Freelancer කෙනෙක් විදියට වැඩ කරන ඔයා මේ වෙනකොටත් ඔයාගේ පෞද්ගලික නිදහස, මූල්‍යමය නිදහස භුක්ති විඳිමින් ඔයාගේ වෘත්තිය කරන පුද්ගලයෙක්. ඔයා graphic designing, web development, content writing, video editing, coding, 3D modeling, voice over, teaching වගේ මොන ක්ෂේත්‍රයකින් Freelancing කළත් ඒ අලෙවි කරන්නේ ඔයාගේ හැකියාව. මේ හැකියාවෙන් ඔයා හරියට වැඩක් ගන්නවා කියලා ඔයාට විශ්වාස ද? හොඳ හැකියාවක් තියාගෙන දිගටම Freelancing කරන්න ද ඔයා හිතාගෙන ඉන්නේ? Loku Business අපි Freelancer කෙනෙක් වුණ ඔයාට අලුත් පාරක් පෙන්නන්නයි මේ සූදානම. ඔයාගේ මූල්‍ය තත්ත්වය තවත් ඉහළට ඔසවන්න පුළුවන් මාර්ගයක් ගැන මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන්.

Freelancer කෙනෙක් කියන්නේ දැනටමත් ඔයා දන්නවා කොහොමද ඒකෙන් මුදල් උපයන්න ඕන කියන එක. ඒත් Clientsලාගෙන් සල්ලි ලැබෙන්න පරක්කු වෙන එක වගේ ප්‍රශ්න එක්ක ඔයාගේ ආදායම වුණත් ස්ථිර නැහැ. ඒ වගේම සමහර අවස්ථාවල මුකුත්ම වැඩක් නොලැබී යන්නත් පුළුවන්. ඒ නිසා ඔයාගේ හැකියාව ධන නිධානයක් බවට පත්කරගන්න ඔයාට ව්‍යවසායකයෙක් වෙන්න අවස්ථාව තියෙනවා. Freelancer කෙනෙක් වුණ ඔයා Entrepreneur කෙනෙක් වෙන්න උත්සහ කළොත් ඔයාගේ ජීවිතයේ ලොකු වෙනසක් කරගන්න ඔයාට පුළුවන්. අපි දැන් බලමු කොහොමද ඒක කරන්නේ කියලා.

Freelancing සහ Entrepreneurship අතර වෙනස

Freelancing

  • වැඩක් ලැබුණහොත් පමණක් ඒ වෙනුවෙන් මුදලක් ලැබේ.
  • ලැබෙන වැඩක් කිරීම සඳහා ඔබ සිටිය යුතු අතර එම රාජකාරිය වෙනත් අයෙකුට භාර දීමට නොහැකි තත්ත්වයක් තිබුණහොත් ආදායම අහිමි වේ.
  • ආදායම ස්ථාවර නැත.
  • ඔබගේ කාලය, ශක්තිය
Share this post: