ඔයාගේ ජීවිතේ වැදගත්කමක්, Priority එකක් දෙන දේවල් ගොඩක් තියෙනවා කියන්නේ වක්‍රාකාරව අදහස් වෙන්නේ ඔයා කිසිම දේකට ප්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ කියන එක. වෙන විදිහකට කියනවා නම් ඔයාගේ ජීවිතේ Focus කරන දේවල් තුනකට වඩා තියෙනවා කියන්නේ ඔයා එකකටවත් හරියට Focus කරන්නේ නැහැ.

ඊළඟ දින 90ක කාලය, ඒ කියන්නේ මාස තුනක කාලය ඇතුළත දවසට පැය දෙක ගාණේ එක වැඩකට ඔයාගේ Focus එක යොමු කරන්න. හරියට කළොත් මේ දින 90ක Formula එක ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් කරන බව විශ්වාසයි. ඔයාට නොදැනිම ඔයාගේ අවධානය මොන තරම් ගිලිහිලා තියෙනවද, මොනවද ඒකට හේතු, කොහොමද නැවත අවධානයෙන් වැඩ කරන්න පුහුණු වෙන්න ඕන කියන එක මේ ලිපිය සම්පූර්ණයෙන් කියවලා ඉවරවෙනකොට ඔයාට තේරුම් ගන්න පුළුවන්.

Broken Focus

විශේෂයෙන් නාගරික ප්‍රදේශවල ජීවත් වෙන පුද්ගලයෝ ඉන්නේ Broken Focus එකකින් කියලා පර්යේෂණවලින් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ බිඳුණු අවධානයකින් තමයි ඔවුන් නිතරම ඉන්නේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් දිනකට 112 වතාවක් පමණ තම ස්මාර්ට්ෆෝන් තිරය දෙස බලන බව සමීක්ෂණ මගින් හෙළිවෙලා තියෙනවා. කිසිම හේතුවක් නැතුව පවා මේ විදියට ජංගම දුරකතනය දිහා බලන්න ගොඩක් දෙනෙක් පුරුදුවෙලා ඉන්නවා. අපේ අවධානය බිඳෙන්න මේකත් එක හේතුවක්. Focus එක අඩුවීම නිසා සමහර වෙලාවට ඔයාට හොඳ අදහසක් තිබුණත් ඒක ක්‍රියාත්මක කරන්න යද්දි ඔයාට ඒක කරන්න අමාරුයි. මොකද එක තැනකට අවධානය යොමු කරන්න ඔයාට නොහැකි නිසා.

සාමාන්‍යයෙන් එක එක පැතිකඩවල්වලට දැනුම විහිදිලා තියෙන මිනිස්සු ඉන්නවා. ඔවුන්ව හඳුන්වන්නේ Multi Branch Intelligence කියලා. මේ වගේ පුද්ගලයෝ වැඩක් කරද්දි එක එක පැතිකඩවලින් හිතනවා. ඒ නිසාම කරන්න උත්සහ කළ දේ හරියට කරන්න ඔවුන්ට නොහැකි වෙනවා.

“හාවුන් දෙදෙනෙකු පසුපස හඹා යන මිනිසෙකුට එක හාවෙකුවත් අල්ලා ගත නොහැක,” කියලා කියමනක් තියෙනවා. මේ කියමනෙන් පැහැදිලි කරන්නේ අවධානය එක තැනක තබා ගැනීමේ වැදගත්කම ගැන. හාවෝ දෙන්නටම අවධානය දෙන්න ගියාම ඔයාගේ අවධානය දෙපැත්තකට යනවා. අවසානයේ ඔයාට එක හාවෙක්වත් අල්ලගන්න වෙන්නේ නැහැ. ඒ වගේම නිකරුණේ ඔයාගේ ශක්තියත් ඒ වෙනුවෙන් වැයවෙලා ඉවරයි.

Laser Sharp Focus

ඔයාට පුළුවන් ද මුහුදෙ වතුර රත් කරන්න? බෑ නේද? ඒත් පොඩි කේතලයක තියෙන වතුර රත් කරන්න පුළුවන් නේද? ඒ වගේ ඔයාගේ

Share this post: