ව්‍යාපාරයක අත්‍යවශ්‍යම අංගයක් තමයි පාරිභෝගික තෘප්තිමත්භාවය (Customer Satisfaction) කියන්නේ. ඒත් ඔයා දන්නවා ද ඔයා අලෙවි කරන නිෂ්පාදනය හෝ සේවාව ගැන ඔයාගේ පාරිභෝගිකයෝ ඇත්තටම සෑහීමකට පත් වෙලා ද කියන එක? ඔයාට හිතෙයි මගේ Customersලා හොඳට හිනාවෙලා, සල්ලි ගෙවලානේ යන්නේ කියලා. ඒත් ඇත්තටම පාරිභෝගිකයෙක් තෘප්තිමත් ද කියන එක අපි කාටවත් ඒ විදියට තීරණය කරන්න බැහැ.

ඒ වගේම පාරිභෝගිකයෝ ඔයාට ඉන්නවනේ, ඒ නිසා බිස්නස් එකට ප්‍රශ්නයක් නැහැ කියලා Customer Satisfaction එක ගැන නොසලකා හැරලා ඔයා වැඩ කළොත් ඒක ව්‍යාපාරයේ අනාගතයට අහිතකර බලපෑමක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ ව්‍යාපාරය මොකක් වුණත් පාරිභෝගිකයෝ ඇත්තටම තෘප්තිමත් ද නැද්ද කියන එක නිර්ණය කරගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඔයාගේ ව්‍යාපාරය වැඩිදියුණු කරගන්න අවස්ථාව හිමි වෙන්නේ ඔයා ඒ Customer Satisfaction එක හරියට මැනගත්තොත් විතරයි.

පාරිභෝගික තෘප්තිමත්භාවය මනින ප්‍රායෝගික ක්‍රමය – Net Promoter Score (NPS)

NPS කියන්නේ, ලොව පිළිගත් පාරිභෝගික තෘප්තිමත්භාවය මනින මිනුමක්. සරලවම කිව්වොත්, කෙනෙක් ඔයාගේ නිෂ්පාදනය හෝ සේවාව තවත් කෙනෙක්ට නිර්දේශ (recommend) කිරීමේ හැකියාව 1-10 අතර scale එකකින් මනින ක්‍රමවේදයක් කියලා හඳුන්වන්න පුළුවන්. 

“ඔබ අපේ නිෂ්පාදනය/ සේවාව අන් අයට නිර්දේශ කරන්න තිබෙන සම්භාවිතාව කොපමණද?” මේ වගේ සරල ප්‍රශ්නයක් පාරිභෝගිකයන්ට යොමු කරලා 1ත් 10ත් අතර වටිනාකමක් මගින් ප්‍රශ්නයට පිළිතුර ලබා ගන්න ඔයාට පුළුවන්.

මේ ප්‍රශ්නය පාරිභෝගිකයන්ට Google Form එකක් හදලා හෝ print out එකක් අරන් යොමු කරන්න ඔයාට හැකියාව තියෙනවා. නැත්නම් WhatsApp / FB Page එක හරහා හෝ ඔයාට මේ ප්‍රශ්නය පාරිභෝගිකයන්ට යොමු කරලා පිළිතුරු ලබාගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට පුළුවන්

Share this post: