ඉන්දියාවේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ආනන්ද් මහින්ද්‍රා කියන්නේ, මහින්ද්‍රා සමූහ ආයතනයේ දියුණුව වෙනුවෙන් උපායමාර්ගිකව කටයුතු කළ සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඔහු මහින්ද්‍රා ආයතනයේ තෙවන පරම්පරාවේ ව්‍යාපාරිකයෙක්. ඔහුගේ දූරදර්ශී සැලසුම්, අවදානම් ගැනීමේ හැකියාව හා නවෝත්පාදන චින්තනය මහින්ද්‍රා සමූහයේ සාර්ථකත්වයට හේතු වුණා.
1955 මැයි 1 වැනි දා උපත ලැබූ ආනන්ද් මහින්ද්‍රා ව්‍යාපාරික පවුලකින් පැවත එන්නෙක්. ඔහුගේ සීයා වන ජග්දිෂ් මහින්ද්‍රා තමයි මහින්ද්‍රා සමූහයේ ආරම්භකයා වෙන්නේ. සීයාගෙන් පසු ආනන්ද් මහින්ද්‍රාගේ පියා වන හරිෂ් මහින්ද්‍රා එම සමූහයේ සභාපති ධුරයට පත් වුණා. මේ විදියට තෙවන පරම්පරාවේ ව්‍යාපාරිකයෙක් වුණ ආනන්ද් මහින්ද්‍රා හාවඩ් විශ්වවිද්‍යාලයෙන් චිත්‍රපට නිෂ්පාදනය හා ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ හැදෑරුවා. පසුව Harvard Business School එකෙන් ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ MBA එකක් ද ඔහු ලබා ගන්නට සමත් වුණා.
1970දි ඔහු චිත්‍රපටයක් පවා කළා. ඒ චිත්‍රපටය සඳහා සම්මානයක් දිනාගන්නත් ඔහු සමත් වුණා. නමුත් කුඩා කාලයේ සිටම ව්‍යාපාරික ක්ෂේත්රයට තිබුණ ආසාව නිසා ඔහු තරුණ වයසේදීම සිය පවුලේ ව්‍යාපාරයට එක් වුණා.
සාමාන්‍යයෙන් ඉන්දියානු ජනතාව සමච්චලයට පත් කරන දේවල් ටික කොහොමද skillful talented industries බවට පරිවර්තනය කරන්නේ කියන එක තමයි ඔහුට තිබුණ ආසාව සහ අරමුණ වුණේ.
ආනන්ද් මහින්ද්‍රා 1997දී සමාගමේ කළමණාකාර අධ්යක්ෂවරයා ලෙස මහින්ද්‍රා සමූහයට එක් වූ අතර 2012දී එම ආයතනයේ සභාපති ධුරයට පත් වුණා. ඔහුගේ නායකත්වය යටතේ සමාගමේ කොටස් මිල 213% කින් වර්ධනය කරන්න පවා ඔහු සමත් වුණා. ඉන්දියාවේ පළවෙනි electric vehicle එක පවා හැදුවේ ආනන්ද් මහින්ද්‍රාගේ දැක්ම යටතේ. ආයතනයේ දියුණුව වෙනුවෙන් ඔහු විවිධ ව්‍යාපාරික උපායමාර්ග (Business Strategies) යොදාගත්තා.
ඒ වගේම ගෞතම් අදානි, මුකේෂ් අම්බානි වැනි දැවැන්තයන් සමග කරට කර සටනක යෙදෙන්නත් ව්‍යාපාරිකයෙක් විදියට ආනන්ද් මහින්ද්‍රා සමත් වුණා. ට්‍රැක්ටර් සහ light commercial vehicles සඳහා වෙළඳ පොළ ප්‍රමුඛයා වුණේ පවා මහින්ද්‍රා සමූහය. අපි දැන් බලමු එතරම් සාර්ථකත්වයක් අත් කරගන්න ආනන්ද් මහින්ද්‍රා භාවිත කළ උපායමාර්ග මොනවාද කියලා.

පසුබිම හා අධ්‍යාපනය

මහින්ද්‍රා සමූහයේ දියුණුව වෙනුවෙන් කටයුතු කළ ආකාරය

Diversification Strategy
එකම දෙයකට කොටු වී නොසිට ව්‍යාපාරය විවිධ ක්ෂේත්‍ර කරා ව්‍යාප්ත කරන්න ආනන්ද් මහින්ද්‍රා කටයුතු කළා. මහින්ද්‍රා ආයතනය මෝටර් රථ, ගොවිතැන් යන්ත්‍ර, ගුවන් ගමන්, මූල්‍ය සේවා, තාක්ෂණය, Real estate, වැනි විවිධ ක්ෂේත්රවලට ප්‍රසාරණය කරන්න ඒ අනුව ඔහුට හැකි වුණා. මේ විවිධාංගීකරණ උපායමාර්ගය මහින්ද්‍රා සමූහයේ ව්‍යාපාරික අවධානම අවම කර වැඩි ලාබයක් ලබන්නත් හේතුවක් වුණා.
Right People, Right Time
1993දී Pawan Goenka (Godfather in the automobile industry) මහින්ද්‍රා සමූහයට සම්බන්ධ කරගන්න ආනන්ද් මහින්ද්‍රා කටයුතු කළා. මේක ආයතනයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වුණා. ඔවුන් දෙදෙනා එක්ව seat 10ක් සහිත SUV එකක් නිර්මාණය කරන්න උත්සහ කළා. නමුත් මේකට විශාල මුදලක් වැය වන නිසා එතැන ඔවුන්ට ගැටලුවක් තිබුණා. 1991 දී ඉන්දියාවේ economic liberalization එක නිසා Hyundai, Suzuki, General Motors වගේ automobile sectors බොහොමයක් ප්‍රශ්න රැසකට මුහුණ දුන්නා. Tata සමාගම පවා මේ වෙනකොට දරුණු ලෙස පසුබෑමකට ලක් වුණා.
මේ කාලේදී තමයි Mahindra සමාගම බුද්ධිමත් විදිහට Ford ආයතනයත් එක්ක එකතු වුණේ. ඉන්පස්සේ ඔවුන් මහින්ද්‍රා ට්‍රැක්ටර් එක හඳුන්වා දුන් අතර market share එක 45% අත්පත් කරගන්න ඔවුන් සමත් වුණා.
මේ කාලයේදි Pawan Goenkaගේ යෝජනාවකට අනුව මහින්ද්‍රා සමූහය තවත් ඉදිරියට යන්න සැලසුම් නිර්මාණය කළා. ඔවුන් කල්පනා කළා ඔවුන්ට ආදායම ලැබෙන ප්‍රධාන මාර්ගය මොකක්ද කියන එක ගැන. ඒ අනුව වෙනස් කළ යුතු තැන් මොනවාද කියන එක පවා ඔවුන් විශ්ලේෂණය කළා.
Game-Changing Product Launches
නිවැරදි පුද්ගලයෝ නිවැරදි වෙලාවෙදි තමන්ගේ ආයතනයට බඳවා ගත්ත නිසා ආනන්ද් මහින්ද්‍රා ඇතුළු පිරිසට 2022දී හැකියාව ලැබුණා Game changing product එකක් විදියට Mahindra Scorpio රථය හඳුන්වා දෙන්න. Mahindra සමාගමේ 150%කට වැඩියෙන් revenue generation එකට දායක වුණේ මේ SUV රථය, ඒ වගේම market share එක 55%ක් වුණා. ඉන්දියාවේ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන Rohit Shettyගේ action filmsවලට පවා යොදාගත්තේ Mahindra සමාගමේ මේ Scorpio රථය.
Process Analysis & Standardization
පවන් සහ ආනන්ද් මහින්ද්‍රා එක්ව ආයතනයේ ආදායම් ගෙන එන්න අවශ්‍ය කරන ක්‍රියාවලින් ගැන හොඳින් අධ්‍යයනය කළා. මේ විදියට ව්‍යාපාරය සම්බන්ධව අධ්‍යයනය කිරීම්, විශ්ලේෂණ කිරීම් මහින්ද්‍රා ආයතනයේ ඉදිරි පැවැත්ම තහවුරු කරන්න සමත් වුණා.
ලාභ නොලබන ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කිරීම
ආනන්ද් මහින්ද්රාට තිබුණ විශේෂ හැකියාවක් තමයි ලාභ නොලබන ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීමේ හැකියාව. ඒ සම්බන්ධයෙන් ඔහුට මනා දැනුමක් තිබුණා. Satyam, Kinetic, BSA cycle, Gujarat tractor, Punjab tractor වැනි ලාභ නොලබන ආයතන කිහිපයක්ම ආනන්ද් මහින්ද්‍රාගේ දක්ෂතාව නිසා ලාභ ලබන ආයතන බවට පත් කරන්න හැකි වුණා.
ඔහු දැක්කා ඒ ආයතනවල man power එක හොඳට භාවිත කළත් තාක්ෂණය සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණා කියන එක. ඔහු ඇහුම්කන් දුන්නේ ඉන්දියාවේ gossip වලට නෙමෙයි. ආනන්ද් ඇහුම්කම් දුන්නේ එයාගේ gut feeling එකට. ඔහු Satyam company එක මිලට ගත්තා. Ssangyong කියන කොරියානු ආයතනයේ තාක්ෂණය සම්බන්ධව විශ්ලේෂණය කරලා innovations සිදු කළා. මේ විදියට ලාභ නොලබන, කඩා වැටෙන ආයතන මිලට අරන් ඒවා ලාභ ලබන තැනට පත් කරන්න ආනන්ද් මහින්ද්‍රාගේ දුරදක්නා නුවණට හැකි වුණා.
මේ වගේ උපායමාර්ග මගින් ඔහු මහින්ද්‍රා සමූහ ව්‍යාපාරය හොඳ තැනකට ගේන්න කටයුතු කළා. ඔහු ඕපාදූපවලට මුල්තැනක් නොදෙන inspiration එකට මුල්තැනක් දෙන පුද්ගලයෙක්. ඔහුගේ සමාජ මාධ්‍ය භවිතය තුළින් පවා වෙනත් පුද්ගලයන්ව inspire කරන්නයි ඔහු උත්සහ කරන්නේ. ආනන්ද් මහින්ද්‍රා කියන්නේ දක්ෂතා තියෙන මිනිස්සු හඳුනාගෙන ඔවුන්ව අගය කරන පුද්ගලයෙක්. ඔහු Personal Brand එකක් බවට පත් වෙන්නත් ඔහුගේ මේ උපායමාර්ගික දැනුම සහ ගතිගුණ හේතු වුණා.
ඔයා ව්‍යවසායකයෙක්, ව්‍යාපාරිකයෙක් නම් ඔයාගේ ආයතනයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරද්දි විවිධාංගීකරණය, නවෝත්පාදන කෙරෙහි උනන්දු වෙන්න. විශ්ලේෂණ කරන්න. නිවැරදි පුද්ගලයෝ ආයතනයට බඳවාගෙන ඔවුන්ගේ දැනුමෙන්, හැකියාවෙන් නිසි ප්‍රයෝජන ගන්න.
ඔයාට ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් වගේම Personal Brand එකක් නිර්මාණය කරගන්නත් අවශ්‍ය වෙන දැනුම, කුසලතා වර්ධනය කරගන්න Loku Business අපි අවස්ථා රැසක් නිර්මාණය කරලා තියෙනවා. පහළ තියෙන Link එකට ගිහින් ඔයාට පුළුවන් ඔයාගේ සාර්ථකත්වයට අවශ්‍ය දැනුම ලබාගන්න.
https://school.lokubusiness.lk