Boss vs Leader කියන මාතෘකාව ගැන අද කාලයේ සමාජ මාධ්‍යවල වුණත් අපිට දකින්න ලැබෙනවා. Boss කෙනෙක් විදියට වැඩ කරන කෙනෙක් සහ නායකයෙක් කියන්නේ හාත්පසින්ම වෙනස් ගතිගුණ සහිත දෙන්නෙක්. නායකයෙකු යටතේ රාජකාරි කරන එක පහසුයි. ඒත් Boss කෙනෙක් එක්ක වැඩ කරන එක හරිම අමාරුයි. හැම ආයතන ප්‍රධානියෙක්ම Boss කෙනෙක් කියලා හැඳින්වුවත් මේ නායකත්ව ලක්ෂණ එක්ක Boss සහ Leader කියන වෙනස හොඳින් පේන්න තිබෙනවා.
ආයතනයක ප්‍රධානියෙක් සහ සේවකයෙක් අතර සම්බන්ධතාව ඇතුළෙ ගැටලු ගණනාවක් අපිට දකින්න ලැබෙනවා. වරක් Forbes කළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා ආයතනවලින් ඉවත් වුණ සේවකයන්ගෙන් 50%ක්ම ඉවත්වෙලා තිබෙන්නේ තමන්ගේ ප්‍රධානියා සමග වැඩ කරන්න අපහසු නිසා කියලා. ඔයාටත් ඒ සම්බන්ධ අත්දැකීම් තියෙන්න පුළුවන්.
එතකොට කොහොමද මේ ප්‍රධානියා සහ සේවකයා අතර සම්බන්ධතාව හරියට හදා ගන්නේ කියලා ඔයාටත් ප්‍රශ්නයක් ඇති. අපි මේ ලිපියෙන් බලමු කොහොමද වැඩ කරන්න අමාරු ප්‍රධානියෙක් (Difficult Boss) සමග ශක්තිමත් සම්බන්ධයක් ගොඩනගාගන්නේ කියලා.
ඔයාගේ ප්‍රධානියා සමග සේවකයෙකු ලෙස ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩනගා ගන්න Connect, Convey සහ Convince කියන ක්‍රමවේදය භාවිත කරන්න පුළුවන්. අපි බලමු මොනවද මේ C අකුරෙන් පටන් ගන්න වචන තුනෙන් කියවෙන්නේ කියලා.
බොහොමයක් ආයතනවල සේවකයා සහ ප්‍රධානියා අතර සම්බන්ධය ඉතාම දුර්වලයි. එවන් අවස්ථාවක ඔයා යම් ගැටලුවක් සම්බන්ධයෙන් නිවැරදි වුණත් ප්‍රධානියා සමග ඔයාගේ සම්බන්ධතාවයේ දුර්වල බව නිසාම ඔහු/ ඇය ඔයාට ඇහුම්කන් දෙන්න උනන්දු වෙන්නේ නැහැ. ඒ නිසා හොඳ සම්බන්ධතාවක් හදාගන්න එක, ඵලදායී සන්නිවේදනය සහ ඒත්තු ගැන්වීම ගැන අවධානය යොමු කරන්න.
ඔයාගේ ප්‍රධානියාගේ අවශ්‍යතා, වුවමනා සහ ඔහු/ ඇය සැලකිලිමත් වන දේවල් මොනවද කියන එක ගැන දැනගන්න. ඔයා ආයතනයක වැඩ කරනවා නම් සේවකයෙක් විදිහට ඔයාගේ වර්ධනය (growth), ඔයාගේ ප්‍රධානියාගේ වර්ධනයත් එක්ක බැඳිලා තිබෙනවා. ඒ සඳහා තමයි ඔයා ප්‍රධානියාගේ NIC එක මොකක්ද කියලා දැනගන්න එක වැදගත් වෙන්නේ.
මෙහෙම හිතන්න, ඔයාගේ ප්‍රධානියා ගොඩ ගියොත්, ඔයාටත් ගොඩ යන්න අවස්ථාවක් තියෙනවා. NIC එක තේරුම් ගන්න හොඳම දෙය තමයි ප්‍රධානියාගේ ප්‍රමුඛතා (top 3 priorities), ප්‍රධාන ඉලක්ක (top
Boss vs Leader කියන මාතෘකාව ගැන අද කාලයේ සමාජ මාධ්‍යවල වුණත් අපිට දකින්න ලැබෙනවා. Boss කෙනෙක් විදියට වැඩ කරන කෙනෙක් සහ නායකයෙක් කියන්නේ හාත්පසින්ම වෙනස් ගතිගුණ සහිත දෙන්නෙක්. නායකයෙකු යටතේ රාජකාරි කරන එක පහසුයි. ඒත් Boss කෙනෙක් එක්ක වැඩ කරන එක හරිම අමාරුයි. හැම ආයතන ප්‍රධානියෙක්ම Boss කෙනෙක් කියලා හැඳින්වුවත් මේ නායකත්ව ලක්ෂණ එක්ක Boss සහ Leader කියන වෙනස හොඳින් පේන්න තිබෙනවා.
ආයතනයක ප්‍රධානියෙක් සහ සේවකයෙක් අතර සම්බන්ධතාව ඇතුළෙ ගැටලු ගණනාවක් අපිට දකින්න ලැබෙනවා. වරක් Forbes කළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා ආයතනවලින් ඉවත් වුණ සේවකයන්ගෙන් 50%ක්ම ඉවත්වෙලා තිබෙන්නේ තමන්ගේ ප්‍රධානියා සමග වැඩ කරන්න අපහසු නිසා කියලා. ඔයාටත් ඒ සම්බන්ධ අත්දැකීම් තියෙන්න පුළුවන්.
එතකොට කොහොමද මේ ප්‍රධානියා සහ සේවකයා අතර සම්බන්ධතාව හරියට හදා ගන්නේ කියලා ඔයාටත් ප්‍රශ්නයක් ඇති. අපි මේ ලිපියෙන් බලමු කොහොමද වැඩ කරන්න අමාරු ප්‍රධානියෙක් (Difficult Boss) සමග ශක්තිමත් සම්බන්ධයක් ගොඩනගාගන්නේ කියලා.
Three C’s
ඔයාගේ ප්‍රධානියා සමග සේවකයෙකු ලෙස ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩනගා ගන්න Connect, Convey සහ Convince කියන ක්‍රමවේදය භාවිත කරන්න පුළුවන්. අපි බලමු මොනවද මේ C අකුරෙන් පටන් ගන්න වචන තුනෙන් කියවෙන්නේ කියලා.
Connect: මෙයින් අදහස් වන්නේ සම්බන්ධ වීම ගැන. ඒ කියන්නේ ඔයාගේ ප්‍රධානියා සමග ඔයාට හොඳ සම්බන්ධතාවක් මුලින්ම තියෙන්න ඕන. ඒ සම්බන්ධතාවයේ බැඳීම වැඩි වෙන තරමට තමයි අනිත් හැමදේම පහසුවෙන් කරන්න හැකියාව ලැබෙන්නේ. ඔයා සහ ප්‍රධානියා අතර හොඳ සම්බන්ධයක් තියෙනවා නම් අසීරු අවස්ථාවලදි පවා හොඳින් වැඩ කරන්න ඒක උපකාරී වෙනවා.
Convey: මෙයින් අදහස් වෙන්නේ ඔයා සහ ප්‍රධානියා අතර හොඳ සන්නිවේදනයක් තිබෙන්න ඕන කියන එක. මේකෙන් අදහස් වෙන්නේ ගොඩක් කතා කරන්න කියන එක නෙවෙයි. පොඩ්ඩක් කතා කළත් ගුණාත්මක සහ ඵලදායී සන්නිවේදනයක් කෙරෙහි අවධානය යොමු කරන්න කියන එක. ඔයාට හොඳ සම්බන්ධයක් ප්‍රධානියා සමග තිබෙනවා නම් ගැටලුකාරී අවස්ථාවක ඒ ගැන ඵලදායී ලෙස සන්නිවේදනය කරන එක ගොඩක් වැදගත්.
Convince: මෙයින් අදහස් වන්නේ ඒත්තු ගැන්වීම ගැනයි. ඔයාට හොඳ සම්බන්ධතාවක්, බැඳීමක් ඔයාගේ ප්‍රධානියා එක්ක තිබෙනවා නම්, ඔයා ඵලදායී ලෙස සන්නිවේදනයේ යෙදෙනවා නම් ඔයාට හැකියාව ලැබෙනවා යම් දෙයක් පිළිබඳව ඔහුට/ ඇයට ඒත්තු ගැන්වීමට අවශ්‍ය අවස්ථාවක ඒ ගැන ඒත්තු ගැන්වීම සිදු කරන්න.
බොහොමයක් ආයතනවල සේවකයා සහ ප්‍රධානියා අතර සම්බන්ධය ඉතාම දුර්වලයි. එවන් අවස්ථාවක ඔයා යම් ගැටලුවක් සම්බන්ධයෙන් නිවැරදි වුණත් ප්‍රධානියා සමග ඔයාගේ සම්බන්ධතාවයේ දුර්වල බව නිසාම ඔහු/ ඇය ඔයාට ඇහුම්කන් දෙන්න උනන්දු වෙන්නේ නැහැ. ඒ නිසා හොඳ සම්බන්ධතාවක් හදාගන්න එක, ඵලදායී සන්නිවේදනය සහ ඒත්තු ගැන්වීම ගැන අවධානය යොමු කරන්න.
NIC – Needs, Interests, Concerns
ඔයාගේ ප්‍රධානියාගේ අවශ්‍යතා, වුවමනා සහ ඔහු/ ඇය සැලකිලිමත් වන දේවල් මොනවද කියන එක ගැන දැනගන්න. ඔයා ආයතනයක වැඩ කරනවා නම් සේවකයෙක් විදිහට ඔයාගේ වර්ධනය (growth), ඔයාගේ ප්‍රධානියාගේ වර්ධනයත් එක්ක බැඳිලා තිබෙනවා. ඒ සඳහා තමයි ඔයා ප්‍රධානියාගේ NIC එක මොකක්ද කියලා දැනගන්න එක වැදගත් වෙන්නේ.
මෙහෙම හිතන්න, ඔයාගේ ප්‍රධානියා ගොඩ ගියොත්, ඔයාටත් ගොඩ යන්න අවස්ථාවක් තියෙනවා. NIC එක තේරුම් ගන්න හොඳම දෙය තමයි ප්‍රධානියාගේ ප්‍රමුඛතා (top 3 priorities), ප්‍රධාන ඉලක්ක (top 3 goals) මොනවද කියලා දැනගන්න එක. එතකොට ඔයාටත් ඒ අනුව වැඩ කටයුතු කරන්න පුළුවන්.
Listen, Acknowledge, Clarify, Explain
අනාරක්ෂිත හැඟීමක් තියෙන පුද්ගලයෙක් සමග වැඩ කටයුතු කරන එක ලේසි ද අමාරු ද කියලා ඔයාගෙන් ඇහුවොත් මොකක්ද ඔයාගේ උත්තරේ? අනාරක්ෂිත හැඟීමක් තියෙන කෙනෙක් හැමතිස්සෙම උත්සාහ කරන්නේ “මම ආරක්ෂිතයි” කියන හැඟීම හොයාගන්න. මේක කොහොමද සේවකයා සහ ප්‍රධානියා අතර සම්බන්ධයට බලපාන්නේ කියලා ඔයාට හිතෙයි. අපි බලමු කොහොමද ආයතනයක ප්‍රධානියෙක් සමග කටයුතු කිරීමේදී මේ දෙය වැදගත් වෙන්නේ කියලා.
හිතන්න, ඔයාගේ ප්‍රධානියා ඔයාට බැනගෙන බැනගෙන යනවා කියලා. ප්‍රධානියා ඒ වෙලාවේ ඉන්නේ අනාරක්ෂිත කුටියක් ඇතුළේ. එතකොට ඔයාගේ වගකීම තමයි “නැහැ, ඔයා අනාරක්ෂිත නැහැ. ඔයා ආරක්ෂිතව ඉන්න, අනාරක්ෂිත කලාපයෙන් (unsafe zone) ඉවත් වෙලා ආරක්ෂිත කලාපයේ (safe zone) ආරක්ෂිතවයි ඉන්නේ” කියන එක ඔහුට/ ඇයට සනාථ කරන එක. ඒ සඳහා ඔයා Listen, Acknowledge, Clarify, Explain ගැන දැන සිටිය යුතුයි.
Listen: ඔයා හොඳින් ප්‍රධානියාට සවන් දෙන්න. ඔයා බාධා නොකර හොඳින් සවන් දෙන එක වැදගත්.
Acknowledge: මේ කියන්නේ ප්‍රධානියා ඒ අවස්ථාවේ කියන දෙයට ඇහුම්කම් දීලා ඒක පිළිගන්න කියන එක. ඔයා ඒ වගේ අවස්ථාවක ප්‍රධානියා කියන දේ පිළිගන්නේ නැතුව ඒ ගැන පැහැදිලි කිරීම් කරන්න හෝ විස්තර කරන්න ගියොත් ප්රශ්නය තවත් බරපතළ වෙන එකයි වෙන්නේ.
Clarify, Explain: ඔයා ප්‍රධානියාට ඇහුම්කන් දීලා කියන දේ පිළිගෙන ඉන්පස්සේ පැහැදිලි කිරීම්, විස්තර කිරීම් කරන්න. ඔයා ඇහුම්කන් නොදී එක්වරම පැහැදිලි කිරීම් කරන්න ගියොත් තමයි ප්රශ්නය තවත් දරුණු වෙන්නේ. මොකද ප්‍රධානියා කියන්න යන දේ කියන්න කලින් ඔයා නිදහසට කාරණා කියනවා වගේ හැඟීමක් ප්‍රධානියාට දැනෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම ඇහුම්කන් දීම වැදගත්.
එවිට ප්‍රධානියාට අවබෝධ වෙනවා ඔයා ඔහුට/ ඇයට සවන් දෙනවා, පිළිගන්නවා සහ පැහැදිලි කිරීමක් කරනවා කියන එක. ඒ සමග ප්‍රධානියා ආරක්ෂිත කලාපයක ඉන්නවා කියන එක ඔහුට/ ඇයට දැනෙන්න ගන්නවා. ඔයා ප්‍රධානියා කියන දෙයකට ප්‍රතිචාර දක්වන්නම බලාගෙන ඇහුම්කන් දෙන්න එපා. කියන දෙය තේරුම් ගැනීම සඳහා සවන් දෙන්න.
100% වෙනුවට 110%ක් දීම
සාමාන්‍යයෙන් සේවකයෙක් තමන්ගේ 100%ක උපරිමය රාජකාරිය වෙනුවෙන් දෙනවා වෙන්න පුළුවන් ඊට වඩා අඩු දායකත්වයක් දෙනවා පුළුවන්. ඒත් 100%ක උපරිමය රාජකාරිය වෙනුවෙන් ලබා දෙන කෙනෙක්ට හිතෙන්න පුළුවන් ‘මම මගේ උපරිමය දෙනවනේ, මීට වඩා මොනවා කරන්නද? මීට වඩා මම දන්නේ නැහැ’ කියලා.
නමුත් ඔයා 100%ක උපරිමයක් රාජකාරිය වෙනුවෙන් දෙනවා නම් ඔයාට පුළුවන් අමතර 10%ක් රාජකාරිය වෙනුවෙන් ලබා දෙන්න. එතකොට ඔයාගේ ප්‍රධානියා පවා ඔයා ගැන පුදුමයට පත් වෙනවා. ප්‍රධානියාට ඔයාව විශේෂයෙන්ම මතක තිබෙන්නත් එය හේතුවක් වෙනවා. හැමෝම රාජකාරිය වෙනුවෙන් 100%ක් දෙනකොට ඔයා 10%ක් අමතරව කැපවෙන නිසා සේවකයන් සම්බන්ධයෙන් යම් කරුණකදි වුණත් ප්‍රධානියාගේ මනසට මුලින්ම එන්නේ ඔයාව. ඒකෙන් ඔයා සහ ප්‍රධානියා අතර සම්බන්ධය තවත් ශක්තිමත් වෙනවා.
ප්‍රධානියා සමග අව්‍යාජ සම්බන්ධයක් (Genuine Relationship) ගොඩනගාගන්න
ඕනම අවස්ථාවක ඔයාගේ ප්‍රධානියා වෙන්න පුළුවන්, වෙනත් කෙනෙක් වෙන්න පුළුවන් ඒ තනතුරේදි පමණයි එම පුද්ගලයා අදාළ විදිහට හැසිරෙන්නේ. නමුත් ඉන් පිටතදී ඒ පුද්ගලයා මනුස්සයෙක්. සරලවම කිව්වොත් දවස අවසානයේදී අපි හැමෝම සමානයි.
ඒ නිසා තනතුරු පැත්තකට දාලා ප්‍රධානියා සමග අව්‍යාජ සම්බන්ධතාවක් ගොඩනගන්න උත්සාහ කරන්න. සමහර අවස්ථාවලදි මවාපෑම් කිරීම මගින් ව්‍යාජ සම්බන්ධකම් ගොඩනගාගන්න උත්සහ කරන පුද්ගලයෝ ඉන්නවා. කැපී පෙනෙන්න තිබෙන අවශ්‍යතාව වෙනුවෙන් ඔයා ව්‍යාජ ලෙස සම්බන්ධයක් ගොඩනගාගන්න උත්සහ කරනවා නම් ඒක අනිත් පුද්ගලයාට තේරුම් යනවා.
ඒ නිසා ව්‍යාජ ලෙස මවාපෑම් කරමින් ඉදිරියට යන්න උත්සහ කිරීම්, සම්බන්ධතා ගොඩනගාගැනීම් වෙනුවෙන් අවංකව අව්‍යාජ සම්බන්ධතාවක් ප්‍රධානියා සමග ගොඩනගාගන්න.
ඔයාගේ හැකියාව වැටුපට සමාන කරන්න එපා
කවදාකවත් ඔයාගේ හැකියාව (potential), උපරිමය, ඔයාගේ වැටුපට (salary) සමාන කරන්න යන්න එපා. උදාහරණයක් විදියට ඔයාගේ වැටුප ‘X’ සහ ඔයාගේ උපරිමය, හැකියාව 100X කියලා හිතන්න. ඔයා හිතයි ඔයාගේ වටිනාකමට ලැබෙන වැටුප ප්‍රමාණවත් නැහැ කියලා. ඒත් ඔයා එහෙම හිතන්න ගත්තොත් සිද්ධ වෙන්නේ ඔයාගේ කාර්ය සාධනය (performance) පහළ වැටෙන්න පටන් ගන්නවා. ඔයා ඔයාගේ උපරිමය ලබා දෙන්නේ නැතිව ඉන්න පටන් ගන්නවා.
“ඇයි මගේ වටිනාකම මෙච්චරයි නම්, මට දෙන්නේ මෙච්චර නම් මම දෙන්නත් මෙච්චරයි,” කියලා ඔයා වැඩ කරන්න ගන්නවා කියන්නේම ඔයාට වර්ධනය වෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ කියන එක. ඒ නිසා ඔයාගේ වැටුපට ඔයාගේ හැකියාව සමාන කරන්න එපා. දැන් ඔයාට හිතෙයි අඩු වැටුපකට වැඩි සේවාවක් ලබා දෙන එක ද ඔයා කරන්න ඕන කියලා. නැහැ ඒ වෙනුවට ඔයාට කරන්න දෙයක් තියෙනවා.
ඔයා උත්සාහ කරන්න ඕන ඔයාගේ ආයතනයට වටිනා සම්පතක් (valuable asset) බවට පත්වෙන්න. හිතන්න ඔයාට වාහනයක් තියෙනවා කියලා. ඔයා වැඩට යන්නේ එන්නේ, පවුලේ අය සමග ගමන් බිමන් යන්නේ, නිවසේ වැඩ කටයුතුවලට යන්නේ එන්නේ ඒ වාහනයෙන්. ඒත් දවසක ඔයාට වාහනය නැති වුණොත් මොකද වෙන්නේ. ඔයාට බස් එකේ, දුම්රියේ, එහෙම නැත්නම් කුලී රථවල යන්න එන්න වෙනවා. මේක වාහනයක් තමන්ටම තියෙනවා වගේ පහසු දෙයක් නෙමෙයි. ඒ වගේම ඔයාට තවත් ආදායම් මාර්ගයක් තිබිලා ඒක නැති වුණොත් ඔයාගේ ජීවන රටාව පවා වෙනස් කරන්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ වාහනය, අමතර ආදායම් මාර්ගය කියන්නේ ඔයාට වටිනා සම්පත් බවට පත් වුණ දේවල්.
අන්න ඒ වගේ ඔයාගේ වටිනාකම ආයතනයට දැනෙන ආකාරයට ආයතනයේ වටිනා සම්පතක් බවට ඔයා පත් වෙන්න ඕන. ඔයාගේ හැකියාව ඔයාගේ වැටුපට සමාන කරන්න ගිහින් ඔයාගේ වර්ධනයත් අඩු වෙලා ආයතනයට ඔයාව බරක් වෙන්න නොදී, ආයතනයට වටිනා සම්පතක් බවට පත් වීම ඔයාගේ වර්ධනයට වගේම වැටුපටත් ධනාත්මක ආකාරයට බලපෑමක් කරයි.
ඔයා මේ ලිපියේ කියලා තියෙන උපක්‍රම භාවිත කළොත් වැඩ කරන්න අමාරු Boss කෙනෙක් එක්ක වුණත් ඔයාට පහසුවෙන් වැඩ කරන්න හැකියාව ලැබෙනවා. දැන් ඔයාට මේ ලිපිය කියෙව්වම පැහැදිලි වෙන්න ඇති ඔයාගේ සන්නිවේදන හැකියාව ඔයාගේ ප්‍රධානියා සමග හොඳින් වැඩ කිරීම සඳහා වැදගත් වෙනවා කියන එක. ප්‍රධානියා සමග විතරක් නෙමෙයි ආයතනයේ කාර්ය මණ්ඩලය සමගත්, ඉන් පරිබාහිරවත් ශක්තිමත් සම්බන්ධතා ගොඩනගාගන්න හොඳ සන්නිවේදන හැකියාවක් අත්‍යවශ්‍යයි.
ඔයාගේ ප්‍රධානියාට විතරක් නෙමෙයි වෙනත් කෙනෙක්ට පවා සංකීර්ණ දෙයක් වුණත් සරල විදියට පැහැදිලි කරන්නේ කොහොමද කියලා දැනගන්න වගේම සන්නිවේදනය සම්බන්ධ තවත් දේවල් දැනගන්න පහළ Link එකට ගිහින් Free Chapters බලන්න.
https://school.lokubusiness.lk/p/communication-masterclass-course?affcode=1420258_ghpjvsre