බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ආත්ම විශ්වාසය (confidence) අඩුකම. අලුත් වැඩක් පටන් ගන්න, අලුතෙ මුණගැහුණ මිනිස්සු එක්ක කතා කරන්න, නැත්නම් තමන්ගේ අදහසක් ඉදිරිපත් කරන්න බයයි. මේක සමහර අය හිතන්නේ දක්ෂතාවකින් ලැබෙන දෙයක් කියලා. නමුත් ඇත්තටම ඒක තමන්ටම හදාගන්න පුළුවන් දෙයක්.
ඔයා දකින සමහර ප්‍රසිද්ධ චරිත වගේම එදිනෙදා මුණගැහෙන අය අතරේ පවා මේ විදියට හොඳ ආත්ම විශ්වාසයක් තියෙන පුද්ගලයන් ඔයාට මුණගැහිලා ඇති. ඔයා හිතනවා ද ඒ හැමෝම කුඩා අවධියේ ඉඳලම හොඳ ආත්ම විශ්වාසයක් තිබුණ අය කියලා? එහෙම නැහැ. සමහර පුද්ගලයෝ කුඩා කාලයේ ඉතාම ලැජ්ජාශීලී අය. නෑදෑයෙක් ගෙදරට ආවත් එළියට එන්නේ නැති, පාසල් යන කාලේ පන්තිය ඉස්සරහ කතාවක් කරන්න වුණාම ඒක කරන්න බැරි තත්ත්වෙක හිටිය අය. ඒත් අද වෙනකොට ඔවුන් තමන්ගේ ආත්ම විශ්වාසය ගොඩනගාගෙන තියෙනවා.
ඔයාගේ ආත්ම විශ්වාසය වැඩි කරගන්න අනුගමනය කරන්න පුළුවන් ක්‍රම 06ක් ගැන දැන් අපි බලමු.
සැබෑ ආත්ම විශ්වාසය ගොඩනැගෙන්නේ තමන් ගැන තියෙන අවබෝධය මතයි. තමන්ට පුළුවන් දේ මොකක්ද, බැරි දේ මොකක්ද, දුර්වලකම් සහ ශක්තීන් මොනවාද කියලා දැනගන්න එක හරිම වැදගත්.
මේ සඳහා ඔයාට KIS (Keep, Improve, Start) Journal එකක් භාවිත කරන්න පුළුවන්. සතියකට එක් වරක්වත් පහතින් සඳහන් කරලා තියෙන ප්‍රශ්න තුනට මේ Journal එකේ උත්තර ලියන්න.
මේ පුරුද්ද මගින් ඔයාගේ ආත්ම විශ්වාසය ටිකෙන් ටික වැඩි කරගන්න පුළුවන්.
ආත්ම විශ්වාසය තියෙන මිනිස්සු හැම වෙලාවකම, හැමදේම පරිපූර්ණව කරන්න හිතන්නේ නැහැ. ඒ කියන්නේ Perfect කෙනෙක් වෙන්න උත්සහ කරන්නේ නැහැ වගේම වැරදුණොත් ලැජ්ජා වෙයි කියලා ඔවුන් බය වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් තමන්ගේ ප්‍රගතිය (progress) ගැන අවධානය යොමු කරනවා. “මම කලින්ට වඩා හොඳට මේ වැඩේ කළා ද?” කියලා ඔවුන් තමන්ගෙන් අහනවා මිසක් “මම මේ වැඩේ perfect විදියට කළා ද?” කියලා හිතන්නේ නැහැ.
ඔයාට පුළුවන් ඔයාගේ දවස අවසානයේ පහත සඳහන් කරලා තියෙන කරුණු ගැන සටහන් කරන්න.
ඔයා මේ විදියට හැමදාම සටහනක් දාගන්න මේ කරුණු 03 ගැන. එතකොට ඔයාට ටිකෙන් ටික දැනෙන්න ගනීවි ඔයා දියුණු වෙමින් ඉන්නවා, ප්‍රගතියක් ලබමින් ඉන්නවා කියලා. ඒ තුළින් ඔයාට අවබෝධ වෙයි ආත්ම විශ්වාසය කියන්නේ පරිපූර්ණ වීම නෙවෙයි උත්සාහයෙන් දියුණු වෙන්න පුළුවන් බව විශ්වාස කරන එක කියලා.
ජීවිතේ හැමදාම එකම විදියට ගෙවනවා කියන්නේ ඔයා ඔයාට ආරක්ෂිතයි කියලා දැනෙන සීමාවක් තුළ ජීවත් වෙනවා කියන එක. එහෙම නැත්නම් ඔයාට ජීවත් වෙන්න පහසු කලාපයක් (Comfort zone) තුළ ඔයා ජීවත් වෙන්න උත්සහ කරන එක. නමුත් අලුත් අභියෝගවලට මුහුණ දීලා, ඒවා ජයගන්න ඔයාට පුළුවන්කම තියෙන්න ඕන. ඔයා හැමදාම එකම විදියට ඉන්න උත්සාහ කළොත්, අලුත් අභියෝගයක් ආවම ඒකට මුහුණ දෙන්න තරම්
බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ආත්ම විශ්වාසය (confidence) අඩුකම. අලුත් වැඩක් පටන් ගන්න, අලුතෙ මුණගැහුණ මිනිස්සු එක්ක කතා කරන්න, නැත්නම් තමන්ගේ අදහසක් ඉදිරිපත් කරන්න බයයි. මේක සමහර අය හිතන්නේ දක්ෂතාවකින් ලැබෙන දෙයක් කියලා. නමුත් ඇත්තටම ඒක තමන්ටම හදාගන්න පුළුවන් දෙයක්.
ඔයා දකින සමහර ප්‍රසිද්ධ චරිත වගේම එදිනෙදා මුණගැහෙන අය අතරේ පවා මේ විදියට හොඳ ආත්ම විශ්වාසයක් තියෙන පුද්ගලයන් ඔයාට මුණගැහිලා ඇති. ඔයා හිතනවා ද ඒ හැමෝම කුඩා අවධියේ ඉඳලම හොඳ ආත්ම විශ්වාසයක් තිබුණ අය කියලා? එහෙම නැහැ. සමහර පුද්ගලයෝ කුඩා කාලයේ ඉතාම ලැජ්ජාශීලී අය. නෑදෑයෙක් ගෙදරට ආවත් එළියට එන්නේ නැති, පාසල් යන කාලේ පන්තිය ඉස්සරහ කතාවක් කරන්න වුණාම ඒක කරන්න බැරි තත්ත්වෙක හිටිය අය. ඒත් අද වෙනකොට ඔවුන් තමන්ගේ ආත්ම විශ්වාසය ගොඩනගාගෙන තියෙනවා.
ඔයාගේ ආත්ම විශ්වාසය වැඩි කරගන්න අනුගමනය කරන්න පුළුවන් ක්‍රම 06ක් ගැන දැන් අපි බලමු.
01. ඔබ කවුද කියන එක අවංකව තේරුම් ගන්න
සැබෑ ආත්ම විශ්වාසය ගොඩනැගෙන්නේ තමන් ගැන තියෙන අවබෝධය මතයි. තමන්ට පුළුවන් දේ මොකක්ද, බැරි දේ මොකක්ද, දුර්වලකම් සහ ශක්තීන් මොනවාද කියලා දැනගන්න එක හරිම වැදගත්.
මේ සඳහා ඔයාට KIS (Keep, Improve, Start) Journal එකක් භාවිත කරන්න පුළුවන්. සතියකට එක් වරක්වත් පහතින් සඳහන් කරලා තියෙන ප්‍රශ්න තුනට මේ Journal එකේ උත්තර ලියන්න.
Keep: මම දිගටම කළ යුතු දේවල් මොනවාද?
Improve: මම තවදුරටත් දියුණු කරගත යුතු දේවල් මොනවාද?
Start: මම අලුතෙන් පටන් ගත යුතු දේවල් මොනවාද?
මේ පුරුද්ද මගින් ඔයාගේ ආත්ම විශ්වාසය ටිකෙන් ටික වැඩි කරගන්න පුළුවන්.
02. පරිපූර්ණ කෙනෙක් වෙන්න අනවශ්‍ය ලෙස උත්සහ කරන්න එපා
ආත්ම විශ්වාසය තියෙන මිනිස්සු හැම වෙලාවකම, හැමදේම පරිපූර්ණව කරන්න හිතන්නේ නැහැ. ඒ කියන්නේ Perfect කෙනෙක් වෙන්න උත්සහ කරන්නේ නැහැ වගේම වැරදුණොත් ලැජ්ජා වෙයි කියලා ඔවුන් බය වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් තමන්ගේ ප්‍රගතිය (progress) ගැන අවධානය යොමු කරනවා. “මම කලින්ට වඩා හොඳට මේ වැඩේ කළා ද?” කියලා ඔවුන් තමන්ගෙන් අහනවා මිසක් “මම මේ වැඩේ perfect විදියට කළා ද?” කියලා හිතන්නේ නැහැ.
ඔයාට පුළුවන් ඔයාගේ දවස අවසානයේ පහත සඳහන් කරලා තියෙන කරුණු ගැන සටහන් කරන්න.
- අසාර්ථක වූ එක් දෙයක් (උදාහරණ: ඔයාට වැරදුණ වැඩක්)
- ඔයා අලුතෙන් ඉගෙනගත් දෙයක්
- නැවත උත්සාහ කරන එක් දෙයක් (උදාහරණ: ඔයා නැවත උත්සාහ කරන්න බලාපොරොත්තු වෙන නමුත් ඔයා අසාර්ථක වුණ දෙයක්)
ඔයා මේ විදියට හැමදාම සටහනක් දාගන්න මේ කරුණු 03 ගැන. එතකොට ඔයාට ටිකෙන් ටික දැනෙන්න ගනීවි ඔයා දියුණු වෙමින් ඉන්නවා, ප්‍රගතියක් ලබමින් ඉන්නවා කියලා. ඒ තුළින් ඔයාට අවබෝධ වෙයි ආත්ම විශ්වාසය කියන්නේ පරිපූර්ණ වීම නෙවෙයි උත්සාහයෙන් දියුණු වෙන්න පුළුවන් බව විශ්වාස කරන එක කියලා.
03. වෙනස් වෙන්න බය වෙන්න එපා
ජීවිතේ හැමදාම එකම විදියට ගෙවනවා කියන්නේ ඔයා ඔයාට ආරක්ෂිතයි කියලා දැනෙන සීමාවක් තුළ ජීවත් වෙනවා කියන එක. එහෙම නැත්නම් ඔයාට ජීවත් වෙන්න පහසු කලාපයක් (Comfort zone) තුළ ඔයා ජීවත් වෙන්න උත්සහ කරන එක. නමුත් අලුත් අභියෝගවලට මුහුණ දීලා, ඒවා ජයගන්න ඔයාට පුළුවන්කම තියෙන්න ඕන. ඔයා හැමදාම එකම විදියට ඉන්න උත්සාහ කළොත්, අලුත් අභියෝගයක් ආවම ඒකට මුහුණ දෙන්න තරම් ආත්ම විශ්වාසයක් ඔයාට ඔයාට නැති වෙනවා.
මාසයකට වරක් හෝ සතියකට වරක් ඔයාගේ සාමාන්‍ය දින චර්යාවෙන් (routine) මිදිලා වෙනස් දෙයක් කරන්න උත්සාහ ගන්න. ඒක ඔයාගේ කාමරේ තියෙන දේවල්වල පිළිවෙල වෙනස් කරනවා වගේ සරල දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් පීනන්න ඉගෙනගන්න උත්සාහ කිරීම, ඇවිදින්න යාම වගේ දෙයක් වෙන්නත් පුළුවන්. වෙනස්වීම්වලට මුහුණ දෙන එකෙන් අලුතෙන් එන ගැටලුවකට හෝ වෙනස් අවස්ථාවකට මුහුණ දෙන්න හෝ සිදු වී විට ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්න ඔයාට හැකියාව ලැබෙනවා.
04. ප්‍රායෝගික ඉලක්ක තබාගන්න
අපිට හැමෝටම ලොකු ඉලක්ක තියෙනවා. නමුත් ඒවා ක්‍රියාවට නංවන්න බැරි වුණොත් අපේ ආත්ම විශ්වාසය අඩු වෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි, ඒ ඉලක්ක ප්‍රායෝගික නොවන ඒවා වීම. ඒ කියන්නේ ඔයා දැන් ඉන්න තත්ත්වය අනුව ගත්තොත් හිතාගන්න බැරි තරම් ලොකු ඉලක්ක ඔයාට තියෙනවා කියන එක.
ඔයාට ඉලක්කයක් තියෙනවා කියලා හිතන්න සේවකයෝ 200ක් අවම වශයෙන් ඉන්න ව්‍යාපාරයක් ගොඩනගන්න. ඒත් ඔයාට එක පාර සේවකයෝ 200ක් බඳවාගෙන ඔවුන්ට වැටුප් ගෙවන්න හැකියාවක් නැහැ. ඒකට ඔයා මුලින්ම තනියම කරන්න පුළුවන් වැඩ ටික කරලා ඉන්පස්සෙ තව හවුල්කරුවෙක් හෝ හිතවතෙක් සම්බන්ධ කරගෙන ටිකෙන් ටික ව්‍යාපාරය ගොඩනගාගන්න ඕන. ඒ වෙනුවට ඔයා සේවකයෝ 200ක්වත් ඉන්න ව්‍යාපාරික ආයතනයක් හදන්න ඕන කියලා 200කට වැඩ කරන්න ඉඩ තියෙන ගොඩනැගිල්ලක් ගන්න ඕන, ඒත් ඒකට සල්ලි නෑනේ කියලා දුක් වෙවී හිටියොත් ඔයාගේ ආත්ම විශ්වාසය අඩු වෙනවා.
ඔයාට ඒ වගේ ප්‍රායෝගික නොවන ඉලක්ක තබා ගන්නවා වෙනුවට 1-2-5 නීතිය (1-2-5 Rule) භාවිත කරන්න පුළුවන්. මෙයින් අදහස් වෙන්නේ මොකක්ද කියලා බලමු.
1 – අවුරුද්දට එක ලොකු ඉලක්කයක් තබාගන්න. ඒ ඉලක්කය ඒ අවුරුද්ද ඇතුළත සම්පූර්ණ කරන්න ඔයා වග බලා ගන්න ඕන.
2 – මුලින් සඳහන් කළ අවුරුද්දකට තබා ගත් ඉලක්කය කුඩා ඉලක්ක 2කට කඩන්න. එතකොට ඔයාට අවුරුද්දේ මුල් මාස හයේදී අර විශාල ඉලක්කයට ළඟා වෙන්න කරන්න ඕන දේවල්වලින් කොටසක් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉන්පස්සේ ඊළඟ මාස හයේදි ඉතිරි කොටස සම්පූර්ණ කරගන්න පුළුවන්.
5 – මේ පියවරේදී මාස හය බැගින් කොටස් දෙකකට වෙන් කරගත්ත ඉලක්ක දෙක තවත් කුඩා කොටස්වලට වෙන් කරගන්න ඕන. පළවෙනි මාස 06ට අදාළ ඉලක්කය සතියකට පියවර 05ක් විදියට කඩන්න. මේ පියවර 05 ඔයාට සතියක් ඇතුළත ක්‍රියාවට නංවන්න පුළුවන් පියවර 05ක් වෙන්න ඕන.
ඔයාට මේ විදියට ඔයාගේ ඉලක්කය කොටස්වලට වෙන් කරගත්තම ටිකෙන් ටික ඔයා ඉලක්කය කරා ළඟා වෙනවා කියන එක දැනෙන්න ගන්නවා. එතකොට ඔයාගේ ආත්ම විශ්වාසයත් ඊට සමගාමීව වැඩි වෙනවා.
05. අලුතෙන් මුණගැහෙන පුද්ගලයන් සමග කතා කරන්න
ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන් දන්නේ නැති, කතා කරලාවත් නැති අමුත්තෙක් එක්ක කතාබහ කරන්න වුණොත් ඒකට මුහුණ දෙන්න බැරිකම. අනිත් අය මොනවා හිතයි ද කියලා අනවශ්‍ය බියක්, ලැජ්ජාවක් ඔවුන්ට තියෙනවා. ඒත් ඔයාට අලුතෙන් මුණගැහෙන පුද්ගලයන් සමග කතා කරන්න හුරු වෙන්න. ඒකෙන් ඔයාගේ ආත්ම විශ්වාසය ඉහළ නංවගන්න පුළුවන්.
ඔයාගේ පාසලෙන්, විශ්වවිද්‍යාලයෙන්, ආයතනයෙන් හෝ කුමක් හෝ වැඩමුළුවක්, වැඩසටහනක් සංවිධානය කරලා තියෙනවා කියලා හිතන්න. එතැනදි ඔයාට වෙනදා දැකලා නැති පුද්ගලයන් සමග කතා කරන්න සිද්ධ වෙන්න පුළුවන්. සමහර විට වැඩසටහනේ ආරාධිත අමුත්තාට වැඩසටහනේ සිදු වූ යම් වෙනසක් ගැන කියන්න ඔයාට භාර දුන්නා කියලා හිතමු. දැන් ඔයාට ඔහු/ ඇය සමග කතා කරන්න ලැජ්ජාවක් හෝ අනිත් අය ඔයා කතා කරන විදිය ගැන මොකක් හිතයි ද, ඒ පුද්ගලයා මොනවා හිතයි ද කියලා හිතෙනවා නම් ඔයාට ආත්ම විශ්වාසයෙන් ඔහු/ ඇය සමග කතා කරන්න අපහසු වෙනවා.
ඒ විදියට ඔයාව අපහසුතාවට පත් වෙන එක වළක්වගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඔයාට අලුතෙන් මුණගැහෙන පුද්ගලයන් සමග කතා කරන්න පුරුදු වෙන එක. මේකෙන් අදහස් කරන්නේ නැහැ ඔයා නාඳුනන හැම පුද්ගලයෙක් එක්කම කතා කරන්න උත්සහ කරන්න කියලා.
ඔයාට මේ දේ කරන්න අමාරුයි කියලා හිතෙනවා නම් මුලින්ම පුංචි හිනාවකින් පටන් ගන්න. ඊළඟට “සුබ උදෑසනක්” වගේ දෙයක් කියන්න. ඉන්පස්සෙ ඔයාට පුළුවන් ඔවුන්ව අගය කරන්න පුළුවන් දෙයක් කියන්න. “ඔයාගේ ඇඳුම ලස්සනයි, ඔයා ඒ කතාව හොඳට කළා,” වගේ දෙයක් කියන්න පුළුවන්.
මේ විදියට අලුතෙන් මුණගැහුණ පුද්ගලයෙක් සමග වුණත් කතා කරන්න ඔයා පුරුදු වුණාම ඔයාට විශේෂ අවස්ථාවක නොදන්න කෙනෙක් සමග කතා කරන්න වුණත් හොඳ ආත්ම විශ්වාසයක් ලැබෙනවා.
06. Confidence Bank එකක් හදාගන්න
ඔයාට දැන් හිතෙයි එහෙම බැංකුවක් තියෙනවා ද කියලා. මේ කියන්නේ ඔයාගේ ජීවිතේ ඔයා ලබාගත්ත පොඩි ජයග්‍රහණයක් වුණත් ලියලා තියාගන්න කියන එක. අපි බැංකුවක මුදල් තැන්පත් කරනවා වගේ මේ ආත්ම විශ්වාසයේ බැංකුවේ ඔයා තැන්පත් කරන්න ඕන ඔයාගේ ආත්ම විශ්වාසය වැඩි කරගන්න පුළුවන් දේවල්.
ඔයා විභාගයක් සමත් වුණා නම්, සම්මානයක් දිනා ගත්තා නම්, මිල දී ගන්න කාලයක් තිස්සේ බලාගෙන හිටිය දෙයක් මිල දී ගන්න හැකියාවක් ලැබුණා නම්, කවුරු හරි ඔයාව අගය කළා නම්, මේ හැමදෙයක්ම වෙනම ලියලා තියාගන්න. නැත්නම් නිතර මතක් කරන්න.
ඔයාගේ ජීවිතේ දුකක් දැනුන අවස්ථා, හිත රිදුණ අවස්ථා ගැන ඔයාට සැරෙන් සැරේ දුක් වෙන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතේ සතුටුදායක අවස්ථා ගැන සැරෙන් සැරේ හිතලා සතුටු වෙන්න ඔයාට පුළුවන්. ඒ නිසා සතුටුදායක අවස්ථා විතරක් නිතර මතක් කරගන්න.
ඔයා අවුරුදු 02කට කලින් ආයතනයේ රැස්වීමකදි හැමෝම ඉස්සරහ Presentation එකක් කළ විදියට වඩා අද වෙනකොට ඔයා දියුණු මට්ටමක ඉන්නවා නම් ඒකත් ඔයාගේ ආත්ම විශ්වාසයේ බැංකුවේ තැන්පත් කරන්න පුළුවන් ධනයක් බව මතක තියාගන්න.
මේ වගේ දේවල් ගැන නිතර මතක් කිරීමෙන් ඔයාගේ දියුණුවක් තියෙනවා කියන අදහස, ඔයා වටිනා කෙනෙක් කියන අදහස ඔයාට වෙනදාටත් වඩා හොඳින් දැනෙන්න ගන්නවා. එතකොට ඔයාගේ ආත්ම විශ්වාසය තවත් වැඩි වෙන්න ඒක හේතු වෙනවා.
ආත්ම විශ්වාසය සම්බන්ධයෙන් මේ ලිපියේ සඳහන් වුණ කරුණු ඇතුළෙ තිබුණා ඔයාට අලුතෙන් මුණගැහෙන පුද්ගලයින් සමග කතා කිරීමේ පුරුද්ද ඇති කරගන්න කියලා. ඔයාගේ සන්නිවේදන හැකියාව ආත්ම විශ්වාසය සඳහා ලොකු බලපෑමක් කරනවා. ඔයාට පිරිසක් ඉදිරියේ කතා කරන්න අපහසු නම්, Presentation එකක් කරන්න වුණොත් බයක් දැනෙනවා නම්, ඔයාගේ ආයතන ප්‍රධානියා සමග කතා කරන්න වුණ අවස්ථාවක බයක් දැනෙනවා නම් ඔයාට ආත්ම විශ්වාසයෙන් කතා කරන්න වෙන්නේ නැහැ. ඔයාගේ සන්නිවේදන හැකියාවන් වර්ධනය කරගෙන ආත්ම විශ්වාසයෙන් ඕනම තැනක කතා කිරීමේ හැකියාව ඇති කරගන්න පහළ තියෙන Link එකට ගිහින් Free Chapters බලන්න.
https://school.lokubusiness.lk/p/communication-masterclass-course?affcode=1420258_ghpjvsre