හැම ශ්‍රේෂ්ඨ දෙයක්ම පටන් ගන්නේ එක සරල අදහසකින්. ඒ එක සරල අදහසකට පුළුවන් මිලියන ගණන් මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්න. Business එකක් පටන් ගන්න කැමැත්තක් තියෙන අය ගොඩක් ඉන්නවා. ඔයත් ඒ අතරින් කෙනෙක් වෙන්න ඇති. නමුත් බොහෝ දෙනෙක්ට Startup Idea එකක් හොයාගන්න එක ටිකක් අපහසු දෙයක්. ලෝකයේ බිහි වුණ සාර්ථක ව්‍යාපාර ගැන කියවලා, වීඩියෝ නරඹලා හැමදේම කළත් හරියට අදහසක් එන්නේ නැහැ කියන අය වගේම අදහස් කීපයක්ම තියෙනවා ඒත් මොකක්ද හොඳ කියලා හිතාගන්න බැරි තත්ත්වයක ඉන්න අය තමයි ගොඩක් ඉන්නේ.

කොහොමද ලෝකයේ අති සාර්ථක Startup Foundersලාට ඒවාට අදහස් හොයාගන්න පුළුවන් වුණේ? මේ ලිපියෙන් Loku Business අපි, ඔයාට කියලා දෙනවා Startup Idea එකක් හොයාගන්න පුළුවන් ක්‍රම 5ක් ගැන.

01. Solve Your Own Problems

බොහෝ සාර්ථක Startup Foundersලාට තමන්ගේ Startup එක පටන්ගන්න ප්‍රධානම අදහස ආවේ ඔවුන්ගෙම ජීවිතවලට ආව ප්‍රශ්න විසඳන්න උත්සහ කළ අවස්ථාවලදි. මේක උදාහරණ කීපයකින්ම පැහැදිලි කරගනිමු.

Dropbox එකේ Founder Drew Houston ඔහුට Pen drive එක යන යන තැන ගෙනියන්න වෙන නිසා වගේම Pen drive එක අවශ්‍යම වෙන වැඩකට යද්දි ඒක අමතකවෙලා ගියාම මූණ දෙන්න වුණ අපහසුතා ගැන හිතලා තමයි Dropbox එකට Codes ලියන්න පටන් ගත්තේ.

WhatsApp එකේ එක Founder කෙනෙක් හිතුවා, ඔහුගේ Contacts List එකේ අයගේ නම දැක්කම ඒත් එක්කම ඒ පුද්ගලයා මේ වෙලාවෙ Available ද නැද්ද කියලා දැනගන්න පුළුවන් නම්, එහෙම නැත්නම් Status එකකින් ඒ පුද්ගලයා මේ වෙලාවේ ඉන්නේ කොහේද කියලා දැනගන්න පුළුවන් නම් හොඳයි කියලා. තමන්ට ආව ඒ ප්‍රශ්නෙ විසඳන්න ක්‍රමයක් හොයන්න උත්සහ කළ නිසා තමයි අද වෙනකොට ඒක ව්‍යාපාරයක් දක්වා වර්ධනය වුණේ

Snapchat Foundersලාට ආව ප්‍රශ්නයක් තමයි ෆොටෝ එකක් ගත්තම සමහර වෙලාවට මිනිස්සු ඒක බෙදාගන්න කැමති තමන් ළඟින්ම ආශ්‍රය කරන අය එක්ක විතරයි. ඒත් ඒ අයගේ ෆෝන් එකේ වුණත් ඒ ශෙයා කරගන්න ෆොටෝ එක දිගටම තියෙනවට සමහර අය කැමති නැහැ. එහෙම වෙලාවට ෆොටෝ එකක් තමන් ළඟින්ම ආශ්‍රය කරන අය එක්ක ශෙයා කරගන්නත් ඕන, ඒ වගේම ඒක Disappear වෙන්නත් ඕන. මේ ආව ප්‍රශ්නය විසඳන්න ගිහින් තමයි Snapchat කියන Product එක හැදුණේ. මුල්ම අදහස ආවේ තමන්ට තිබුණ ප්‍රශ්නයක් විසඳන්න ඕනකමට වුණත් ඒකම තමයි Startup Idea එකක් විදියට වර්ධනය වුණේ.

02. Follow Your Curiosity

ඔයාට මොනවා හරි දෙයක් ගැන කුතුහලයක් (Curiosity) තියෙනවා නම් ඒ දේවල් හඹාගෙන යන්න. ඒ විදියට තමන්ගේ කුතුහලය නිසා බිහි වුණ දැවැන්ත ව්‍යාපාර තියෙනවා. ඒ ව්‍යාපාරවල Foundersලා ආරම්භක අවස්ථාවෙදි Startup එකක් පටන්ගත්තේ කුතුහලය පසුපස හඹා ගියාට පස්සෙ ඔවුන්ට ලැබුණ ප්‍රතිඵල නිසා. කුතුහලය නිසා බිහි වුණ Startup Idea කීපයක් ගැන දැන් බලමු.

Google Founder Larry Page, Google එක පටන් ගත්තේ ලෝකේ ලොකුම Search Engine එක හදනවා කියලා හිතාගෙන නෙමෙයි. Website ආව මුල් කාලේ ඔහුට ඒ ගැන ලොකු කුතුහලයක් තිබුණා. Website, Web links සහ Algorithms ගැන ඔහුට පුදුම හිතුණා. Larry Page කොහොමත් Codingවලට, ගණිතයට ආසා කළ කෙනෙක්. ඒකත් එක්ක website එකක් පසුපස තියෙන තාක්ෂණය ගැන අධ්‍යයනය කරන්න ඕන කියලා ඔහු හිතුවා. Coding කරමින්, Design කරමින් ඒක අධ්‍යයනය කරගෙන යනකොට තමයි Google එකේ Sample Version එක ඔහු අතින් නිර්මාණය වුණේ. ඉන්පස්සෙ ඔහු හිතුවා Yahoo කියලා එකකුත් තියෙන නිසා මේ හැදුණ Product එක

Share this post: