Netflix කියන්නේ ලෝකයේ ජනප්‍රියම Online Streaming Platform එක ලෙස ප්‍රසිද්ධියට පත්වූ ආයතනයක්. මේ Category එක ලෝකයට හඳුන්වලා දීලා ඒක Trend එකක් කළේ Netflix ආයතනය විසින්මයි. ලෝකයේ රටවල් 190කට වැඩි ගණනකට Netflix ව්‍යාප්ත වුණා. ඔවුන්ට වැඩිම ආදායමක් ලැබුණෙ පවා ඇමරිකාවෙන් පිට ජාත්‍යන්තර වෙළඳ පොළෙන්. ඒත් ඉන්දියාවේදී Netflix එකට විශාල අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වුණා.

Netflix ඉන්දියාවේදි වරද්දගත්තෙ කොතැනදි ද කියන එක ගැන මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන්. ව්‍යවසායකයෙක් වෙන්න හිතන් ඉන්න කෙනෙක්ට වගේම දැනටමත් ව්‍යවසායකයෙක් විදියට තමන්ගේ නිෂ්පාදන ජාලය පුළුල් කරන්න හිතාගෙන ඉන්න ඕනම කෙනෙක්ට මේ කතාව ගොඩක් වැදගත්. චිත්‍රපට බලන, චිත්‍රපට හැදෙන ඉන්දියාව වගේ රටකට ගිය Netflix ඇයි අසාර්ථක වුණේ, ඉන්දියනු වෙළඳ පොළේදි කළ වැරදි මොනවද කියන එක ප්‍රධාන අංශ 03ක් ඔස්සේ සලකා බලන්න පුළුවන්.

1. Competitors

2016දි Netflix සහ Amazon Prime එකම අවස්ථාවේදී ඉන්දියාවේ වෙළඳ පොළට පැමිණියත් Amazon Prime ඉන්දියාවේ ඉදිරියෙන්ම ඉන්න Streaming Platform එක බවට පත් වුණා. ඒකට ලොකුම හේතුව වුණේ Disney ආයතනය විසින් මිලට ගෙන තිබුණ Hotstar Streaming Platform එකේ බලපෑම. ඒක තමයි ඉන්දියාවේ අංක එකට පැමිණ තිබුණ Streaming Platform එක වුණේ.

ඉන්දියාවේ Streaming Market Share එකෙන් 70%ක්ම Hotstar සතුයි. ඒ නිසා Hotstar කියන්නේ කාලයක් තිස්සේ තමන්ගේ ආධිපත්‍යය ඉන්දියාවේ පතුරගෙන හිටපු Platform එකක් කියලා ඔයාට හිතෙයි. ඒත් Netflix ඉන්දියාවට එන්න වසරකට පෙර, ඒ කියන්නේ 2015දී තමයි Hotstar ඉන්දියාවට ආවේ. නමුත් ලෝකයේ රටවල් 190කට ව්‍යාප්ත වුණ, ජනප්‍රිය Platform එකක් වුණ Netflix එකට වඩා ඉතාම හොඳ Marketing Strategy එකක් Hotstar එකට තිබුණා.

Hotstar එකේ USP එක (Unique Selling Proposition) මොකද්ද?

Hotstar ආරම්භයේදිම ලාබදායී Subscription Plan එකක් ඉන්දියානුවන්ට ලබා දුන්නා. Hotstar Premium Service එකට මාසික ගාස්තුව ඩොලර් 3ක් වගේ අවම අගයක තිබුණේ. TV Shows, Movies, TV Series සඳහා 80%කටම නොමිලේ Access ලබාදීම සහ ඉන්දියාවේ ජනප්‍රියම ක්‍රීඩාවක් වන ක්‍රිකට් තරග වගේම IPL Cricket තරගාවලිය ද Stream කරන්න ඔවුන් කටයුතු කළා.

නමුත් Netflix එක ඒ වගේ දේශීය වෙළඳ පොළ ප්‍රවණතා (Local Market Trends) හඳුනාගෙන ඒවාට හැඩගැහෙන්න කටයුතු කළේ නැහැ.. Netflix CEO වරක් කියලා තිබුණා “Netflix is for movies, not for sports,” කියලා. ඒ කියන්නේ ඔවුන්ට අවශ්‍ය වුණේ නැහැ ඉන්දියානුවන් විශාල පිරිසක් නරඹන Cricket Culture එකට Netflix තුළ ඉඩක් ලබා දෙන්න. නමුත් Hotstar ඉතාම උපායශීලී ලෙස ඉන්දියානුවන්ගේ සංස්කෘතිය හඳුනාගෙන එයට අනුගත වුණා.

2. Pricing

Netflix Subscription Fee එක සමග අනෙකුත් Streaming Platformවල Subscription Fee සලකා බැලුවම එය පවා සාපේක්ෂව ඉතා ඉහළ අගයක් ගත්තා. Prime Video සහ Prime Music සඳහා Amazon Prime හි මාසික ගාස්තුව ඩොලර් 1.90ක් හා Hotstar Premium සඳහා මාසික ගාස්තුව ඩොලර් 3ක් වෙද්දි Netflix එකේ අවම මාසික ගාස්තුව ඩොලර් 7.30ක් වුණා. එතැනදිත් Netflix එක වරද්දගත්තා. 

මොකද ඉන්දියාව

Share this post: