ව්‍යාපාරයක් ගැන අදහසක් (Business Idea) තිබෙන කෙනෙක්, ව්‍යාපාරිකයෙක් හෝ ව්‍යවසායකයෙක් විදියට ඔයාට ආයෝජනයක් අවශ්‍ය වුණාම ආයෝජකයෙක් ළඟට ගිහින් ඔයාගේ අදහස ඉදිරිපත් කරන්න, වෙනත් විදියකට කිව්වොත් Pitch එකක් කරන්න ඔයාට සිදු වෙනවා. යාළුවෙක්ගෙන් හෝ නෑදෑයෙක්ගෙන් මුදල් ඉල්ලනවා වගේ නෙවෙයි, ආයෝජකයෙක්ව ඒ සඳහා කැමති කරවාගන්න සුවිශේෂ වූ උපක්‍රම සහ ක්‍රමවේදයක් අවශ්‍යයි.
ඔයාගේ අදහස කොච්චර හොඳ එකක් වුණත්, ඒක ආයෝජකයෙක් ඉදිරියේ හරියට පැහැදිලි කරන්න බැරි වුණොත්, ඔයාට ආයෝජනය ලැබෙන්නේ නැහැ. ආයෝජකයෙක්ගේ කැමැත්ත ලැබෙන විදියට කොහොමද හරියට Pitch එකක් කරන්නේ කියන එක ගැන අපි දැන් බලමු.
ඔයාගේ ව්‍යාපාරික අදහස හෝ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම සඳහා ආයෝජනයක් ලබා ගැනීමට ආයෝජකයෙකු ඉදිරියේ Pitch එකක් කරන විට එය ඔහුගේ/ ඇයගේ හිතට වදින ලෙස පැවසීමට ඔයාට හැකියාව තිබිය යුතුයි. ඒ කියන්නේ, “මෙයාගේ බිස්නස් එක වෙනුවෙන් invest කරන්නම ඕන, මේක අතහරින්න හොඳ නැහැ” කියලා ආයෝජකයාට හිතෙන විදියට ඒ ඉදිරිපත් කිරීම කරන්න පුළුවන් නම් ඔයා සාර්ථකයි.
මෙතැනදි ආයෝජකයාට දැනෙන්න ඕන ඔයාගේ ව්‍යාපාරය සඳහා ආයෝජනය කළාම ඒකෙන් තමන්ට පාඩුවක් වෙන්නේ නැහැ, තමන් යොදවන මුදල වෙනුවෙන් සාධාරණ මුදලක් ඔයාගේ ව්‍යාපාරය හරහා ආයෝජකයාට ලැබෙනවා කියන එක.
සාමාන්‍යයෙන් එක් ආයෝජකයෙක් ව්‍යාපාරිකයන් සිය ගණනකගේ ඉදිරිපත් කිරීම්වලට ඇහුම්කන් දෙනවා. දවසකට Pitch ගණනාවක් අහන ආයෝජකයෙක්ට ඔයාගේ Pitch එක හොඳින් මතකයේ රැඳෙන එකක් වෙන්න ඕන. එහෙම නැත්නම් ආයෝජකයා විසින් එදා දවසේ ඇහුම්කන් දුන්න Pitch අතර ඔයාගේ Pitch එක තවත් එක Pitch එකක් විතරක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
ඔයාගේ ව්‍යාපාරය සම්බන්ධයෙන් ඔයා ඉදිරිපත් කරන්න යන දේ කොච්චර සංකීර්ණ වුණත් ඒක ආයෝජකයෙක්ට තේරෙන සරල භාෂාවකින් ඉදිරිපත් කිරීම තමයි වැදගත්ම දේ. බොහෝ වෙලාවට මිලියන ගණනක වටිනාකමක් තියෙන අදහස් වුණත් ආයෝජකයන්ට තේරුම් ගන්න බැරි වුණොත් ඒවට ආයෝජනය කරන්න ඔවුන් කැමති වෙන්නේ නැහැ.
ඒ නිසා ඔයාගේ Pitch එක ඉතාම සරලව, ආයෝජයකයන්ට තේරුම් ගැනීමට පහසු වන ආකාරයෙන්, ඔවුන්ගේ හිතට වදින ලෙස සහ මතකයේ රැඳෙන ලෙස ඉදිරිපත් කරන්න ඕන.
ව්‍යාපාර අදහසක් ඉදිරිපත් කරන්න කලින්, ඔයා මුලින්ම ඔයාගේ ආයෝජකයාව තේරුම් ගන්න ඕන. හැම ආයෝජකයෙක්ම එකම දේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමහර ආයෝජකයෝ තාක්ෂණික කරුණු ගැන උනන්දුයි. තවත්
ව්‍යාපාරයක් ගැන අදහසක් (Business Idea) තිබෙන කෙනෙක්, ව්‍යාපාරිකයෙක් හෝ ව්‍යවසායකයෙක් විදියට ඔයාට ආයෝජනයක් අවශ්‍ය වුණාම ආයෝජකයෙක් ළඟට ගිහින් ඔයාගේ අදහස ඉදිරිපත් කරන්න, වෙනත් විදියකට කිව්වොත් Pitch එකක් කරන්න ඔයාට සිදු වෙනවා. යාළුවෙක්ගෙන් හෝ නෑදෑයෙක්ගෙන් මුදල් ඉල්ලනවා වගේ නෙවෙයි, ආයෝජකයෙක්ව ඒ සඳහා කැමති කරවාගන්න සුවිශේෂ වූ උපක්‍රම සහ ක්‍රමවේදයක් අවශ්‍යයි.
ඔයාගේ අදහස කොච්චර හොඳ එකක් වුණත්, ඒක ආයෝජකයෙක් ඉදිරියේ හරියට පැහැදිලි කරන්න බැරි වුණොත්, ඔයාට ආයෝජනය ලැබෙන්නේ නැහැ. ආයෝජකයෙක්ගේ කැමැත්ත ලැබෙන විදියට කොහොමද හරියට Pitch එකක් කරන්නේ කියන එක ගැන අපි දැන් බලමු.
සාර්ථක Pitch එකක් කියන්නේ මොන වගේ දෙයක් ද?
ඔයාගේ ව්‍යාපාරික අදහස හෝ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම සඳහා ආයෝජනයක් ලබා ගැනීමට ආයෝජකයෙකු ඉදිරියේ Pitch එකක් කරන විට එය ඔහුගේ/ ඇයගේ හිතට වදින ලෙස පැවසීමට ඔයාට හැකියාව තිබිය යුතුයි. ඒ කියන්නේ, “මෙයාගේ බිස්නස් එක වෙනුවෙන් invest කරන්නම ඕන, මේක අතහරින්න හොඳ නැහැ” කියලා ආයෝජකයාට හිතෙන විදියට ඒ ඉදිරිපත් කිරීම කරන්න පුළුවන් නම් ඔයා සාර්ථකයි.
මෙතැනදි ආයෝජකයාට දැනෙන්න ඕන ඔයාගේ ව්‍යාපාරය සඳහා ආයෝජනය කළාම ඒකෙන් තමන්ට පාඩුවක් වෙන්නේ නැහැ, තමන් යොදවන මුදල වෙනුවෙන් සාධාරණ මුදලක් ඔයාගේ ව්‍යාපාරය හරහා ආයෝජකයාට ලැබෙනවා කියන එක.
සාමාන්‍යයෙන් එක් ආයෝජකයෙක් ව්‍යාපාරිකයන් සිය ගණනකගේ ඉදිරිපත් කිරීම්වලට ඇහුම්කන් දෙනවා. දවසකට Pitch ගණනාවක් අහන ආයෝජකයෙක්ට ඔයාගේ Pitch එක හොඳින් මතකයේ රැඳෙන එකක් වෙන්න ඕන. එහෙම නැත්නම් ආයෝජකයා විසින් එදා දවසේ ඇහුම්කන් දුන්න Pitch අතර ඔයාගේ Pitch එක තවත් එක Pitch එකක් විතරක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
ඔයාගේ ව්‍යාපාරය සම්බන්ධයෙන් ඔයා ඉදිරිපත් කරන්න යන දේ කොච්චර සංකීර්ණ වුණත් ඒක ආයෝජකයෙක්ට තේරෙන සරල භාෂාවකින් ඉදිරිපත් කිරීම තමයි වැදගත්ම දේ. බොහෝ වෙලාවට මිලියන ගණනක වටිනාකමක් තියෙන අදහස් වුණත් ආයෝජකයන්ට තේරුම් ගන්න බැරි වුණොත් ඒවට ආයෝජනය කරන්න ඔවුන් කැමති වෙන්නේ නැහැ.
ඒ නිසා ඔයාගේ Pitch එක ඉතාම සරලව, ආයෝජයකයන්ට තේරුම් ගැනීමට පහසු වන ආකාරයෙන්, ඔවුන්ගේ හිතට වදින ලෙස සහ මතකයේ රැඳෙන ලෙස ඉදිරිපත් කරන්න ඕන.
ආයෝජකයා ගැන අධ්‍යයනය කරන්න
ව්‍යාපාර අදහසක් ඉදිරිපත් කරන්න කලින්, ඔයා මුලින්ම ඔයාගේ ආයෝජකයාව තේරුම් ගන්න ඕන. හැම ආයෝජකයෙක්ම එකම දේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමහර ආයෝජකයෝ තාක්ෂණික කරුණු ගැන උනන්දුයි. තවත් සමහර අය ආපසු ලැබෙන මුදල (return) ගැන උනන්දුයි. ඊටත් වඩා වැදගත් දේ තමයි ඔයාගේ කැපවීම, අරමුණ, සහ මේ ව්‍යාපාරය ඉදිරියට ගෙනියන්න ඔයාට තියෙන සැලැස්ම සහ වුවමනාව ගැනත් ඔවුන් සැලකිලිමත් වෙනවා.
මෙහෙම හිතන්න, ඔයාට සමහර අවස්ථාවලදි විනෝද චාරිකාවක් යන්න ඕන නම් ගෙදරින් ඒකට අවසර ගන්න වෙනවා. එතකොට ඔයා ඉගෙන ගන්න කාලයේදි නම් ඔයා පාඩම් කරනවා නම්, හරියට පාසලේ වැඩ කරනවා නම් විනෝද චාරිකාව යන්න ගෙදරින් අවසර දෙන්නම් කියන අවස්ථා තියෙනවා. එහෙම වෙලාවට ඔයාට සිද්ධ වෙනවා අම්මා, තාත්තාගේ කැමැත්ත ලැබෙන විදියට වැඩ කරන්න. ආයෝජකයෙක් කැමති කරවාගැනීමත් ඒ වගේ දෙයක්. ඔයා ආයෝජකයා මොන වගේ පුද්ගලයෙක් ද කියලා මුලින් අධ්‍යනය කරන එක වැදගත් වෙන්නේ ඒ නිසයි.
Pitch එකක් කරනකොට වැරදි අවම කරගන්න
Pitch එකක් කරන අය නිතරම කරන ලොකුම වැරැද්දක් තමයි තමන් Pitch එක කරන්න තියෙන බය (nervousness) පෙන්වන එක. ඔයාගේ Pitch එක පටන් ගන්නකොටම ඔයා බයෙන් ඉන්නවා නම්, Pitch එක කරනකොට වචන පැටලෙනවා නම් ආයෝජකයාට ඔයා ගැන විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. ඔයා ආත්ම විශ්වාසයෙන් ඉදිරිපත් කිරීම කරනවා නම් තමයි ආයෝජකයාට ඔයා ගැන විශ්වාසයක් ඇති වෙන්නේ.
පළමු තත්පර 60 ඉතා වැදගත්: Pitch එකක පළමු තත්පර 60 ඇතුළත ආයෝජකයන් ඔයා ගැන යම් මතයකට එළඹෙනවා. ඒ නිසා ඔයාගේ අදහස ගැන තියෙන විශ්වාසය සහ කැපවීම පළමු තත්පර 60 ඇතුළතදී ආයෝජකයාට දැනෙන්න සලස්වන්න.
නොකිව්ව දේ ගැන සැලකිලිමත් වෙන්න: ගොඩක් වෙලාවට Pitch එකක් අසාර්ථක වෙන්නේ ඔයා කිව්ව දේ නිසා නෙමෙයි, නොකිව්ව දේ නිසා. ආයෝජකයාගේ හිතේ ඇතිවිය හැකි ප්‍රශ්න ගැන ඔයා කල්තියාම හිතලා, ඒවාට උත්තර දෙන්න.
Pitch එකේ ආකෘතිය (structure) හරියට හදාගන්න: සමහර පුද්ගලයන් Pitch එකක් කරනකොට ඒකට හරියන ආකෘතියක් හදාගන්නේ නැහැ. කිසිම ගැළපීමක්, ගලායාමක් නැති විදියට වචන ටිකක් කියාගෙන යන එක Pitch එකක් කරන ගොඩක් දෙනෙක් කරන වැරැද්දක්. ඒ නිසා ඉතාම පිළිවෙළට ඔයාගේ Pitch එක නිර්මාණය කරගන්න ඕන වගේම ඒක ඉදිරිපත් කරන්නත් ඕන.
ශරීර භාෂාව (Body Language): පාසල් සමිතියේ කතාවක් කරන්න ලැබුණ වෙලාවට ඔයාට ඒ ගැන බයක් දැනුණොත් ඔයා වටපිට බල බල, ඔළුව කස කස, පැද්දි පැද්දි කතාව කරනවා වගේ Pitch එකක් කරන්න බැහැ කියන එක ඔයා මතක තියාගන්න ඕන. විශේෂයෙන්ම eye contact තියාගෙන කතා කරන එක වැදගත්. ඒ වගේම ඔයාගෙ අත් චලනය වන ආකාරය, ඔයා ඉන්න විදිය ඇතුළු හැම දෙයක්ම තුළම ආත්ම විශ්වාසය ගැබ්වෙලා තියෙන්න ඕන.ල්
AI පාවිච්චි කරලා Pitch එකක් හදන එක සාර්ථක ද?
AI tools භාවිතා කරලා ලස්සන slide show එකක් හදාගන්න පුළුවන් වුණත් ඔයාගේ කතාව, අත්දැකීම්, සහ ඔයා ඉගෙනගත් දේවල් කිසිම AI tool එකකට ඉදිරිපත් කරන්න බැහැ. ආයෝජකයෙක් අන්තිමේදී ආයෝජනය කරන්නේ, ඔයාගේ අදහසටත් වඩා ‘ඔයා’ කියන පුද්ගලයාටයි.
ඒ නිසා ඔයාගේ කතාව මනුස්සයෙක්ට දැනෙන විදියෙ දෙයක් විය යුතුමයි. ඒක තමයි ආයෝජකයෙක් හා සම්බන්ධ වෙන්න තිබෙන හොඳම මාර්ගය වෙන්නේ. ඔයා සම්පූර්ණ දේවල් AI මත විශ්වාසය තබාගෙන කළාට ඒක මනුස්සයෙක්ගේ හැඟීම්වලට දැනෙන්නෙ නැහැ.
සංකීර්ණ බවට වඩා සරල බව වැදගත්
ගොඩක් අය හිතනවා සංකීර්ණ තාක්ෂණික අදහස්වලට තමයි ආයෝජකයෝ කැමති වෙන්නේ කියලා. නමුත් සමහර වෙලාවට සරල අදහසක් වුණත්, එය හරියට ඉදිරිපත් කළොත්, ආයෝජකයෝ කැමති වෙන්න පුළුවන්.
උදාහරණයක් විදියට, අලුත් drone technologies හෝ cutting edge mobile apps ගැන Pitch කළ කෙනෙක්ට වඩා, විදේශගතව ඉන්න අයට උතුරු පළාතේ ඉන්න එයාලගේ නෑදෑයන්ට බෙහෙත් ඇනවුම් කරන්න පුළුවන් සරල platform එකක් ගැන Pitch එකක් කළ කෙනෙක්ට ආයෝජනයක් හිමි වෙන අවස්ථා තිබෙනවා. ඒකට හේතුව ඒ පුද්ගලයා තමන්ගේ අදහස බොහොම සරලව, එහි තිබෙන වාසි පැහැදිලිව සඳහන් කරමින් Pitch එක සිදු කිරීම. ඒ නිසා ඔයාගේ Pitch එක අනවශ්‍ය විදියට සංකීර්ණ කරන්න යන්න එපා.
ඔයාට ව්‍යාපාරික අදහසක් තියෙනවා ඒත් ඒක ක්‍රියාත්මක කරන්න මුදල් නැත්නම්, ඔයාට දැනට තිබෙන ව්‍යාපාරය වැඩිදියුණු කරගන්න ඕන ඒත් ඒකට මුදල් නැත්නම් ආයෝජකයෙක් කැමති වෙන ආකාරයට Pitch එකක් කරන හැටි ඉගෙන ගන්න එක ඔයාට ගොඩක් වැදගත් වෙනවා. ඒ ගැන මේ ලිපියෙන් ලැබුණ මූලික දැනුමට එහා ගිය දැනුමක් ලබා ගන්න පහළ Link එක Click කරන්න. Investor Pitch එකක් හරියටම Structure කරන ආකාරය සහ කෝපයට පත් වුණ Investor කෙනෙක්ව සන්සුන් කරන Techniques දැනගන්න පහළ Link එකට ගිහින් Free Chapters බලන්න.
https://school.lokubusiness.lk/p/how-to-pitch-to-an-investor?affcode=1420258_ghpjvsre