“ඔයාගේ ජීවිතය වෙනස් කරන්න අවශ්‍ය නම්, ඔයා ඔයාගේ ප්රමුඛතාවයන් වෙනස් කළ යුතුයි.” ඔයාගේ ජීවිතයේ නියම වෙනසක් දකින්න නම් මුලින්ම ඔයාගේ ප්රමුඛතාවයන් මොනවද කියලා තීරණය කරන්න ඕන. ඔයාගේ ප්රමුඛතාවයන් පෙළගස්වාගෙන කාලය කළමනාකරණය කරගෙන ඒ සියලු කටයුතු කරන්න ඔයාට හැකියාව තියෙනවා නම් ඊයේ සහ අද දවස්වලට වඩා ඔයාගෙ හෙට දවස පැහැදිලිවම වෙනස් දවසක් බවට පත් කරගන්න පුළුවන්.
බොහෝ දෙනෙක්ට කාලය කළමනාකරණය කරගෙන වැඩ කරන එක අපහසුයි. ඒත් කාලය නිවැරදිව කළමනාකරණය කරගැනීම සඳහා විවිධ ක්‍රමවේද තිබෙනවා. මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන් ලෝකයේ ප්‍රබල නායකයින් ඔවුන්ගේ කාලය කළමනාකරණය කරන්න භාවිත කළ ලෝක ප්‍රකට උපක්‍රම හයක් ගැන. නරේන්ද්‍ර මෝදි, මන්මෝහන් සිං, රජීව් ගාන්ධි, ඉන්දිරා ගාන්ධි වැනි නායකයෝ පවා භාවිත කළ මේ උපක්‍රම 06 මොනවාද කියලා දැන් බලමු.
ඔයා වැඩක් කරනකොට “සමානාත්මතාවය” (Equality) කියන දේ ඔයාගේ මනසෙන් ඉවත් කළ යුතුයි. ඊට වඩා ඔයා හිතන්න ඕනේ දේ තමයි ඒ රාජකාරිය මොන තරම් සාධාරණ ද කියන එක.
උදාහරණයක් ලෙස, ඔයාට තිබෙන ඉහළ ප්‍රතිඵල දෙන වැඩ කෙරෙහි අවධානය යොමු කරන්න. ඒ ඒ කාර්යට අදාළ බලපෑම මනින ආකාර කීපයක් තියෙන්න පුළුවන්. ආදායම (Revenue), වියදම (Cost), එහෙම නැත්නම් ප්‍රමාණය (Quantity), කාලය (Time) වගේ විවිධ මිනුම් දඬුවලින් ඔයාට අදාළ කාර්යයේ සාර්ථක, අසාර්ථකභාවය මනින්න පුළුවන්.
තව දෙයක් තමයි කාර්යබහුලත්වය ඔයාට බොරු ජයග්‍රාහී හැඟීමක් ලබා දෙනවා. ඔයාට වැඩ ගොඩක් තියෙනවා නම් ඔයාට දැනෙනවා ඔයා දැන් වැඩ ගොඩක් කරනවා ඔයා යම් ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා කියලා හැඟීමක්.
මේ හැමදෙයක්ම අතරේ ඔයා තීරණය කරන්න ඕන මොනවද ඔයාගේ වැඩ කටයුතු අතරින් ප්‍රමුඛතාව වැඩියෙන් දෙන්න ඕන ඒවා කියලා. සමහර පුද්ගලයෝ හිතනවා තමන්ට දවසක් ඇතුළත කරන්න කාර්යන් 10ක් තියෙනවා නම් ඒ 10ටම සමානව කාලය වෙන් කරන්න ඕන කියලා. ඒත් ඇත්තටම ඔයා කරන්න ඕන ඒ කාර්යන් 10 අතරින් ප්‍රමුඛතාව ලබා දිය යුතු පිළිවෙළක් සකසාගෙන ඒ අනුව වැඩ කරන එක. ඔයා හැම වැඩකටම එක සමාන කාලයක් වැය කළොත් ඔයාගෙන් ඒ දවස ඇතුළත සම්පූර්ණ විය යුතු කාර්ය හරියට සිද්ධ වෙන එකක් නැති වෙන්න පුළුවන්. සමානාත්මතාව වැරදි සංකල්පයක් කියලා සඳහන් කළ හේතුව දැන් ඔයාට පැහැදිලි ඇති.
ඒ නිසා ප්‍රමුඛතාව ලබා දිය යුතු දෙයට ප්‍රමුඛතාව ලබා දෙන්න.
මින් අදහස් වන්නේ, මේ දැන්ම සිදුවිය යුතු, වඩාත්ම වැදගත්, කාර්යන්. මේ කාර්යන් හෙට හෝ වෙනත් දවසක කරනවා යැයි කල් දැමිය නොහැකි ඒවාය.
මෙම කාර්යන් මේ මොහොතේ හදිසියේ කළ යුතු ඒවා නොවන නමුත් වැදගත් කාර්යන් වේ. එම නිසා එම කාර්යන් පසුව හෝ කළ යුතු ඒවා ලෙස හැඳින්විය හැක.
මෙයින් අදහස් වෙන්නේ ඔයා විසින්ම කළ යුතු නැති කාර්යන් ගැන. හිතන්න ඔයාට යම් කාර්යක් පැවරෙනවා. ඒත් ඒක කරන්න ඔයාම අවශ්‍ය නැහැ. මේ වගේ මොහොතක ඔයාට හැකියාව තියෙන්න ඕන ඒ සඳහා ඔයාට හැකියාවක් නැහැ, ඔයාට ඒක කරන්න බැහැ
“ඔයාගේ ජීවිතය වෙනස් කරන්න අවශ්‍ය නම්, ඔයා ඔයාගේ ප්රමුඛතාවයන් වෙනස් කළ යුතුයි.” ඔයාගේ ජීවිතයේ නියම වෙනසක් දකින්න නම් මුලින්ම ඔයාගේ ප්රමුඛතාවයන් මොනවද කියලා තීරණය කරන්න ඕන. ඔයාගේ ප්රමුඛතාවයන් පෙළගස්වාගෙන කාලය කළමනාකරණය කරගෙන ඒ සියලු කටයුතු කරන්න ඔයාට හැකියාව තියෙනවා නම් ඊයේ සහ අද දවස්වලට වඩා ඔයාගෙ හෙට දවස පැහැදිලිවම වෙනස් දවසක් බවට පත් කරගන්න පුළුවන්.
බොහෝ දෙනෙක්ට කාලය කළමනාකරණය කරගෙන වැඩ කරන එක අපහසුයි. ඒත් කාලය නිවැරදිව කළමනාකරණය කරගැනීම සඳහා විවිධ ක්‍රමවේද තිබෙනවා. මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන් ලෝකයේ ප්‍රබල නායකයින් ඔවුන්ගේ කාලය කළමනාකරණය කරන්න භාවිත කළ ලෝක ප්‍රකට උපක්‍රම හයක් ගැන. නරේන්ද්‍ර මෝදි, මන්මෝහන් සිං, රජීව් ගාන්ධි, ඉන්දිරා ගාන්ධි වැනි නායකයෝ පවා භාවිත කළ මේ උපක්‍රම 06 මොනවාද කියලා දැන් බලමු.
01. සමානාත්මතාවය යනු වැරදි සංකල්පයකි (Equality is the Wrong Concept)
ඔයා වැඩක් කරනකොට “සමානාත්මතාවය” (Equality) කියන දේ ඔයාගේ මනසෙන් ඉවත් කළ යුතුයි. ඊට වඩා ඔයා හිතන්න ඕනේ දේ තමයි ඒ රාජකාරිය මොන තරම් සාධාරණ ද කියන එක.
උදාහරණයක් ලෙස, ඔයාට තිබෙන ඉහළ ප්‍රතිඵල දෙන වැඩ කෙරෙහි අවධානය යොමු කරන්න. ඒ ඒ කාර්යට අදාළ බලපෑම මනින ආකාර කීපයක් තියෙන්න පුළුවන්. ආදායම (Revenue), වියදම (Cost), එහෙම නැත්නම් ප්‍රමාණය (Quantity), කාලය (Time) වගේ විවිධ මිනුම් දඬුවලින් ඔයාට අදාළ කාර්යයේ සාර්ථක, අසාර්ථකභාවය මනින්න පුළුවන්.
තව දෙයක් තමයි කාර්යබහුලත්වය ඔයාට බොරු ජයග්‍රාහී හැඟීමක් ලබා දෙනවා. ඔයාට වැඩ ගොඩක් තියෙනවා නම් ඔයාට දැනෙනවා ඔයා දැන් වැඩ ගොඩක් කරනවා ඔයා යම් ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා කියලා හැඟීමක්.
මේ හැමදෙයක්ම අතරේ ඔයා තීරණය කරන්න ඕන මොනවද ඔයාගේ වැඩ කටයුතු අතරින් ප්‍රමුඛතාව වැඩියෙන් දෙන්න ඕන ඒවා කියලා. සමහර පුද්ගලයෝ හිතනවා තමන්ට දවසක් ඇතුළත කරන්න කාර්යන් 10ක් තියෙනවා නම් ඒ 10ටම සමානව කාලය වෙන් කරන්න ඕන කියලා. ඒත් ඇත්තටම ඔයා කරන්න ඕන ඒ කාර්යන් 10 අතරින් ප්‍රමුඛතාව ලබා දිය යුතු පිළිවෙළක් සකසාගෙන ඒ අනුව වැඩ කරන එක. ඔයා හැම වැඩකටම එක සමාන කාලයක් වැය කළොත් ඔයාගෙන් ඒ දවස ඇතුළත සම්පූර්ණ විය යුතු කාර්ය හරියට සිද්ධ වෙන එකක් නැති වෙන්න පුළුවන්. සමානාත්මතාව වැරදි සංකල්පයක් කියලා සඳහන් කළ හේතුව දැන් ඔයාට පැහැදිලි ඇති.
ඒ නිසා ප්‍රමුඛතාව ලබා දිය යුතු දෙයට ප්‍රමුඛතාව ලබා දෙන්න.
02. 4D උපායමාර්ගය (4D Strategy)
D අකුරු හතරකින් පටන් ගන්න වචන 04ක් තමයි මේ උපායමාර්ගයට ඇතුළත් වෙන්නේ.
- Do Now: දැන්ම කළ යුතු අමාරුම සහ වැදගත්ම කාර්ය (task)
මින් අදහස් වන්නේ, මේ දැන්ම සිදුවිය යුතු, වඩාත්ම වැදගත්, කාර්යන්. මේ කාර්යන් හෙට හෝ වෙනත් දවසක කරනවා යැයි කල් දැමිය නොහැකි ඒවාය.
- Defer: දැන්ම කළ යුතු නැහැ, හැබැයි පසුව කළ යුතු වැදගත් කාර්ය
මෙම කාර්යන් මේ මොහොතේ හදිසියේ කළ යුතු ඒවා නොවන නමුත් වැදගත් කාර්යන් වේ. එම නිසා එම කාර්යන් පසුව හෝ කළ යුතු ඒවා ලෙස හැඳින්විය හැක.
- Delete: වැඩක් නැති, වටිනාකමක් නැති කාර්ය
මෙයින් අදහස් වෙන්නේ ඔයා විසින්ම කළ යුතු නැති කාර්යන් ගැන. හිතන්න ඔයාට යම් කාර්යක් පැවරෙනවා. ඒත් ඒක කරන්න ඔයාම අවශ්‍ය නැහැ. මේ වගේ මොහොතක ඔයාට හැකියාව තියෙන්න ඕන ඒ සඳහා ඔයාට හැකියාවක් නැහැ, ඔයාට ඒක කරන්න බැහැ කියන එක ප්‍රකාශ කරන්න.
- Delegate: වෙන කෙනෙක්ට පවරන්න පුළුවන් කාර්ය
තවත් සමහර කාර්යන් තිබෙනවා ඔයා විසින්ම නොකළා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාට ඒ වගේ දෙයක් වෙන කෙනෙක්ට පවරන්න පුළුවන්. ඔයා ඒ කාර්ය වෙනුවෙන් කාලය වෙන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
මේ 4D උපායමාර්ගය ඔයාගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන විට භාවිත කරන්න.
03. මොස්කව් ක්‍රමය (Moscow Method)
මේ ක්‍රමයේදී ඔයාගේ ප්‍රමුඛතාව දිය යුතු කාර්යන් සම්බන්ධයෙන් වැදගත් වන වචන කිහිපයක් යටතේ සලකා බැලීමක් කෙරෙනවා.
M – Must Do: අනිවාර්යෙන්ම කළ යුතු කාර්යන්
මේ කාර්යන් ඔයාට නොකර ඉන්න බැහැ. ඒ වගේම මෙහෙම කරමු, හෙට කරමු වගේ කතාබහ කරලා වෙනස් කරගන්නත් බැහැ. ඔයා අනිවාර්යෙන්ම කළ යුතු කාර්යන් තමයි මේ යටතට අයත් වෙන්නේ.
S – Should Do: දැන්ම නෙමෙයි, නමුත් කළ යුතු කාර්යන්
මෙයින් අදහස් වෙන්නේ මේ මොහොතේම කළ යුතු නොවුණත් ඔයා විසින් කාලය වෙන් කරලා පසුව කළ යුතු කාර්යන්. ඒ කියන්නේ ඔයාගේ “To Do List” එකට දාලා තියාගෙන කළ යුතු කාර්යන්.
C – Could Do: කළ හැකි කාර්යන්
මේ යටතට අදාළ වෙන්නේ, විකල්පයක් විදියට ඔයාට කැමති නම් කරන්න පුළුවන් කාර්යන්. ඔයා අකමැති නම් ඒ කාර්යන් නොකර ඉන්නත් ඔයාට හැකියාව තිබෙනවා. ඔයා අනිවාර්යෙන්ම ඒ සඳහා කාලය වෙන් කළ යුතුයි කියලා එකක් මෙවැනි කාර්යන්වලදි නැහැ.
W – Want To Do: කරන්න අවශ්‍යයි කියා සිතෙන කාර්යන්
මේ කාර්යන් ඔයාට කිසිවෙකු විසින් පවරා තිබෙන කාර්යන් නෙමෙයි. නමුත් ඔයාට අත්හදාබැලීමක් විදියට හෝ කරන්න අවශ්‍යයි කියලා හිතෙන කාර්යන් තමයි Want To Do යටතේ කතා කරන්නේ. මේ කාර්යන් ඔයාට කිසිවෙකු විසින් පැවරුවේ නැති කාර්යන් වුණත් ඒවා කරන එකෙන් ඔයාගේ හැකියාවන් වර්ධනය වෙනවා වගේම අනිත් අය ඔයාව වර්ණනා කරන්න පටන් ගන්නවා.
W – Won’t Do: කාලය වෙන් නොකළ යුතු කාර්යන්
මේ කාර්යන් ඔයාට නොකර ඉන්න පුළුවන් දේවල්. මේ වෙනුවෙන් ඔයා කාලය වෙන් කළ යුතු නැහැ.
මේ Moscow Method එකට අනුව ඔයාගේ වැඩ කටයුතුවල ප්‍රමුඛතා පිළිවෙළ සකසා ගන්න ඔයාට පුළුවන්. කරන්න ඕන මොනවාද, නැත්තේ මොනවාද කියන එකත් ඔයාට තීරණය කරන්න පුළුවන්. එතකොට ඔයාට ඒ අනුව කාලය වෙන් කරන්න හැකියාව ලැබෙනවා.
04. Eat That Frog Technique
ඔයාට මේ Technique එකේ නම කියෙව්ව ගමන් මොකක්ද මේ කියන්නේ කියලා හිතෙන්න ඇති. ගෙම්බෙක් කන Technique එක මොකක්ද සහ ඒකෙන් කොහොමද ඔයාගේ කාලය කළමනාකරණය කරගන්නේ කියලා ඔයාට හිතෙයි.
මේ උපක්රමයේදි අදහස් කරන්නේ ඔයාට තියෙන වැඩ කටයුතු අතරින් අමාරුම දේ, අභියෝගාත්මක දේ මුලින්ම කරන්න කියලා. හිතන්න ඔයාට කවුරු හරි ගෙම්බෙක් ගෙනැත් දීලා කන්න කිව්වොත් ඒක කරන්න අමාරු වැඩක්නේ. ඒ වගේ ඔයාගේ කාර්යන් අතරින් අමාරුම දේ දවසේ අනිත් කාර්යන් කරන්න කලින් කරන්න කියන එකයි මේ ක්රමයේ අදහස වෙන්නේ.
බොහෝ දෙනෙක් ලේසියෙන් කරන්න පුළුවන් වැඩ ඉවර කරලා අමාරුම දේ අවසානයේ කරන්න තියාගන්නවා. නමුත් Eat That Frog Technique එකේදි කියන්නේ ඔයා මුලින්ම අමාරුම දේ කළොත් ඔයාට ඉතිරි කාර්යන් කරන්නත් ඒකෙන් ජවයක් ලැබෙනවා කියලා.
මෙතැනදි ඔයා අනිවාර්යෙන්ම ඒ අමාරු කාර්ය ඉවර කරන්න ඕන මේ වෙලාවටයි කියලා වෙලාවක් තියාගන්න. “දවල් 12 වෙනකොට මේ වැඩේ ඉවර කරනවා,” වගේ ඔයාම වෙලාවක් තියාගෙන ඒ වෙලාව වෙනකොට අදාළ වැඩේ ඉවර කරන්න. ඉන්පස්සෙ ඔයාට පුළුවන් අනිත් වැදගත් කාර්යන්වලට ප්‍රමුඛතාව අනුව කාලය වෙන් කරන්න.
05. MIT Method
MIT එහෙම නැත්නම් Most Important Task කියලා කියන්නේ ඔයාට තියෙන විවිධ කාර්යන් අතරින් වැදගත්ම කාර්ය. මේ ක්‍රමයේදි ඔයාට හැකියාවක් තියෙන්න ඕන මොකක්ද වඩාත් වැදගත්ම කාර්ය කියන එක හඳුනගන්න.
ඔයාට කරන්න වැඩ කොච්චර තිබුණත් වඩා වැදගත් දේ මොකක්ද ඒක වෙනුවෙන් කාලය වැය කරලා මුලින් ඒක කරන්න. ඉන්පස්සෙ ඔයාට කරන්න ඉතිරි වෙන්නේ වැදගත්කමින් අඩු කාර්යන්.
06. ABCDE Technique
A – Significant Consequences: මෙයින් අදහස් වෙන්නේ වඩාත් වැදගත් කාර්යන්. ඒ කියන්නේ ප්‍රමුඛත්වය අතින් ඉදිරියෙන්ම තිබෙන කාර්යන්. මෙය ධනාත්මක ප්‍රතිලාභයක් (benefit) ලැබෙන කාර්යක් විදියටත් හඳුන්වන්න පුළුවන්.
B – Mildly Negative Consequence: මෙය සෘණාත්මක ප්‍රතිලාභයක් තිබෙන කාර්යක් විදියට හඳුන්වන්න පුළුවන්.
C – No Penalty: මෙයින් අදහස් වෙන්නේ කළත්, නොකළත් ප්‍රශ්නයක් නැති කාර්යන්. ඒ කියන්නේ ඔයා ඒක නොකළා කියලා ඔයාට දඬුවමක් ලැබෙන්නේ නැහැ කියන අදහසයි එතැන තියෙන්නේ.
දැන් මේ විදියට A, B සහ C හඳුනාගත්තට පස්සේ ඔයාට පුළුවන් D සහ E කියන පියවර දෙක ගැන සලකා බලන්න.
D – Delegate: ඉහතින් සඳහන් කළ වඩා වැදගත් සහ ධනාත්මක ප්‍රතිලාභයක් ලැබෙන කාර්ය, සෘණාත්මක ප්‍රතිලාභයක් ලැබෙන කාර්ය හා C ලෙස හැඳින්වූ කළත් නොකළත් ගැටලුවක් නැති කාර්ය යන සියලු කාර්යන් හඳුනාගත් පසුව මේ පියවරේදි ඔයාට තීරණය කරන්න පුළුවන් අදාළ කාර්ය වෙන පුද්ගලයෙකුට පවරනවා ද නැද්ද කියන කාරණය.
වෙනත් පුද්ගලයෙක්ට අදාළ කාර්ය භාර දීමට පෙර ඔයා A, B, සහ C කොටස් තුනට අදාළව කාර්යන් නිවැරදිව හඳුනාගැනීම අනිවාර්යෙන් කළ යුතු වෙනවා.
E – Eliminate: ඔයා A, B, සහ C ලෙස වර්ගීකරණය කළ කාර්යන් අතරින් වෙනත් කෙනෙක්ට භාර දීමට හෝ ඔයා විසින්ම සිදු කිරීමට හෝ වටින්නේ නැති කාර්යන් නොකර සිටීමට තීරණය කරන්න පුළුවන් කියන එකයි Eliminate කියන පියවරේදී අදහස් වෙන්නේ.
දැන් ඔයා කාලය කළමනාකරණය කරමින් වැඩ කරන්න අවශ්‍ය ක්‍රම 06ක් ගැන දන්නවා. ගොඩක් දෙනෙක් තමන්ගේ ඉලක්කවලට යන්නේ නැති හේතුව තමයි ඔවුන් කාලය වැය කරන්නේ පළමුවෙන්ම කළ යුතු දෙයට නෙමෙයි. ඔවුන් කාලය වැය කරන්නේ දෙවනුව කල යුතු දේවල් සඳහායි. ඔයා වුණත් පළමුවෙන් කළ යුතු කාර්ය වෙනුවට දෙවනුව කළ යුතු වැඩ කටයුතුවලට කාලය යොදවනවා නම් ඔයාට ඉදිරියට යාමට කිසිම උත්තේජනයක් ලැබෙන එකක් නැහැ.
අනිත් දේ තමයි සමහර පුද්ගලයෝ කිසිසේත්ම කළ යුතු නොවූ දෙයක් ඉතා හොඳින් සිදු කරනවා. එයින් සිදු වෙන්නේ කාලය නාස්ති කිරීමක් පමණයි. ඔයා ප්‍රමුඛතාව දිය යුතු නැති, වෙන කෙනෙක්ට භාර දීමට වටින්නෙත් නැති කාර්යක් වැඩි කාලයක් යොදවලා හොඳින් කළා කියලා ඔයාට ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ප්‍රමුඛතාව දිය යුතු වැදගත්ම දෙයකට ඒ කාලය යොදවන්න.
ඔයාගේ එදිනෙදා දින චර්යාවට මේ කාල කාල කළමනාකරන උපක්‍රම 06 භාවිත කරන්න පුළුවන්. ඔයාට පැය 24ක් මදි කියලා හිතෙන වෙලාවල් තියෙන්න ඇති. ඒකට හේතුව ඔයාට වැඩ වැඩියි කියන එකම නෙමෙයි. ඔයා කාලය කළමනාකරණය කරගෙන වැඩ කරන විදියට හුරුවෙලා නැති වීම. කාල කළමනාකරණය කරගෙන ඔයාගේ ඉලක්කවලට යන්නේ කොහොමද කියලා දැනුම ලබා ගන්න පහළ Link එකට ගිහින් Free Chapters බලන්න.
https://school.lokubusiness.lk/p/time-management-course1?affcode=1420258_ghpjvsre