අද වන විට බොහෝ දෙනෙකුට මුදල්, හොඳ රැකියාවක්, සාර්ථක ව්‍යාපාරයක් හෝ උසස් අධ්‍යාපන සුදුසුකම් තිබුණත් සැබෑ සතුට, තෘප්තිය හෝ මානසික නිදහස අහිමිවෙලා කියන එක අපිට පේන්න තියෙනවා. Eckhart Tolle ලියූ The Power of Now කියන පොත මේ ගැටලුවට ප්‍රායෝගික විසඳුම් ලබා දෙමින්, සතුට, තෘප්තිය සහ මානසික නිදහස ළඟා කර ගැනීමට අපට මඟ පෙන්වනවා.

මේ පොතේ මූලිකම අදහස වෙන්නේ, ඔයාගේ සැබෑ සතුට ලැබෙන්නේ වර්තමාන මොහොතේ ජීවත් වීම තුළින් කියන එකයි. මේ දේ ඔයා තේරුම් ගත්ත දවසේ ඉඳලා ඔයාගේ ජීවිතය නොසිතූ විදියට වෙනස් වෙයි. ඔයාට අවශ්‍ය මානසික නිදහස ළඟා කරගන්න ඕන කරන උපදෙස් 03ක් ගැන අපි මේ ලිපියෙන් සලකා බලමු.

01. ඔබ යනු ඔබේ මනස හෝ සිතුවිලි නොවේ

සාමාන්‍යයෙන් ‘මම’ කියන පුද්ගලයා කියන්නේ තමන්ගේම සිතුවිලි කියලයි අපි හිතන්නේ. නමුත් මේ පොතේ තරමක් මතභේදාත්මක දෙයක් සඳහන් වෙනවා. ඔයා කියන්නේ ඔයාගේ මනස හෝ සිතුවිලි නොවන බව තමයි මේ පොතේ සඳහන් වෙන්නේ. මනස කියන්නේ හුදෙක් මෙවලමක් පමණක් කියලා මෙහි කතුවරයා වන Eckhart Tolle සඳහන් කර තිබෙනවා.

ඔයාගේ සිතුවිලි ලෙස සිතට එන ඕනම දෙයක් පිළිගැනීමට පුරුදු වීමෙන්, ඔයා ඕනවට වඩා සිතීමට (overthinking), ආතතියට පත්වීමට, අනාගතය ගැන බිය වීමට විතරක් නෙමෙයි අතීතය ගැන අධික ලෙස කල්පනා කිරීම වැනි ගැටලුවලට මුහුණ දෙන්න හැකියාවක් තිබෙන බව මේ පොතේ සඳහන් වෙනවා. මෙහෙම හිතන්න, ඔයාගේ සිතුවිලි ඔයාට නවත්වන්න පුළුවන් ද? ඔයාගේ උත්තරය ‘බැහැ’ කියන එක නම් ඔයාගේ මනස තමයි ඔයාව පාලනය කරන්නේ.

මේ පොත ඒ ගැටලුව සඳහා යෝජනා කරන විසඳුම තමයි, ඔයාගේ සිතුවිලි විද්‍යාඥයෙකු වගේ කුතුහලයෙන් නිරීක්ෂණය කරන්න කියන එක. බැඳීමකින් තොරව ඔයාගේ සිතුවිලි දෙස බලන්න. විද්‍යාඥයෙකු කිසිම අවස්ථාවක පරීක්ෂණයක් ආරම්භ කිරීමට පෙර නිගමනවලට එළඹෙන්නේ නැහැ. ඒ වගේ ඔයාගේ සිතුවිලි නිරීක්ෂණය කළොත් ඒ සිතුවිලිවලින් ඔයාට වෙන බලපෑම අඩු කර ගන්න පුළුවන්.

මේ විදියට ඔයාගේ සිතුවිලි ගැන නිරන්තර අවධානයෙන් සිටීම පුහුණු කරන්න. ඒක ඔයාට සිතුවිලි හොඳින් හසුරවාගන්නත්, මනසට ඔයාව පාලනය කරන්න

Share this post: