මධ්‍යම පන්තිය එහෙම නැත්නම් Middle Class කියන වචනය ඇහෙනකොට ඔයාට මොකද හිතෙන්නේ? මාසෙ අන්තිමට සල්ලි ප්‍රශ්න, කෑමක් හදන්න දෙපාරක් තුන්පාරක් හිතන එක, සුඛෝපභෝගී (luxury) බ්‍රෑන්ඩ් ගැන හිතද්දිත් ලොකු ප්‍රශ්නයක් විදියට පේන එක, කොහේ හරි ඇවිදින්න යන්න හිතුණත් සල්ලි නැති නිසා යන්න බැරිකම වගේ දේවල් ඔයාට මතක් වෙනවා ද? මේ හැමදේටම හේතුව ඔයාගේ වත්කම් හෝ මුදල් නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ හැසිරීම්වල.

මේ මධ්‍යම පාන්තික හැසිරීම කියන්නේ පිළිකාවක් වගේ දෙයක්. මේ පිළිකාව පවුලක් ගත්තොත් ඒ පවුලේ දරුවන්ට, දෙමාපියන්ට, සීයා, ආච්චි ඇතුළු හැමෝටම පැතිරෙන්න පුළුවන්. මේ පිළිකාවෙන් සුව වෙන්න වැඩිපුර සල්ලි ලැබුණා කියලා විතරක් මදි. මොකද මේක හැසිරීමක්, පුරුද්දක්, ජීවන රටාවක්. මේකෙන් ඔයා එළියට එන්න ඕන.

ඔයාව මධ්‍යම පාන්තික හැසිරීම්වලට හිරකරලා තියන උගුල් 05ක් ගැන මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන්. මේ ලිපිය කියෙව්වාට පස්සේ වෙන මොහොතක් අරගෙන හිතන්න, කොළයක් අරගෙන ලියන්න. මේ උගුලෙන් ඔයාව විතරක් නෙවෙයි, ඊළඟ පරම්පරාවත් බේරගන්න ඔයාට පුළුවන්.

01. සුඛෝපභෝගී ජීවිතය ගැන උගුල

ඔයාට යම් ආදායමක් එන්න තියෙනවා නම්, ඔයා මුලින්ම කල්පනා කරන්නේ ඊළඟට ගන්න සුඛෝපභෝගී දේ (luxury) මොකක්ද කියලා. නමුත් තාම ඔයාට සල්ලි අතට ලැබිලත් නැහැ. හැබැයි ඔයා දැනටමත් අලුත් ජංගම දුරකතනයක්, අලුත්ම ලැප්ටොප් එකක්, මිල අධික සපත්තු හෝ ඇඳුම් ගන්න ඕන කියලා හිතනවා. සමහරවිට ඔයාට දැනටමත් මිල අධික බ්‍රෑන්ඩ් එකක ෆෝන් එකක් ඇති. ඒත් එන්න තියෙන සල්ලි ගැන හිතාගෙන, ඔයා ඊළඟට එන අලුත් ෆෝන් එක ගැනත් හිතනවා.

මේ උගුලෙන් මිදෙන්න අවශ්‍ය නම් මේ ගැන දෙවරක් හිතන්න. මොකද මේ මධ්‍යම පන්තියෙන් එළියට ආවා කියලා දැනගන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් තමයි ඔයාගේ ආදායම ඉහළ යන එක. එහෙම නැත්නම් තියෙන මුදල් ප්‍රමාණයෙන් තවත් මුදල් ඇති කරන එක. මේ දෙකම කරන්න බැහැ ඔයා ඉන්නේ මධ්‍යම පාන්තිකයන්ව හිර කරන උගුලකට අහුවෙලා නම්.

සුඛෝපභෝගී නිෂ්පාදන දවසින් දවස වෙළඳ පොළට එකතු වෙනවා. එතකොට ඔයා මේ උගුලෙන් කවදාවත් ගැලවෙන්නේ නැහැ. ඒ නිසා අනවශ්‍ය විදියට මුදල් නාස්ති කරගන්න කලින් දෙවරක් හිතන්න.

02. ඉතිරි කිරීමේ උගුල

ඉතිරි කරනවා කියලා බොහෝ දෙනෙක් කරන්නේ ස්ථාවර තැන්පතුවක් (FD) දාන එක. FD එකක් දැම්මාම පොලියක් ලැබෙනවා. ප්‍රශ්නේ ඒක නෙවෙයි. ප්‍රශ්නේ තමයි

Share this post: