වීඩියෝ සංස්කරණය, අපි නිතර භාවිත කරන විදියට කිව්වොත් Video Editing කියන්නේ වර්තමානය වන විට ඉහළ ඉල්ලුමක් තියෙන රැකියා අවස්ථා රැසක් නිර්මාණය වුණ ක්ෂේත්රයක්. මෙහි විශේෂත්වය වෙන්නේ Video Editing කරන්නේ පූර්ණකාලීන රැකියාවක් විදියට එය තෝරාගත් අය පමණක් නෙමෙයි. වෙනත් රැකියා කරන පුද්ගලයන් මෙන්ම නිර්මාණශීලී වීඩියෝ නිර්මාණය කිරීමට පෙලඹුන පුද්ගලයන් පවා අමතර ආදායමක් සොයාගැනීම සඳහා Video Editing කරනවා. ඇත්තටම කිව්වොත් මේක රැකියාවක්ම නෙමෙයි, මේක හැකියාවක්. වීඩියෝ එකක් ආකර්ෂණීයව සංස්කරණය කිරීමේ හැකියාව (Skill) තියෙන පුද්ගලයෙක්ට ඉහළ ආදායමක් උපයන්න අපහසු නැහැ.
ඔයා පූර්ණකාලීන (Full time) රැකියාවක් විදියට Video Editing ක්ෂේත්රයට පිවිසෙන්න බලාපොරොත්තු වෙනවා නම් වගේම අමතර ආදායමක් සොයන්න Video Editing ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්නවා නම් මේ ලිපිය ඔයාටයි.
වර්තමානයේ බොහෝ ආයතන විශාල වශයෙන් content creation සඳහා යොමු වී සිටිනවා. වීඩියෝ නිර්මාණ සඳහා ඉල්ලුම ද දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මෙවැනි පරිසරයක් තුළ වීඩියෝ සංස්කරණ කුසලතාවට විශාල ඉල්ලුමක් පවතින අතර එය මුදල් උපයා ගැනීමට විවිධ අවස්ථා ඔයාට නිර්මාණය කරලා දෙනවා. ලංකාවේ විතරක් නෙමෙයි වෙනත් රටවල පවා Video Editing සම්බන්ධ රැකියා අවස්ථා රාශියක් තිබෙනවා. ඩොලර්වලින් මුදල් උපයන්නත් මේක හොඳ අවස්ථාවක්.
Video Editing හැකියාව දියුණු කරගන්න ඔයාට මුල්ම පියවර තියන්න පුළුවන් පහසුම Tool එකක් තමයි CapCut කියන්නේ. සමහරවිට ඔයා දැනටම CapCut mobile version එක භාවිත කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඒ හැකියාව තවත් වැඩිදියුණු කරගෙන CapCut desktop version එක භාවිත කළොත් ඔයාට Video Edit කරන්න
වීඩියෝ සංස්කරණය, අපි නිතර භාවිත කරන විදියට කිව්වොත් Video Editing කියන්නේ වර්තමානය වන විට ඉහළ ඉල්ලුමක් තියෙන රැකියා අවස්ථා රැසක් නිර්මාණය වුණ ක්ෂේත්රයක්. මෙහි විශේෂත්වය වෙන්නේ Video Editing කරන්නේ පූර්ණකාලීන රැකියාවක් විදියට එය තෝරාගත් අය පමණක් නෙමෙයි. වෙනත් රැකියා කරන පුද්ගලයන් මෙන්ම නිර්මාණශීලී වීඩියෝ නිර්මාණය කිරීමට පෙලඹුන පුද්ගලයන් පවා අමතර ආදායමක් සොයාගැනීම සඳහා Video Editing කරනවා. ඇත්තටම කිව්වොත් මේක රැකියාවක්ම නෙමෙයි, මේක හැකියාවක්. වීඩියෝ එකක් ආකර්ෂණීයව සංස්කරණය කිරීමේ හැකියාව (Skill) තියෙන පුද්ගලයෙක්ට ඉහළ ආදායමක් උපයන්න අපහසු නැහැ.
ඔයා පූර්ණකාලීන (Full time) රැකියාවක් විදියට Video Editing ක්ෂේත්රයට පිවිසෙන්න බලාපොරොත්තු වෙනවා නම් වගේම අමතර ආදායමක් සොයන්න Video Editing ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්නවා නම් මේ ලිපිය ඔයාටයි.
හැකියාවෙන් රැකියාවට යන්න ලේසිම මාර්ගය
වර්තමානයේ බොහෝ ආයතන විශාල වශයෙන් content creation සඳහා යොමු වී සිටිනවා. වීඩියෝ නිර්මාණ සඳහා ඉල්ලුම ද දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මෙවැනි පරිසරයක් තුළ වීඩියෝ සංස්කරණ කුසලතාවට විශාල ඉල්ලුමක් පවතින අතර එය මුදල් උපයා ගැනීමට විවිධ අවස්ථා ඔයාට නිර්මාණය කරලා දෙනවා. ලංකාවේ විතරක් නෙමෙයි වෙනත් රටවල පවා Video Editing සම්බන්ධ රැකියා අවස්ථා රාශියක් තිබෙනවා. ඩොලර්වලින් මුදල් උපයන්නත් මේක හොඳ අවස්ථාවක්.
Video Editing හැකියාව දියුණු කරගන්න ඔයාට මුල්ම පියවර තියන්න පුළුවන් පහසුම Tool එකක් තමයි CapCut කියන්නේ. සමහරවිට ඔයා දැනටම CapCut mobile version එක භාවිත කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඒ හැකියාව තවත් වැඩිදියුණු කරගෙන CapCut desktop version එක භාවිත කළොත් ඔයාට Video Edit කරන්න අවශ්‍ය තවත් features සමග මුදල් ඉපැයීමේ මාර්ගයක් දක්වා ඔයාගේ හැකියාව වර්ධනය කරගන්න පුළුවන්.
CapCut කියන්නේ Video Editing සඳහා අලුතෙන් පිවිසෙන ඕනම කෙනෙක්ට භාවිත කරන්න පහසු tool එකක්. අපි බලමු ඒකට හේතු මොනවාද කියලා.
Video Editingවලට අලුතෙන් පිවිසෙන අයට CapCut වාසිදායක වන්නේ ඇයි?
භාවිතය පහසුය: CapCut පහසුවෙන් තේරුම් ගත හැකි user friendly අතුරුමුහුණතකින් (interface) යුක්ත වන අතර ඕනම කෙනෙකුට වීඩියෝ සංස්කරණය පහසුවෙන් ඉගෙන ගැනීමට එය උපකාරී වේ.
අවම පිරිවැය: Adobe Premiere Pro වැනි මෘදුකාංගවල මාසික ගාස්තුව සමග සසඳා බැලූ විට CapCut මෘදුකාංගය මිල දී ගැනීමට වැයවන්නේ අඩු පිරිවැයකි. Video Editing සඳහා මුල් පියවර තබන ඕනම අයෙක්ට එය ඉතාමත් වාසිදායක වේ.
හොඳම වර්ගයේ පරිගනක අවශ්‍ය නොවේ: අනෙකුත් Video Editing මෘදුකාංග භාවිතය සමග සසඳා බැලූ විට CapCut මෘදුකාංගය භාවිත කිරීමට මිල අධික, ඉතා උසස් වර්ගයේ පරිගණක අවශ්‍ය නොවේ. එය ද මෙම මෘදුකාංගයේ ඇති විශේෂ වාසියකි.
AI Features: කෘත්‍රිම බුද්ධිය ඇතුළත් විශේෂාංග (Features) මෙම මෘදුකාංගයේ අන්තර්ගත වන නිසා වීඩියෝ සංස්කරණය කිරීමේ ක්‍රියාවලිය පහසු වන අතර කාලය ඉතිරි කර ගැනීමට එය උපකාරී වේ.
නොමිලේ භාවිත කිරීමට හැකි වීම: CapCut හි Free Version එකක් සහිත නිසා Video Editing පුහුණු වීමට අවශ්‍ය ඕනම අයෙකුට එයට ද අවස්ථාව ඇත.
බොහෝ දෙනෙක් CapCut භාවිතා කරන්නේ TikTok සඳහා templates භාවිතයෙන් වීඩියෝ සංස්කරණයට පමණක් වුණත් එයින් කළ හැකි දේ ඊට වඩා පුළුල් පරාසයක විහිදෙනවා. CapCut මගින් වෘත්තීය මට්ටමේ color grading කිරීම් සහ high quality audio සහිත වීඩියෝ නිර්මාණය කරන්නත් පුළුවන්.
CapCut මෘදුකාංගයේ යම් යම් සීමා කිරීම් තිබුණත් වීඩියෝ සංස්කරණය සඳහා ආධුනිකයෙකු හට ඉහළ වැටුපක් හිමි රැකියා අවස්ථා ලබා ගැනීමට එය බාධාවන් වෙන්නේ නැහැ. Motion graphics, 3D animations සහිත වීඩියෝ නිර්මාණය කිරීම සඳහා Adobe After Effects හෝ Premiere Pro වැනි මෘදුකාංග වෙත මාරු වීමට සිදු වුණත් අද කාලයේ ඉතාම ජනප්‍රිය short-form content සෑදීම සඳහා CapCut මෘදුකාංගය ප්‍රමාණවත් වෙනවා.
ඔයා නිර්මාණශීලී පුද්ගලයෙක් නම් ඔයාට වීඩියෝ නිර්මාණය කරන්න විවිධ අදහස් හිතේ තියෙනවා ඇති. නමුත් කොහොමද වීඩියෝ එකක් හරියට හදාගන්නේ කියන එක ගැන කිසිම දෙයක් ඔයා නොදන්නවා වෙන්න පුළුවන්. CapCut මෘදුකාංගයේ තවත් වාසියක් තමයි ඔයා තාක්ෂණික දැනුමක් නැති පුද්ගලයෙක් වුණත් ඔයාට Video Edit කිරීමේ හැකියාව වර්ධනය කරගන්න එය බාධාවක් නොවීම.
Video Editingවල ‘අ’ යන්න ‘ආ’ යන්න නොදන්න කෙනෙක්ට වුණත් ඉතා අවම කාලයක් ඇතුළත CapCut මගින් වීඩියෝ සංස්කරණය කිරීමට පුහුණු වෙන්න පුළුවන්. ඉන්පසුව ඔයාට ක්ෂේත්රයේ ඉදිරියටම යන්න අවශ්‍ය කුසලතා වර්ධනය කරගන්න අවස්ථා විවර කරගන්නත් පහසු වෙනවා.
ඔයා වීඩියෝ නිර්මාණය කිරීම ගැන උනන්දුවෙන් සිටි අයෙක් නම් CapCut මෘදුකාංගය භාවිතයෙන් ඉතා පහසුවෙන් Video Edit කරන්නේ කොහොමද කියලා දැනගන්න කැමති ඇති. පහළ තියෙන Link එක Click කරලා ඒකෙ තියෙන Free Chapters බලලා CapCut මෘදුකාංගය සම්බන්ධයෙන් ඔයාට අවශ්‍ය දැනුම වර්ධනය කරගන්න.
https://school.lokubusiness.lk/p/capcut-editing-course?affcode=1420258_ghpjvsre