ව්‍යාපාරයක් පටන් ගන්නකොට ගොඩක් දෙනෙක් කරන ලොකු වැරැද්දක් තමයි Market Research එකක් නොකර තමන් අනුමාන කරන දේවල් අනුව හිතලා ව්‍යාපාරයක් පටන් ගන්න එක. බොහෝ දෙනෙක් හිතනවා Market Research එකක් කරන එක අමාරු වැඩක්, වෙන ආයතනයකට Research එක කරන්න භාර දෙන්න ඕන, වියදම වැඩියි වගේ දේවල්. ඒත් ඇත්තටම Startup එකකදි ඔයාටම වුණත් Market Research එක කරගන්න පුළුවන්.

Market Research එකක් කිරීමේ වැදගත්කම

Business Environment එක නිරන්තරයෙන් වෙනස් වන සුලුයි. ඒ වගේම පාරිභෝගිකයන්ගේ හැසිරීම්, ආකල්ප පවා කාලයත් සමග වෙනස් වෙනවා. කොරෝනාවෛරසය පැතිරුණ කාලේ ඒ වසංගත තත්ත්වය එක්ක ව්‍යාපාරික පරිසරයේ වෙනස්කම් සිද්ධ වුණා. ඒ වගේම ආර්ථික අර්බුදය එක්ක පාරිභෝගිකයන්ගේ මිල දී ගැනීමේ හැකියාව, ආකල්ප වගේ බොහෝ දේවල් වෙනස් වුණා.

ඒ වගේම නිෂ්පාදනයක් හඳුන්වා දෙන විට එය මොන වගේ එකක් විය යුතු ද කියන එක හරියටම තීරණය කරන එකත් වැදගත්. ඒ වගේම වෙළඳ පොළ ගැන, Target Audience එක ගැනත් තොරතුරු ඔයා අධ්‍යයනය කරන්න ඕන. නිෂ්පාදනක් හඳුන්වා දුන්නට පසුව එය වෙනස් විය යුතු නම් වෙනස් කිරීමට හැකි වුණත් එයට යම් පිරිවැයක් දරන්න වෙනවා.

එම නිසා Market Research එකක් කරලා නිෂ්පාදනයක් වෙළඳ පොළට හඳුන්වා දෙන එකෙන් ඔයාට අනවශ්‍ය අමතර පිරිවැයක් වැය වෙන්නේ නැහැ. හිතුමතේ නිෂ්පාදනයක් හඳුන්වාදීලා Fail වෙනවට වඩා දත්ත මත පදනම්වෙලා ව්‍යාපාරය පටන් ගන්න වැදගත් වෙන්නේ ඒ නිසයි.

Market Research එකක් කළ යුත්තේ ව්‍යාපාරයේ කුමන අවස්ථාවලදී ද?

ඕනම නිෂ්පාදනයකට ජීවන චක්‍රයක් (Life Cycle) තියෙනවා. ඒ කියන්නේ ඕනම නිෂ්පාදනයක් කරන්න කලින් ඒ ගැන සංකල්පයක් (Concept) හෝ අදහසක් (Idea) තියෙනවා. ඉන්පස්සේ ඒ සංකල්පය වැඩිදියුණු කරලයි නිෂ්පාදනය වෙළඳ පොළට නිකුත් කරන්නේ. ඊටත් පසුව නිෂ්පාදනයේ Growth Stage එක පටන් ගන්නවා. මේ පියවරෙන් පස්සේ Product එක Maturity Stage එකට ගිහින් Decline වෙන්නත් හැකියාව තිබෙනවා. මේ පියවරයන් තමයි නිෂ්පාදනයක ජීවන චක්‍රය කියලා හඳුන්වන්නේ.

ඔයා නිෂ්පාදනයක් කරනවා නම්, මේ ජීවන චක්‍රයේ හැම පියවරකදිම Market Research එකක් කරන්න පුළුවන්. ඔයාට ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කියලා හිතුණම විවිධ සංකල්ප, අදහස් හිතට එනවා. සමහර විට ආහාර නිෂ්පාදනයක්, නිමි ඇඳුම්, සෙල්ලම් බඩු, පාවහන්, මේ වගේ විවිධ නිෂ්පාදන ගැන අදහස් ඔයාට තියෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක ඔයාට පුළුවන් ව්‍යාපාරයෙන් හොඳ ආදායමක් ලබන්න පුළුවන් මොන නිෂ්පාදනය විකිණුවොත් ද කියන එක ගැන Market Research එකක් කරන්න. ඒකට ඔයා අදාළ Target Audience එකේ අදහස් අරගන්න අවශ්‍යයි.

ඉන්පස්සෙ පියවර වෙන නිෂ්පාදනය වෙළඳ පොළට හඳුන්වාදීමේදිත් ඊට පෙර Market Research එකක් කරන්න හැකියාව තියෙනවා. ඔයා Burger Shop එකක් නම් පටන් ගන්නේ පාරිභෝගිකයන් ඒ Burgerවලට මොන තරම් කැමති ද, වෙළඳ පොළේ තිබෙන අනිත් බර්ගර් නිෂ්පාදන සමග ඔයාගේ නිෂ්පාදනය මොන මට්ටමේ ද තියෙන්නේ, නිෂ්පාදනවල තියෙන අඩුපාඩු මොනවද, කොහොමද ඔයාගේ නිෂ්පාදනය තවදුරටත් වැඩිදියුණු කරන්නේ, මෙන්න මේ වගේ දේවල් ගැන Market Research එකක් කරන්නත් ඔයාට පුළුවන්.

මේ වෙනුවෙන් Product Test එකක් කරන්න හැකියාව තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ පුද්ගලයෝ කීප දෙනෙක්ට විවිධ වර්ගයේ බර්ගර් ආහාරයට ගන්න දෙන එක. ඉන්පස්සේ ඔවුන්ගෙන් ඒ බර්ගර් ගැන අදහස් අරගන්න. ඒ අදහස් අනුව කොහොමද නිෂ්පාදනය වැඩිදියුණු කරන්නේ, මොනවද තියෙන අඩුපාඩු, කියන එක ඔයාට තීරණය කරන්න පුළුවන්. ඒ අනුව ඔයාට පුළුවන් Spicy ගතිය වැඩි කරන්න ඕන නම් එහෙම කරන්න, බර්ගර් එකේ ප්‍රමාණය වැඩි කරන්න වගේ දේවල් කරන්න. දැන් මේ නිෂ්පාදනය වෙළඳ පොළට නිකුත් කරන්නේ ඔයා හොඳ ආත්ම විශ්වාසයක් ඇතිව. මොකද Product Test එකක් කරලා ඒකෙන් ලැබුණ ප්‍රතිචාර අනුව ඔයා වඩාත් හොඳ නිෂ්පාදනයක් තමයි දැන් විකුණන්නේ. එතකොට බර්ගර් ව්‍යාපාරය

Share this post: