ලෝකයේ වැඩිම ආදායමක් උපයන දැවැන්ත ව්‍යාපාරිකයෝ ඒ තත්ත්වයට ආවේ තමන්ගේ ව්‍යාපාරය තුළම තිබුණ තවත් ව්‍යාපාර අවස්ථාවලට අවධානය යොමු කරන්න ඔවුන් සමත් වුණ නිසා. Loku Business Blog එකෙන් අද අපි කියන්න යන්නේ කුඩා ව්‍යාපාරයක් දැවැන්ත ව්‍යාපාරයක් දක්වා ගෙනියන්න පුළුවන් සංකල්පයක් ගැන. ඒ තමයි Vertical and Horizontal Integration කියන සංකල්පය. මේ සංකල්පය දැවැන්ත ව්‍යාපාර ගොඩනගන්න හේතු වුණේ කොහොමද කියලා බලමු.

Vertical Integration කියන්නේ මොකක්ද?

Vertical Integration සංකල්පය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න රත්‍රන් ආශ්‍රිත ව්‍යාපාරයක් අති දැවැන්ත ව්‍යාපාරයක් බවට පුළුල් වුණ ආකාරය වගේම මී පැණි ආශ්‍රිත ව්‍යාපාරයක් දැවැන්ත ව්‍යාපාරයක් දක්වා ව්‍යාප්ත වුණ ආකාරය ගැන බලමු.

රන් ආකරයක් වුණ Gold Company එක

ලොව දැවැන්ත ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාර දවසින් දවස පුළුල් කරගන්න භාවිත කළ උපක්‍රමයක් තමයි ඔවුන් වර්තමානයේ සිදු කරන ව්‍යාපාරයේම පියවර කීපයක් ආපස්සට ගිහින් ඒ ගැන අවධානය යොමු කරන එක. ඒකට කියනවා Backward Integration කියලා.

Backward Integration: එක්තරා රත්‍රන් ආශ්‍රිත ව්‍යාපාරයක් තිබුණා. වෙනත් පාර්ශවයක් සිදු කරන රත්‍රන් ආශ්‍රිත නිෂ්පාදන මිලට අරගෙන ඒවා අලෙවි කරන Jewellery Shops ඔයා ඕන තරම් දැකලා ඇති. මේ කියන සමාගම ඔවුන්ගේ ව්‍යාපාරයේ පියවරක් ආපස්සට ගිහින් රත්‍රන් නිෂ්පාදනය (Gold Manufacturing) කරන්න පටන් ගත්තා. ඉන්පස්සේ ඒ පියවරට කලින් පියවර වෙන රත්‍රන් Design කිරීමටත් ඔවුන් යොමු වුණා. ඒ විදියට ඊට පසු පියවරයන් වන රත්‍රන් පිරිපහදු කිරීම (Gold Refining), රත්‍රන් කැණීම (Gold Mining) කරන්න පවා ඔවුන් යොමු වුණා.

මේ සමාගම විසින් දකුණු අප්‍රිකාවේ තිබෙන විශාලම රත්‍රන් පතල පවා මිලට ගත්තා. ඒකෙන් ඒ පතලෙන් ලැබෙන ආදායමත් මේ සමාගමේ ආදායමට එකතු වුණා.

මේ වෙනකම් ඔයා කියෙව්වේ Backward Integration එක ගැන. මේ සමාගම එතනින් නතර වුණේ නැහැ. ඔවුන් මේ වෙනකම් කළේ ඔවුන්ගේ ව්‍යාපාරයේ වර්තමාන තත්ත්වයෙන් පියවර පියවර ආපස්සට ගිහින් ඒ දේවල් ඔවුන් විසින්ම කරන්න ගත්ත එක. ඊළඟට ඔවුන් යොමු වුණේ තමන්ගේ ව්‍යාපාරයේ ඉදිරියට තිබෙන පියවරවලට. ඒක හඳුන්වන්නේ Forward Integration කියලා.

Forward Integration: මෙතැනදි මේ සමාගම මුලින්ම කළේ Wholesale Market එකේ තොග වෙළඳාමට යොමු වුණ එක. ඉන්පස්සේ එතනින් ඉදිරි පියවර විදියට ඔවුන්ගේම කියලා Jewellery Showroom එකක් ආරම්භ කළා. එතැනිනුත් ඉදිරි පියවරක් තැබුව මේ සමාගම රත්‍රන් නිෂ්පාදන අලෙවි කරන්න තමන්ගේම කියලා E-Commerce Site එකක් ආරම්භ කළා.

ඔයාට තේරෙනවා ඇති මේ රත්‍රන් සමාගම Backward Integration එකක් වගේම Forward Integration එකකුත් තම ව්‍යාපාරයට Apply කරලා තියෙනවා කියලා. එහෙම අවස්ථාවක් හඳුන්වන්නේ Full Vertical Integration එකක් විදියට.

ඒ වචනේ තවත් සරලව පැහැදිලි කරන්නම්. Vertical කියන්නේ සිරස් කියන අදහස. එතකොට ව්‍යාපාරයක පසු පියවරවල් සහ ඉදිරි පියවරවල් ඒකාබද්ධ වීමක් තමයි Full Vertical Integration එකකදි වෙන්නේ.

මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි

මී පැණි ආශ්‍රිත ව්‍යාපාර ගැන සලකා බැලුවොත් මී පැණි නිෂ්පාදනය තමන්ගේ ව්‍යාපාරය කරගත්ත පිරිස් ඉන්නවා, තවත් පිරිසක් නිෂ්පාදකයන්ගෙන් මී පැණි මිලට අරන් ඇසුරුම් කරලා ඔවුන්ගේ Brand Name එකක් යටතේ අලෙවි කරනවා, තවත් පිරිසක් මී පැණි වෙනත් රටවලට අපනයනය කිරීම තමන්ගේ ව්‍යාපාරය කරගෙන තියෙනවා. මෙතැනදි වෙලා තියෙන්නේ මී පැණි ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලියේ එක් එක් අංශ එක් එක් පුද්ගලයන් විසින් තමන්ගේ ව්‍යාපාරික අවස්ථාව බවට පත් කරගෙන තිබෙන

Share this post: