පුරුදු (Habits) තමයි අපේ හෙට දවස තීරණය කරන්නේ. ඔයාගේ වර්තමාන පුරුදු අනුව ඔයාගේ අනාගතය හැඩ ගැහෙනවා. ඔයා දැකලා ඇති ඉතාම හොඳින් වැඩ කරන මිනිස්සුන්ව. කතාවට අපි කියන්නේ “එයා නම් කඩියා වගේ වැඩ” කියලා. ඒ වගේ කාර්යක්ෂමව වැඩ කරන, ඕනම වැඩක් අපි බලාපොරොත්තු වෙනවාටත් වඩා හොඳින් නිම කරන මේ වගේ පුද්ගලයෝ කොහොම වැඩ කරනවා ද කියලා ඔයාට හිතිලා ඇති. ඒ වගේ පුද්ගලයෝ ඕන තැනක කැපී පේනවා. රැකියාවකදි ඔවුන් හරිම ඉක්මනින් ඉහළට යනවා, ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකයෙක් නම් ඔවුන් ඉතා වේගයෙන් දියුණුව අත් කරගන්නවා.

ඔයත් කැමති ඇති ඔයාගේ ජීවිතේ ඒ වගේ වෙනසක් ඇති කරගන්න. පුරුදු 07කට පුළුවන් ඔයාගේ ජීවිතයත් ඒ විදියට වෙනස් කරන්න. Stephen R Covey විසින් රචිත “07 Habits of Highly Effective People” කියන්නේ ලොව පුරා මිලියන 40කට අධික පිටපත් සංඛ්‍යාවක් අලෙවි වූ, භාෂා රැසකට පරිවර්තනය වූ පොතක්. මේ පොතේ සඳහන් වෙනවා ඉහළ කාර්යක්ෂමතාවක් තියෙන මිනිස්සුන්ගේ පුරුදු මොනවද කියන එක ගැන. අපි බලමු ඔයාගේ ජීවිතේ පැහැදිලි වෙනසක් කරන්න මේ පොත සමත් වෙන්නේ කොහොමද කියලා.

මිනිස්සු එකිනෙකාට වෙනස් වෙන්නේ කොහොමද?

අපි හැමෝම එකිනෙකාට වෙනස්. මේ පොතේ සඳහන් වෙනවා මිනිස්සු වෙනස් වීම අංශ දෙකකින් සිදු වෙනවා කියලා.

01. Character Ethics – චරිතය පිළිබඳ ආචාර ධර්ම

02. Personality Ethics – පෞරුෂය පිළිබඳ ආචාර ධර්ම

01. Character Ethics – චරිතය පිළිබඳ ආචාර ධර්ම

මේකෙන් අදහස් වෙන්නේ පුද්ගලයෙක්ගේ අවංකකම, නිහතමානී බව, ඉවසීම, සරල බව වගේ චරිතය සම්බන්ධ ආචාර ධර්ම ගැන. අපි කියන්නේ සමහර මිනිස්සු ගැන “එයා නම් පුදුම ඉවසීමක් තියෙන කෙනෙක්, එයා හරි සරලයි, කොච්චර ලොකු තනතුරක හිටියත් එයා නම් හරි නිහතමානියි,” වගේ දේවල්. ඒ මේ චරිත ස්වභාවය පදනම් කරගෙන පුද්ගලයෙක් අනිත් අයගෙන් වෙනස් වෙන ආකාරය ගැන තමයි

Share this post: