කොටස් වෙළඳ පොළ එහෙම නැත්නම් අපි නිතර භාවිත කරන විදියට කිව්වොත් Stock Market එකේ ආයෝජනය කරන්න ගොඩක් දෙනෙක්ට ඕනකම තිබුණට ඒ වෙනුවෙන් යොදවන සල්ලි නැතිවෙයි කියලා ඔවුන් බියක් දක්වනවා. ඒ බය ඔයාටත් ඇති. අවදානමක් (Risk) තිබෙනවා වුණත් ඒ අවදානම ඉතාම අවම කරගෙන කොටස් වෙළඳ පොළේ ආයෝජනය කරන්නේ කොහොමද කියලයි Loku Business Blog එකෙන් දැන් කියලා දෙන්න යන්නේ.

Benjamin Graham විසින් රචිත The Intelligent Investor කියන ලෝක ප්‍රසිද්ධ කෘතිය තමයි මේ ලිපියට පදනම වෙන්නේ. දැවැන්ත ආයෝජකයෙක් වුණ Warren Buffett පවා කියලා තියෙනවා Stock Market එකේ Invest කරන්න කැමති කෙනක් කියවන්න ඕනම පොත The Intelligent Investor කියලා. මේ පොතෙන් කියලා දෙන වැදගත්ම දේවල් කරුණු 05ක් යටතේ දැන් බලමු.

1. Two Principles to Follow

කොටස් වෙළඳ පොළේ ආයෝජනය කරනකොට අනුගමනය කරන්න ඕන ප්‍රධාන දේවල් 2ක් තියෙනවා.

i) කොටස් මිලට ගන්න ආයතනයේ දිගුකාලීන සාර්ථකත්වය ගැන සොයා බලන්න

The Intelligent Investor පොතේ සඳහන් වෙනවා, ආයෝජනයක් කරන්න යනකොට කෙටිකාලීනව මුදල් හොයන්න තියෙන ඕනකම නිසා වෙළඳ පොළ ගැන අනාවැකි පළ කරලා උපකල්පනය කරන්න උත්සහ කරනවා කියලා. ඒත් බුද්ධිමත් ආයෝජකයෙක් නොකළ යුතු දේත් ඒකම තමයි.

හිතන්න, Apple සමාගම අලුත් නිෂ්පාදනයක් හඳුන්වාදෙන්න හදනවා කියලා. එතකොට හැමෝම හිතන්නේ, මේ එන්න තියෙන අලුත් නිෂ්පාදනය නිසා Apple සමාගමේ කොටස්වල මිල වැඩිවෙයි කියලා. එහෙම හිතලා දැන්ම කොටස් මිලට ගන්න එක හොඳයි කියලා ඔයාටත් හිතෙන්න පුළුවන්. ඒත් ඇත්තටම ඔයා කරන්න ඕන ඔයා කොටස් මිලට ගන්න යන සමාගමේ දිගුකාලීන පැවැත්ම ගැන හොයන එක.

අදාළ සමාගමේ ආර්ථික පසුබිම, Financial Statements, Management Team එකේ දක්ෂ, පළපුරුදු අය ඉන්නව ද, සමාගම විසින් ආයෝජකයන්ට ලාභාංශ (Dividend) වෙලාවට දෙනව ද කියන එක ගැන ඔයා හොයලා බලන්න ඕන.

ඔයා මේ විදියට සමාගමක් ගැන හොයද්දි ඔයාට තේරුම් යනවා ඒක වැඩිය ජනප්‍රිය නැහැ ඒ මොහොත වෙනකොට. ඒත් ඒ සමාගමේ Financial Reports බලනකොට තේරුම් යනවා ඒක හොඳින් ලාබ ලබන සමාගමක් කියලා. එහෙම වුණත් සමාගමේ ඇත්ත වටිනාකමට වඩා අඩු වටිනාකමකින් තමයි සමාගම කොටස් වෙළඳ පොළේ තියෙන්නේ. ඒත් සමාගම ගැන දැනගත්ත දේවල් එක්ක ඔයා හොඳටම දන්නවා අනාගතයේදී ඒ සමාගමේ වටිනාකම ඉහළ යන බව. මේක අනුමාන කිරීමක්, අනාවැකි කීමක් නෙමෙයි. ඔයා මේ දේවල් දැනගත්තේ අදාළ සමාගමේ දත්ත පරීක්ෂා කරලා.

ii) තනි ආයතනයක් වෙනුවෙන් සියලු මුදල් ආයෝජනය කරන්න එපා

බුද්ධිමත් විදියට ආයෝජනය කරද්දි සැලකිලිමත් වෙන්නම ඕන කාරණාවක් තමයි මේ. එකම ආයතනයක් වෙනුවෙන් මුදල් යොදවන එකේ තියෙන අවදානම මොකක්ද කියලා උදාහරණයකින් බලමු.

ඔයා තනි ආයතනයකට ලොකු මුදලක් ආයෝජනය කළා කියලා හිතන්න. ඒ ආයතනය බදු වංචාවක් කරලා කියලා ඉන්පස්සේ ප්‍රසිද්ධ වෙනවා. එහෙම අවස්ථාවක ඒ ආයතනයේ කොටස් මිල සැලකිය යුතු විදියට පහළ වැටෙන්න පුළුවන්. දැන් ඔයාගේ සල්ලිවලට මොකද වෙන්නේ? ඒ නිසා එක ආයතනයක් වෙනුවෙන් විතරක් මුදල් ආයෝජනය කරනවා වෙනුවට ආයතන කිහිපයක් වෙනුවෙන් ආයෝජනය කරන්න.

2. Defensive Investor

කොටස් වෙළඳ පොළේ ආයෝජනය කරන්න ඕන විදි 2ක් තියෙනවා. එකක් තමයි Defensive Investor කෙනෙක්, ඒ කියන්නේ සුරක්ෂිතකම ගැනත් සැලකිලිමත් වෙන වැඩිය අවදානමක් ගන්න අකමැති ආයෝජකයෙක් විදියට

Share this post: