1965 වගේ කාලය වෙනකොට මුඩුක්කු රටක් කියලා හඳුන්වපු තිබුණ සිංගප්පූරුව දැවැන්ත වර්ධනයක් කරා ගෙන ගොස් දියුණු රටක් බවට පත් කරන්නට ලී ක්වාන් යූගේ (Lee Kuan Yew) නායකත්වයට හැකි වුණා.

තවත් විස්තර ඇතිව කිව්වොත් දූෂණය, වංචාව පිරුණ රටක් වුණ සිංගප්පූරුව දූෂණය, වංචාව අවම රටවල් අතර ඉදිරියට ගේන්නත්, ලෝකයේ ආරක්ෂාකාරීම රටවල් අතර ඉදිරි පෙළ තැනක් ගන්නත්, නවෝත්පාදන සිදු කරන රටවල් අතර ඉදිරියට ගේන්නත්, ආසියාවේ හොඳම අධ්‍යාපනය සහිත රට සහ වැඩිම විදේශ ආයෝජන එන රටවල්වලින් එකක් බවට සිංගප්පූරුව ඉහළට ඔසවා තබන්නත් ලී ක්වාන් යූට හැකි වුණා.

1965 වර්ෂයේදි ඔහු සිංගප්පූරුවේ අගමැතිවරයා ලෙස පත් වන විට එරට ජනගහනයෙන් 5%කට විතරයි නිවාසයක් තිබුණේ. ඔහුගේ නායකත්වය යටතේ රටේ ජනගහනයෙන් 95%කට නිවාස තිබෙන තත්ත්වයකට රට දියුණු වුණා. ඒ වගේම 1965දී එරට ඒක පුද්ගල ආදායම ඩොලර් 300ක අගයක පැවතුණේ. එය විශාල ලෙස ඉහළ නංවන්නත්, විදුලිය, ජලය, සන්නිවේදන පහසුකම් වැනි යටිතල පහසුකම් වර්ධනය කරන්නත් ඔහුගේ මග පෙන්වීම වැදගත් වුණා.

සිංගප්පූරුව මැලේසියාවේ කොටසක් කරන්න ගිය වෑයම

ආසියාවේ දුප්පත්ම රට බවට පත්වෙලා තිබුණ සිංගප්පූරුව මොන තරම් අසරණ තත්ත්වයක තිබුණා ද කියනවා නම් එක් වරක් සිංගප්පූරුව මැලේසියාව සමග සම්බන්ධ කරලා මැලේසියාවේ රටක් බවට පත් කරන්න සිද්ධ වුණා.

ඒත් වැඩි කල් යන්න කලින් මැලේසියාවෙන් සිංගප්පූරුව පන්නලා දැම්මා. මේකත් එක්ක සිංගප්පූරුව කබලෙන් ලිපට වැටුණා වගේ වුණා. තනියම නැගී සිටින්න උත්සහ දරනවා හැරෙන්න ඔවුන්ට වෙන විකල්පයක් තිබුණේ නැහැ.

එහෙම අසරණ වුණ රට ලී ක්වාන් යූ විසින් මේ විදියට දියුණු කළේ කොහොමද කියන එක ඔයාගේ දැක්ම, ඔයා සිතන විදිය වෙනස් කරගන්නත්, ඔයාගේ නායකත්ව ගුණාංග වර්ධනය කරගන්නත් උපකාරී වෙයි. අපි බලමු ඔහු ඒ සිංගප්පූරුවේ දියුණුව වෙනුවෙන් කටයුතු කළේ කොහොමද කියලා.

සිංගප්පූරුව දියුණු කරන්න ලී ක්වාන් යූට අදහස ආව හැටි

ලී ක්වාන් යූ තම වැඩිදුර අධ්‍යාපනය සඳහා එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ කාලයේදී ඔහු පත්තර අලෙවි කරන යන්ත්‍රයක් දුටුවා. එහි පත්තර විකුණන්නට කිසිවෙකු සිටියේ නැහැ. මිනිසුන්ට තමන් විසින්ම මුදල් දමා පත්තර රැගෙන යාමට හැකියාව තිබුණා.

විකුණන්නට කිසිවෙකු නොසිටියත් මිනිසුන් අවංකව අදාළ මුදල් දමා පත්තර රැගෙන යන ආකාරය දැකලා ලී ක්වාන් යූ පුදුමයට පත් වුණා. එදා තමයි ඔහුට අදහසක් පහළ වුණේ සහ අධිෂ්ඨානයක් ඇති වුණේ “මගේ රටේ මිනිසුන්ටත් මේ වටිනාකම් කවදා හෝ ඇති කළ යුතුයි” කියලා.

බ්‍රිතාන්‍යයන්ටත් සිංගප්පූරුව එපා වෙයි

සිංගප්පූරුව අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටි බව දුටු එවකට රට පාලනය කළ බ්‍රිතාන්‍යයන්, මෙය නැවත ගොඩනැගීමට නොහැකි බව සිතා රටින් යාමට සූදානම් වුණා. නමුත් ලී ක්වාන් යූ ඔවුන්ගෙන් ඉල්ලා සිටියා දැන්ම රටින් නොයා සිටින ලෙස. “දැන්ම යන්න එපා. ඔබලා සිටියා වගේ තව අවුරුදු දහයක් ඉන්න. මොකද ඔබලා සිටින නිසා තමයි අපිට පොඩ්ඩක් හෝ රැකියා තිබෙන්නේ. පොඩ්ඩක් හෝ ආර්ථිකයේ යමක් සිදුවන්නේ. ඒ නිසා

Share this post: