ලෝකයේ බලවත් නායකයන් ඉතාමත් අඩු ප්‍රමාණයක්. ඉහළ තනතුරක් දැරූ පමණින්, තමන් යටතේ කණ්ඩායමක් සිටි පමණින් හැම පුද්ගලයෙක්ම නියම නායකයෙක් වෙන්නෙ නැහැ. ලෝක ඉතිහාසය ගත්තත්, වර්තමාන තත්ත්වය ගත්තත් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ, දේශපාලනයේදි හෝ වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක නායකයන් අතර වෙනස්කම් තියෙනවා කියන එක ඔයා දන්නවා. ඔයා නායකත්ව තනතුරක ඉන්න කෙනෙක් නම් හෝ ඉදිරියේදී නායකත්ව භූමිකාවක් කරන්න ඉන්න කෙනෙක් නම් මේ ලිපිය ඔයාට වැදගත් වෙනවා.

නායකත්ව මට්ටම් (Leadership Levels) 05ක් ගැන මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන්. ලිපිය අවසානයේ ඔයාට තීරණයක් ගන්න පුළුවන් ඔයා ඉන්නේ ඒ අතරින් මොන මට්ටමේ ද කියන එක ගැන. ඒ වගේම ඒක ඔයාට උදව් වේවි ඔයාගේ නායකත්ව ගුණාංග දැනට තියෙනවාටත් වඩා හොඳ මට්ටමකට වැඩිදියුණු කරගන්නත්. දැන් අපි එකින් එක බලමු මොනවද ඒ නායකත්ව මට්ටම් කියලා.

01. Quitter

මේ නායකත්ව මට්ටමේ ඉන්න නායකයෝ ඔවුන්ට අදාළ කේෂ්ත්‍රයේ මොකක් හෝ අසීරු කාර්යකදි, එහෙම නැත්නම් අසාර්ථක වීමකදි ඒ වැඩේ අතහැරලා දානවා. ඔවුන් ඉන්නේ “මේක කරන්න බෑ” කියන මානසිකත්වයෙන්.

ඔවුන් අභියෝගවලට මුහුණ දෙන්න අපහසු, වැඩක් සම්පූර්ණයෙන් කරනවා වෙනුවට අදහසක් දීලා පැත්තකට වෙන විදියේ පුද්ගලයෝ. එයාලා ගැටලුවක් විසඳන්න උත්සහ කරන්නේ නැහැ. 

ව්‍යාපාරයක් පටන් අරන් ඒකෙන් ලාබයක් නොලැබුණ ගමන් ව්‍යාපාරය වහලා දාන පුද්ගලයෝ ඉන්නවා, තමන්ට භාර දුන්න වැඩක් අභියෝගාත්මක නම්, කරන්න ටිකක් අමාරු නම් ඒක අතඇරලා දාන පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේ අය තමයි මේ Quitter කියන මට්ටමට අයිති වෙන්නේ.

මේ වගේ mindset එකක් තියෙන අයට නියම නායකත්වයට ළං වෙන්නවත් අමාරුයි. ඒ නිසා මේ වගේ ගති ලක්ෂණ ඔයා ළඟ තියෙනවා නම් ඒවා දැන්ම හදාගන්න උත්සහ කරන්න. අසාර්ථකවීමක් කියන්නේ අවසානය නෙමෙයි. ඒ තුළින් පාඩමක් ඉගෙනගෙන ඉදිරියට යන්න උත්සහ කිරීමයි වටින්නේ.

02. Fault Finder

මේ මට්ටමේ නායකයෝ නම් ඔයාට රැකියාවෙදි, වෙනත් කටයුතුවලදි මුණ ගැහිලා ඇති. ඔවුන් විසඳුම් වෙනුවට ඕනම දෙයක ප්‍රශ්න විතරක් දකින අය. ඒ වගේම

Share this post: