ඕනම වැඩක් ගොඩක් දක්ෂ විදියට හොඳට කරන්න හැකියාව තියෙන පුද්ගලයන්ව ඔයා දැකලා ඇති. හරියටම කිව්වොත් “එයා නම් වැඩ්ඩෙක්” කියලා හිතෙන විදියේ පුද්ගලයෝ ඔයා දන්නවා ඇති. වෙන කෙනෙක් දිහා බලලා “එයා නම් වැඩ්ඩෙක්” කියලා හිතන අතරේ ඔයත් ‘වැඩ්ඩෙක්’ වෙන්න ඕන කියලා හිතිලා තියෙනවා ද?
එහෙම හිතුණත් තාම ඔයා එදා හිටිය තැනම නම් ඉන්නේ මේ මොහොතේ ඉඳලා වෙනස් වෙන්න. ඔයාගේ ක්ෂේත්රයේ ප්‍රවීණයෙක් බවට ඔයාව පත් කරගන්නේ කොහොමද කියන එක ගැන ලියවුණ පොතක් තියෙනවා. ඒ තමයි Robert Greene විසින් රචනා කරලා තියෙන Mastery කියන පොත. පුද්ගලයෙක් තමන්ගේ ක්ෂේත්රයේ ප්‍රවීණයෙක් බවට පත් වෙන්න පසු කළ යුතු ක්‍රමවේදය මේ පොතේ අවධි 03ක් යටතේ සඳහන් වෙනවා.
ප්‍රවීණත්වය කියන්නේ ගමනාන්නතය නෙමෙයි. ඒක ඔයා අඛණ්ඩව යා යුතු ගමනක්. උදාහරණයක් විදියට හිතන්න ඔයාට රැකියාවේ උසස් වීමක් ලැබුණා කියලා. එතකොට ඔයාට හිතෙන්න පුළුවන් “මේක තමයි මගේ target එක වුණේ. දැන් මම ඒකට ඇවිත් තියෙන්නේ. එච්චරයි ඕන,” කියලා. ඒත් එතැනින් ඔයාගේ ගමන ඉවර වෙන්නේ නැහැ.
දැන් අපි බලමු ඔයාට අදාළ ක්ෂේත්රයේ ප්‍රවීණයෙක්, එහෙම නැත්නම් ඒ ක්ෂේත්රය සම්බන්ධ හොඳ දැනුමක්, පළපුරුද්දක්, අත්දැකීමක්, තියෙන කෙනෙක් වෙන්න ඔයා අනුගමනය කරන්න ඕන අවධි 03 මොනවා ද කියලා.
පළවෙනි අවධිය තමයි Apprenticeship කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයා ඉන්නේ ආධුනික අවධියක. විශේෂයෙන්ම ඔයා රැකියාවක් මුලින්ම පටන්ගන්නකොට Intern period එකක් පහු කරන්න ඕන. ඒ රැකියාවට අදාළ කාර්යන් (tasks) මොනවද කියලා ඔයාට සියයට සියයක් දැනුම ඒ වෙනකොට නැහැ.
ඕනම වැඩක් ගොඩක් දක්ෂ විදියට හොඳට කරන්න හැකියාව තියෙන පුද්ගලයන්ව ඔයා දැකලා ඇති. හරියටම කිව්වොත් “එයා නම් වැඩ්ඩෙක්” කියලා හිතෙන විදියේ පුද්ගලයෝ ඔයා දන්නවා ඇති. වෙන කෙනෙක් දිහා බලලා “එයා නම් වැඩ්ඩෙක්” කියලා හිතන අතරේ ඔයත් ‘වැඩ්ඩෙක්’ වෙන්න ඕන කියලා හිතිලා තියෙනවා ද?
එහෙම හිතුණත් තාම ඔයා එදා හිටිය තැනම නම් ඉන්නේ මේ මොහොතේ ඉඳලා වෙනස් වෙන්න. ඔයාගේ ක්ෂේත්රයේ ප්‍රවීණයෙක් බවට ඔයාව පත් කරගන්නේ කොහොමද කියන එක ගැන ලියවුණ පොතක් තියෙනවා. ඒ තමයි Robert Greene විසින් රචනා කරලා තියෙන Mastery කියන පොත. පුද්ගලයෙක් තමන්ගේ ක්ෂේත්රයේ ප්‍රවීණයෙක් බවට පත් වෙන්න පසු කළ යුතු ක්‍රමවේදය මේ පොතේ අවධි 03ක් යටතේ සඳහන් වෙනවා.
ප්‍රවීණත්වය කියන්නේ ගමනාන්නතය නෙමෙයි. ඒක ඔයා අඛණ්ඩව යා යුතු ගමනක්. උදාහරණයක් විදියට හිතන්න ඔයාට රැකියාවේ උසස් වීමක් ලැබුණා කියලා. එතකොට ඔයාට හිතෙන්න පුළුවන් “මේක තමයි මගේ target එක වුණේ. දැන් මම ඒකට ඇවිත් තියෙන්නේ. එච්චරයි ඕන,” කියලා. ඒත් එතැනින් ඔයාගේ ගමන ඉවර වෙන්නේ නැහැ.
දැන් අපි බලමු ඔයාට අදාළ ක්ෂේත්රයේ ප්‍රවීණයෙක්, එහෙම නැත්නම් ඒ ක්ෂේත්රය සම්බන්ධ හොඳ දැනුමක්, පළපුරුද්දක්, අත්දැකීමක්, තියෙන කෙනෙක් වෙන්න ඔයා අනුගමනය කරන්න ඕන අවධි 03 මොනවා ද කියලා.
01. Apprenticeship (ආධුනිකත්ව අවධිය)
පළවෙනි අවධිය තමයි Apprenticeship කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයා ඉන්නේ ආධුනික අවධියක. විශේෂයෙන්ම ඔයා රැකියාවක් මුලින්ම පටන්ගන්නකොට Intern period එකක් පහු කරන්න ඕන. ඒ රැකියාවට අදාළ කාර්යන් (tasks) මොනවද කියලා ඔයාට සියයට සියයක් දැනුම ඒ වෙනකොට නැහැ. ඒ කියන්නේ ඒ කාර්ය කරලා ඔයාට පළපුරුද්දක් නැහැ. ඔය වගේ කාලයක් ගත කරගෙන යනවා නම් ඔයා ඉන්නේ ආධුනිකත්ව අවධියේ.
එතැනදී ඔයාට මුහුණ දෙන්න වෙන අත්දැකීම් ගොඩක් තියෙනවා, අභියෝග ගොඩක් තියෙනවා, ඉගෙන ගන්න ඕනේ දේවල් ගොඩක් තියෙනවා, අනුගමනය කරන්න ඕනේ ක්‍රියා පටිපාටි (procedures), ගොඩක් තියෙනවා. ඔයා මේ යන ගමනේ අඩිතාලම (foundation) නිර්මාණය වෙන්නේ මේ අවධියේදියි.
02. Creative Active
ඔයා ආධුනිකත්ව අවධියේදී අත්දැකීම් අරගෙන රැකියාවක් කරනවා නම් ඔයා පුහුණු කාලයක් (training, internship) පහුකරලා අවසන්. ඒ නිසා දැන් ඔයාට සමස්තයක් ලෙස රැකියාවේ කාර්යභාරය ගැන හොඳ අදහසක් තියෙනවා. ඔයා ඒ දන්න දේවල් එකිනෙකට සම්බන්ධ කරන්න උත්සහ ගන්නේ මේ දෙවනි අවධියේදි.
උදාහරණයක් විදියට රැකියාවකදි ඔයාට එකම වැඩක් විතරක් නෙමෙයි කරන්න තියෙන්නේ. ඔයාගේ ප්‍රධානියා එක වෙලාවකට ඔයාට එක වැඩක් කියයි, තව වෙලාවකට තව වැඩක් කියයි. ඔයා මේ කියන වැඩ එකිනෙක අතරේ සම්බන්ධයක් දන්නේ නැත්නම් ප්‍රමුඛතාව (Priority) දෙන්න ඕන පිළිවෙළ ඔයාට අවබෝධ කරගන්න අපහසුයි.
නමුත් කාලයක් යනකොට වැඩ ටික කරන්න ඕනේ පිළිවෙල මොකක්ද, මුලින්ම කරන්න ඕන වැදගත්ම වැඩ මොනවාද කියලා ඔයාට අදහසක් ලැබෙනවා. ඒ වැඩ එකිනෙක කරගෙන යන්න ඕන ක්‍රියාපටිපාටිය (procedure) මොකක්ද කියලා ඔයා හඳුනාගන්නේ මේ කාලසීමාවෙදි.
ඔයා ආධුනිකත්ව අවධියේ දාගත්ත අඩිතාලම මේ සඳහා ගොඩක් වැදගත් වෙනවා වගේම Creative Active කියන අවධියේදී ඔයා දේවල් සම්බන්ධ කරගන්නා ආකාරය, රටාව හඳුනාගන්නා ආකාරය, ප්‍රමුඛතා හඳුනාගන්නා ආකාරය අතිශය වැදගත් වෙනවා.
නමුත් මේ අවධියේදි ඔයාට ගැටලු රාශියක් මතු වෙන්න පුළුවන්. මුලින්ම ඔයාට ඔයාගේ වැඩ එකිනෙක සම්බන්ධ වෙන ආකාරය හිතාගන්න අමාරු වෙන්න පුළුවන්, පිළිවෙළක් සහ ප්‍රමුඛතාව දිය යුතු වැඩ හඳුනාගන්න අපහසු වෙන්න පුළුවන්. ඔයාට හැමදේම තනියම කරන්න අමාරුයි, ඒ නිසා උපදේශකයෙකුගේ (mentor) සහය අවශ්‍යයි කියලා ඔයාට හිතෙයි. මේ පොතේ සඳහන් වෙනවා ඒ වගේ අවස්ථාවක ගැළපෙන උපදේශකයෙක් තෝරගන්නේ කොහොමද, ඔහු/ ඇය සමග සම්බන්න්ධතාවක් ගොඩනගාගන්නේ කොහොමද, සාර්ථක ප්‍රතිඵල උපදේශනයෙන් ලබා ගන්නේ කොහොමද වගේ ප්‍රශ්න ඔයාට එන්නේ මේ අවධියේදි කියලා.
03. Mastery (ප්‍රවීණත්වය)
ඔයා දැන් ආධුනික අවධියත් පසුකරලා, ඊළඟ අවධියේදි ප්‍රශ්න හඳුනාගෙන, ක්‍රියාපටිපාටි හඳුනාගෙන, ප්රමුඛතාවයන් හඳුනාගෙන අවසන්. ඒ වගේම ඔයාට ගැළපෙන උපදේශකයෙක් හොයාගෙන Mastery කියන තුන්වෙනි අවධියට ඔයා දැන් ඇවිත් ඉන්නේ. Mastery කියන්නේ ගමනාන්තයක් නෙමෙයි, අඛණ්ඩ ගමනක් කියලා මේ ලිපිය ආරම්භයේ සඳහන් වුණා.
දැන් ඔයාට මේ තුන්වන අවධියේදි අලුත් දේවල් අත්හදා බලන්න, නිර්මාණාත්මක දේවල් කරන්න හැකියාව ලැබෙනවා. ඔයා දන්න දේවල්, ඔයාගේ හැකියාවන් උපයෝගී කරගෙන අලුත් නිර්මාණ බිහි කරන්න වගේම පුද්ගල සම්බන්ධතා පවත්වාගැනීමේ හැකියාවන් වැඩිදියුණු කරගැනීම ප්‍රවීණත්වයට පත් වීම සඳහා අත්‍යවශ්‍ය වෙනවා.
ඔයා මේ ලිපියෙන් කෙටියෙන් දැනගත්තා ඔයාගේ ක්ෂේත්රයේ ප්‍රවීණයෙක් වෙන්න පසු කළ යුතු අවධි 03 ගැන. ඔයාව ප්‍රවීණයෙක් බවට පත් කරගන්න කැමැත්තෙන් ඉන්නවා නම් මිනිස්සුන්ව තේරුම් ගැනීමේ හැකියාව ඔයා හොඳින් වර්ධනය කරගන්න ඕන. ඒක කරන්නේ කොහොමද කියලා දැනගන්න පහළ තියෙන Link එකට යන්න.
https://school.lokubusiness.lk/p/mastery-video-book?affcode=1420258_ghpjvsre