ආකර්ෂණීය පෞරුෂයක් තිබෙන පුද්ගලයෙක් දැක්කම අපි ඕනම කෙනෙක්ගෙ හිතේ ඒ පුද්ගලයාව මතකයේ පවා රැඳෙනවා. ඒ වගේම අපිත් ඒ වගේ පෞරුෂයක් හදාගන්න ඕන කියලා හිතෙන අවස්ථා තිබෙනවා. මේ වගේ පෞරුෂයක් “Magnetic Personality” එකක්
කියලා හඳුන්වනවා. ඔයා දැකලා ඇති සමහර පුද්ගලයෝ ඉන්නවා ඔවුන්ව දැක්කම මිනිස්සු කාන්දමක් වගේ ඒ පුද්ගලයාට ඇදෙන්නේ, කැමැත්ත දක්වන්නේ. එවන් පෞරුෂයක් ගොඩනගාගන්න ඔයාටත් හැකියාව තියෙනවා.
විශේෂයෙන්ම ඔයා ව්‍යවසායකයෙක්, කථිකයෙක්, වෘත්තියෙන් ඉහළ නිලයක් දරන කෙනෙක් නම් විතරක් නෙමෙයි, ඔයා කවුරු වුණත් ආකර්ෂණීය හොඳ පෞරුෂයක් තිබෙන එක ඔයාගේ ජීවිතයට ධනාත්මක බලපෑමක් කරනවා. අපි බලමු කොහොමද ආකර්ෂණීය පෞරුෂයක් ගොඩනගාගන්නේ කියලා.
ඔයා සැබැවින්ම සාර්ථකත්වයට පත් වූ පුද්ගලයෙකු විය හැකියි. නමුත් “මම ලොකු කෙනෙක්” කියන හැඟීම අන් අය ඉදිරියේ නිරන්තරයෙන් පෙන්වීම ඔයාගේ ප්‍රතිරූපයට හානිකරයි. “මගේ මාසික ආදායම මිලියන 5යි, මම අවුරුදු 25 වෙනකොට ගෙයක් හැදුවා මගේම සල්ලිවලින්, මම බෙන්ස් එකක් ගත්තා අවුරුදු 25 වෙන්න කලින්, දැන් මට private jet එකකුත් තියෙනවා,” මේ වගේ දේවල් නිතර කියමින් ඒ ගැන පුරසාරම් කියවන්නාක් මෙන් කියන්නට ඔයා හුරුවෙලා ඉන්නවා නම් ඒකෙන් තවත් කෙනෙක් motivate වෙනවාට වඩා ඔබව ඔවුන්ට එපා වෙන එකයි සිද්ධ වෙන්නේ.
ඔයාගේ රැකියා ස්ථානයේ හෝ දන්නා හඳුනන අය අතර හෝ මෙවැනි පුද්ගලයන් මුණගැහිලා ඇති. ඔවුන් ඇත්තෙන්ම සාර්ථක, හොඳ ජීවිතයක් ගත කරන පුද්ගලයන් වුණත් තමන්ගේ සාර්ථකත්වය ගැන අනවශ්‍ය ලෙස කියන නිසාම, ඔයා වුණත් “හැමතිස්සෙම එයාගේ ලොකුකම කියවන්නේ,” යැයි සිතා එවැනි පුද්ගලයන්ට අකමැත්තක් දක්වනවා ඇති.
ඒ නිසා ඔයාගේ සාර්ථකත්වය ගැන කතා කළ යුත්තේ ඒ තුළින් තවත් පුද්ගලයෙකු motivate කිරීමටය. එසේ නැතිව නිතර ඒ ගැන කතා කිරීමෙන් ඔබට තිබෙන ආකර්ෂණය අඩු වී යයි.
ඔයා, කරන හැම වැඩකින්ම ජයග්‍රහණයක් ලබන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඒ ජයග්‍රහණ නිසාම “මම හරි, අනිත් අය වැරදියි” කියන මානසිකත්වයේ ඔයා ඉන්නවා නම් ඒක ඔයාගේ පෞරුෂයට සෘණාත්මක බලපෑමක් ඇති කරනවා. මොකද එහෙම වුණාම වෙනත් කෙනෙක් ඔයාගේ හොඳට දෙන උපදෙසක් වුණත් පිළිගන්න ඔයා කැමති වෙන්නේ නැහැ. ඔයා හිතනවා ඔයා මේ වෙනකම් හැමදෙයක්ම වගේ දිනපු කෙනෙක් නිසා ඔයාට වෙන කෙනෙක්ගේ උපදෙස්වලින් ඇති වැඩක් නැහැ කියලා.
ඔයා ඒ විදියට ජයග්‍රහණ අත්කරගන්න කෙනෙක් නම් ඔයාගේ අතින් වරදක් වෙන්න තියෙන ඉඩකඩත් ගොඩක් වැඩියි. අපි ජීවිතේ ගොඩක් පාඩම් ඉගෙන ගන්නවා අපි කරන වැරදි නිසා. ඔයා නිතරම දිනන කෙනෙක් නිසා ඔයාට වැරදීම් සම්බන්ධ අත්දැකීම් අඩුයි. ඒ නිසාම දවසක ඔයා කරන දෙයක වැරැද්දක් දැකලා ඒක පෙන්වන පුද්ගලයාට පවා ඔයා කියන්නේ “වරදින්න විදියක් නැහැ, මම කරන දේවල් එහෙම වැරදිලා නැහැ” කියලා. මේ වගේ ලක්ෂණ ඔයාගේ ළඟ තියෙනවා නම් මිනිස්සු ඔයාව ප්‍රතික්ෂේප කරනවා.
ඔයා තවත් පුද්ගලයෙක් එක්ක කතා කරන අවස්ථාවල “ඒත්, මම කියන්නේ මේකයි, නැහැ මම අදහස් කළේ ඒක නෙමෙයි, ඔයා ඒ සින්දුව ලස්සනට කිව්වා ඒත්,” වගේ දේවල් “ඒත්, නැහැ” වගේ වචන භාවිත කරලා කතා කරනවා නම් ඒක ඔයාගේ පෞරුෂයට හානි කරනවා. ඔයා දෙයක් කියනකොට “ඒත්, නැහැ” වගේ වචනවලින් පටන් ගන්නකොට අනිත් පුද්ගලයාට දැනෙන්නේ ඔයා ඔහුගේ/ ඇයගේ අදහසට විරුද්ධත්වයක් පෙන්වනවා කියලා. ඒක ඔයා සහ අනිත් පුද්ගලයා අතර සම්බන්ධතාවට හානි කරන්න හේතුවක් වෙනවා.
ඔයා නිතර මේ වගේ වචන පාවිච්චි කරනවා ද කියන එක ගැන මේ මොහොතේ ඉඳලාම අවධානයෙන් ඉන්න. ඔයා එහෙම වචන භාවිත කරනවා නම් ටිකෙන් ටික ඒ වචන ඔයාගේ ශබ්දකෝෂයෙන් ඉවත් කරන්න හුරු වෙන්න. නැත්නම් ඔයා අන් මත නොඉවසන, අනිත් අයගේ අදහස්වලට හැම වෙලාවෙම විරුද්ධ වන චරිතයක් විදියටයි
ආකර්ෂණීය පෞරුෂයක් තිබෙන පුද්ගලයෙක් දැක්කම අපි ඕනම කෙනෙක්ගෙ හිතේ ඒ පුද්ගලයාව මතකයේ පවා රැඳෙනවා. ඒ වගේම අපිත් ඒ වගේ පෞරුෂයක් හදාගන්න ඕන කියලා හිතෙන අවස්ථා තිබෙනවා. මේ වගේ පෞරුෂයක් “Magnetic Personality” එකක්
කියලා හඳුන්වනවා. ඔයා දැකලා ඇති සමහර පුද්ගලයෝ ඉන්නවා ඔවුන්ව දැක්කම මිනිස්සු කාන්දමක් වගේ ඒ පුද්ගලයාට ඇදෙන්නේ, කැමැත්ත දක්වන්නේ. එවන් පෞරුෂයක් ගොඩනගාගන්න ඔයාටත් හැකියාව තියෙනවා.
විශේෂයෙන්ම ඔයා ව්‍යවසායකයෙක්, කථිකයෙක්, වෘත්තියෙන් ඉහළ නිලයක් දරන කෙනෙක් නම් විතරක් නෙමෙයි, ඔයා කවුරු වුණත් ආකර්ෂණීය හොඳ පෞරුෂයක් තිබෙන එක ඔයාගේ ජීවිතයට ධනාත්මක බලපෑමක් කරනවා. අපි බලමු කොහොමද ආකර්ෂණීය පෞරුෂයක් ගොඩනගාගන්නේ කියලා.
01. “මම සාර්ථකයි” යන සිතුවිල්ල අනවශ්‍ය ලෙස ඉස්මතු කර පෙන්වීමෙන් වළකින්න.
ඔයා සැබැවින්ම සාර්ථකත්වයට පත් වූ පුද්ගලයෙකු විය හැකියි. නමුත් “මම ලොකු කෙනෙක්” කියන හැඟීම අන් අය ඉදිරියේ නිරන්තරයෙන් පෙන්වීම ඔයාගේ ප්‍රතිරූපයට හානිකරයි. “මගේ මාසික ආදායම මිලියන 5යි, මම අවුරුදු 25 වෙනකොට ගෙයක් හැදුවා මගේම සල්ලිවලින්, මම බෙන්ස් එකක් ගත්තා අවුරුදු 25 වෙන්න කලින්, දැන් මට private jet එකකුත් තියෙනවා,” මේ වගේ දේවල් නිතර කියමින් ඒ ගැන පුරසාරම් කියවන්නාක් මෙන් කියන්නට ඔයා හුරුවෙලා ඉන්නවා නම් ඒකෙන් තවත් කෙනෙක් motivate වෙනවාට වඩා ඔබව ඔවුන්ට එපා වෙන එකයි සිද්ධ වෙන්නේ.
ඔයාගේ රැකියා ස්ථානයේ හෝ දන්නා හඳුනන අය අතර හෝ මෙවැනි පුද්ගලයන් මුණගැහිලා ඇති. ඔවුන් ඇත්තෙන්ම සාර්ථක, හොඳ ජීවිතයක් ගත කරන පුද්ගලයන් වුණත් තමන්ගේ සාර්ථකත්වය ගැන අනවශ්‍ය ලෙස කියන නිසාම, ඔයා වුණත් “හැමතිස්සෙම එයාගේ ලොකුකම කියවන්නේ,” යැයි සිතා එවැනි පුද්ගලයන්ට අකමැත්තක් දක්වනවා ඇති.
ඒ නිසා ඔයාගේ සාර්ථකත්වය ගැන කතා කළ යුත්තේ ඒ තුළින් තවත් පුද්ගලයෙකු motivate කිරීමටය. එසේ නැතිව නිතර ඒ ගැන කතා කිරීමෙන් ඔබට තිබෙන ආකර්ෂණය අඩු වී යයි.
02. සෑමවිටම ජයග්‍රහණ පසුපස හඹා යමින් ඔබට ලැබෙන ප්‍රතිචාර ප්‍රතික්ෂේප කිරීමෙන් වළකින්න.
ඔයා, කරන හැම වැඩකින්ම ජයග්‍රහණයක් ලබන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඒ ජයග්‍රහණ නිසාම “මම හරි, අනිත් අය වැරදියි” කියන මානසිකත්වයේ ඔයා ඉන්නවා නම් ඒක ඔයාගේ පෞරුෂයට සෘණාත්මක බලපෑමක් ඇති කරනවා. මොකද එහෙම වුණාම වෙනත් කෙනෙක් ඔයාගේ හොඳට දෙන උපදෙසක් වුණත් පිළිගන්න ඔයා කැමති වෙන්නේ නැහැ. ඔයා හිතනවා ඔයා මේ වෙනකම් හැමදෙයක්ම වගේ දිනපු කෙනෙක් නිසා ඔයාට වෙන කෙනෙක්ගේ උපදෙස්වලින් ඇති වැඩක් නැහැ කියලා.
ඔයා ඒ විදියට ජයග්‍රහණ අත්කරගන්න කෙනෙක් නම් ඔයාගේ අතින් වරදක් වෙන්න තියෙන ඉඩකඩත් ගොඩක් වැඩියි. අපි ජීවිතේ ගොඩක් පාඩම් ඉගෙන ගන්නවා අපි කරන වැරදි නිසා. ඔයා නිතරම දිනන කෙනෙක් නිසා ඔයාට වැරදීම් සම්බන්ධ අත්දැකීම් අඩුයි. ඒ නිසාම දවසක ඔයා කරන දෙයක වැරැද්දක් දැකලා ඒක පෙන්වන පුද්ගලයාට පවා ඔයා කියන්නේ “වරදින්න විදියක් නැහැ, මම කරන දේවල් එහෙම වැරදිලා නැහැ” කියලා. මේ වගේ ලක්ෂණ ඔයාගේ ළඟ තියෙනවා නම් මිනිස්සු ඔයාව ප්‍රතික්ෂේප කරනවා.
03. “ඒත්, නැහැ” වගේ වචනවලින් ඔයාගේ කතාව පටන් ගන්න එපා.
ඔයා තවත් පුද්ගලයෙක් එක්ක කතා කරන අවස්ථාවල “ඒත්, මම කියන්නේ මේකයි, නැහැ මම අදහස් කළේ ඒක නෙමෙයි, ඔයා ඒ සින්දුව ලස්සනට කිව්වා ඒත්,” වගේ දේවල් “ඒත්, නැහැ” වගේ වචන භාවිත කරලා කතා කරනවා නම් ඒක ඔයාගේ පෞරුෂයට හානි කරනවා. ඔයා දෙයක් කියනකොට “ඒත්, නැහැ” වගේ වචනවලින් පටන් ගන්නකොට අනිත් පුද්ගලයාට දැනෙන්නේ ඔයා ඔහුගේ/ ඇයගේ අදහසට විරුද්ධත්වයක් පෙන්වනවා කියලා. ඒක ඔයා සහ අනිත් පුද්ගලයා අතර සම්බන්ධතාවට හානි කරන්න හේතුවක් වෙනවා.
ඔයා නිතර මේ වගේ වචන පාවිච්චි කරනවා ද කියන එක ගැන මේ මොහොතේ ඉඳලාම අවධානයෙන් ඉන්න. ඔයා එහෙම වචන භාවිත කරනවා නම් ටිකෙන් ටික ඒ වචන ඔයාගේ ශබ්දකෝෂයෙන් ඉවත් කරන්න හුරු වෙන්න. නැත්නම් ඔයා අන් මත නොඉවසන, අනිත් අයගේ අදහස්වලට හැම වෙලාවෙම විරුද්ධ වන චරිතයක් විදියටයි හැමෝම ඔයාව දකින්නේ.
04. සැමවිටම අන් පුද්ගලයන් විනිශ්චය කිරීමෙන් වළකින්න.
සමහර පුද්ගලයෝ ඉන්නවා තවත් කෙනෙක් කරන ඕනම දෙයක් විනිශ්චය (judge) කරන එක ඔවුන් නිතරම කරනවා. කෙනෙක්ව දැක්කොත් “ඔයා මහත් වෙලානේ, අනේ ඔයා කෙට්ටුවෙලා, මොකද නිකන් ඇදිලා ගිහින්, ඔය ඇඳුමේ පාට ඔයාට Match වෙන්නේ නැහැ, ඔයා මේක කළ විදිය එච්චර හරි නෑ වගේ,” දේවල් කියලා තවත් පුද්ගලයෙක්ව විනිශ්චය කරන මිනිස්සුන්ට කිසි කෙනෙක් කැමති නැහැ. එහෙම අයව මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා.
සමහර වෙලාවට මේ වගේ පුද්ගලයෝ අනිත් කෙනාව විනිශ්චය කරලා තමන්ව උසස් කරලා පෙන්වන්නත් උත්සහ ගන්නවා. “මේ ඔයා හොඳටම මහත්වෙලානේ. මම නම් ඇඟ maintain කරනවා, මහත් වෙන්න දෙන්නේ නැහැ” වගේ කතා ඔයාට ඇහිලා ඇති. මේ විදියට අනිත් පුද්ගලයන්ව විනිශ්චය කරන්න යෑම පෞරුෂයට ඉතාම හානිකර ලෙස බලපානවා.
05. ඔයා කොතරම් බුද්ධිමත් ද, Smart ද යන්න නිතර ඔප්පු කිරීමට උත්සාහ නොකරන්න.
සමහර පුද්ගලයෝ ඉන්නවා ඔවුන් හැම අවස්ථාවකම කැමතියි තමන් මොන තරම් බුද්ධිමත්, දක්ෂ, smart කෙනෙක් ද කියලා ලෝකයට පෙන්නන්න. සැබැවින්ම බුද්ධිමත්, දක්ෂ මිනිස්සු ඒ දේවල් අනවශ්‍ය විදියට පෙන්වන්න උත්සහ කරන්නේ නැහැ.
නිතර තමන්ගේ දක්ෂකම් අනිත් පුද්ගලයන් ඉදිරියේ පෙන්වමින් ඔවුන්ගේ අගය කිරීම් බලාපොරොත්තු වීමෙන් වෙන්නේ හැමෝම ඒ වගේ මිනිස්සුන්ව ප්‍රතික්ෂේප කිරීම. අවධානය ලබා ගන්න, වර්ණනා ලබා ගන්න අනවශ්‍ය විදියට උත්සහ කරන්න එපා. ඔයා නොදන්නවා වුණත් ඒක අනිත් පුද්ගලයන්ට තේරෙනවා. ඒක ඔයාගේ පෞරුෂයට හානිකරයි.
06. තවත් පුද්ගලයෙක් ඔබට සලකන ආකාරය ගැන අවධානයෙන් සිට ඒ ආකාරයෙන්ම අනෙකාට සැලකීමෙන් වළකින්න.
මේකෙදි අදහස් කරන්නේ මේ වගේ දෙයක්. හිතන්න ඔයාගේ ආයතනයේ පුද්ගලයෙක් හෝ ඔයාගේ යාළුවෙක් කුමක් හෝ දෙයකින් ජයග්‍රහණයක් ලැබුවා කියලා. ඔයා ඒ පුද්ගලයාගේ ජයග්‍රහණය අගය කරන්නේ ඔහු/ ඇය ඔයාව අගය කරලා තියෙනවා නම් විතරයි. එහෙම නැත්නම් කෙනෙක්ට උදව්වක් අවශ්‍ය වුණ වෙලාවක ඔයා හිතන්නේ “මම මොකටද උදව් කරන්නේ, එයා මට උදව් කරලත් නෑනේ” කියලා.
මෙන්න මේ වගේ ආකල්පයක ඔයා ඉන්නවා නම් ඒක දැන්ම වෙනස් කරගන්න. මේ පෞරුෂත්ව ගති ලක්ෂණය magnetic personality එක හදාගන්න ගමනේදි ඔයාට බාධකය වෙන බව මතක තබාගන්න.
07. ආරාධනාවකින් තොරව තවත් පුද්ගලයෙකු නිවැරදි කිරීමට නොයන්න.
ඔයා පුද්ගලයෙක් හෝ කිහිපදෙනෙකු සමග කතාබහ කරන මොහොතක වෙනත් කෙනෙක්ව නිවැරදි කරන්න ඉක්මන් වෙන්න එපා. ඒ කතාබහේදී කුමක් හෝ දෙයක් ගැන ඔයාගෙ අදහස් විමසුවෙත් නැති අවස්ථාවක අනාරාධිතව කිසිවක් නිවැරදි කරන්න එපා.
ඔයා ඒ වගේ චරිතයක් නම් මිනිස්සු ඔයාව දැක්කම “අයියෝ අන්න අරයා එනවා, ඉක්මනට යමු. මොකක් හරි වැරැද්දක් කියයි. නැත්නම් මොකක් හරි උපදේශයක් දෙයි” කියලා ඔයාව මගහැරලා යන්න උත්සහ කරනවා.
කෙනෙක්ගේ වැරැද්දක් නිවැරදි කරන එක හොඳ දෙයක් වුණත් අනාරාධිතව මිනිස්සුන්ගේ වැරදි හදන්න යාමෙන් වෙන්නේ ඔයාගේ පෞරුෂයට හානි වීම විතරයි.
08. ස්තුති කළ යුතු අවස්ථාවල එය මගහැරීමෙන් වළකින්න.
ඔයාට තවත් කෙනෙක් උදව්වක් කළොත්, යමක් දුන්නොත් ඒකට ස්තුති කරන්න අමතක කරන්න එපා. ඔයා ස්තුති නොකළොත් අනිත් පුද්ගලයාට හිතෙන්නේ ඔයා කිසිම කෘතඥතාවක් (gratitude) නැති කෙනෙක් කියලා. කළ ගුණ සලකන්නවත් දන්නේ නැති පුද්ගලයෙක් විදියටයි එතකොට ඔයාව සමාජය දකින්නේ.
ඒ නිසා ඔයාට උදව්වක් කරන ඕන කෙනෙක්ට ස්තුති කරන්න අමතක කරන්න එපා. මොකද ඔයාගේ නිහතමානීභාවයට මිනිස්සු කැමතියි.
09. වැරදි වසන් කිරීමට නිදහසට කරුණු ඉදිරිපත් කිරීමෙන් වළකින්න.
ඔයාගේ අතින් වෙන වැරැද්දක් වහගන්න හිතාගෙන ඒකට විවිධ කරුණු ඉදිරිපත් කිරීම පෞරුෂයට දැඩි හානියක් කරනවා. ඔයාගේ අතින් යම් වැරැද්දක් වුණොත් ඒකේ වගකීම භාරගෙන වැරැද්ද පිළිගන්න. එහෙම නොකළ නිදහසට කාරණා කීමෙන් වෙන්නේ ඔයා වැරැද්දක් කළත් පිළිගන්න කැමති නැති පුද්ගලයෙක් විදියට හැමෝම ඔයාව දකින එක.
ඒත් ඔයාගෙන් වෙන වැරැද්දක් පිළිඅරන් ඒකේ වගකීම භාරගන්න ආකාරයේ පෞරුෂයක් ඔයාට තියෙනවා කියන්නේ ඔයා ගැන මිනිස්සු විශ්වාසය පවා තියන්න මැළි වෙන්නේ නැහැ.
10. තවත් පුද්ගලයෙකු කියන වැදගත් දේවලට සවන් නොදී අනවධානයෙන් සිටීමෙන් වළකින්න.
ඔයා ආකර්ෂණීය පෞරුෂයක් නිර්මාණය කරගන්න කැමැත්තෙන් නම් ඉන්නේ හොඳ සවන් දෙන්නෙක් ලෙස ඔයාගේ පෞරුෂය වැඩිදියුණු කරගත යුතුයි. තවත් කෙනෙක් දෙයක් කියද්දි ඕනවට එපාවට අහගෙන ඉන්නවා නම්, ඒ පුද්ගලයාගේ කතාවට ඔයා බාධා කරමින් ඔයාගේ අදහස් ඉදිරිපත් කරනවා නම් ඒක ඔයාගේ පෞරුෂයට හානි කරනවා.
කෙනෙක් ඔයා එක්ක හැඟීම්බරව දෙයක් කියනවා වෙන්න පුළුවන්, දුකෙන් කියනවා වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක ඔයා ඒ පුද්ගලයා කියන වැදගත් දේවල්වලට ඇහුම්කන් නොදුන්නොත් ඒ පුද්ගලයාට ඔයා ගැන ඇති වෙන්නේ කලකිරීමක්, සෘණාත්මක හැඟීමක්.
ඒ නිසා මේ ලක්ෂණය ඔයා ළඟ තියෙනවා නම් මේ මොහොතේ ඉඳලාම ඒක වෙනස් කරගන්න. අනෙකාට බාධා කිරීම්වලින් තොරව හොඳින් සවන් දෙන්න. ඒක ඔයාගේ පෞරුෂය ශක්තිමත් සහ ආකර්ෂණීය කරන්න හේතු වෙනවා.
11. අනිත් පුද්ගලයන්ට ඔයා ගැන තියෙන Perception එක ධනාත්මක එකක් බවට පත් කරගන්න.
ඕන දෙයක් ගැන අපි හිතාගෙන ඉන්න විදියක් තියෙනවා. උදාහරණයක් විදියට හිතන්න ඔයාගේ රැකියාව ගැන ඔයා දකින විදියක් තියෙනවා, ගායකයෙක්, රංගන ශිල්පියෙක්, ශිල්පිනියක්, දේශපාලඥයෙක්, පොතක්, මේ වගේ ඕනම කෙනෙක්, ඕනම දෙයක් ගැන ඔයා දකින විදියක් තියෙනවා. ඒකට තමයි Perception එක කියලා කියන්නේ.
හිතන්න ඔයාගේ යාළුවෙක් ඉන්නවා එයා ගැන ඔයා ඇතුළු ගොඩක් දෙනෙක් හිතන්නේ “අපෝ එයාට නම් ප්‍රශ්නයක් කියලා වැඩක් නෑ, හැමදේම සැහැල්ලුවෙන් හිතන්නේ. අරයට කියලා බලන්න ඕන. එයා නම් හොඳට අහගෙන ඉඳලා solution එකක් දෙනවා” කියන ආකල්පයකින්.
තවත් කෙනෙක් ඉන්නවා එයා ගැන ඔයා හිතන්නේ “ඒ මනුස්සයා නම් මාර දක්ෂයි. දෙන ඕනම වැඩක් හොඳට කරනවා” කියන ආකල්පයකින්. මෙන්න මේ වගේ ඔයා ගැන අනිත් අයට තියෙන Perception එකත් ධනාත්මක එකක් කරගන්න උත්සහ කරන්න.
12. සෑම කතාබහකදීම වටිනාකමක් එකතු කරන්න.
ඔයා පුද්ගලයෙක් මුණගැහුණ අවස්ථාවක් හෝ කණ්ඩායමක් සමග කතාබහ කරමින් ඉන්න අවස්ථාවක් හෝ වෙනත් ඕනෑම කතාබහකදි අනෙකාට වටිනාකමක් දෙන්න. අනෙකාව අගය කරන්න.
ඔයාගේ ආයතනයේ සේවකයෙක් නිම කළ රාජකාරියක් සම්බන්ධයෙන් ඔයාට පුළුවන් “ගොඩක් හොඳයි. හිතුවට වඩා හොඳට වැඩේ කරලා ඔයා, Good job, කලින් එකට වඩා හොඳට කරලා තියෙනවා” වගේ අගය කිරීමක් එකතු කරන්න.
ඔයාට පුද්ගලයෙක් මුණගැහුණ අවස්ථාවක “ඔයාව දකින්න ලැබුණ එකට ගොඩක් සතුටුයි” වගේ ධනාත්මක ප්‍රතිචාරයක් තුළින් එම කතාබහට වටිනාකමක් එක් කරන්නත් ඔයාට පුළුවන්.
ඒ වගේ ඕනම කතාබහකදි ධනාත්මක වටිනාකමක් එක් කරන්න උත්සහ ගන්න. එතකොට ඔයාගේ පෞරුෂය ඔයා හිතනවාටත් වඩා ආකර්ෂණීය වෙනවා. හැම මොහොතෙම තවත් කෙනෙක්ව අගය කරන, වටිනාකමක් දෙන පුද්ගලයන්ට මිනිස්සු කැමතියි. ඒත් මේ දේ බොරුවට කරන්න උත්සහ ගන්න එපා. එහෙම වුණොත් ඒක අනිත් කෙනාට තේරුම් යනවා. ඒකෙන් වෙන්නේ ඔයාගේ පෞරුෂය හානි වෙන එක. ඒ නිසා අවංකවම හැම කතාබහකදීම එයට වටිනාකමක් එක් කරන්න.
මේ කරුණු 12 ගැන අවධානය යොමු කළොත් ඕනම කෙනෙක් ආකර්ෂණය වෙන විදියෙ පෞරුෂයක් ගොඩනගා ගන්න ඔයාට හැකියාව තියෙනවා. ඒකෙන් ඔයාට ලැබෙන වාසි රැසක් තියෙනවා. ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔයාගේ පෞරුෂය නිසාම ඔයාගේ ව්‍යාපාරය වටා එකතු වන පාරිභෝගික පිරිස වැඩි වෙනවා, ඔයා වෘත්තිකයෙක් නම් ඔයාගේ ආයතනයේ අය ඔයා ගැන ධනාත්මක හැඟීමක්, ආකල්පයක් දක්වන නිසා ඔයාට වැඩ කරන්නත් පහසු වෙනවා. ඒ වගේම ඒ පෞරුෂය ඔයාට ඉදිරියට යන්නත්, සාර්ථකත්වයටත් හේතු වෙනවා.
ආකර්ෂණීය පෞරුෂයක් ගොඩනගා ගැනීමේදී වැදගත් දෙයක් තමයි සන්නිවේදනය කියන්නේ. ඔයාට හොඳ සන්නිවේදන හැකියාවක් තියෙනවා නම් ඒක ඔයාගේ පෞරුෂය ධනාත්මක, ආකර්ෂණීය එකක් බවට පත් කරන්න ලොකු හේතුවක්. පහළ Link එකෙන් ඔයාට පුළුවන් Communication Skillsවලට අදාළ වැදගත්ම දේවල් කිහිපයක් ගැන Free Chapters බලලා ඉගෙන ගන්න. ඒ දැනුම ඔයාගේ පෞරුෂය තවත් ආකර්ෂණීය කරන්න සමත් වෙයි.
https://school.lokubusiness.lk/p/communication-masterclass-course?affcode=1420258_ghpjvsre