“අද මහන්සියි. මම හෙටම ඒ වැඩේ කරනවා”
“ඕවා කරන්න සල්ලි නැහැ. සල්ලි තියෙන වෙලාවක බලමු”
ඔයත් මේ වගේ නිදහසට කරුණු කියලා, හරි වෙලාව එනකම් වැඩ කල් දාන කෙනෙක් ද? නිදහසට කරුණු එහෙම නැත්නම් Excuses කියන්නේ ඔයාගේ දියුණුව වළක්වන, ඔයාගේ පෞරුෂයට පවා හානි කරන දෙයක්. ඔයා අද වෙනකොට ඉන්න හිතාගෙන හිටිය විදියක් ඇති. ඔයාට ගෙයක් තියෙන්න ඕන, වාහනයක් තියෙන්න ඕන, ඔයා රැකියාවෙ ඉහළ තැනක ඉන්න ඕන, ඔයාගෙම Brand එකක් හදාගෙන තියෙන්න ඕන වගේ හීන ඔයාට තියෙන්න ඇති. ඇත්තටම අද වෙනකොට ඔයා ඒ දේවල් ළඟා කරගෙන තියෙනවා ද? එහෙම නැත්නම් ඒ දේවල් කරගන්න බැරි වුණ එකට හේතු ගොඩක් ද ඔයා ළඟ තියෙන්නේ?
ඔයාගේ අරමුණුවලට යන්න බැරි වෙන විදියට නිදහසට කරුණු විතරක් නම් ඔයාට හැමතිස්සෙම පේන්න තියෙන්නේ, ඒ නිසා ඔයා වැඩ කල් දානවා නම් මේ ලිපිය සම්පූර්ණයෙන් කියවන්න.
ඔයාට දෙයක් ඉගෙන ගන්න, නැත්නම් ව්‍යාපාරයක් පටන් ගන්න බැරි වුණා කියලා හිතෙන වෙලාවට ඒ දේවල් පටන් ගන්න වෙලාවක් තිබුණේ නෑ, සල්ලි තිබුණේ නැහැ, කාගෙන්වත් උදව්වක් නැහැ වගේ දේවල් ඔයාට නිදහසට කාරණා විදියට කියන්න පුළුවන්. නමුත් ඉතිහාසයේ සාර්ථක වුණ අය දිහා බැලුවොත් ඔවුන්ටත් ඔය වගේම අභියෝග තිබුණා. වෙනසකට තිබුණෙ ඔවුන් ඒ දේවල් අභියෝග විදියට භාරගෙන ඉදිරියට යන්න හිතුවා හැරෙන්න ඒවා නිදහසට කරුණු විදියට පාවිච්චි කළේ නැහැ.
අපි දැන් ඒ වගේ සාර්ථක වුණ චරිත කීපයක් ගැන බලමු.
Ford මෝටර් රථ සමාගමේ නිර්මාතෘ Henry Fordට අඩු වයසින්ම ඔහුගේ පවුලේ වගකීම් දරන්න සිදු වුණා. ඉගෙන ගන්න, ඔහුගෙම දෙයක් කරන්න ඔහුට වෙලාවක් තිබුණෙ නැති තරම්. පවුලේ වගකීම් තමන් පිට පැවරිලා තියෙන නිසා මුකුත් කරන්න වෙලාවක් නැහැ කියලා ඔහු නිකන් හිටියේ නැහැ.
ඇයටත් පවුලේ වගකීම් අඩු වයසින්ම දරන්න සිදු වුණ නිසා ගායන ක්ෂේත්රයේ ඉදිරියට යන්න අවශ්‍ය තරම් කාලයක්, මුදල් හොයාගන්න අපහසු වුණා. ඒත්
“මම දැන් බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් වයසක නෙමෙයි ඉන්නේ”
“අලුතෙන් දෙයක් ඉගෙන ගන්න කාලයක් දැන් නැහැ”
“අද මහන්සියි. මම හෙටම ඒ වැඩේ කරනවා”
“ඕවා කරන්න සල්ලි නැහැ. සල්ලි තියෙන වෙලාවක බලමු”
ඔයත් මේ වගේ නිදහසට කරුණු කියලා, හරි වෙලාව එනකම් වැඩ කල් දාන කෙනෙක් ද? නිදහසට කරුණු එහෙම නැත්නම් Excuses කියන්නේ ඔයාගේ දියුණුව වළක්වන, ඔයාගේ පෞරුෂයට පවා හානි කරන දෙයක්. ඔයා අද වෙනකොට ඉන්න හිතාගෙන හිටිය විදියක් ඇති. ඔයාට ගෙයක් තියෙන්න ඕන, වාහනයක් තියෙන්න ඕන, ඔයා රැකියාවෙ ඉහළ තැනක ඉන්න ඕන, ඔයාගෙම Brand එකක් හදාගෙන තියෙන්න ඕන වගේ හීන ඔයාට තියෙන්න ඇති. ඇත්තටම අද වෙනකොට ඔයා ඒ දේවල් ළඟා කරගෙන තියෙනවා ද? එහෙම නැත්නම් ඒ දේවල් කරගන්න බැරි වුණ එකට හේතු ගොඩක් ද ඔයා ළඟ තියෙන්නේ?
ඔයාගේ අරමුණුවලට යන්න බැරි වෙන විදියට නිදහසට කරුණු විතරක් නම් ඔයාට හැමතිස්සෙම පේන්න තියෙන්නේ, ඒ නිසා ඔයා වැඩ කල් දානවා නම් මේ ලිපිය සම්පූර්ණයෙන් කියවන්න.
නිදහසට කරුණු නොකියා ජීවිතය ජයගත් මිනිස්සු
ඔයාට දෙයක් ඉගෙන ගන්න, නැත්නම් ව්‍යාපාරයක් පටන් ගන්න බැරි වුණා කියලා හිතෙන වෙලාවට ඒ දේවල් පටන් ගන්න වෙලාවක් තිබුණේ නෑ, සල්ලි තිබුණේ නැහැ, කාගෙන්වත් උදව්වක් නැහැ වගේ දේවල් ඔයාට නිදහසට කාරණා විදියට කියන්න පුළුවන්. නමුත් ඉතිහාසයේ සාර්ථක වුණ අය දිහා බැලුවොත් ඔවුන්ටත් ඔය වගේම අභියෝග තිබුණා. වෙනසකට තිබුණෙ ඔවුන් ඒ දේවල් අභියෝග විදියට භාරගෙන ඉදිරියට යන්න හිතුවා හැරෙන්න ඒවා නිදහසට කරුණු විදියට පාවිච්චි කළේ නැහැ.
අපි දැන් ඒ වගේ සාර්ථක වුණ චරිත කීපයක් ගැන බලමු.
Henry Ford
Ford මෝටර් රථ සමාගමේ නිර්මාතෘ Henry Fordට අඩු වයසින්ම ඔහුගේ පවුලේ වගකීම් දරන්න සිදු වුණා. ඉගෙන ගන්න, ඔහුගෙම දෙයක් කරන්න ඔහුට වෙලාවක් තිබුණෙ නැති තරම්. පවුලේ වගකීම් තමන් පිට පැවරිලා තියෙන නිසා මුකුත් කරන්න වෙලාවක් නැහැ කියලා ඔහු නිකන් හිටියේ නැහැ.
Lata Mangeshkar
ඇයටත් පවුලේ වගකීම් අඩු වයසින්ම දරන්න සිදු වුණ නිසා ගායන ක්ෂේත්රයේ ඉදිරියට යන්න අවශ්‍ය තරම් කාලයක්, මුදල් හොයාගන්න අපහසු වුණා. ඒත් පසුකාලීනව ඇය ඉන්දියාවේ විතරක් නෙමෙයි ලොවක් වසඟයට ගත හැකි ගීත නිර්මාණ රැසක් ලොවට දායාද කරන්න සමත් වුණා.
A.R. Rahman
ඔහුගේ පියාගේ වියෝවත් සමග ඔහුගේ ආත්ම විශ්වාසය, ධෛර්ය, මේ හැම දෙයක්ම නැති වුණා. එහෙම පිටින්ම ඔහු කඩා වැටීමකට ලක් වුණා. ඔහුට ඒ වේදනාව දරාගන්න අපහසු වුණත් පියා නැති ශෝකයෙන් ඔහුගේ ගමන නතර කරන්න තීරණය කළේ නැහැ. ඔහු පවසනවා පියාගේ වියෝවත් එක්ක කවදාවත් ඔහුට නැවත නැගිටින්න පුළුවන් වෙයි කියලා ඔහු හිතුවේ නැහැ කියලා. නමුත් ඔහු අද වන විට සංගීත ක්ෂේත්රයට බිහි වුණ වටිනාම චරිතයක් බවට පත්වෙලා අවසන්.
Franklin D. Roosevelt
ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වුණ Franklin D. Roosevelt සිය පාදයක ආබාධයක් නිසා පීඩා විඳි පුද්ගලයෙක්. ඒත් ඔහු ඇමරිකානු ජනාධිපති විදිහට රටට ඉමහත් සේවයක් කරපු ජනාධිපති කෙනෙක් විදිහට අදටත් ඉතිහාසයේ සඳහන් වෙනවා.
Abraham Lincoln
ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ඒබ්‍රහම් ලින්කන්ට ආර්ථික අපහසුතා මැද පාසල් ගමන පවා අතරමග නවත්වන්න සිදු වුණා. පියාට ලැබුණ ආදායම ප්‍රමාණවත් නොවූ නිසා ඒබ්‍රහම් ලින්කන් ද කුඩා කාලයේ සිට මුදල් සෙවීමේ නිරත වූ අතර ඔහු ඉතා අවිවේකීවයි කාලය ගත කළේ. මවත් අහිමි දරුවෙකු වූ ඔහු සියලු දුෂ්කරතා මැද පොත් පත් කියවමින් කෙසේ හෝ සිය දැනුම වැඩිකරගන්න කටයුතු කළා. අවසානයේ ඔහු ඇමරිකාවේ ජනාධිපති ධුරයට පවා පත් වුණා.
Abdul Kalam
ඉතා දුප්පත් පවුලක උපත ලැබූ ඔහු ගෙවුයේ ඉතාම අසීරු ජීවිතයක්. නමුත් ආර්ථික අපහසුතා ඇතුළු අනෙකුත් දුෂ්කරතා තමන්ගේ නිදහසට කාරණා බවට පත් කර නොගෙන ඉන්දියාවේ ජනාධිපති ධුරය දක්වා ඉහළට යන්න ඔහුට හැකි වුණා. භෞතික විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකු මෙන්ම ‘මිසයිල මිනිසා’ ලෙස විරුදාවලි ලත් ඔහු ලෝකයේම ගෞරවාදරයට පත් වූ චරිතයක්.
Aamir Khan
බොලිවුඩයේ ජනප්‍රිය නළුවෙකු වන ආමීර් ඛාන් කියන්නේ, එවකට ඉන්දියානු සිනමා ක්ෂේත්රයේ සිටි අනෙක් නළුවන් මෙන් උසින් යුත් පුද්ගලයෙක් නොවෙයි. නමුත් තමන්ගේ උස නිසා සිනමාව තමන්ට ගැළපෙන්නේ නැහැ, සිනමා ක්ෂේත්රයේ සාර්ථක වෙන්න නම් හොඳ උසක් තියෙන්න ඕන වගේ දේවල් හිතලා ඔහු අධෛර්යමත් වුණේ නැහැ. ඔහු Mister Perfectionist ලෙස පසුකාලීනව හඳුන්වනු ලැබුවා. උස මදි කියන එක නිදහසට කාරණාවක් කරගත්තා නම් අද ආමිර් ඛාන් නම් නළුවෙක් සිනමා ක්ෂේත්රයට බිහි වන්නේ නැහැ.
Jack Ma
Alibaba ආයතනයේ නිර්මාතෘ ජැක් මා ව්‍යවසායකයෙක් ලෙස සිය ගමන අරඹන විටත් ඔහු ඉංග්‍රීසි භාෂාව දැන සිටියේ නැහැ. ඉංග්‍රීසි අමාරුයි, මට ඉංග්‍රීසි බැහැ කියලා ඔහු තමන්ගේ ගමන අත්හැරියේ නැහැ.
මේ සඳහන් කළේ උදාහරණ කිහිපයක් පමණයි. නැති බැරිකම්, දුෂ්කරතා රැසක් නිදහසට කරුණු විදියට ඉදිරිපත් කරන්න හැකියාව තිබියදීත් ඒ කිසිවක් නිසා තමන්ගේ අරමුණුවලට යාම කල් නොදැම්ම මේ වගේ තව විශාල පිරිසක් ඉන්නවා. ඔයාගේ ජීවිතෙත් මේ වගේ ප්‍රශ්න ඕන තරම් ඇති. ඒත් නිදහසට කරුණු කිය කිය තවදුරටත් ඔයාගේ අරමුණුවලට යන ගමන කල් දාන්න ඕන ද කියලා මේ උදාහරණ ගැන කියෙව්වම ඔයාට හිතෙයි.
නිදහසට කරුණු වෙනුවට වගකීම භාරගන්න
නිදහසට කරුණු (excuses) සහ වගකීම (responsibility) අතර ලොකු වෙනසක් තියෙනවා.
නිදහසට කරුණු ඉදිරිපත් කරන කෙනෙක් මෙහෙම කියනවා: “මට මේක කරන්න බැරි වුණේ මේ හේතුව නිසයි.”
වගකීම භාරගන්නා කෙනෙක් මෙහෙම කියනවා: “මේක මට කරන්න පුළුවන්. මේක කරන්න බැරි වුණත්, මම මේ විදියට මේක විසඳලා දෙන්නම්.”
දැන් ඔයාට නිදහසට කරුණු කියන කෙනෙක් සහ වගකීම් සහගතව වැඩ කරන කෙනෙක් අතර වෙනස පැහැදිලි ඇති.
ගොඩක් වෙලාවට අපි අපේ දුර්වලකම්, බිය, සුවපහසු කලාපයෙන් මිදෙන්න තියෙන අකමැත්ත නිසා නිදහසට කරුණු ඉදිරිපත් කරනවා. නමුත් අභියෝගවලින් අපිට කවදාවත් ගැලවෙන්න බැහැ. අපි ජීවිතේ මොන දේ කළත් අපිට අභියෝග එන්න පුළුවන්. ඒ නිසා ඔයා මේ දේ තේරුම් අරගෙන නිදහසට කරුණු වෙනුවට වගකීම් සහගතව කටයුතු කරන්න හිතට ගන්න. එතකොට ඔයා කල් දමමින් සිටි වැඩ පවා ඔයාට හොඳින් කරගන්න හැකියාව ලැබේවි.
ඔයාගේ අරමුණු කරා යන්න කොහොමද හරියට සූදානම් වෙන්න ඕන කියලා අදහසක් ඔයාට නැත්නම් ඒ ගැන දැනුම ලබා ගන්න පහළ Link එක Click කරන්න.
https://school.lokubusiness.lk/p/goal-setting-techniques-for-life?affcode=1420258_ghpjvsre