YouTube කියන්නේ, අනාගතයේදී ඔයාගේ ගෙදර රූපවාහිනිය වෙනුවට එන නිෂ්පාදනයක් කියලා Google ආයතනයේ CEO වන Sundar Pichai කාලයකට පෙර අනාවැකි පළ කළා. ලොව දෙවනි විශාලතම Search Engine එක මෙන්ම ලොව පුරා ජනගහනයෙක් බිලියන 2.7කට අධික පිරිසක් මාසිකව පරිශීලනය කරන Platform එකක් බවට YouTube මේ වන විට පත්වෙලා අවසන්. YouTube Case Study එකෙන් අපි බලමු කොහොමද ඒකේ නිර්මාතෘවරුන්ට ඒ ගැන අදහසක් ඇති වුණේ සහ ඔවුන් කොහොමද මේ දක්වා සාර්ථක ගමනක් ආවේ කියන එක.

2005දී බිහි වුණ YouTube ආයතනයේ නිර්මාතෘවරුන් වන්නේ Jawed karim, Steve Chen, සහ Chad Hurley කියන පුද්ගලයන් තුන්දෙනා. 2002දී eBay ආයතනය විසින් PayPal මිල දී ගන්න අවස්ථාවේ PayPal ආයතනයේ රැකියා අහිමි වූ පිරිස අතර ඔවුන් තුන්දෙනාත් හිටියා. මිනිස්සුන්ගේ පුරුදු වෙනස් කරන නිෂ්පාදනයක් නිර්මාණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් හඳුනාගෙන ඒකට විසඳුමක් දෙන එකෙන් කියලා දැනටමත් ඔයා දන්නවා ඇති. මේ තුන්දෙනාටත් ඒ විදියට අලුත් ප්‍රශ්නයක් හඳුනාගන්න පුළුවන් වුණා. ඔවුන් ගන්න Video තවත් කෙනෙක් එක්ක Share කරගන්න ක්‍රමයක් නැහැ කියන එක තමයි ඔවුන්ට ආව ප්‍රශ්නය වුණේ. වීඩියෝ කීපයක් ඊමේල් එකකින් තවත් කෙනෙක්ට යැව්වත් ඒකටත් සීමාවක් තියෙන නිසා වීඩියෝ ඊමේල් කිරීම සාර්ථක විසඳුමක් වුණේ නැහැ.

මේ අතරේ Justin Timber සහ Janet Jackson කියන Influencersලා දෙදෙනා අතර ආන්දෝලනාත්මක සිදුවීමක් ඇති වුණා. මේ ගැන රූපවාහිනියේ පවා පෙන්වීම තහනම් කරලයි තිබුණේ. Jawed karim මේ ගැන Google එකේ හෙව්වත් එයාට ඒ සම්බන්ධ වීඩියෝ එකක් හොයාගන්න බැරි වුණා. එතැනදිත් ඔහුට සිතුවිල්ලක් ආවා මොනවා හරි සිදුවීමක් වුණාම ඒ ගැන බලාගන්න ක්‍රමයක් නැති එක අනිත් අයටත් ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා. මේ ඇති වුණ සිතුවිලි තමයි YouTube බිහි වෙන්න ප්‍රධාන හේතු වුණේ.

මෙතැනදි ව්‍යවසායකයෙක්ගේ ගමනට වැදගත් වෙන පාඩම් කීපයක්ම තියෙනවා. ලෝකේ බොහෝ දැවැන්ත ආයතන බිහි වුණේ ලාබ ඉපැයීමේ අරමුණකින් නෙමෙයි. මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් විසඳන්නේ කොහොමද කියන එකත් එක්කයි ගොඩක් ආයතන බිහි වුණේ. ඔයා PSP (Problem Solving Product) නිෂ්පාදනයක් කරන ව්‍යවසායකයෙක් නම්, ඔයාට ලැබෙන ආදායම ගැන සැකයක් තියාගන්න කොහෙත්ම අවශ්‍ය නැහැ. මොකද ප්‍රශ්නයකට විසඳුමක් දෙන නිෂ්පාදනයක් කියන්නේ ඒ වටා මිනිස්සු කොහොමත් එකතු වෙන්න පටන් ගන්නවා. ඒක එක රැයකින් සිද්ධ වෙන දෙයක් නොවුණත් මාස කීපයක්, අවුරුදු කීපයක් ඇතුළත විශාල ලාබයක් ලබන නිෂ්පාදනයක් බවට ඒක පරිවර්තනය කරගන්න පුළුවන්.

YouTube වර්තමානය වෙනකොට අතිශය ජනප්‍රිය සහ විශාල ලාබයක් උපයන ආයතනයක් වුණත් එය පවා බිහි වුණේ පියවරෙන් පියවර වැරදි නිවැරදි කරගනිමින් තමයි. YouTube මුලින්ම අරම්භ වුණේ TuneIn කියලා Online Dating Site එකක් විදියට. සහකරුවෙක් සහකාරයෙක් සොයාගන්න නිර්මාණය කළ මේ Platform එක ගැන අදහස සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවුණ Jawed karim, Steve Chen, සහ Chad Hurley කියන පුද්ගලයන් තුන්දෙනා ඒක Video Streaming Platform එකක් බවට

Share this post: