“ඔබ දුප්පතෙක් වෙලා ඉපදෙන එක ඔබේ වරදක් නෙමෙයි. නමුත් ඔබ මියයන්නෙත් දුප්පතෙක් විදියට නම් එය ඔබේ වරදක්.”

මේ කියමන කිව්වේ, ලොව ධනවත්ම පුද්ගලයෙක් වන Microsoft සමාගමේ නිර්මාතෘ Bill Gates. අපි හැමෝම කැමතියි පොහොසත් වෙන්න. ඒ වෙනුවෙන් අපි හීන මවනවා. සැලසුම් හදනවා. ඒත් සමහර වෙලාවට අපි මොන තරම් මහන්සි වුණත් අපි බලාපොරොත්තු වෙන මූල්‍ය තත්ත්වයට ළඟා වෙන්න අමාරුයි කියලා ඔයාට හිතිලා ඇති. නමුත් දුප්පතෙක් විදියට ඉඳලා මේ වෙනකොට පොහොසතුන් වෙලා ඉන්න අය ඔයාගේ වටපිටාවේ ඕන තරම් ඇති. එයාලගෙයි, ඔයාගෙයි වෙනසට හේතුව ඔයාගෙම යටි සිත වෙන්න පුළුවන්.

ඔයාගේ යටි සිත මෙහෙයවලා පොහොසතෙක් වෙන්නේ කොහොමද කියලයි Loku Business Blog එකෙන් අද කියලා දෙන්නේ. Napoleon Hill විසින් රචිත Think and Grow Rich කියන පොත ඇසුරෙන් තමයි මේ ලිපිය ලියවෙන්නේ. Andrew Carnegie, Henry Ford, Thomas Edison, Theodore Roosevelt වගේ ලොව ධනවත් පුද්ගලයින් 500කට අධික පිරිසක් සමග සම්මුඛ සාකච්ඡා පවත්වලා වගේම වසර 30කට අධික කාලයක් කළ Research ඇසුරෙන් තමයි නැපෝලියන් හිල් මේ පොත රචනා කරලා තියෙන්නේ.

අපේ මනස උඩු සිත (Conscious Mind) සහ යටි සිත (Subconscious Mind) කියලා කොටස් දෙකකට බෙදෙනවා. Think and Grow Rich පොතට අනුව බලවත්ම වෙන්නේ ඔයාගේ යටි සිත. ඔයාට අවශ්‍ය අරමුණු කරා ඔයාව රැගෙන යන්න යටි සිතට පුළුවන්. ඒත් ඒ වෙනුවෙන් යටි සිත පුහුණු කරන්න අවශ්‍යයි.

යටි සිතේ ප්‍රධාන ලක්ෂණ

Think and Grow Rich පොතේ යටි සිතේ ප්‍රධාන ලක්ෂණ 03ක් ගැන සඳහන් වෙනවා. පොසොසතෙක් වෙන්න යටි සිත පුහුණු කරන ආකාරය දැනගන්න කලින් මේ ලක්ෂණ 03 මොනවද කියලා බලමු. එතකොට ඔයාට අවබෝධ වෙයි ඇයි ඔයා යටි සිත පාලනය කරන්න ඕන කියන එක.

01 යටි සිත කොතරම් බලවත් වුවත් එය පාලනය කරනු ලබන්නේ උඩු සිත විසිනි.

ඔයාගේ යටි සිත කියන්නේ ගෙවත්තක් නම් ඒ ගෙවත්ත පිරිසිදු කරලා ලස්සන කරන ඔයා තමයි උඩු සිත වෙන්නේ.

02 යටි සිත සෑම මොහොතකම ක්‍රියාකාරීව පවතින අතර සියලු දේ ග්‍රහණය කර ගනී.

ඔයා ආශ්‍රය කරන පුද්ගලයන් ගැන කල්පනා කරලා බලන්න. “අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක්, ඔය සල්ලිකාරයෝ කරන දේවල් අපිට ගැළපෙන්නේ නෑ අපි ඉන්න ඕන අපේ තරමට,” මේ වගේ සෘණාත්මක දේවල් කියන පුද්ගලයෝ නම් ඔයා නිතර ආශ්‍රය කරන්නේ ඔයාගේ යටි හිත ග්‍රහණය කරගන්නෙත් ඒ දේවල්ම තමයි. එතකොට ඔයාගේ සිතුවිලිත් ඒ ආකාරයටම හැඩ ගැහෙන්න ගන්නවා. ඒත් ඔයා ධනාත්මකව හිතන පුද්ගලයෝ ආශ්‍රය කරනවා නම් ඔයාගේ සිතුවිලිත් ධනාත්මක වෙනවා.

03 යමක් කරන්න හැකියාව තිබෙනව ද නැද්ද යන කාරණය තේරුම් ගැනීමේ හැකියාවක් යටි සිතට නැත.

ඔයා නිතර හිතන්නේ, කටයුතු කරන්නේ ඔයාගේ ආදායම තවත් වැඩි කරගන්න නම් යටි සිත ඒක කරන්න පුළුවන් දෙයක් ද අමාරු දෙයක් ද කියලා තේරුම් ගන්නේ නැහැ. යටි සිත තේරුම් ගන්න එකම දේ ඔයාට ආදායම වැඩි කරගන්න ඕන කියන එක. ඒ අනුව ඔයාගේ ආදායම වැඩි කරගන්න යටි සිත

Share this post: