ජීවිතයේ සාර්ථකත්වය සොයන බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි “සාර්ථක මිනිස්සුන්ගේ රහස මොකක්ද?” කියන එක. මේකට උත්තරය හරිම සරලයි. ඒ රහස තමයි ක්‍රියාත්මක කිරීමේ වේගය (Speed of Implementation).
හොඳින් ඉගෙන ගන්න සිසුන්, දක්ෂ සේවකයින්, කෝටිපතියන්, ව්‍යාපාරිකයින්, සහ ජයග්‍රාහී ක්‍රීඩකයින් වැනි සාර්ථක පුද්ගලයින් හැමෝම මේ රහස අනුගමනය කරනවා. ඔවුන් යමක් කළ යුතුයි කියලා දැනගත් පසු ඒ ගැන හිත හිතා ඉන්නේ නැහැ. ඔවුන් එය ඉක්මනින්ම ක්‍රියාවට නංවනවා. හිතන කාලයත්, වැඩ කරන කාලයත් අතර වෙනස මේ අය ළඟ ඉතාම අඩුයි.
බොහෝ දෙනෙක් කියනවනේ “දැනුම යනු බලයයි” කියලා. හැබැයි ඇත්තටම ඒක එහෙමම නෙවෙයි. දැනුම කියන්නේ ඔයා ළඟ තියෙන බලයක් තමයි. ඒත් ඒ දැනුම ඔයා ක්‍රියාවට නංවන්නේ නැත්නම් ඒකෙන් ඔයාගේ ජීවිතයට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඔයා ක්‍රියාත්මක කරන දැනුම තුළ තමයි සැබෑම බලය සැඟවී තියෙන්නේ.
ඔයා මොකක් හරි වැඩමුළුවකට සහභාගී වෙලා, එහෙම නැත්නම් පාඨමාලාවක් හදාරලා විභාගත් හොඳින් සමත්වෙලා ඒ දේවල් සම්පූර්ණ කළා කියලා හිතන්න. ඔයාට ඒ ඉගෙන ගත් දේ ගැන හොඳ දැනුමක් තියෙනවා. ඔයාට අනිත් අයට ඒ දැනුම බෙදා දෙන්න තරමේ හොඳ දැනුමක් තියෙන්නේ. ඒත් ඔයා ඒ ඉගෙන ගත් දේ ක්‍රියාවට නංවන්නේ නැත්නම් ඒ දැනුමෙන් ඔයා ප්‍රයෝජනයක් ගන්නේ නැහැ.
ඔයාට ඉතාම දක්ෂ විදියට චිත්‍ර අඳින්න හැකියාවක් තියෙනවා කියලා හිතන්න.
ජීවිතයේ සාර්ථකත්වය සොයන බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි “සාර්ථක මිනිස්සුන්ගේ රහස මොකක්ද?” කියන එක. මේකට උත්තරය හරිම සරලයි. ඒ රහස තමයි ක්‍රියාත්මක කිරීමේ වේගය (Speed of Implementation).
හොඳින් ඉගෙන ගන්න සිසුන්, දක්ෂ සේවකයින්, කෝටිපතියන්, ව්‍යාපාරිකයින්, සහ ජයග්‍රාහී ක්‍රීඩකයින් වැනි සාර්ථක පුද්ගලයින් හැමෝම මේ රහස අනුගමනය කරනවා. ඔවුන් යමක් කළ යුතුයි කියලා දැනගත් පසු ඒ ගැන හිත හිතා ඉන්නේ නැහැ. ඔවුන් එය ඉක්මනින්ම ක්‍රියාවට නංවනවා. හිතන කාලයත්, වැඩ කරන කාලයත් අතර වෙනස මේ අය ළඟ ඉතාම අඩුයි.
දැනුම යනු බලය නොවේ
බොහෝ දෙනෙක් කියනවනේ “දැනුම යනු බලයයි” කියලා. හැබැයි ඇත්තටම ඒක එහෙමම නෙවෙයි. දැනුම කියන්නේ ඔයා ළඟ තියෙන බලයක් තමයි. ඒත් ඒ දැනුම ඔයා ක්‍රියාවට නංවන්නේ නැත්නම් ඒකෙන් ඔයාගේ ජීවිතයට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඔයා ක්‍රියාත්මක කරන දැනුම තුළ තමයි සැබෑම බලය සැඟවී තියෙන්නේ.
ඔයා මොකක් හරි වැඩමුළුවකට සහභාගී වෙලා, එහෙම නැත්නම් පාඨමාලාවක් හදාරලා විභාගත් හොඳින් සමත්වෙලා ඒ දේවල් සම්පූර්ණ කළා කියලා හිතන්න. ඔයාට ඒ ඉගෙන ගත් දේ ගැන හොඳ දැනුමක් තියෙනවා. ඔයාට අනිත් අයට ඒ දැනුම බෙදා දෙන්න තරමේ හොඳ දැනුමක් තියෙන්නේ. ඒත් ඔයා ඒ ඉගෙන ගත් දේ ක්‍රියාවට නංවන්නේ නැත්නම් ඒ දැනුමෙන් ඔයා ප්‍රයෝජනයක් ගන්නේ නැහැ.
ඔයාට ඉතාම දක්ෂ විදියට චිත්‍ර අඳින්න හැකියාවක් තියෙනවා කියලා හිතන්න. ඔයා චිත්‍ර ශිල්පය සම්බන්ධයෙන් තව ඉගෙන ගෙන ඒ සම්බන්ධ ශිල්පීය ක්රමවේදත් ප්‍රගුණ කරලා තියෙන්නේ. ඒත් ඔයා ඉඳලා හිටලා මනස සන්සුන් කරගන්න වගේ වෙනසකට එක්ක චිත්‍රයක් අඳිනවා. දැන් ඒ හැකියාව සහ ලබා ගත් දැනුම බලයක් බවට ඔයා පරිවර්තනය කරගෙන ද තියෙන්නේ? නැහැ. ඒත් ඔයාට ඔයාගේ දැනුමත්, හැකියාවත් එකට මුසු කරලා චිත්‍ර අඳින්න පටන් ගන්න පුළුවන්. ඉන්පසුව ඔයාට පුළුවන් ඒ චිත්‍ර විශාල මිලකට අලෙවි කරන්න. මොකද ඒ වගේ නිර්මාණ විශාල මුදලක් ගෙවලා ගන්න කැමති අය ලංකාවේ විතරක් නෙමෙයි ලෝකය පුරාම ඉන්නවා.
හරි නැකත එනකම් ඉන්නම ඕන ද?
ඉහත සඳහන් කළ උදාහරණය ගත්තම එතැන තියෙන්නෙත් ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්නයක්. ගොඩක් දෙනෙක් හිතනවා “මේක නෙමෙයි වෙලාව” කියලා. තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් දෙයක් පටන් ගන්න වෙලාව එනකම් ඔයා බලාගෙන හිටියොත් ඔයාට කවදාවත් ඒ වෙලාව එන්නේ නැති වෙන්න පුළුවන්.
ඔයාගේ සාර්ථකත්වය වෙනුවෙන් මේ දැන්ම ක්‍රියාත්මක වෙන්න ඕන. ඔයා හිතුවොත් අද බෑ, දැන්ම මට ඒකට හයියක් නෑ, සල්ලි ඕන, උදව්වට කවුරු හරි ඕන වගේ දේවල් සමහර විට මේ දේවල් තව අවුරුද්දක් ගිහින් හිතුවත් ඔයා ළඟ නෑ කියලා ඔයාට හිතෙයි. මුලින්ම ලොකුවට නෙමෙයි, ඒත් එක පුංචි පියවරක් හරි තියන්න.
රස්සාවෙන් හොඳට ඉතුරු කරගෙනම දෙයක් පටන් ගන්නවා, සල්ලි ටිකක් එකතු වුණාම ඉගෙන ගන්නවා, තව අවුරුද්දක් දෙකක් අත්දැකීම් අරගෙනම උත්සහ කරනවා, වගේ දේවල් හිතන්න යන්න එපා. මේ දැන්ම ක්‍රියාත්මක වෙන්න. ඔයාගේ ක්‍රියාත්මක වීමේ වේගය අඩාල වෙනවා කියන්නේම ඔයාට ඔයාගේ සාර්ථකත්වයට යන්න තියෙන හැඟීම් පවා අඩු වෙන්න පුළුවන්.
මේ තමයි ඔයාගේ හොඳම වෙලාව, මේ තමයි සුබ නැකත. ඒ නිසා දැන්ම ක්‍රියාත්මක වෙන්න. එක පුංචි පියවරක් හරි තැබුවට පස්සේ ඔයා ඊළඟට යන්න ඕන පියවරත් ඉක්මනින් ක්‍රියාවට නංවන්න.
අදහසක් හිතේ තියාගෙන හිටියා කියලා ඔයා සාර්ථක වෙන්නේ නැහැ. ඒක මිලියන ගාණක් වටින අදහසක් වෙන්න පුළුවන්. ඒත් ඔයා ඒ අදහස ක්‍රියාත්මක කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ වේගය තමයි ඔයාව සාර්ථකත්වයට ගෙන යන්නේ.
ඔයා දකින සාර්ථක මිනිස්සු අනුගමනය කළ අංක එකේ පුරුද්ද වෙන්නේ ඉතා ඉක්මනින් තමන්ගේ අදහස් ක්‍රියාත්මක කිරීම. ඒ නිසා ඔයාගේ පුරුදු ගැන ටිකක් අවධානය යොමු කරලා පුරුදු වෙනස් කරගන්න. ඔයා වැඩ කල් දමමින් ඉන්න කෙනෙක් නම් ඒ පුරුද්ද ඔයා විසින්ම වෙනස් කරගන්න ඕන. තවත් ප්‍රමාද වෙන්න එපා. මේ පුරුද්ද විතරක් නෙමෙයි, ඔයාගේ ජීවිතේ සාර්ථකත්වය වෙනුවෙන් තවත් වැදගත් වන පුරුදු හදාගන්න හැටි දැනගන්න පහළ Link එක Click කරන්න.
https://school.lokubusiness.lk/p/atomic-habits?affcode=1420258_ghpjvsre