෙනි Ninja Technique එක වෙන්නෙ Decoy Effect එක

මෙතනදි වෙන්නෙ කෙනෙක් දෙයක් විකුණද්දි ඒක විකුණන කෙනාට options කිහිපයක් දෙනවා. එතකොට මොකද්ද වෙන්නෙ Customer මේ Decoy Effect එකෙන් වැඩිම මිල තියෙන එක තමයි අරගන්නෙ. මේක ලස්සනටම කරන තැනක් තමයි Starbucks කියන්නෙ. එයාලගෙ cup sizes තියෙනවා තුනකින්. සාපේක්ශව බලන කෙනෙක්ට පේන්නෙ මේ පොඩිම කප් එක ලොකුම එක එක්ක බලද්දි ගන්න එක පාඩුයි කියලා.

අන්න එතනදි තමන්ට උවමනාවක් තිබ්බත් නැතත් පාඩුවක් වෙයි කියලා හිතල ලොකු කප් එක ගන්න පෙළඹෙන එක තමයි Decoy Effect එක කියලා කියන්නෙ.

ඉතින් මේ Phycological Ninja Sales Strategy එක ඔයාට පුලුවන් නම් ඔයාගෙ බිස්නස් වලට Apply කරන්න ඒකත් එක විදියක් ඔයාගෙ Sales ගොඩ දාගන්න පුලුවන් වෙන.

2- දෙවනියට අපි කතා කරන Strategy එකට පුලුවන් ඔයාගෙ Business Game එක Change කරන්න.

කෙනෙක් දෙයක් මිළදී ගන්නෙ තර්කානුකූලව හිතලා නෙවෙයි. Emotional විදියට හිතලා. මොන දේ ගත්තත් අපි ඒ දේ ගන්නෙ ඒ විදියට Emotional විදියට හිතලා. හිතන්නකො ඔයා වාහනයක් ගන්න යනවා. මෙතනදි ඔයා දකිනවා සුපිරි වාහනයක්. ඔයා කල්පනා කරනවා “මේක නම් සුපිරි වාහනයක්, මේක ගත්තොත් මිනිස්සු මම මේක ඩ්‍රයිව් කරගෙන යද්දි මං දිහා බලාවි” වගේ කියලා ඔයා හිත ඇතුලෙන් මේ වාහනේ ගන්න ඕන හේතු Emotionally  හිතනවා.

මේව එකක්වත් තර්කානුකූල නෑ. හැබැයි පස්සෙ අපි අපිවම convince කරගන්න වගේ අපි ගන්න යන decision එකට හිත ඇතුලෙන් තර්කානුකූල දේවල් කිය කිය අපි ගත්ත තීරණේ සාධාරණීකරණය කරන්න හදනවා.

“තමන් ගන්නෙ වැරදි තීරණයක් නෙවෙයි කියලා තමන් විසින්ම තමන්ගෙ මනසින්ම ඒක සාධාරණීකරණය කිරීම” තමයි මෙතනදි වෙන්නෙ.

ඕනම කෙනෙක් ඕනම දෙයක් මිල දී ගන්නෙ මෙන්න මේ විදියට. ඉතින් ඔයා Product Sell කරන මනුස්සයෙක් විදියට කරන්න ඕන කෙනෙක්ට ඔයා විකුනන දේ ගන්න Emotional Reasons Create කරන එක.

ඊළඟට තමයි ඔයා කරන්න ඕන ඒ දේ මිල දී ගන්න Logical Reasons මොනවද කියලා බලන එක.

3- තුන්වෙනි Strategy එක වෙන්නෙ Spanco Approach එක.

මොකද්ද මේ කියලා බලනවනෙ?

මේක ඇවිල්ලා Customer, ඔයාගෙ Sales Journey එකේ කොතනද ඉන්නෙ කියල හොයාගන්න පුලුවන් Tool එකක්.

මොකද්ද මේ Spanco කියන එක එකේ තේරුම?

  • S – Suspect – ඔයාගෙ Total Market/Suspect Client Base එක. ඔයාගෙ Product එක ගන්න ඉඩ තියෙන මිනිස්සු ප්‍රමාණය
  • P – Prospect – ඔයාගෙ Product එක ගන්න උනන්දුවක් තියෙනවා කියලා ඔයාට පොඩි ඉඟියක් හරි පෙන්නපු මිනිස්සු Set එක. මෙයාලා Suspect Client Base එකේම ඉන්න කොටසක්. මෙයාල ඔයාගෙ Product එක මිල දී ගන්න තියෙන ඉඩ වැඩියි
  • A – Approach – ඒ Prospect list එකේ ඉන්න අය එක්ක ඔයා හදා ගන්න Communication එක වෙන්න පුලුවන්. ඒක Call, Email. Text ඕන දෙයක් වෙන්න පුලුවන්
  • N – Negotiate – ඔයා එයාලා එක්ක කතාකරලා Negotiate කරන්නෙ මෙන්න මෙතනදි. Pricing, Features ගැන කතා කරලා දෙපාර්ශ්වයටම Win Win Situation එකක් හදන එක තමයි මෙතන වෙන්නෙ
  • C – Close – Deal එක Close එක වෙන්නෙ මෙන්න මෙතනදි.
  • O – Order – Customer මෙතනදි තමයි ඔයාලගෙ Product එක Purchase කරන්නෙ.

දැන් මේ Spanco එක දන්නෙ නැති උනාම තමයි අපි අර Suspect Level එකේ ඉන්න අයටත් Deal Close කරන්න ගිහිල්ලා වැඩේ චොර කරගන්නෙ. ඒක නිසා මේ Strategy එක හොඳටම ඔයා දැනගෙන ඉන්න ඕන Sales කරද්දි.

4- ඊලඟ Strategy එක වෙන්නෙ Product Demo එහෙම නැත්තම් Puppy Dog Approach එක

ඇයි එහෙම නමක් කියන්නෙ කියලා හිතනවද?

හරි අපි බලමුකො ඇයි කියලා. සමහර වෙලාවට අපි විකුනන්න හදන දේ වචනයෙන් Explain කරලා දෙන්න හදනවනෙ. අන්න එහෙම නොකර ඔයා වචනයෙන් කියන දේ Customer ටම Experience කරන්න ඉඩ දෙන එක තමයි අපි මේ Product Demo කියලා කියන්නෙ.

ඒත් ඇයි අපි මේකට Puppy Dog Approach එක කියලා කියන්නෙ.

හිතන්නකො ඔයා බලු පැටියෙක් ගන්න යනවා. ගිහිල්ලා බලු පැටියෙක්ව පෙන්නල මෙයාව ඕන කියලා කිව්වට පස්සෙ මුදලාලි මෙයාගෙ අම්මා මෙහේ, මෙයා මේ වර්ගෙ අරකයි මේකයි කියලා විස්තර ටික කියනවනෙ. ඔයා ආහ් ඇත්තද කියලා අහලා යන්න හදද්දි මුදලාලි බලු පැටියව චුට්ටක් අතට දෙනවනෙ.

එතකොට ඒ බලු පැටියා ඔයාව ඉඹිනවා, ලෙව කනවා, හුරතල් වෙනවා.

දාලා යන්න හිතෙන්නෙ නෑනෙ නේද? මොකද Experience කරන්න ඉඩක් ලැබුනනෙ.

මෙතන Magical Statement එකක් තියෙනවා. ඒ කියන්නෙ ඔයා ඉඩ දෙන්න ඕන ඔයාගෙ customer ට ඔයා විකුණන product එක service එකට fall in love වෙන්න. ඒක කරන්න පුලුවන් හොඳම විදිය තමයි එයාලට ඔයා විකුණන දේ experience කරන්න ඉඩ දෙන එක.

හැබැයි මෙතනදි ඔයා අවධානය දෙන්න ඕන වැදගත් දේවල් කිහිපයක් තියෙනවා.

  • Test Trial එක දෙන්නෙ කොයි විදියටද?
  • Test Trial Period එක මොකද්ද කියන එක
  • Customer ට Product එක එක්ක Emotional Connect  එකක් Build වෙන්න ඉඩ හදන්නෙ කොහොමද?

5- පස්වෙනි එක තමයි A.A.F.T.O එහෙම නැත්තම් Always ask for the order කියන technique එක.

මේක ගොඩක් අය වරද්දගන්න තැනක්. ඔයා මේ Sales වල ඉන්නවානම් අනිවාර්‍යෙන්ම Customer ගෙන් අහන්න ඕන “මගේ product එක service එක ඔයාට ඕනද?” කියලා. එහෙම අහන්නෙ නතුව හිතන්න එපා කීයටවත් Customer ම ඔයාගෙ දෙපතුල ලඟට ඇවිල්ලා ආ මං මේක ගන්නම් කියලා කියාවි කියලා.

ඔයාම තමයි ඒක අහන්න ඕන. හරියට අර Insurance කරන කෙනෙක් අපෙන් අහන්නෙ “එහෙනම් insurance එකක් දාගමු නේද?” කියලා order එකක් දාගන්නවා වගේ.

ගොඩක් salesmen ලා sale එක offer කරනවා, product එක present කරනවා. හැබයි order එක ඉල්ලන්නෙ නෑ.

ඉතින් මෙන්න මේ වගේ ක්‍රම 100කින් Business එක ගොඩදාගන්න ඔයාට උදව්වක් වෙන්න Loku Business විශේෂයෙන්ම හදපු 100 Sales Strategies Course එකත් එක්ක ඔයාට දැන් පුළුවන්.

Expert Knowledge එක හිතාගන්න බැරි තරම් අඩු මුදලකට ගෙදරටම ගෙනල්ලා දෙන, Busy Life එක ඇතුලෙ අඩු පැය ගාණකින් දැනගන්න ඕන හැමදේම සරලව, පහසුවෙන් දැනගන්න Loku Business අරගෙන එන 100 Sales Strategies Course එක Follow කරන්න ඔයාටත් ඕන නම් මෙන්න මේ Link එක Click කරන්න.https://school.lokubusiness.lk/p/100-sales-strategies

මොකක්ද කරන්නෙ කියලා දන්නෙ නැද්ද? එහෙනම් මේක කියවන්න

ලංකාවෙ students ලට, youngsters ලට, wantrepreneurs  ලට, තියෙන ප්‍රශ්නයක් නෙ මම මොනවද ඉස්සරහට කරන්න ඕන කියන එක. මම කරන රස්සාව මොකද්ද, බිස්නස් එකක් කරනවනම් මොකද්ද මම කරන්නෙ කියන එක ගොඩක් තරුණ අය දන්නෙ නෑ. එයාලට ඒක ලොකුම ලොකු ප්‍රශ්නයක්.

අපි දන්නෙ නෑ අපේ profession එක මොකද්ද වෙන්න ඕන කියලා. මගේ passion එක මොකද්ද කියන එක.

ඒ වගේ idea එකක් නැති උනාම තමයි අපි ඔය අනිත් අය කියන දේවල් අහන්න, කරන්න යන්නෙ. අනිත් අය කියන දේවල් හරි සහ මට ඒවත් ගැලපෙනවා කියල හිතන්නෙ. අනිත් අයගෙ හීන, passion මගේ කරගෙන මමත් ඒ හීනම දකින්න plan කරන්නෙ.

අන්න ඒ වගේ අනිත් අය කියන දේවල් කරන්න ගියාම තමයි අපිට අපේ passion එක අඳුරගන්න බැරි වෙන්නෙ.

Steve Jobs ව දන්නවනෙ? එයා කියපු powerful statement එකක් තියෙනවා.

“ඔයා කරන දේ ගැන passion එකක් තියෙන්න ඕන. නැත්නම් ඕනම සාමාන්‍ය මනුස්සයෙක් වැඩේ අතාරිනවා”

Passion එක කියන්නෙ මොකද්ද?

ඒ තරමට passion එක වැදගත්. හිතන්නකො ඔයා මැරෙන දවස වෙනකම් ඔයා උදේට ඇහැරෙන්නෙ, ඔයා කිසිම ආසාවක් passion එකක් නැතුව කරන දෙයක් වෙනුවෙන් නම් ඔයාට සතුටෙන්, උනන්දුවෙන් ඇහැරෙන්න බෑ. ඔයා ඇහැරෙන්නෙ “අයියෝ මේ මොන වදයක්ද? එපා වෙලා තියෙන්නෙ.මේක මට ඕනමද?” කියලා හිතන ගමන්.

ඒක කොච්චර අපරාදයක්ද? මැරෙන දවස වෙනකම්ම ඔයා කරන්නෙ ඔයාගෙ හිතට කිසිම සතුටක් අරගෙන නොඑන දේවල් නම් ඒ ගෙවන ජීවිතේ, ඒ කාලෙ අපරාදෙ.

අපි හරි ආසයිනෙ hobbies වලට. අපිට පුලුවන් අපේ මේ hobbies පවා professions කරගන්න. සමහරු නම් කියනවා hobbies, professions කරගන්න එපා, ඒකෙන් හොඳට හම්බකරන්න බෑ එහෙම කියලා.

ඒ උනාට මුලු ජීවිත කාලෙම හිතට කිසිම සතුටක් නැති, ඔයාගෙ passion එකට කිසිම සම්බන්ධයක් නැති දේවල් නම් ඊට වඩා ඔයාගෙ hobby එක profession එකක් කරගෙන සතුටෙන් ජීවිතේ ගෙවන එක effective නැද්ද කියලා හිතලා බලන්නකො.

ඔයාගෙ hobby එකක්ම,passion එකක්ම, strength එකක්ම ඔයාට profession එකක් කරගන්න පුලුවන්. Passion එකක් නැති මනුස්සයෙක් කියන්නෙ හරියට හිස නැති මල කඳක් වගේ.

කවුද ඉතිහාසය create කලේ?

ඉතිහාසය create කරේ කවුද කියල කවද හරි හිතුවද? ඔයා හිතනවද intelligent මිනිස්සු කියලා? නෑ ඒක වැරදියි. Intelligent මිනිස්සු කරේ ඉතිහාසය කියවන එක. ඉතිහාසය create කරේ passion එකක් තිබිච්ච මිනිස්සු.

තමන් කරන දේවල් ගැන පිස්සුවක් තිබිච්ච මිනිස්සු තමයි ඉතිහාසය create කරේ. ඒ තරමටම මේ passion එක මාර වැදගත්.

Simplebooks අපේ goal එක තමයි ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙන, හීන දකින wantrepreneursලව entrepreneurs ලා කරන එක. පොඩි බිස්නස් එකක් කරන අයව ලොකු ව්‍යාපාරයක් දක්වා අරගෙන යන එක. ඒකත් සිංහල බාශාවෙන් අරගෙන එන tutorials එක්ක, අඩු කාලයකින්, අඩු වියදමකින්.

පඩි ගෙව්වෙ නැතත් ඔයා දෙයක් කරන්න ලෑස්ති නම්, නිවාඩු දවසක වුනත් ඔයා ඒක කරන්න ලෑස්ති නම් අන්න ඒක තමයි ඔයාගෙ passion එක.

හිතන්නකො සල්ලි නැතුව ඔයා කරන්න හිතන දෙයක් කරන එකෙන් ඔයාට සල්ලි ලැබෙනවනම් කොහොමද? මරුනේ.

Problem එක මොකද්ද?

Extra ordinary growth එකක් ලබාගන්න නම් ඔයා කරන්න ඕන ඔයා passionate දෙයක්. එහෙම නැති දෙයක් කරලා extra ordinary growth එකක් ලබාගන්න අමාරුයි. හැබයි මෙතනදි ඔයා අමතක කරන්නම හොඳ නැති දෙයක් තියෙනවා. ඒ තමයි,

“passion එක විතරක් මදි ඔයාට සාර්ථක වෙන්න”

ඔයාගෙ passion එක, ඔයා එකතු කරන්න ඕන problem solving concept එකකට. ඔයාගෙ passion එක ඔස්සේ ඔයාට solve කරන්න පුලුවන් සමාජයේ අයට තියෙන ප්‍රශ්නයක් මොකද්ද කියන එක ගැන ඔයාලා හිතන්න ඕන. ඔයාගෙ passion එක මොක උනත් ඒකට සම්බන්ධ ප්‍රශ්නයක් තිබුනොත් තමයි ඔයාට මේකෙන් earning එකක් ගන්න පුලුවන් වෙන්නෙ.

Passion එක තෝරගෙන මගින් නවතින්න එපා.ගොඩක් අය කරන්නෙ අන්න ඒක. Passion එක හොයාගත්තට පස්සෙ කරන්න ඕන දේ තමයි ඒ passion එක සම්බන්ධ වෙච්ච ප්‍රශ්නෙ මොකද්ද කියලා හොයාගන්න එක.

Profitable Business Model එක මොකද්ද?

දැන් ඔයා passion එක හොයාගත්තා, problem එක හොයාගත්තා. ඊලඟට ඔයා හොයාගන්න ඕන දේ තමයි Profitable Business Model එක. ඒක තමයි ඊලඟ ලෙවල් එක. මේකෙදි ඔයා කරන්න ඕන ඔයා හොයාගත්ත, අඳුරගත්ත ප්‍රශ්නෙ, problem එක, profitable business model එකක් බවට පත් කරන්නෙ කොහොමද කියලා බලන එක.

කොච්චර කිව්වත් ඔයාට හිතෙන්න පුලුවන් “hobby එකක් කොහොමද ජීවිත කාලයක් පුරා කරන්නෙ? ඒකෙන් කොහොමද සල්ලි හොයන්නෙ?” කියලා.

ඔයාගෙ passion එකයි, problem එකයි දෙක එකතුවෙන තැනට තමයි ඔයා මේ business model එක apply කරන්න ඕන.

මාක් සකර්බර්ග් කියන්නෙ කවුද?

ඔයාල දෙන සරලම උත්තරේ තමයි “ආහ් එයා තමයි ෆේස්බුක් එකේ නිර්මාතෘ” කියලා. හැබැයි ඇත්තටම මාක් සකර්බර්ග් කියන්නෙ Software ලියන එක. ඒත් කවුරුවත් එයාව ඒ විදියට දන්නෙ නෑ. එයා facebook  හදන්න කලින් තව ඒ වගේ ගොඩක් aps හදලා තියෙනවා. ඒව fail වෙලත් තියෙනවා. හැබයි passion එක තිබ්බ නිසා වැඩේ අතෑරියේ නෑ.

ප්‍රශ්නෙ මොකද්ද කියන එක අඳුරගත්තා, Facebook එක හැදුවා, revenue model එක අඳුරගත්තා. වැඩේ ගොඩ ගියා.

ඉතින් මේ විදියට ඔයාගෙ ජීවිතේ ගොඩනගාගන්න ඔයාගෙ passion එක පාවිච්චි කරන්න පුලුවන් powerful steps තුනක් තියෙනවා.

  • ඔයාගෙ Passion එක අඳුරගන්න
  • ඔයාගෙ passion එක ඔස්සේ විසඳන්න පුලුවන් සමාජයේ ප්‍රශ්නයක් තියෙනවද කියලා හොයාගන්න
  • ඒ දෙක එකතු කරන්න – profitable business model එක හදන්න

මේ 3P Model එක ඔස්සේ ඔයාට පුලුවන් ඔයාගෙ passion එක ඔස්සේ බිස්නස් එකක් ගොඩදාගන්න. Revenue model එක ගොඩදනගාගන්න.

ඉතින් ඔයත් ඉන්නෙ,

  • Exam ඉවරවෙලා මොනවද කරන්නෙ කියලා හිතාගන්න බැරුව නම්
  • රටේ තියෙන ප්‍රශ්න එක්ක කරන දෙයක් හිතාගන්න බැරුව නම්
  • අනාගතය බොඳ වෙලා වගේ නම් ඔයා කරන්න ඕන,

Loku Business අරගෙන එන How to find your passion course එකට enroll වෙලා, මැරෙන දවස වෙනකම් ජීවිතේ ආශාවෙන් ගෙවන්න ඕන කරන passion එක හොයාගන්න එක.

ඉතින් මේ Link එක click කරලා බලන්න: https://school.lokubusiness.lk/p/how-to-find-your-passion

ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නෙ ඇත්තද?

ඔයා ඊයෙ ඉඳපු තැන, අද ඉන්න තැන, හෙට යන්න ඉන්න තැන කියන දේවල් තුනම තීරණය වෙන්නෙ එකම එක දෙයක් මත. ඒ තමයි ඔයාගෙ පුරුදු එහෙම නැත්තම් Habits.

ඔයා අහලා තියෙනවද කතාවක් “ඔයා කියන්නෙ ඔයාගෙ පුරුදුවල ප්‍රතිබිම්බයක්” කියලා? අන්න ඒ කතාව සහතික ඇත්ත.

සරලවම හිතන්නකො. ඔයාගෙ බෑන්ක් අකවුන්ට් එක කියන්නෙ ඔයාගෙ මූල්‍ය පාලනයේ ප්‍රතිඵලයක්. ඔයාගේ නිරෝගීකම කියන්නෙ ඔයාගෙ ආහාර රටාවේ ප්‍රතිඵලයක්.

ඔයාට ඔයාගෙ වාසනාව Control කරන්න බෑ. හැබැයි ඔයාට පුළුවන් ඔයාගෙ පුරුදු පාලනය කරන්න. ඉතින් මේ ආටිකල් එකේදි අපි කතාකරන්නෙ යන්නෙ අපි කොහොමද ඒක කරන්නෙ කියලා බලන එක. මේ Topic එක ගැන ලියවෙච්ච පොතක් තමයි James Clear ගේ Atomic Habits කියන පොත.

ඉතින් මෙන්න මේ ආටිකල් එකෙන් අපි අද ඔයාලට කියලා දෙනවා හොඳ පුරුදු ඇතිකරගන්න වගේම නරක පුරුදු නැතිකරගන්න වගේම ඒක කරන්න පුළුවන් Techniques මොනවද කියන එක.

Research වලට අනුව සාර්ථක, ලෝකෙ වෙනස් කරන්න පුළුවන් මනුස්සයෙක් මාසෙකට පොත හතරක්වත් කියවනවා. අපේ ගොඩක් අයට ප්‍රශ්නෙ තියෙන්නෙ පොත් කියවන්න වෙලාවක් නැතිකම හෝ ඉංග්‍රීසි පොත් කියවීමේ අපහසුතාවය. ඒ නිසාමයි අපි මේ ලිපිය ඔයාලා වෙත අරගෙන එන්නෙ.

Goal vs System

පුරුදු හදාගන්න යන මේ ගමනෙදි අපි තේරුම්ගන්න ඕන දෙයක් තමයි Goal එකක් සහ System එකක් අතර තියෙන වෙනස් මොකද්ද කියන එක. අපි හැමෝටම ජීවිතේ එක එක Goals තියෙනවනේ. හැබැයි අපිට මේ හැම Goal එකක්ම Achieve කරගන්න පුළුවන් වෙලා නෑ.

මේ පොතේ කියනවා Goal එකක් කියන්නෙ අපිට යන්න ඕන දිශාව තීරණය කරන දෙයක් විතරයි කියලා. Goal එකක තියෙන විශේෂත්වය තමයි ඒක Outcome Based. හැබැයි System එකක් එහෙම නෙවෙයි.

හිතන්නකො ඔයාලට තියෙනවා Goal එකක් Gym එකට ගිහින් ඇඟ බස්සගන්න එක. හැබැයි ඒ Goal එකට යන්න ඔයා උදේම නැගිටල, Gym Kit එක දාගෙන, Gym එකට යන්න ඕන.මේව තමයි ඔයගෙ Goal එකට යන System එක එහෙම නැත්තම් Process එක. මේ System එකට Discipline එකක් දාගෙන ඔයා මහන්සි උනේ නැත්තම් ඔයාගෙ Goal එක හැමදාමත් Goal එකක්ම විතරයි කියලා මේ පොතේ පැහැදිලි කරනවා.

දැන් අපි තව සරල උදාහරණයක් අරගත්තොත් ඔයා හැඩිවෙච්ච ඔයාගෙ කාමරේ අද අස් කරනවා. හැබැයි මේ කාමරේ අස් කරන එක ඔයා Discipline එකක් විදියට නොකරොත් කාමරේ හෙටත් අවුල් වෙනවා.

Goal එකක් Achieve කරගන්න නම් ඔයා මේ System එක Follow කරන්න ඕන කාරණාව තමයි මේ පොතෙන් ඔයාට මුළින්ම කියලා දෙන්නෙ. මේ පොතෙන් අපිට කියලා දෙන තව අපූරු කතාවක් තමයි ඕනම දෙයක් News එකක් වෙන්නෙ ඒ දේ වුනාට පස්සෙ කියලා. ඔලිම්පික් ගිහිල්ලා මීටර් 100 දුවලා දිනපු අය ගැන අපි ඕනතරම් අහලා තියෙනවා. හැබැයි අපි කවදාවත් අහලා නෑ නේද එහෙම දිනන්න Practice කරන කෙනෙක් ගැන?

Goal එකක් කියන්නෙ සමාජයට පේන දෙයක්. හැබැයි System එකක් කියන්නෙ එහෙම පේන දෙයක් නෙවෙයි. System එක කාලයක් කරාම තමයි Goal එක සමාජයට පේන්න පටන් ගන්නෙ.

මේ පොත කියන දේ තමයි “Goal එකට අපි සෑහෙන ආදරය කරනවා. හැබැයි වැඩේ කරගෙන යද්දි System එක අමාරුනම් අපි වැඩේ මග අතාරිනවා” කියලා. එහෙම කරලා කවදාවත් අපිට අපේ Goal එකට යන්න බෑ. ඉතින් මේ Goal එක සහ System එක අඳුරගෙන, ඒ System එක Follow කරන්නෙ කොහොමද කියන එක කියලා දෙන්න මේ පොතේ කොටස් හතරක Framework එකක් කියලා දෙනවා. මේකෙ පලවෙනි Step එක වෙන්නෙ,

1. Cue – Trigger to Act

මෙතනදි කියලා දෙන දේ වෙන්නෙ ඔයාගෙ ඕනම පුරුද්දක් ඇතිකරගන්න හරි නැතිකරගන්න හරි බාහිර පරිසරයෙන් ඔයාට ඒකට පෙළඹවීමක් ඇතිවෙන්න ඕන.ඒක ගඳක්, සුවඳක්, හැඟීමක්, තව කෙනෙක් වගේ ඕනම දෙයක් වෙන්න පුලුවන්.

උදාහරණයක් විදියට හිතන්නකො දිග නිවාඩුවක් තිබ්බොත් විතාරයි ඔයාට ට්‍රිප් එකක් යන්න හිතෙන්නෙ.

ඉතින් කොහොමද මේ හොඳ Trigger to Act එකක් ඇතිකරගන්නෙ පුරුද්දක් ඇති කරගන්න හරි නැතිකරගන්න හරි. පළවෙනි දේ තමයි Visibility. ඔයාට ගිටාර් ගහන්න පුරුදුවෙන්න ඕන නම් ඔයා ඒක කබඩ් එකේ දාලා තියල වැඩක් නෑනෙ, ඔයාට ඒක පේන තැනක තියල තියන්නයි ඕන.

මේකෙන් ඔයාගෙ ඇහැ Influence වෙනවා Trigger to Act එක.

දෙවනි එක තමයි ඔයාගෙ වටේ තියෙන දේවල් නිකන්ම දේවල්, Objectives, දේවල් විදියටම දකින්න එපා. ඒකත් එක්ක ඔයාට තියෙන Relationship එකක් හදාගන්න. සමහර වෙලාවට අපේ කාමරේ තියෙනවා සෝෆා එකක්. ඒක නිකන්ම සෝෆා එකක් විදියට දකින්න එපා. ඒක ඔයා Netflix බලන තැම, පොත් කියවන තැන විදියට දකින්න.

තුන්වෙනි විදිය තමයි Habit Stacking Method එක. ඒ කියන්නෙ දැනටමත් ඔයාට තියෙන පුරුද්දක් පාවිච්චි කරලා අලුත් පුරුද්දක් ඇති කරගන්න. මේ  පොතේ කියන උදාහරණය මෙන්න මේ වගේ දෙයක්. ඇඟ හෝදන්න හොර ළමයෙක් ඉන්නවා. හැබැයි මෙයා හැමදාම හවසට සෙල්ලම් කරනවා. හවසට සෙල්ලම් කරන නිසා ඇඟට දාඩිය වැටෙන නිසා හවසට ඇඟ හෝදන එක පුරුද්දක් කරගන්න වෙනවා.

හතරවෙනි එක තමයි ඔයා ඔයාට දෙන Practical Promise එකක්. හිතන්නකො ඔයාට ඕන Online Business එකක් පටන් ගන්න. කොහොමද ඔයා ඒකට Practical Promise එකක් දෙන්නෙ?

“මට Online Business එකක් කරන්න ඕන” කිව්ව පමණින් ඒක Practical Promise එකක් වෙන්නෙ නෑ. “මම Online Business එකක් කරන විදිය ඉගෙනගන්න හැමදාම හවස හතේ ඉඳල පැය දෙකක් කාලය වෙන් කරනවා” කියලා In detail promise එකක් ඔයාටම දෙන්න.

2. Craving/Internal Desire

සමහරවෙලාවට බාහිර පරිසරයෙන් කොච්චර Trigger එකක් තිබුණත් අපි ඒක Follow කරන්නෙ නෑනෙ. අන්න එතනදි තමයි මේ දෙවනි Point එක වැදගත් වෙන්නෙ. බාහිර පරිසරයෙන් ඔයාව කොච්චර Trigger කරත් වැඩක් නෑ ඔයාට ඔයාගෙ ඇතුළාන්තයෙන්ම ඒකට Internal Desire එකක් නැත්තම්.

මේ පොතේ උදාහරණයක් තියෙනවා කෙනෙක් පීසා කන්නෙ බඩගින්නට, තව කෙනෙක් පීසා කන්නෙ ආසාවට. ඉතින් එක එක අයට පුරුද්දක් ඇතිකරගන්න හෝ නැතිකරගන්න තියෙන හේතු කාරණා වෙනව. හැබැයි මේ හැමෝටම මේ පුරුද්දක් ඇතිකරගන්න හෝ නැතිකරගන්න Internal Desire එකක් ඇතිකරගන්න උදව්වෙන හෝමෝනයක් තියෙනවා. ඒ හෝමෝනය තමයි Dopamine. මේක හරි ඇබ්බැහිවෙන සුළු හෝමෝනයක්. මේ Internal Desire එක ඇතිකරගන්න නම් ඔයා මේ හෝමෝනය Hack කරගන්න ඕන. මේ Method එකට කියන්නෙ Temptation Bundling කියලා. කොහොමද අපි මේක කරන්නෙ කියන දේ මේ පොතේ Explain කරලා තියෙන්නෙ මෙන්න මේ විදියට.

ඔයාට හදාගන්න ඕන පුරුද්ද – දැනටමත් ඔයාට තියෙන පුරුද්දක් එක්ක Bundle කරගන්න.

උදාහරණයක් විදියට මෙන්න මෙහෙම දෙයක් හිතන්නකො. ඔයා ක්‍රිකට් මැච් බලන්න මාර ආසයි. ඒ එක්කම මැච් එක දවසෙම ඔයාට Sales Calls ගන්නත් තියෙනවා. දෙකම මිස් කරගන්න ඔයා කැමති නෑ. එතකොට ඔයා කරන්න ඕන Sales Call 10ක් ගත්තට පස්සෙ පොඩි Break එකක් අරගෙන පොඩ්ඩක් Match එක බලනවා කියලා Target එකක් දාගන්න. එතකොට අර මැච් එක බලන්න ලැබෙන මානසික තෘප්තිය නිසා ඇඟ ඇතුලෙ නිපදවන ඩෝපමින් හෝමෝනය ඔයාව උත්තේජනය කරනවා අර Sales Calls 10 අරගන්න.

3. Response

තුන්වෙනි Level එක තමා Response Level එක. මේකෙදි තමා ඔයා ඔයාගෙ පුරුදු ක්‍රියාවට නංවන්නෙ. සමහර පුරුදු තියෙනවානෙ අපිට ලේසියෙන් කරන්න පුලුවන්. ටීවි බලන එක, ෆේස්බුක් යන එක වගේ දේවල් අපිට හරි ලේසියෙන් කරන්න පුලුවන් දේවල් නේ.

මේ පොතේ කියනවා අපේ සමහර පුරුදු වලට අපි ඇබ්බැහි වෙලා ඉන්නෙ ඒව ලේසියෙන් කරන්න පුලුවන් නිසා කියලා. මේ වගේ දේවල් වලින් වැලකෙන්න මේ පොතේ කියන විදියට අපිට කරන්න පුලුවන් එක දෙයක් තමයි Reduce the Friction. ඒ කිව්වේ ඒ පුරුද්ද කරන්න තියෙන ලේසි පහසු ක්‍රමය අඩු කරන්න කියන එක. උදාහරණයක් විදියට ටීවී බලන එක අඩු කරගන්න ඕන නම් ටීවී එක දාන එක අමාරු කරන්න. ප්ලග් එක ගලවල තියන්න, ටීවි එක රෙද්දකින් වහලා තියන්න වගේ දේවල් කරන්න.

මේ වගේ ඕනම දෙයක් කරන එක ලේසි කරන්න පුළුවන් නම් Response Level එකේදි ඔයා ඒක කරන්න තියෙනව උනන්දුව වැඩිවෙනවා.

හොඳ පුරුද්දක් හදාගන්න ඕන නම් Friction එක අඩු කරන්න. අයින් කරගන්න ඕන පුරුද්දක් තියෙනම් Friction එක වැඩි කරගන්න.

ඊළඟට මේ පොතේ කියන දෙයක් තමයි අපිට යම් දෙයක් කරන්න යන කාලයක් තියෙනවනේ. ඔයා දෙන කාලය සහ ඒ පුරුදු හදාගන්න දෙන Effort එක සරල රේඛීය නෑ. මුල් කාලෙදි කොච්චර Effort එකක් දුන්නත් ඒක පේන්නෙ නෑ. ඒ කාලෙ පන්නගත්තට පස්සෙ තමයි ඔයාට Rocket එක වගේ ඉස්සරහට යන්න පුළුවන් වෙන්නෙ. මේ කාලෙට කියන්නෙ Disappointment Curve එක කියල, මොකද මුල් කාලෙ කොච්චර මහන්සි උනත් Result එකක් නොපෙනෙන නිසා අපි Disappointment වෙන්න තියෙන ඉඩ වැඩියි.

4. Reward

ඊළඟට මේ පොතේ කියන දේ තමයි අපිට පුලුවන් වෙන්න ඕන මේ කාලෙදි අපිව Reward කරගන්න. මොකද ඒක එක්තරා විදියට උත්තේජනයක් අපිට තව මහන්සිවෙලා වැඩ කරන්න. මෙතන Rewards වර්ග දෙකක් ගැන කියලා දෙනවා. Immediate Rewards – ඒ කියන්නෙ අර හරිම ඉක්මනට දෙයක් කරාම අපිට ලබාගන්න පුළුවන් Rewards. අනිත් එක තමයි Ultimate Rewards -මේක ලැබෙන්න ටික කාලයක් යනවා.

මේ පොත නග තර්කය තමයි ඔයාට හොඳ පුරුද්දක් හදාගන්න නම් ඔයා මේ Immediate Reward එකක් හදාගන්න ඕන වගේම නරක පුරුද්දක් නැති කරගන්න නම් Immediate ප්‍රතිවිපාකයක් හදාගන්න ඕන.

ඉස්සර මිනිස්සුන්ට Long term planning තිබුනේ නෑනෙ. එදා වේල කන්නෙ කොහොමද කියලා තමයි අපි බැලුවෙ. හැබැයි අද එහෙම නෙවෙයිනෙ. අපි කරන ගොඩක් දේවල්වල Rewards කාලෙකට පස්සෙ තමයි ලැබෙන්නෙ. ඉතින් මේ පොතේ අපිට කියල දෙනවා ඒ වගේ Ultimate Rewards ලැබෙන Goals වලදි උනත් අපි කොහොමද Immediate Reward එකක් හදාගන්නෙ කියලා.

මේ පොතේ ඒකට අපිට උදාහරණයක් දෙනවා. ඔන්න Couple එකක් ඉන්නවා. මේ දෙන්න හරියට එළියට ගිහින් කනවා. මේ දෙන්නට උවමනා වෙනවා එළියට ගිහින් කන එක අඩු කරන්න. ඒකට මේ දෙන්නා කරන දේ තමයි ගෙදර කෑම හදාගෙන කන හැම දවසකම එළියට ගිහින් කෑම කන එකට වියදම් වෙන ගාණ බැංකු අකවුන්ට් එකක එකතු කරනවා Europe Trip කියලා. ටිකෙන් ටික ඒ ගිණුමෙ සල්ලි එකතුවෙද්දි, Immediate Reward එකක් දකිද්දි එයාලට පුළුවන් වෙනවා එළියට ගිහින් කන පුරුද්ද අඩු කරගන්න.

ඉතින් සාරාශයක් විදියට අරගත්තොත් ඔයා දැන් දන්නවා ඕනම පුරුද්දක් වෙනස් කරන්න හෝ ඇතිකරගන්න ඔයා වැඩ කරන්න ඕන Framework එක මොකද්ද කියලා. ඒ අනුව Trigger to Act, Internal Desire, Response සහ Reward කියන Stages 4 එක්ක ඔයා දැන් දන්නවා කොහොමද ජන්මෙට වඩා කොච්චර ලොකු උනත් මේ පුරුද්ද ඔයාට ඕන විදියට හැඩගහගන්නෙ කියලා.

ඉතින් මේ වගේ වටිනා Watch a Book Videos තවත් බලන්න, තව තවත් දැනුම ඔයාලගෙ ජීවිතේට එකතුකරගන්න, Life එක ගොඩදාගන්න ඔයාලට පුළුවන් අපේ Simple books YouTube Channel එක Subscribe කරල තියාගන්න.

පොත් කියවන්න වෙලාව නැතිනම්,

සමහර පොත් ලංකාවෙ හොයාගන්න නැතිනම්,

කියවලා ඉවර කරන්න කම්මැලි නම්,

සංකීර්ණ කරුණු තේරුම්ගන්න බැරිනම්,

බර ඉංග්‍රීසි වචන තේරුම් ගන්න බැරිනම්,

Link: https://school.lokubusiness.lk/p/atomic-habits?affcode=1420258_ghpjvsre මේ Link එක ඔස්සේ ඇවිත් ලෝකෙ සාර්ථක වෙච්ච මිනිස්සු ලියපු දේවල් සරල සිංහලෙන් අහලා ඉගෙනගන්න ගමන් ඔයාගෙ ජීවිතෙත් ඒ විදියට හැඩගස්වාගන්න අපිත් එක්ක එකතුවෙන්න!

Life එකේ Goal එකක් Set කරගන්නෙ කොහොමද?

දෙයක් කරද්දි, කරන්න පටන් ගන්නකොට අපි ඒ දේ කරන්නෙ යම් කිසි අරමුණක් තියාගනනෙ. ජීවිතෙත් ඒ වගේ. අපිට අපේ ජීවිතේට අරමුණක් තියෙන්න ඕන. No Goal – No Direction කියන්නෙ අන්න ඒ නිසා.

හිතන්නකො ඔයා ලියුමක් ලියනවා, හැබැයි තැපැල් කරන්න ලිපිනයක් නෑ. එතකොට ලියුම කොහෙද යන්නෙ? අන්න ඒ වගේ තමයි ජීවිතේටත් අරමුණක් තිබ්බෙ නැත්තම් අපිට ගමනාන්තයක් නෑ.Goal එකක් නැත්තම් ඔයා කොහෙද ගිහින් නතරවෙන්නෙ? කියන ප්‍රශ්නය මෙතනදි මතුවෙනවා.

මේ Life එකට Goal Set කරගන්න එක ගැන කරපු Research වලින් හොයාගෙන තියෙනවා Learnings දෙකක්. අපි බලමු මේ Learnings දෙක මොකද්ද කියලා.

Learning 1:

සමහරු ඉන්නවනෙ හරියට මහන්සිවෙලා වැඩ කරනවා. උනන්දුවෙන්, පුදුම Hard Working. හැබැයි Smart Working කියන කෑල්ල හැලිලා ගිහින් තියෙන්නෙ. දේවල් නිවැරදිව කරන එක එහෙම නැත්තම් Doings Things Right කියන එක ද, හරි දේවල් කරන එක එහෙම නැත්තම් Doing the Right Things කියන එකද හරි?

පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් ඔයාලට තේරෙවි Doing the right things කියන එක තමයි හරි කියලා. මොකද ඔයා වැරදි දෙයක් කොච්චර හොඳට කලත් ඒකෙන් වැඩක් නෑ, ප්‍රතිඵලයක් නෑ. උදාහරණයක් අරගත්තොත් ඔයා හැමදාම Gym එකට ගියත් වැඩක් නෑ Equipment’s වැරදියට Use කරනවනම්. මොකද එහෙම කරලා ඔයාට කවදාවත් ඔයාගෙ Goal එකට යන්න බැරි හන්දා.

Learning 2:

Goal Setting ගැන කරපු Research වලදි හොයාගත්ත දෙවනි Learning එක ගැන තමයි අපි දැන් කතාකරන්න යන්නෙ.

අපේ කට්ටිය ගොඩක් කරන දෙයක් තමයි මොකක් හරි අරමුණක් තියාගෙන ඉස්සරහට යද්දි ඒ අරමුණ, ඒ Goal එක තමන්ට Achieve ක්‍රන්න බෑ කියලා තේරුණොත් තමන්ගෙ අරමුණ, Goal එක වෙනස් කරන එක. හැබැයි මෙතනදි ඇත්තටම වෙන්න ඕන අරමුණ වෙනස් කරන එක නෙවෙයි, ඒ අරමුණට යන්න තමන් හදාගත්ත Strategy එක වෙනස් කරන එක.

ඒක හරියට වයිෆ් ඔයාට බැන්නොත් ඔයා වයිෆ්ව මාරු කරනව වගේ වැඩක් තමයි අරමුණට යන අතරමග අරමුණ වෙනස් කරන එක. අහලා ඇතිනෙ කතාවක් “ඔලුවෙ කැක්කුමට කොට්ටෙ මාරු කලා වගේ” කියලා.

Goal Setting වලදි ඔයා කරන්න ඕන දෙයක් තමයි ප්‍රශ්නෙ ගැන හිතනවා වෙනුවට ඔයාගෙ Goal එක ගැන Focus කරන එක.

ඔයාලා දන්න ලෝකෙ ඉතාම ප්‍රසිද්ධ ගොඩනැගිලි දෙපාරක් හදලා තියෙනවා කියල අපි කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඔව් ඒක තමයි ඇත්ත. හැම ගොඩනැගිල්ලක්ම දෙපාරක් හදලා තියෙනවා.

පළවෙනි වතාව තමයි “මේ බිල්ඩින් එක හැදෙන්න ඕන මෙන්න මේ විදියට” කියල Visualize කරලා ඒක කොළවල ඇඳලා හදන එක. දෙවනි වතාව වෙන්නෙ ඇත්තටම ගල් වැලි සිමෙන්ති අරගෙන බිල්ඩින් එක ඇත්තටම හදන එක.

ඔයාගෙ Goals වුණත් මේ විදියට දෙවරක් හදන්න ඕන. පළවෙනි වතාවෙ ඔයා ඒක Visualize කරගන්න ඕන. දෙවනියට තමයි ඔයා ඒක In Reality එකේදි Execute කරන එක.

ඉතින් මේ විදියට ඔයා කොහොමද ඔයාගෙ Goal එක හරියට හදාගන්නෙ සහ Achieve කරගන්නෙ කියල පෙන්වන්න ලෝකෙ ප්‍රසිද්ධ, අරමුණු සාර්ථකව ඉටු කරගත්ත මිනිස්සු පාවිච්චි කරපු Techniques 5ක් ඔයාලා එක්ක මේ ආටිකල් එකෙන් බෙදාගන්න අපි හිතුවා.

Technique 1: Insight Generating Questions

 A good question can change your life කියලා ඔයා අහලා තියෙනවද? අන්න ඒ නිසාමයි ඔයා ඔයාගෙ බුද්ධි මට්ටම පරීක්ෂා කරන්න ඔයාගෙන්ම ප්‍රශ්න අහන්න ඕන.

හරිම Goal එක හරිම විදියට Set කරගන්න ඔයා ඔයාගෙන්ම අහන්න ඕන ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේවා.

  1. ඔයාට Achieve කරගන්න ඕන Goal එක මොකද්ද?
  2. ඇයි ඒ Goal එක ඔයාට Important?
  3. ඒ Goal එක Achieve කරොත් ඔයාට මොනවද ලැබෙන්නෙ?
  4. Goal එක Achieve කරගන්න ඔයාට ඕන Resources මොනවද?
  5. Goal එක Achieve  කරගනිද්දි ඇතිවෙන්න පුළුවන් ප්‍රශ්න මොනවද?
  6. මේ වැඩේට ඔයාට උදව් කරන මිනිස්සු කවුරුද?
  7. ඔයාගෙ Income එකට මේක බලපාන්නෙ කොහොමද?
  8. ඔයාට මේ Goal එක Achieve කරන්න ඕන Knowledge/Education Levels මොනවද?
  9. මේ වෙනුවෙන් ඔයාට තියෙන්න ඕන Skills මොනවද?
  10. ඔයාට Enter වෙන්න ඕන Industry එක මොකද්ද?

මේ හැමදෙයක්ම ප්‍රශ්න අහමින් ඔයා හිත ඇතුළෙන් Visualize කරගන්න ඕන. මේ වගේ ප්‍රශ්න ඔයා ඔයාගෙන්ම අහද්දි ඔයාම හිතෙන් උත්තර දෙන්න පටන්ගන්නවා. ප්‍රශ්නෙ විසඳගන්න කොහොමද කියල ඔයාම ඔයාගෙ බුද්ධියෙන් උත්තර දෙන්න පටන් ගන්නවා.

අහලා ඇතිනෙ කතාවක්. ඔයාට ඒක හිතෙන් මවාගන්න පුළුවන් නම් ඔයාට ඒක කරන්නත් පුළුවන්.

Technique 2: GIST Technique

මේ Technique එක Follow කරන අය Steps 4ක් Follow කරනවා.

Goal, Initiative, Scoreboard, Transformational Initiative.

මෙතනදි ඔයා මුළින්ම කරන්න ඕන ඔයාගෙ Team එකට, හොඳ Clear, To the point Goal එකක් ලබාදෙන්න ඕන KPIs එක්ක. මේක හැමෝටම පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් Goal එකක් වෙන්න ඕන.

Goal එක ලබාදුන්නට පස්සෙ ඔයා එයාලට Initiatives, Steps ලබාදෙන්න ඕන. ඒ Steps ලබාදෙන්න ඔයා උනාට ඒව Follow කරන්නෙ ඔයාගෙ Team එකේ අය. මෙතනදි ඔයාට පුළුවන් එයාලා ඒ එක එක Step එකේදි ඒ වැඩේට දුන්න Effort Score එක සහ Result එකට ඒකෙන් කොච්චර බලපෑමක් වුනාද කියල මනින්න Result Score එකක් දෙන්න.

තුන්වෙනි Point එක වෙන්නෙ Scoreboard එක.මෙතනදි ඔයාට පුළුවන් ඔයා දුන්න දේවල් සහ ඔයාට ලැබුන දේවල් අතර Calculation එකක තියාගන්න. Scoreboard එකක් තිබ්බොත් තමයි ඔයාට පුළුවන් වෙන්නෙ ඔයාගෙ Speed එක Maintain කරගන්න.

ලැබුණ Results එක අපි මොනවද වෙනස් කරගන්න ඕන දේවල්, New Initiatives මොනවද? අපේ Review Cycle එක මොකද්ද? කියල අපිට තේරුම්ගන්න පුළුවන් වෙන්නෙ Transformational Initiative එකේදි.

Technique 3: POWER Model

P -Prepare කියන්නෙ ඔයා Smart Goals Set කරගන්න එක.

O -Organize කරන දේවල් Track කරන්න

W- Work – අපි ඔය කරනවා කියලා හිතපු වැඩ ඇත්තටම අපි කරනවද

E – Evaluate – ඔයා කරපු දේවල්, කරන දේවල් Review කරන ගමන් Evaluate කරන්න

R – Rethink – වෙනස් වෙන්න ඕන, Adjust වෙන්න ඕන දේවල් ආයෙ ආයෙ හිතල බලන්න.

Technique 4: Two list Strategy

මේ Strategy එකට Steps දෙකක් තියෙනවා. පලවෙනි එක තමයි ඔයාගෙ Goals ඔක්කොම ලියන්න. නිකන්ම නෙවෙයි In detail ලියන්න. දෙවනි එක තමයි ඒ Goal List එක ආයෙ කියවල හිතලා බලලා ඔයාගෙ Top 5 Goals තෝරගන්න. මේ ටික highlight කරන්න අනිත් ඒව අමතක කරන්න.

ඒ ඇයි කියන එක Warren Buffet දෙන්නෙ මෙහෙම උත්තරයක්.

“මේකට කියන්නෙ 80/20 න්‍යාය. අපේ ජීවිතේට 80%  Impact එකක් වෙන්නෙ අපි කරන දේවල්වලින් 20% ප්‍රමාණය විතරයි”

මෙන්න මේකට තමයි Two list Strategy කියලා කියන්නෙ.

Technique 5: GPS 135

එකම එක Goal එකක් විතරක් තියෙන තැනකදි තමයි මේ ක්‍රමය වැදගත් වෙන්නෙ. එක Goal එකකට Priorities තුනක් තියෙනවා. One Goal – Three Priorities. ඒ එක එක Priorities යටතේ Strategies 5 ගානෙ තියෙනවා. ඒ විදියට තමයි GPS 135 කියන Technique එක හැදෙන්නෙ.

ඇයි මේක මෙහෙම කරන්නෙ?

අපේ Life එකට වැදගත් Schedule එක නෙවෙයි, අපි දීලා තියෙන Priorities තමයි වැදගත්.

ඉතින් මේ වෙද්දි ඔයා Life එකේ Goal එකක් Set කරන විදිය සහ හරියටම ඒ Goal එකක් Achieve කරගන්න විදිය ගැන දන්නවා. ඔයාට පුළුවන් මේ විස්තර ඔයාගෙ යාලුවො, ඔෆිස් එකේ අය එක්කත් බෙදාගන්න.

ඒ විතරක් නෙවෙයි මේ වගේම තව වටින Techniques පාවිච්චි කරලා ඔයාගෙ බිස්නස් එක, Company එක විතරක් නෙවෙයි ඔයාගෙ Personal Life එක වුණත් ගොඩදාගන්න ඔයාට පුළුවන් Free Chapters බලලම Loku Business Goal Setting Techniques for Life Follow කරන්න!

Link: https://school.lokubusiness.lk/p/goal-setting-techniques-for-life?affcode=1420258_ghpjvsre 

Effective Communication? ඒ මොකද්ද ඒ?

කෙනෙක්ව Convince, Impress, Influence කරන එක Industry එකේ Highest Paid Skill එකක් කියලා අපි කිව්වොත් ඔයා පිළිගන්නවද?

කෙනෙක්ව වැඩකට කැමති කරගන්න එක, කෙනෙක් ලව්වා වැඩක් කරගන්න එක එච්චර ලේසි දෙයක් නෙවෙයි කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කෙනෙක්ව අපි කියන දේකට Convince කරගන්න එක ලේසි දෙයක් නෙවෙයි. හැබැයි මේ වැඩේ කරන විදිය හරියටම ඉගෙන ගත්තොත්, ඔයාට පුළුවන් ඔයා නොහිතන තරම් සාර්ථක වෙන්න.

ඉතින් අද අරගෙන එන Article එකෙන් අපි ඔයාලා එක්ක බෙදාගන්න යන්නෙ කෙනෙක්ව Convince, Impress and Influence කරන Skill එක හදාගන්නෙ කොහොමද කියන එක.

First Step: Connector/Detector

මොකද්ද මේ?

මේක තේරුම්ගන්නෙ නැතුව සමහරු හරිම ආත්මාර්ථකාමීව තමයි තමන්ගෙ අදහස් ඉදිරිපත් කරන්නෙ. ඔයාලා දැකලා තියෙනවා අර Airport වල එහෙම ම්නිස්සුන්ව Check කරනන් තියාගෙන ඉන්න පොඩි gadget එක. Metal Detector කියලනෙ ඒකට අපි කියන්නෙ. ඒ Machine එකට මොකක් හරි Metal එකක් Detect උනොත් සද්දයක් එනවනෙ. මොකද Connector සහ Detector මුණ ගැහුණ නිසා.

ඉතින් මේ වගේම දෙයක් තමා වෙන්නෙ Communication වලදි.Communication වලදිත් මේ වගේ Connectors තියෙනවා. අපේ ළඟ තියෙන Detector එක Use කරලා මේ Connector එක අඳුරගන්න එක තමයි අපි කරන්න ඕන.

Business කියන්නෙ හරිම Logical දෙයක්. හැබැයි මිනිස්සු හරිම Emotional. හැම මනුස්සයටම මේ වගේ Connector එකක් තියෙනවා. ඒ Connector එකේ Plug එක තියෙන තැන අඳුරගෙන හරියට Plug උනොත් වැඩේ ගොඩ. හැබැයි හරි තැනින් නැතුව වෙන තැනකට Plug කරන්න ගියාට Current එක Pass වෙන්නෙ නෑ.

එක එක මනුස්සයගෙ කැමති අකමැති දේවල් තියෙනව. අන්න ඒව තමයි ඒ  ඒ මනුස්සයගෙ Connectors වෙන්නෙ. ඔයාට පුළුවන් නම් හරියටම අඳුරගන්න ඒ ඒ කෙනාගෙ Connectors මොනවද කියලා එයාව  ඒ ඔස්සේ Convince, Impress සහ Influence කරන එක හරිම ලේසියි.

උදාහරණයක් විදියට හිතන්නකො ඔන්න කෙනෙක් එයාගෙ Phone එක ගැන Complain කරනවා. “මේ Phone එක මෙලෝ රහක් නෑ, එළියට යන්න බෑ බැටරි බහිනවා” මේ කතාව හරියට අහන් හිටියොත් මේ මනුස්සයා එක්ක Connect වෙන්න ඕන කොතනින්ද කියල තේරුම්ගන්න මහ වෙලාවක් යන්නෙ නෑ.

එයාට තියෙන ලොකුම Emotional ප්‍රශ්නෙ මොකද්ද? එලියට යන්න බෑ, Phone එකේ බැටරි බහින එක. ඉතින් එයා එක්ක Connect වෙන්න තියෙන හොඳම විදිය ඒක. Phone කැඩුන ඒව, Phone එක හරි නෑ කියන ඒවට Plug වෙන්න යන්න එපා. Phone එකේ Battery එක ගැන කතාකරන්න.

එතනින් කතාව පටන්ගත්තොත් එයා තේරුම් ගන්නවා “ආහ් මෙයාට මගෙ ප්‍රශ්නෙ තේරුණා” කියල. අමතක කරන්න එපා අපි හැමෝටම අපේ ජීවිතේ Needs, Wants. Worries ඒව මේව තියෙනවනෙ. ඒ සාධක තමයි අපේ Connectors වෙන්නෙ. හරියට අවධානය දුන්නොත් අපිට Connector එකයි Detector එකයි සෙට් කරගන්න අමාරු නෑ.

ඔයා මේ Connector එකයි Detector එකයි පාවිච්චි කරන්නෙ ඔයාගෙ Life එක වෙනුවෙන් නෙවෙයි, එයාගෙ Life එක වෙනුවෙන්. ඒ නිසාම ඔයා Interesting කෙනෙක් වෙන්න ඕන නෑ, හැබැයි ඔයා එයා ගැන Interested කෙනෙක් වෙන්නයි ඕන. ඒක තමයි Hook එක එයාට ඔයා එක්ක Connect වෙන්න.

Talent එක තමයි මේ Connector එක හරියට අඳුරගෙන ඒක Impress කරන එක.

මෙතන තව දෙයක් තියෙනවා Parating, Paraphrasing කියලා. මේකෙදි වෙන්නෙ ඔයා ඕනම කෙනෙක්ගෙ Connector එක අඳුරගත්තට පස්සෙ ඔයා ඒක නැවත නැවත මතක් කරන එක. ඒකෙන් වෙන්නෙ ඒ Connection එක Powerful වෙන එක. Convincing Ability එක වැඩිවෙනවා. ඔයාලා දෙන්නගෙ Feeling Levels Equal වෙනවා. Feeling Levels Equal උනාම Dealing Level එක හරිම ලේසියි. සරලවම කිව්වොත් ඔයා එයාට තියෙන ප්‍රශ්නෙ තේරුම් ගන්න අතරවාරෙ එයා තේරුම්ගන්නවා ඔයාව. එයා තේරුම්ගන්නවා ඔයා කියන්නෙ එයාව සහ එයාගෙ ප්‍රශ්නෙ තේරෙන කෙනෙක් කියල. එතකොට එයා මොකද කරන්නෙ තව තවත් ඔයා එක්ක Connect වෙන්න උත්සහ කරනවා.

ඊටපස්සෙ Convince කරන්න, Influence කරන්න, Impress කරන්න සහ Close කරන්න හරිම ලේසියි.මොකද ඔයා Already එයාට තියෙන ප්‍රශ්න, එයාගෙ තියෙන Mentality එක, Emotional Barriers හොඳින්ම අඳුරගෙන ඉවරයි.

ඉතින් ඔන්න හෙට කවුරුහරි ඔයාට කිව්වොත් මම Cricket වලට මාර ආසයි කියලා. Repeat කරන්න, Connect වෙන්න – Cricket කියන්නෙ සුපිරි නේද? ඊයෙ මැච් එක බැලුවද? කියල අහන්න.

Second Step: RAP Analysis

මෙතනදි ඔයා එයාගෙ Deep Layer එකකට යන්න ඕන. ඒ කිව්වෙ RAPP Analysis එකක් කරන්න ඕන.

RAPP Analysis එකක කොටස් හතරක් තියෙනවා.

Recreation

Aspiration

Profition

Problem

 ඔයා දැන් එයා එක්ක කොහොමත් Connect වෙලා ඉන්න එකේ ඔයා කරන්න ඕන ඒ Connection එක තව Strong කරන එක. මේක Sympathy නෙවෙයි Empathy. ඒ කියන්නෙ එයා දන්නවා ඔයාට දැනෙනවා කියලා එයාට දැනෙන දේ. Empathy එක වැඩිවෙන්න වැඩිවෙන්න ඔයා එයාගෙ Fan කෙනෙක් බවට පත්වෙන එකතමයි වෙන්නෙ.

මෙතනදි ඔයා හිමින් සැරේ තේරුම්ගන්නව එයාට තියෙන ප්‍රශ්න, එයාගෙ Emotional Barriers. මේක NICE  Analysis එකක් කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නෙ, Need, Interest, Concern  සහ Expectation.

RAPP Analysis උනත් NICE Analysis එකක් උනත් කරන්න ඕන හරිම පරිස්සමෙන්. මේක කාලයත් එක්ක යන ගමනක්. ගොඩක් සබඳතාවලදි අපි අනෙක් පාර්ශ්වය කියන දේ අහන්න පෙළඹෙන්නෙ නෑනෙ, අපිට ඕන අපේ ප්‍රශ්න ටික කියලා ඉවර කරන්න. Deep යන්නෙ නෑ.

Personal Life එකට විතරක් නෙවෙයි ඔයාගෙ Formal Life එකට උනත් මේක හරිම වැදගත්. කෙනෙක්ව දෙයකට Convince කරන්න ඔයා මොකද්ද කරන්න ඕන?

එයාව හරියටම අඳුරගන්න එක…

Third Step: Building a Lifetime Impression

කෙනෙක්ගෙ ජීවිතේ ඇතුළෙ Lifetime Impression එකක් තියන්න පුළුවන් පලවෙනි Steps දෙක හරියට කරගත්තොත් තමයි. කෙනෙක්ට හිතෙන්න පුළුවන් “මගේ Communication එච්චර හරි නැති එකේ මම කොහොමද එහෙම Lifetime Impression එකක් තියන්නෙ?” කියලා.’

මෙතන තියෙන්නෙ නිකන්ම නිකන් Communication  නෙවෙයි. Comm + U + Nication. ඒ කියන්නෙ ඔයා ඔයා ගැන Inform කරන එක විතරක් නෙවෙයි. ඔයා එයාව Involve කරගන්නයි ඕන.

මේකට Management වල කියන්නෙ Extreme Customer Delight කියලා. හිතන්නකො ඔයාලගෙ ගෙවල් ළඟ මොන තරම් Shops තිබුණත් ඔයා යන්නෙ එකම තැනකට. ඒ ඇයි? ඒ ඔයා යන තැන, ඒ බිස්නස් එක කරන කෙනාට පූළුවන් වෙලා තියෙනවා ඔයාට Lifetime Impression එකක් එයා ගැන ඔයාගෙ හිතේ ඇතිකරන්න.

ඒ Lifetime Impression එක ඇතිවෙන්නෙ high emotional state එකක් ඉද්දි. අන්න ඒ නිසා තමයි අපි අපි ගැන කියන එක පොඩ්ඩක් පැත්තක තියලා එයාව හරියට අඳුරගන්න එක කරන්න ඕන. ඒ Connection එක හරියට හදාගන්න ඕන, Deep යන්න ඕන අන්න ඒ නිසා. ඒ Steps ටික හරියට Follow කරොත් ඕනම කෙනෙක්ව Convince, Impress, Influence කරන එක Effortless.

ඕනම Business එකක් ගොඩදාගන්න Communication Skills සහ Customer ව අපිට කොච්චර Impress කරන්න පුළුවන්ද කියන එක ඉතාම වැදගත්. ඒ නිසාම තමයි ඔයා ඔයාගෙ පෞද්ගලික ජීවිතේ දෙයකදි උනත්, රාජකාරි ජීවිතේ දෙයකදි උනත් මේ Communication Skills කියන එක හොඳටම Master කරන්න ඕන.

ඉතින් මේ වගේ දේවල් ගැන දැනගන්න, හරියටම මේ දේවල් ගැන තවත් Deep ඉගෙනගන්න ඔයාට පුළුවන් Free Chapters බලලම Loku Business –  Communication Masterclass Online Course එකට එකතුවෙන්න!

ඒ වගේම තමයි මේ Communication Skills පාඨමාලාව 20%ක Discount එකක් එක්ක හදාරන්නත්  Chance එකක් ඔයාට තියෙනවා. කරන්න ඕන මෙන්න මේ පහල තියෙන Link එක Click කරන එක විතරයි.

Link: https://school.lokubusiness.lk/p/communication-masterclass-course?affcode=1420258_ghpjvsre

වැඩේට හරියනම Communication එක්ක ඔයාගෙ Communication Skill ගොඩදාන්න Support කරන්න අපි සූදානම්!

කාලය Invest කරන්න පුළුවන් කියලා දන්නවද?

කාලෙ වැය වුණොත්, ආයෙ ඒ කාලය ගන්න බෑ කියලා අපි දන්නවනෙ? හැබැයි කාලය හරි විදියට ආයෝජනය කලොත් නිකන්ම වැය වෙන්න තිබුණ කාලයෙන් උපරිම ප්‍රයෝජනයක්, වාසියක් ගන්න පුළුවන් කියලා අපි දන්නවා.

හැබැයි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. හැම කෙනෙක්ටම, හිතපු ගමන් කාලය වැදගත්, වටිනා දේකට ආයෝජනය කරන්න බෑ. ඒක හරියටම කරන්න ඔයාට Skill එකක් තියෙන්න ඕන.

ඒ Skill එක තමයි Time Management එහෙමත් නැත්තම් කාල කලමණාකරණය.

අපි අපිට තියෙන කාලය එක එක දේවල්වලට වැය කරනවනේ. අන්න ඒ විදියට කාලය වැය කරලා අපි අවධානය දෙන දේ තියෙනවනේ, ඒක තමයි ඔයාව ගොඩනගන්නෙ. සාර්ථක මිනිස්සු තමන්ගෙ සාර්ථකත්වය ළඟා කරගෙන තියෙන්නෙ තමන්ගෙ කාලය හරියට Manage කරගත්ත හන්දා.

හැබැයි මෙන්න මෙහෙමයි.

සාර්ථක මනුස්සයෙක්ට වගේම සාමාන්‍ය මනුස්සයෙක්ට ලැබෙන්නෙත් පැය 24ක කාලය තමයි එක දවසකදි. ඉතින් කෙනෙක් සාර්ථක වෙන්නෙයි, තව කෙනෙක්ට එහෙම නොවෙන්නයි හේතුවක් නෑ නේ?

උත්තරේ තමයි Time Management.

ඉතින් අපි අද මේ Article එකෙන් ඔයාලා එක්ක බෙදාගන්න යන්නෙ කාලය කළමනාකරණය කරගන්න ක්‍රමය 7ක් ගැන.මේ ක්‍රම 7 පාවිච්චි කරලා අපි බලමු කොහොමද ඔයාලගෙ Time එක හරියටම Invest කරගන්නෙ, Manage කරගන්නෙ කොහොමද කියලා.

Technique 1: ජීව විද්‍යාත්මක ක්‍රමය

අපි හැමෝටම තියෙනවනෙ අපේම කියල Rhythm එකක්. මොන දේ කරන්නත් කළින් අපි අන්න ඒ අපේ Rhythm එක Identify කරගන්න ඕන.

උදාහරණයක් විදියට ගත්තොතින් කෙනෙක් ඉන්න පුලුවන් උදේ වරුවෙ තමයි හොඳටම Energy එක දාලා වැඩ කරන්න පුළුවන්. තව කෙනෙක්ට හොඳටම Focus කරලා වැඩ කරන්න පුළුවන් වෙන්නෙ රෑට. හැබැයි ඒ වෙලාව වෙනස් වුණාට ඒ වෙලාවෙදි අපි කරන දේට Full Focus එක දීලා තමයි වැඩේ කරන්නෙ.

අන්න ඒ Full Focus එක දීලා ඔයාට වැඩ කරන්න පුළුවන් වෙලාව තියෙනවනේ, ඒ වෙලාවෙ කාලය ඔයා හරියට කළමනාකරණය කරගත්තොත් ඔයාට සාර්ථක වෙන්න පුළුවන්.

ඔයා මොනවා හරි දේකට වැඩ්ඩෙක් වෙනවද කියල තීරණය වෙන්නෙ ඔයා ඒ කරන දේට දෙන අවධානයේ තියෙන ප්‍රබලතාවය මත. ඉතින් ඔයා මෙතනදි කරන්න ඕන ඔයාගෙ rhythm එකට සෙට් වෙන වෙලාව ඇතුළත ඔයා කරන වැඩවලට, ප්‍රබලම අවධානයක් යොමු කරන එක.

Technique 2: Time blocking, Time Boxing, Time batching

Time Blocking කියන්නේ මෙන්න මේ වගේ දෙයක්.

“මම හෙට පැය දෙකක වෙලාවක් වෙන් කරනවා, Simple Books Youtube Channel එකේ Watch a book Videos 5ක් බලන්න” මේ විදියට අපි ඉස්සරහට එන යම් කිසි දෙයක් වෙනුවෙන් කාලය කල්තියාම වෙන් කරගන්න Method එක තමයි අපි Time Blocking කියලා හඳුන්වන්නෙ.

හැබැයි මේ වැඩේ කරගෙන යද්දි ඔයාට තේරෙනවා මේ වෙලාවෙ ඔයාට Video පහක්ම බලන්න නෑ, තුනයි බලන්න පුළුවන් කියලා. හැබැයි ඔයා Plan කරගෙන හිටියෙම Video 5ක් ම බලන්න නිසා ඔයා Video 5 ම බලලා තමයි වැඩේ නතර කරන්නෙ. මොකද ඔයා මෙතනදි අවධානය දෙන්නෙ කාලයට නෙවෙයි Task එකට නිසා.

Time Boxing කියන්නෙ කලින් එකේ විරුද්ධ එක. හිතන්නකො ඔයා Plan කරනවා විනාඩි 10ක Meeting එකක්. හැබැයි ඇත්තටම මේ Meeting එකට විනාඩි 10කට වඩා ගියොත්, ඔයා ඒ වෙලාව යන්න දෙන්නෙ නෑ. ඔයා ප්‍රශ්න කරනවා “විනාඩි 10ක් කියලා කිව්වෙ ඇයි විනාඩි 20ක් ගියේ, ඔයා Time Management දන්නෙ නැද්ද?” කියලා. මේ Method එකේදි ඔයා අවධානය දෙන්නෙ Task එකට නෙවෙයි Time එකට.

ඊලඟ Method එකේ නම Time Batching. මෙතනදි ඔයා කරන්නෙ එක වගේ වැඩ සෙට් එකක් එක ලඟ දාගෙන ඉවර කරන එක. ඒ කිව්වේ ගේ අතු ගාන ගමන්ම කබඩ් එකත් අස් කරනවා වගේ දෙයක්. එක වගේ වැඩ එක ලඟ කරොත් Shifting Time එක අඩු කරගෙන Time එක Manage කරගන්න ඔයාලට පුළුවන්.

Technique 3: The one thing technique/Deep Work Technique

One thing technique එක ගැන Explain කරන්න තියෙන ලේසිම විදිය තමයි ඒකෙ Opposites කියන එක. ඒවා තමයි අනවශ්‍ය දේවල් වලට කාලය යොදවන එක, බාගෙට වැඩ කරන එක, නොගැඹුරු දේවල්වලට කාලය යොදවන එක.

ඉතින් දැන් ඔයාලටම තේරෙනවනේ One Thing Technique එක කියන්නෙ එක වෙලාවක් අරගෙන, ඒ වෙලාව ඇතුලත ඔයාගෙ සාර්ථකත්වයට හොඳටම උදව් වෙන, හේතුවෙන දෙයක් ගැන තදින්ම, ගැඹුරින්ම හදාරන එක. මේ විදියට එක දෙයක් වෙනුවෙන් වැඩි කාලයක් සහ අවධානයක් යොමු කරන එකෙන් ඔයා ඒ වැඩේට Expert කෙනෙක් වෙනවා විතරක් නෙවෙයි Time එකත් Manage කරගෙන Successful වෙන්නත් පුළුවන්.

Technique 4: Time Tracking

දවස ඇතුළත අපෙ අතින් වෙලාව නාස්ති වෙන දේවල් ඕන තරම් වෙනවනෙ. සමහර වෙලාවට අපි හිතනව අපි මාරම බිසී කියල. හැබැයි එහෙම බිසී වෙද්දි ඔයා බලන්න ඕන ඔයා ඇත්තටම බිසී වෙන්නෙ මොනවටද කියලා. මෙන්න මේ Method එකට තමයි අපි Time Tracking කියලා කියන්නෙ.

ඉතින් ඔයාට පුළුවන් Time Tracking කියන Method එක පාවිච්චි කරලා දවස ඇතුලත ඔයා කරන එක එක දේවල්වලට යන වෙලාව සහ ඒවට කොච්චර වැදගත්කමක් තියෙනවද කියල Track කරලා බලන්න.එතනදි ඔයාට පුළුවන් ඔයා වැදගත්කම වැඩි සහ අඩු දේවල්වලට කොච්චර වෙලාවක් වැය කරලා තියෙනවද කියලා දැනගන්න.

Technique 5: Mini Break Technique

පස්වෙනි Technique එක තමයි මේ Mini Break Technique එක. සමහර වෙලාවට මුලු දවසෙම එකම වැඩකට හිත යොමුකරලා ඉන්නකොට ඇඟට වගේම හිතටත් මහන්සි බවක්, කම්මැලිකමක් දැනෙන්න පුළුවන්. එහෙම උනොත් දවසෙ ඉතුරු ටිකේ ඔයා Plan කරගෙන ඉන්න වැඩවලට ඔයාට Full Focus  එක දෙන්නත් අමාරු වෙයි. ඉතින් ඒ වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් දේ තමයි විනාඩි 30ක් වැඩ කරන්න – විනාඩඩි 3ක පුංචි Break එකක් ගන්න.

ආයෙ පාරක් Re-Energize වෙන්න, වැඩ කරන්න.

Technique 6: Organizer Technique

දේවල් Organize කරලා තියෙන එකෙන් වැඩක් කරන්න ගියාම කාලෙ නාස්ති වෙන්න තියෙන වෙලාවම ඉතාම අඩු කරගන්න පුළුවන්.

මේක ඕනම වැඩකදි ඔයාට පාවිච්චි කරන්න පුළුවන් Technique එකක්. ඒ කිව්වෙ ගෙදර වැඩකදි උනත්, Office එකේදි, Studies වලදි උනත් ඔයාට මේ Organizer Technique එක Use කරලා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ගමෙන් වැඩෙත් හොඳටම කරන්න ඉඩ හම්බුවෙනවා.

මේ Method එකේ තියෙන වාසිය වෙන්නෙ ඔයා වැඩක් කරන්න ගියාම ආයෙ අමුතුවෙන් වෙලාවක් වැය කරන්න උවමනා නෑ Ready වෙන්න, මොකද ඔයා Already හැමදේම Organize කරලා තියෙන්නෙ නිසා.

Technique 7: Day Theme Method

ගොඩක් අය සතියෙ දවස් හතටම ඇඳගෙන යන්න ඕන ඇඳුම් එහෙම ඔය ඉරිදා හවසට Ready කරලා තියෙනවා. මේ Technique එකම ඔයාට පුළුවන් ඔයාගෙ වැඩවලට සහ Time Management වලටත් යොදාගන්න.

ඒ කිව්වෙ සතියෙ දවස් හතේ ඔයා කරන්න ඉන්න වැඩ ටික ගාණට, ලස්සනට, Priority එක අනුව බෙදලා වෙන් කරගන්න. එතකොට එක දවසකදි ඔයාට පුළුවන් එක වැඩකට Full Focus එක දීලා ඒ වැඩේ සාර්ථකව සහ කාලය නාස්ති කරගන්නෙ නැතුව කරලා දාන්න.

ඉතින් මේ ආටිකල් එක කියවල ඉවර වෙනවත් එක්කම ජීවිතේ ඕනම දවසකට, ඕනම දේකට වැදගත් වෙන හරිම වටින විස්තර රැසක්,  Time Management Techniques කිහිපයක්ම දැනගෙන ඉවරයි.

වෙලාව කියන්නෙ හැමෝටම එකම හැන්දෙන් බෙදන දෙයක්නෙ. අපි හැමෝටම ලැබෙන වෙලාව එකයි. ඒත් එක එක අය ඒ එක විදියට ලැබෙන වෙලාවෙන් සාර්ථකවෙලා තියෙන්නෙ එක එක විදියට. ඒ Time Management Skill එක නිසා.

ඉතින් Time Management ගැන තව දේවල් දැනගන්න, ඔයා කරන වැඩේ Master කරලා ඇත්තටම වැඩ්ඩෙක් වෙන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න Free Chapters බලලම Loku Business –Time Management Online Course එකට එකතුවෙන්න පහත Link එක ඔස්සේ ඔයාලට දැන් පුළුවන්.

Link: https://school.lokubusiness.lk/p/time-management-course1?affcode=1420258_ghpjvsre