අද ලංකාවේ වැඩියෙන්ම තියෙන ප්‍රශ්නයක් තමයි දේවල් පටන් ගන්නවා, හැබැයි ඉවර කරන්න බෑ. 2000 වර්ෂයේදි කළ පර්යේෂණවලට අනුව, මිනිසෙකුගේ අවධානය තියාගැනීමේ හැකියාවේ සාමාන්‍යය තත්පර 12ක් තරම් අඩු අගයක් වුණා. ඊටත් වර්ෂ 2කට පසුව එම අගය තත්පර 8.25කට වඩා අඩු වෙලා කියලා වාර්තා වුණා. ඔයා මේ ලිපිය කියවලා ඉවර වෙන්න කලින් කී වතාවක් ඔයාගෙ අවධානය phone එකේ notifications බලන්න හෝ වෙනත් දේවල්වලට යොමුවෙයි ද කියලා බලන්න. 

ඔයත් වැඩක් පටන් ගත්තම අවධානය එක තැනක තියාගන්න අපහසු නිසා වැඩක් හරියට ඉවර කරගන්න බැරි කෙනෙක් නම් මේ ලිපිය ඔයාගේ ඒ පුරුද්ද වෙනස් කරන්න උදව් වෙන බව නොඅනුමානයි. Cal Newport විසින් රචිත Deep Work කියන පොත ඇසුරෙන් අපි ඔයාට කියලා දෙන්නම් කොහොමද පටන් ගත්ත වැඩක් හරියට ඉවර කරන්න ඕන කියන එක ගැන.

ඔයා කරන වැඩ කොටස් 2කට බෙදෙනවා.

  1. Shallow Work

Shallow Work නිතරම distractionsවලින් යුක්තයි. ඒ කියන්නේ ඔයා හිතලා, කල්පනා කරලා, අවධානය දීලා කරන වැඩ නෙමෙයි මේ කොටසට අයිති වෙන්නේ. Email check කරන්න, WhatsApp messages බලන්න, Customersලා එක්ක ගනුදෙනු කරන කෙනෙක් නම් ඒ එන මැසේජ්වලට පිළිතුරු දෙන්න වගේ කොයි තරම් අවධානය බිදෙන සුළු පරිසරයක හිටියත් කරන්න පුළුවන් වැඩ තමයි Shallow Work යටතට අයත් වෙන්නේ. ප්‍රශ්නේ කියන්නේ මේ වගේ Shallow Work කරලා වටිනා දේවල් ලෝකෙට කවදාවත් ගේන්න බෑ. ඔයාගේ ජොබ් එකේ ඔයා වැඩිපුරම තියෙන්නේ Shallow Work නම් ඔයාව ලේසියෙන්ම තව කෙනෙක්ට Replace කරන්න පුළුවන්.

  1. Deep Work

අවධානය බිදෙන සුළු දෙයක් නැති පරිසරයක ඉඳලා පූර්ණ අවධානය දෙමින්, හිතලා බලලා කරන්න ඕන වැඩ තමයි මේ කොටසට අයිති වෙන්නේ. ඒ කියන්නේ, උත්සහයක් වැඩිපුර යොදලා, මොළය වෙහෙසලා කරන්න වෙන වැඩ. 

ලෝකයට අලුත් නිර්මාණ, දැවැන්ත ආයතන, ජනප්‍රිය පොත්, නව නිෂ්පාදන වගේ දේවල් බිහි වෙන්නේ Deep Work නිසා. එහෙම හැකියාවක් ඔයාට තියනවා කියන්නේ ඔයාව ලේසියෙන් Replace කරන්න ගොඩක් අමාරුයි. 

උදාහරණයකට බිල් ගේට්ස්, ඊලොන් මස්ක්, හැරී පොටර් කතාමාලාව ලියූ ජේ.කේ. රෝලින් වගේ පුද්ගලයෝ ඔවුන්ගේ විශිෂ්ට නිර්මාණ, අදහස් මේ ලෝකෙට ගෙනාවේ Deep Work mode එකේ ඉන්න අවස්ථාවල. ඔයා ව්‍යවසායකයෙක්, නිර්මාණශීලීත්වය අවශ්‍ය රැකියාවක යෙදෙන්නෙක්, හෝ මොනම දෙයක් හෝ කරද්දි ඔයාට අවධානය එක තැනක රඳවා ගෙන වැඩ කරන්න බැරි නම් ඔයාට මේ ලෝකයට අලුත් දෙයක් හඳුන්වා දෙන්න හැකියාවක් ලැබෙන්නෙත් නැහැ. 

ලෝකයේ රඳා පැවැත්මක් ඇති මිනිස්සු වර්ග 03

මේ පොත කියනවා මේ ලෝකේ යන විදිහ අධ්‍යයනය කරලා හොයාගෙන තියනවා කියලා අනාගතයේදි මිනිස්සු වර්ග තුනක් ඉන්නවා, ඒ වර්ග තුන තමයි ලෝකයත් එක්ක ඉදිරියට යන්නේ කියලා. 

  1. Capital එක තියෙන (සල්ලි තියෙන) මිනිස්සු
  2. Advanced Technologies එක්ක වැඩ කරන්න දන්න මිනිස්සු
  3. Expert-level Professionalsලා

මේ පොතේ සඳහන් වෙන්නේ, ඉහත සඳහන් කළ තුන්වෙනි වර්ගයේ පුද්ගලයෙක් වෙන්නේ කොහොමද කියන එක ගැන. ඒ වර්ගයේ පුද්ගලයෙක් වෙන්න නම් ඔයාට හැකියාවන් දෙකක් තියෙන්න අවශ්‍යයි කියලා පොතේ සඳහන් වෙනවා.

එකක් තමයි අදාළ විෂය ගැන ඔයාට A to Z දැනුමක් තියෙන්න ඕන. අනිත් හැකියාව තමයි ඒ දැනුම Quality product එකක්, service එකක් හෝ විදියට එළියට ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඔයාට තියෙන්න ඕන. 

උදාහරණයකට ඔයා ඊලොන් මස්ක් ගැන හිතන්න. රොකට් සයන්ස් පිළිබඳ ඩිග්‍රි එකක්වත් ඔහුට නැහැ. ඒත් ඔහු ඒ සම්බන්ධ දැනුම ගන්න පුළුවන් පොත්පත් හැම එකක්ම වගේ කියෙව්වා. ඒ දැනුම භාවිත කරලා ඔහු අභ්‍යවකාශයට රොකට් එකක් යවන තැනකට දියුණු වුණා.

Dilma Tea කියන Brand එක ලෝකයට හඳුන්වාදුන් මෙරිල් ජේ. ෆර්නැන්ඩු කියන්නේ අවුරුදු 30ක් තිස්සේ තේ කර්මාන්තය ගැන අධ්‍යයනයක යෙදුණ පුද්ගලයෙක්. ඉන්පස්සේ ඔහු විශිෂ්ට සන්නාමයක් ලෙස ගුණාත්මක නිෂ්පාදනයක් ලොවට හඳුන්වා දෙන්න සමත් වුණා.

Deep Work කිරීමේ ආකාර 04

01. Monastic Style – තමන්ගේ වටපිටාවේ බාධාවන්වලින් සම්පූර්ණයෙන්ම ඉවත්වෙලා, Deep Workවල පමණක් යෙදෙන එක තමයි මේකෙන් අදහස්

Share this post: