දේපළ වෙළඳාම් ක්ෂේත්රය (Real Estate Industry) කියන්නේ සල්ලි මවන ධන උල්පතක් විදියට හඳුන්වන්න පුළුවන්. තැරැව්කරුවෙකු (Broker) හෝ නියෝජිතයෙකු (Agent) ලෙස දේපළ වෙළඳාම් ක්ෂේත්රයට පිවිසෙන පුද්ගලයන් මිලියන ගණනින් මුදල් උපයන ක්ෂේත්රයක් බවට මෙම ක්ෂේත්රය පත් වී තිබෙනවා.
ඔයා පූර්ණකාලීනව දේපළ වෙළඳාම් ක්ෂේත්රයට පිවිසෙන්න බලාගෙන සිටින කෙනෙක් වුණත්, අර්ධකාලීන රැකියාවක් ලෙස අමතර ආදායමක් උපයාගැනීමේ බලාපොරොත්තුවෙන් ක්ෂේත්රයට පිවිසෙන්න බලා සිටින කෙනෙක් වුණත් ඔයාට මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි.
නිවසක් හෝ ඉඩමක් වේවා දේපළක් කියන්නේ අපේ ජීවිතේදී මිල දී ගන්නා බොහෝ විට වඩාත්ම මිල අධික දෙය වෙන්න පුළුවන්. ඉතින් එවැනි ගනුදෙනුවක් (deal) සමඟ සම්බන්ධ වීමෙන් හොඳ ආදායමක් උපයා ගැනීමේ හැකියාව ඉහළයි.
ලංකාවේ සාමාන්‍යයෙන් දේපළක් විකිණීමේදී 3%ක කොමිස් මුදලක් (commission) හෝ සේවා ගාස්තුවක් (service fee) ලැබෙනවා. කෙසේ වෙතත්, මෙය 4%, 5%, 6% දක්වා වැඩි කර ගැනීමට ද අවස්ථා තිබෙනවා. මෙය රඳා පවතින්නේ තමන්ගේ සාකච්ඡා කිරීමේ හැකියාව (negotiation skill) මතයි. උදාහරණයක් ලෙස, යම් දේපල හිමිකරුවෙකුට මාසයක් වැනි කෙටි කාලයක් තුළ දේපළ විකුණා ගැනීමට අවශ්‍ය නම් ඔහු 5%ක් වැනි වැඩි කොමිස් මුදලක් ගෙවීමට කැමති විය හැකියි.
ලංකාවේ රුපියල් මිලියන 100ක දේපළක් විකිණීමේදී 3%ක කොමිස් මුදල රුපියල් මිලියන 3ක් වෙනවා. විදේශ රටවල විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය (US) සහ ඩුබායි (Dubai) වැනි රටවල 6% – 8% දක්වා කොමිස් මුදල් ලැබෙන අවස්ථා ද තිබෙනවා.
දේපළ විකිණීමට අමතරව දේපළ කුලියට දීමෙන් ද කොමිස් උපයා ගත හැකියි. සාමාන්‍යයෙන් වසරක කුලී ගිවිසුමක් සඳහා එක් මාසයක කුලී මුදල සේවා ගාස්තුව ලෙස ලැබෙන අවස්ථා ද තිබෙනවා. උදාහරණයක් ලෙස මසකට රුපියල් 100,000ක කුලියක් ඇති නිවසක් කුලියට දීමේදී රුපියල් 100,000ක් සේවා ගාස්තුව ලෙස ලැබෙනවා.
සමහර අවස්ථාවලදී දේපළ හිමිකරුගෙන් සම්පූර්ණ මාසයක කුලී මුදලක් සහ කුලීකරුගෙන් අර්ධ මාසයක කුලී මුදලක් ද හිමි වන අවස්ථා තිබෙනවා.
දේපළ වෙළඳාම කියන්නේ ස්ථාවර ආදායමක් (steady income) ලැබෙන රැකියාවක් නොවෙයි. සමහර මාසවලදී කිසිඳු ගනුදෙනුවක් සිදු නොවීමට ඉඩ තිබෙනවා. විශේෂයෙන්ම ආර්ථික අර්බුද (economic crisis) ඇති වන අවස්ථාවලදී මෙය වඩාත් ප්රබලව දැනෙනවා. එවැනි අවස්ථාවලදී ඉතුරුම්වලින් (savings) හෝ පෙර ලැබුණු ඉහළ කොමිස් මුදල්වලින් ජීවත් වීමට තැරැව්කරුවන්ට
දේපළ වෙළඳාම් ක්ෂේත්රය (Real Estate Industry) කියන්නේ සල්ලි මවන ධන උල්පතක් විදියට හඳුන්වන්න පුළුවන්. තැරැව්කරුවෙකු (Broker) හෝ නියෝජිතයෙකු (Agent) ලෙස දේපළ වෙළඳාම් ක්ෂේත්රයට පිවිසෙන පුද්ගලයන් මිලියන ගණනින් මුදල් උපයන ක්ෂේත්රයක් බවට මෙම ක්ෂේත්රය පත් වී තිබෙනවා.
ඔයා පූර්ණකාලීනව දේපළ වෙළඳාම් ක්ෂේත්රයට පිවිසෙන්න බලාගෙන සිටින කෙනෙක් වුණත්, අර්ධකාලීන රැකියාවක් ලෙස අමතර ආදායමක් උපයාගැනීමේ බලාපොරොත්තුවෙන් ක්ෂේත්රයට පිවිසෙන්න බලා සිටින කෙනෙක් වුණත් ඔයාට මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි.
දේපළ වෙළඳාම හොඳ ආදායම් මාර්ගයක් වන්නේ කෙසේ ද?
නිවසක් හෝ ඉඩමක් වේවා දේපළක් කියන්නේ අපේ ජීවිතේදී මිල දී ගන්නා බොහෝ විට වඩාත්ම මිල අධික දෙය වෙන්න පුළුවන්. ඉතින් එවැනි ගනුදෙනුවක් (deal) සමඟ සම්බන්ධ වීමෙන් හොඳ ආදායමක් උපයා ගැනීමේ හැකියාව ඉහළයි.
ලංකාවේ සාමාන්‍යයෙන් දේපළක් විකිණීමේදී 3%ක කොමිස් මුදලක් (commission) හෝ සේවා ගාස්තුවක් (service fee) ලැබෙනවා. කෙසේ වෙතත්, මෙය 4%, 5%, 6% දක්වා වැඩි කර ගැනීමට ද අවස්ථා තිබෙනවා. මෙය රඳා පවතින්නේ තමන්ගේ සාකච්ඡා කිරීමේ හැකියාව (negotiation skill) මතයි. උදාහරණයක් ලෙස, යම් දේපල හිමිකරුවෙකුට මාසයක් වැනි කෙටි කාලයක් තුළ දේපළ විකුණා ගැනීමට අවශ්‍ය නම් ඔහු 5%ක් වැනි වැඩි කොමිස් මුදලක් ගෙවීමට කැමති විය හැකියි.
ලංකාවේ රුපියල් මිලියන 100ක දේපළක් විකිණීමේදී 3%ක කොමිස් මුදල රුපියල් මිලියන 3ක් වෙනවා. විදේශ රටවල විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය (US) සහ ඩුබායි (Dubai) වැනි රටවල 6% – 8% දක්වා කොමිස් මුදල් ලැබෙන අවස්ථා ද තිබෙනවා.
දේපළ විකිණීමට අමතරව දේපළ කුලියට දීමෙන් ද කොමිස් උපයා ගත හැකියි. සාමාන්‍යයෙන් වසරක කුලී ගිවිසුමක් සඳහා එක් මාසයක කුලී මුදල සේවා ගාස්තුව ලෙස ලැබෙන අවස්ථා ද තිබෙනවා. උදාහරණයක් ලෙස මසකට රුපියල් 100,000ක කුලියක් ඇති නිවසක් කුලියට දීමේදී රුපියල් 100,000ක් සේවා ගාස්තුව ලෙස ලැබෙනවා.
සමහර අවස්ථාවලදී දේපළ හිමිකරුගෙන් සම්පූර්ණ මාසයක කුලී මුදලක් සහ කුලීකරුගෙන් අර්ධ මාසයක කුලී මුදලක් ද හිමි වන අවස්ථා තිබෙනවා.
දේපළ වෙළඳාමේ අභියෝග
දේපළ වෙළඳාම කියන්නේ ස්ථාවර ආදායමක් (steady income) ලැබෙන රැකියාවක් නොවෙයි. සමහර මාසවලදී කිසිඳු ගනුදෙනුවක් සිදු නොවීමට ඉඩ තිබෙනවා. විශේෂයෙන්ම ආර්ථික අර්බුද (economic crisis) ඇති වන අවස්ථාවලදී මෙය වඩාත් ප්රබලව දැනෙනවා. එවැනි අවස්ථාවලදී ඉතුරුම්වලින් (savings) හෝ පෙර ලැබුණු ඉහළ කොමිස් මුදල්වලින් ජීවත් වීමට තැරැව්කරුවන්ට සහ ඒජන්තවරුන්ට සිදු වෙනවා.
කෙසේ වෙතත්, දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ විශාල ගනුදෙනු සිදු කිරීමේ හැකියාව ද පවතිනවා. උදාහරණයක් ලෙස, රුපියල් බිලියන 1-2ක් වැනි මිලකට වාණිජ දේපළක් (commercial property) විකිණීමේදී රුපියල් මිලියන 30-60ක සේවා ගාස්තුවක් උපයා ගත හැකියි. එවැනි තනි ගනුදෙනුවකින් ලැබෙන ආදායම වසරක ආර්ථික අර්බුදයක් තුළදී පවා ජීවත් වීමට ප්‍රමාණවත් විය හැකියි.
සම්බන්ධතා ගොඩනගා ගැනීම
දේපළ වෙළඳාම් ක්ෂේත්රයේදී සම්බන්ධතා ගොඩනගා ගැනීම (building connections) අතිශයින් වැදගත්. ඔබට නිරන්තරයෙන්ම ඉහළ සමාජ ස්ථරයක සිටින පුද්ගලයන් සමග ගනුදෙනු කිරීමට සිදු වෙනවා. මෙය අනාගතයේදී නව ව්‍යාපාරික අවස්ථා සඳහා මග පාදාදීමට ද උපකාරී වෙනවා.
ඔයා දේපළ වෙළඳාම් ක්ෂේත්රයට පිවිසෙන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට හිතෙන්න පුළුවන් “මට එහෙම network එකක් නැහැනේ” කියලා. ඒත් අත්දැකීම් ලබන විට තමන්ගේ සබඳතා ජාලය (network) වර්ධනය කරගන්න ඔයාට පුළුවන්. මෙය ස්වභාවිකවම වැඩි විකුණුම් (sales) සහ ස්ථාවර ආදායමක් සොයාගැනීමට ඔයාට මග පෙන්වනවා.
දේපළ වෙළඳාම පූර්ණ කාලීන වෘත්තියක්ද?
දේපළ වෙළඳාම් කටයුතු පූර්ණ කාලීනව (full time) සිදු කිරීම ඉතා වැදගත්. බොහෝ සාර්ථක දේපළ වෙළඳාම් නියෝජිතයන් පූර්ණ කාලීනව මෙම ක්ෂේත්රයේ නිරත වෙනවා.
නමුත් අමතර ආදායමක් සොයාගැනීම සඳහා අර්ධකාලීනව තැරැව්කරුවන්, දේපළ නියෝජිතයන් ලෙස රැකියාව කරන පුද්ගලයන් ද සිටිනවා. එහි අවාසිදායක තත්ත්වය වන්නේ තරඟකාරීත්වය තුළ සාර්ථක වීමට තරමක් අපහසු වීමයි.
සාර්ථක වීම සඳහා දේපළ නියෝජිතයෙකුට අවශ්‍ය කුසලතා
දේපළ නියෝජිතයෙකු ලෙස රැකියාව ආරම්භ කර කණ්ඩායම් නායකයෙකු (Team Leader), අධීක්ෂකවරයෙකු (Supervisor), හෝ අධ්‍යක්ෂකවරයෙකු (Director) දක්වා වෘත්තීය දියුණුවක් ලබා ගැනීමේ හැකියාව ඔයාට තිබෙනවා. ඔයාගේ කාර්ය සාධනය (performance) මත පදනම්වට ඉහළ තනතුරු කරා ගමන් කළ හැකියි. මෙය අනෙකුත් විකුණුම් ක්ෂේත්රවලට (sales fields) බොහෝ දුරට සමානයි.
දේපල නියෝජිතයෙකු ලෙස ආරම්භ කර, කණ්ඩායම් නායකයෙකු (Team Leader), අධීක්ෂකවරයෙකු (Supervisor), හෝ අධ්‍යක්ෂකවරයෙකු (Director) දක්වා වෘත්තීය දියුණුවක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඔබගේ කාර්ය සාධනය (performance) මත පදනම්ව, ඔබට ඉහළ තනතුරු කරා ගමන් කළ හැකියි. මෙය අනෙකුත් විකුණුම් ක්ෂේත්රවලට (sales fields) බොහෝ දුරට සමානයි.
දේපළ වෙළඳාම් ක්ෂේත්රයේදී සාර්ථක වීමට නම් ඔයාට ප්‍රධාන කුසලතා (Skills) තුනක් අවශ්‍ය වෙනවා.
01. සන්නිවේදන කුසලතා (Communication Skills)
මිනිසුන් සමඟ හොඳින් අන්තර් ක්‍රියා කිරීමේ හැකියාව ඉතා වැදගත්. විශේෂයෙන් මංගල උත්සව වැනි උත්සව අවස්ථාවලදී ව්‍යාපාරික තොරතුරු ගැන කතාබහකට වඩා පෞද්ගලික සම්බන්ධතා ගොඩනගා ගැනීම වැදගත් වෙනවා. කෙළින්ම “මම Real Estate කරනවා, ඉඩමක්, ගෙයක් එහෙම හොයනවා නම් කියන්න” වගේ කතාවකින් සම්බන්ධතා ගොඩනගාගන්න උත්සහ කිරීම නොකළ යුතු දෙයක්.
ඒ වෙනුවට වෙනත් මාතෘකාවක් ගැන කතාබහ ආරම්භ කරන්න ඔයාට පුළුවන්. පෞද්ගලිකව දැන හඳුනාගත් පසු ඔයා කවුද කියන කාරණය පැවසීමෙන් ඔයාට හොඳ සම්බන්ධතාවක් ගොඩනගාගන්න පුළුවන්. ඒ වගේම වෘත්තීයභාවය (professionalism) සහ සම්බන්ධතා ගොඩනැගීමේ හැකියාව ඔබට අනෙක් අයගෙන් වෙනස් වීමට උදව් වෙනවා.
02. සාකච්ඡා කිරීමේ කුසලතා (Negotiation Skills)
දේපළ හිමිකරුවන් බොහෝ විට තම දේපළ සඳහා අධික මිලක් ඉල්ලනවා. ඔවුන්ට සැබෑ තත්ත්වය පැහැදිලි කරදීමට හොඳ සාකච්ඡා කිරීමේ හැකියාවක් ඔයාට තිබෙන්න ඕන. ගනුදෙනුකරුවන් සමඟ හොඳ සම්බන්ධතාවක් පවත්වා ගනිමින්, දත්ත සහ සංඛ්‍යා (data and figures) පදනම් කරගෙන මිල ගණන් පැහැදිලි කරන්නට හැකියාවක් අවශ්‍යයි. ආර්ථික තත්ත්වය (economy condition), ශ්‍රී ලංකා රුපියලේ ස්ථාවරත්වය (stability), ආයෝජන මත ලැබෙන ප්‍රතිලාභය (ROI) වැනි සියලු සාධක මෙවැනි අවස්ථාවක ඔයා සැලකිල්ලට ගන්න ඕන.
03. ක්ෂේත්රය පිළිබඳ දැනුම (Knowledge of the Field)
දේපළ වෙළඳාම කොටස් තැරැව්කාර සේවාවකට සමානයි. වෙළඳ පොළ තත්ත්වයන් (market conditions), අලුත් ව්‍යාපෘති, සහ ආර්ථික දර්ශක (economic indicators) පිළිබඳ පුළුල් දැනුමක් ඔයාට මේ ක්ෂේත්රයේ සාර්ථක වෙන්න නම් තිබෙන්න ඕන. අසල්වැසියෙකුගේ දේපළක් අලෙවි වූ මිල පමණක් සැලකිල්ලට ගෙන දේපළ විකිණීමෙහි යෙදෙන්න බැහැ. වෙළඳ පොළ අනුපාතය (market rate) නිවැරදිව හඳුනාගෙන ඒ අනුව කටයුතු කරන්න නම් ඔයාට හොඳ දැනුමක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා.
මේ හැකියාවන් සහ දැනුම නැතිව දේපළ වෙළඳාම් ක්ෂේත්රයට පිවිසීමෙන් පාඩු සිදු වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා ම්නේ ක්ෂේත්රයේ රැකියාවක නියැළෙන්න නිවැරදි පුහුණුවක්, දැනුමක් අත්‍යවශ්‍ය වෙනවා.
ඔයා දේපළ වෙළඳාම් ක්ෂේත්රයට පිවිසෙන්න හිතාගෙන ඉන්නවා නම් විතරක් නෙමෙයි, මේ වෙනකොට දේපළ වෙළඳාම් ක්ෂේත්රයට පිවිසිලා සිටිනවා නම් ඔයාගේ දැනුම වැඩිදියුණු කරගන්න එක, ඉහළ ආදායමක් උපයන්න ඔයාට විශාල සහයක් වෙනවා. ඔයා මිලියන ගණන් උපයන දේපළ වෙළඳාම් නියෝජිතයෙකු හෝ තැරැව්කරුවෙකු වෙන්න කැමැති නම් පහළ Link එකට පිවිස එහි ඇති Free Chapter බලන්න.
https://school.lokubusiness.lk/p/become-a-real-estate-agent?affcode=1420258_ghpjvsre