පැබ්ලෝ පිකාසෝ කියලා තියෙනවා, “A good artist copies. a great artist steals.” මේකෙන් අදහස් කරන්නේ, මේ ලෝකයේ සම්පූර්ණයෙන්ම අලුතින් නිර්මාණය වූ දෙයක් නැති තරම් කියන එක. හැමදෙයක්ම කලින් තිබූ දෙයක් වෙනස් කර, අලුත් ස්වරූපයකින් ඉදිරිපත් කිරීමක් තමයි කරලා තියෙන්නෙ.
Austin Kleon ලියූ “Steal Like An Artist” කියන්නේ, අලුත් අදහස් සොයාගන්න, නිර්මාණශීලීව හිතන්න උදව් කරන පොතක්. මේ පොත කියන්නේ ‘හොරකම් කරන්න’ කියලා නෙමෙයි. වෙනත් අය කරපු දේවල් අනුකරණය කරලා, ඒවට ඔයාගේම අනන්‍යතාවය, ඔයාගේම වෙනසක් එකතු කරන්න කියන එක.
මේ පොතේ ටිකක් ආන්දෝලනාත්මක දෙයක් තමයි ඉදිරිපත් කරන්නේ. මොකද, ඔයා කොපි කළත්, වෙන කෙනෙක්ගෙ නිර්මාණයක් හොරකම් කළත් කමක් නැහැ ඒකට වෙනසක් එකතු කරලා ඒක සමාජයට මුදාහරින්න කියන එක ටිකක් ආන්දෝලනාත්මකයි.
ඔයා කරන ඕනම දෙයක් සොරකම් කරන්න ඕන කලාව මොකක්ද කියන එක මේ පොතේ සඳහන් වෙන්නේ කොහොමද කියලා අපි බලමු.
ඕනෑම දෙයක් නැවතත් එලෙසම ප්‍රතිනිර්මාණය කිරීමෙන් කිසිම වටිනාකමක් එකතු වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට, මොනාලිසා චිත්‍රය නැවතත් එලෙසම ඇඳීමෙන් එය තවත් පිටපතක් පමණක් වෙනවා. ඒ වෙනුවට, ඔයා ඒ චිත්‍රය අනුකරණය කරලා, ඒකට ඔයාගේම අදහසක් හෝ වෙනසක් එකතු කරන්න උත්සාහ කරන්න කියලයි මේ පොතේ සඳහන් වෙන්නේ.
බොහෝ දෙනෙකුට අනුකරණය කරන්න පවා නොහැකි වීමට හේතු කිහිපයක් තිබෙනවා. ඒ අතර අධ්‍යාපනයේ, දක්ෂතාවල, සහ අත්දැකීම්වල අඩුපාඩු ප්‍රධානයි. ඒ නිසා, ඔයා මුලින්ම ඔයාගේම හැකියාවන්, ඔයාගේ දැනුම සහ අත්දැකීම් වැඩිදියුණු කරගන්න ඕනේ. මොකද ඔයා චිත්‍රයක් අඳින විදිය, පොතක් ලියන විදිය, ව්‍යාපාරයක් ගොඩනගන විදිය, කෑම හදන විදිය, වගේ කිසිම දෙයක් ගැන හරියට දන්නෙ නැත්නම් ඔයාට ඒ කිසිම දෙයකට අලුත් වෙනසක් එක් කරන්න ක්‍රමයක් හොයාගන්න බැහැ.
‘සොරකම් කරන්න’ කලින්, ඔයාටම ආවේණික දේ මොකක්ද කියලා හඳුනාගන්න. ඔයාගේ ශක්තීන් සහ දුර්වලතා ගැන ගවේෂණය කරන්න. බැංකු මංකොල්ලයක් කරන්න කලින් මංකොල්ලකරුවන් විසින් ඒ බැංකුව
පැබ්ලෝ පිකාසෝ කියලා තියෙනවා, “A good artist copies. a great artist steals.” මේකෙන් අදහස් කරන්නේ, මේ ලෝකයේ සම්පූර්ණයෙන්ම අලුතින් නිර්මාණය වූ දෙයක් නැති තරම් කියන එක. හැමදෙයක්ම කලින් තිබූ දෙයක් වෙනස් කර, අලුත් ස්වරූපයකින් ඉදිරිපත් කිරීමක් තමයි කරලා තියෙන්නෙ.
Austin Kleon ලියූ “Steal Like An Artist” කියන්නේ, අලුත් අදහස් සොයාගන්න, නිර්මාණශීලීව හිතන්න උදව් කරන පොතක්. මේ පොත කියන්නේ ‘හොරකම් කරන්න’ කියලා නෙමෙයි. වෙනත් අය කරපු දේවල් අනුකරණය කරලා, ඒවට ඔයාගේම අනන්‍යතාවය, ඔයාගේම වෙනසක් එකතු කරන්න කියන එක.
මේ පොතේ ටිකක් ආන්දෝලනාත්මක දෙයක් තමයි ඉදිරිපත් කරන්නේ. මොකද, ඔයා කොපි කළත්, වෙන කෙනෙක්ගෙ නිර්මාණයක් හොරකම් කළත් කමක් නැහැ ඒකට වෙනසක් එකතු කරලා ඒක සමාජයට මුදාහරින්න කියන එක ටිකක් ආන්දෝලනාත්මකයි.
ඔයා කරන ඕනම දෙයක් සොරකම් කරන්න ඕන කලාව මොකක්ද කියන එක මේ පොතේ සඳහන් වෙන්නේ කොහොමද කියලා අපි බලමු.
යම් දෙයක් යළි ප්‍රතිනිර්මාණය නොකරන්න
ඕනෑම දෙයක් නැවතත් එලෙසම ප්‍රතිනිර්මාණය කිරීමෙන් කිසිම වටිනාකමක් එකතු වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට, මොනාලිසා චිත්‍රය නැවතත් එලෙසම ඇඳීමෙන් එය තවත් පිටපතක් පමණක් වෙනවා. ඒ වෙනුවට, ඔයා ඒ චිත්‍රය අනුකරණය කරලා, ඒකට ඔයාගේම අදහසක් හෝ වෙනසක් එකතු කරන්න උත්සාහ කරන්න කියලයි මේ පොතේ සඳහන් වෙන්නේ.
අනුකරණය කිරීමට ඇති බාධා ජයගන්න
බොහෝ දෙනෙකුට අනුකරණය කරන්න පවා නොහැකි වීමට හේතු කිහිපයක් තිබෙනවා. ඒ අතර අධ්‍යාපනයේ, දක්ෂතාවල, සහ අත්දැකීම්වල අඩුපාඩු ප්‍රධානයි. ඒ නිසා, ඔයා මුලින්ම ඔයාගේම හැකියාවන්, ඔයාගේ දැනුම සහ අත්දැකීම් වැඩිදියුණු කරගන්න ඕනේ. මොකද ඔයා චිත්‍රයක් අඳින විදිය, පොතක් ලියන විදිය, ව්‍යාපාරයක් ගොඩනගන විදිය, කෑම හදන විදිය, වගේ කිසිම දෙයක් ගැන හරියට දන්නෙ නැත්නම් ඔයාට ඒ කිසිම දෙයකට අලුත් වෙනසක් එක් කරන්න ක්‍රමයක් හොයාගන්න බැහැ.
ගවේෂණය කරන්න
‘සොරකම් කරන්න’ කලින්, ඔයාටම ආවේණික දේ මොකක්ද කියලා හඳුනාගන්න. ඔයාගේ ශක්තීන් සහ දුර්වලතා ගැන ගවේෂණය කරන්න. බැංකු මංකොල්ලයක් කරන්න කලින් මංකොල්ලකරුවන් විසින් ඒ බැංකුව ගැන විස්තර හොයනවා, වෙනත් මංකොල්ලකෑම් සිදු වුණ ආකාර අධ්‍යයනය කරනවා වගේම, ඔයත් ඔයාගේ අදහස ගැන හොඳින් අධ්‍යයනය කරන්න කියලයි මේ පොතේ සඳහන් වෙන්නේ.
ඔයාට බලපෑම් (Influences) කළ හැකි අදහසක් හෝ කෙනෙක් සොයාගන්න
ඔයාට අවශ්‍ය දේ නිර්මාණය කරන්න ඔයාට බලපෑම් කළ හැකි කෙනෙක් හෝ අදහසක් සොයාගන්න. ඔයා rap ගායකයෙක් වෙන්න කැමති නම්, ඔයා අගය කරන rap ගායකයෙක් ඔයාගේ ජීවිතයට බලපෑම් කරන කෙනෙක් විදියට තෝරගන්න. එතකොට ඔයාට ඔහුව අනුකරණය කරමින් ඔයාගේම අනන්‍යතාවය නිර්මාණය කරගන්න පුළුවන්.
පටන් ගත්ත දෙය දිගටම කරගෙන යන්න
අලුත් සහ වෙනස් දෙයක් සමාජයට ඉදිරිපත් කළාට පසුව එය දිගටම කරගෙන යන්න කියලා මේ පොතේ කතුවරයා කියනවා. Consistency එකක් තියාගන්නවා කියලා අපි අදහස් කරන්නේ මේ ගැන තමයි. එකම දෙය නැවත නැවතත් කරලා, ඔයාගේ අදහස සමාජයට හඳුන්වා දෙන්න, ඒ අතරේ අලුත් දේවල් අත්හදා බලන්න කියලා මේ පොත ඔයාට යෝජනා කරනවා.
පරිණාමය වෙන්න
අවසාන වශයෙන් පරිණාමය වෙන්න කියලා මේ පොතේ සඳහන් වෙනවා. වර්තමාන ප්රවණතා (trend) අනුව ඔයාගේ අදහස් වෙනස් කරන්න කියන එක තමයි එහි අදහස වෙන්නේ. ඔයාගේ නිර්මාණය කිසිම වැඩිදියුණු කිරීමක්, වෙනසක් නැතිව එකම තැනක තිබුණොත්, එය මිනිස්සුන්ගෙන් ඈත්වෙලා යන්න පුළුවන්. ඒ නිසා නිතරම අලුත් වෙන්න උත්සාහ කරන්න.
‘සොරකම් කිරීමට’, කොපි කිරීමට පෙර සලකා බැලිය යුතු කරුණු
කලබල වෙන්න එපා: මේක හදිසිවෙලා, කලබලෙන් කරන්න ඕන දෙයක් නෙමෙයි. සමහර වෙලාවට ඔයාට හිතෙන්න පුළුවන් ඔයා පසුබසිනවා කියලා. නමුත් ඒක නෙමෙයි ඇත්ත. ඒ කියන්නේ, ඔයා අලුත් නිර්මාණයක් බිහි කරනකොට ටිකක් විවේක අරගෙන නැවත පටන් ගත්තාම වඩා හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන්.
අනවශ්‍ය ආතතියෙන් වළකින්න: වැඩ කරන අතරතුර ඔයාට ආතතියක් (burnout) දැනෙනවා නම්, ඒකෙන් ඔයාගේ නිර්මාණශීලීත්වයට හානි වෙන්න පුළුවන්. ඒ නිසා, ආතතියෙන් තොරව, විවේකීව වැඩ කරන්න උත්සාහ කරන්න.
නිශ්ශබ්දව වැඩ කරන්න: මුලින්ම ඔයාගේ වැඩ ගැන ලෝකයටම කියාගෙන යන්න එපා. නිශ්ශබ්දව වැඩ කරන්න. මිනිස්සු ඔයා ගැන කතා කරන්න ගත්තම ඔයාගේ අවධානය වෙනතකට යන්න පුළුවන්. ඉවසීමෙන් සහ කැපවීමෙන් වැඩ කරගෙන ගියාම අනිවාර්යයෙන්ම ඔයාට ලැබිය යුතු පිළිගැනීම ලැබෙනවා.
Artist කෙනෙක් වගේ ‘සොරකම් කරන’ හැටි
සංකල්පය (Concept): ඔයා අනුකරණය කරන්න යන අදහස හෝ සංකල්පය මොකක්ද කියලා මුලින්ම තීරණය කරන්න.
සැලසුම් කිරීම (Planning): ඒ සංකල්පය සැබෑ කරගන්න අවශ්‍ය ඉලක්ක, පියවර, සහ කාල සීමාවන් සැලසුම් කරන්න.
ක්‍රියාවට නැංවීම (Execution): සැලසුම් කළ දේ ක්‍රියාවට නංවන්න.
සම්පූර්ණ කිරීම (Completion): අදාළ කාල සීමාවන් ඇතුළත ඔයාගේ කාර්ය සම්පූර්ණ කරන්න.
ඇගයීම (Evaluation): ඔයාගේ කාර්ය අවසන් වුණාට පසුව එය නැවතත් ඇගයීමට ලක් කරන්න. අලුත් දේවල් එක් කළ යුතු ආකාරය ගැන අවබෝධ කරගන්න ඒ ඇගයීම ඔයාට උදව් වෙනවා.
මේ දේවල් අනුගමනය කරලා ඔයාට ඔයාගෙම අනන්‍යතාවක් සහිත සාර්ථක නිර්මාණ බිහි කරන්න හැකියාව තියෙනවා කියලයි Steal Like An Artist පොත ලියූ කතුවරයා පවසන්නේ. “අරයා නම් සින්දු කියන්නේ අර ගායකයාව කොපි කරලා, අරයාගේ බිස්නස් එක නම් තනිකරම කොපියක්, ඒ පොත නම් ලියලා තියෙන්නේ අර පොත ලියපු කෙනා ලියන විදිය කොපි කරලා,” මේ වගේ දේවල් ගැන ඔයාටම අත්දැකීම් ඇති. ඉතින්, නිර්මාණයක් බිහි කරන්න අවශ්‍ය නම් ඒකට ඔයා තවත් කෙනෙක් කළ දෙයකින් Influence වෙන එක වැරැද්දක් නෙමෙයි. ඒත් තවත් කෙනෙක්ගෙ දෙයක් ඒ විදියටම කොපි කළොත් ඔයා තවත් එක ‘හොරෙක්’ විතරක් බවට පත් වෙනවා. ඒත් මේ පොතේ සඳහන් කරලා තියෙන විදියට ඔයාගෙම අනන්‍යතාවක් සහිත නිර්මාණයක් බිහි කරන්න ඔයාට පුළුවන් නම් ඔයා තවත් එක නිර්මාණකරුවෙක් බවට පත් වෙනවා.
ඔයා බිහි කරන නිර්මාණ සම්බන්ධයෙන්, ඒ අදාළ ක්ෂේත්රය සම්බන්ධයෙන් ඔයාට ප්‍රවීණයෙක් වෙන්න සිහිනයක් තියෙනවා නම් ඒ ගැන ඔයාගේ දැනුමට යමක් එකතු කරගන්න පහළ තියෙන Link එකට ගිහින් Free Chapter බලන්න.
https://school.lokubusiness.lk/p/mastery-video-book?affcode=1420258_ghpjvsre