බිලියනපතියන් කිව්වම අපේ මතකයට එන්නේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන, විශාල නිවාස සහ වාහන හිමි පුද්ගලයෝ. නමුත් සැබෑ බිලියනපතියන් ධනයට වඩා ඔවුන්ගේ මානසික, බුද්ධිමය සහ පෞරුෂමය ශක්තිය මත තමන්ගේ සාර්ථකත්වය රඳවා ගන්නවා. ඒ සාර්ථකත්වයේ රහස ඔවුන්ගේ පුරුදුවල සැඟවී තිබෙනවා. මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන් බිලියනපතියන් වුණ පුද්ගලයෝ අනුගමනය කළ සාර්ථක පුරුදු 6ක් ගැන.
මේ කිසිම පුරුද්දක් අමාරුවෙන් කරන්න ඕන දේවල් නෙමෙයි. ඔයාට උනන්දුවක්, කැපවීමක් තියෙනවා නම් මේ පුරුදු ඔයාගේ ජීවිතේට ටිකෙන් ටික ඇතුළත් කරගෙන ඔයාටත් බිලියනපතියෙක් වෙන්න පුළුවන්.
සාර්ථක පුද්ගලයින් තම ජීවිතයේ ඉලක්ක මොනවාද සහ අනවශ්‍ය දේවල් මොනවාද යන්න හොඳින් දන්නවා. ඔවුන්ගේ අවධානය ඉලක්කගත චින්තනය, ඉලක්කගත මානසිකත්වය, ඉලක්කගත සංවාදයන් මත රඳා පවතිනවා. ඔවුන්ගේ අවධානය ලේසියෙන් වෙනතකට යොමු වෙන්නේ නැහැ. Parkinson Law කියන සංකල්පයට අනුව ඔයා යම් වැඩකට, ඉලක්කයකට ලබා දෙන ප්‍රමුඛතාව අනුව තමයි ඔයාට ලැබෙන ප්‍රතිඵලය තීරණය වෙන්නේ. ඔයා යම්කිසි වැඩක් සතියකින් ඉවර කරනවා කියලා හිතුවොත් ඔයා ඒක සතියෙන් ඉවර කරන්න කැපවෙනවා. යම් ඉලක්කයකට ඔයා අවුරුදු 5කින් යනවා කියලා සැලසුම් හැදුවොත් ඔයා ඒක අවුරුදු 5කින් සැබෑ කරගන්න වැඩ කරනවා.
Dilmah Tea ආයතනයේ නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු, Ceylon Tea නාමය ලෝකයටම අරන් යන්න තමන්ට තිබූ සිහිනය ඔස්සේ ක්‍රමයෙන් ඉදිරියට ගොස් වසර 34කට පසුව ඔහුගේම Brand එකක් ලොවට හඳුන්වා දුන්නා. ස්ටීව් ජොබ්ස් මිනිසුන්ගේ ජීවිත පහසු කරන මෙවලම් සහ උපාංග පමණක් නිර්මාණය කිරීමට අවධානය යොමු කළා. Starbucks USA Market එකට Coffee අරන් ගියෙත් ඒ විදියට Laser Sharp Focus එකක් තමන්ගේ ව්‍යාපාරය කෙරෙහි යොමු කරලා. ඔහු උත්සහ කළේ නැහැ කෝපි, තේ, වයින්, වගේ බීම වර්ග රැසක් අරමුණු කරන්න. ඉලෝන් මස්ක් තම ඉලක්ක කෙරෙහි කෙතරම් අවධානය යොමු කරනවාද කිව්වොත්, ඔහු අවට සිදුවන දේවල් පවා නොදැන සිටින අවස්ථා තිබෙනවා. ඒ තරමට ඔහු තමන් කරන දෙයට හොඳින් අවධානය යොමු කරන පුද්ගලයෙක්.
සාර්ථක පුද්ගලයින් කිසිවක් සඳහා බලා නොසිටින අතර, ඔවුන් ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ගේ ACT Formula එක වන්නේ Action Changes Everything කියන එක.
නාසා ආයතනය අඟහරු වෙත යනකම් බලාගෙන හිටියේ නැතුව ඉලෝන් මස්ක් ඒ ව්‍යාපෘතිය තනිවම ආරම්භ කළා. KFC නිර්මාතෘ විසින් වර්තමානයේ තිබෙන KFC Recipe එක වෙළඳ නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දීමට 1009 වතාවක් උත්සාහ කළා. ඔහු බලාගෙන හිටියෙවත්, අත්හැර දැමුවේවත් නැතුව තමන්ගේ ඉලක්කය වෙත ගියේ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණ නිසයි. මාර්ක් සකර්බර්ග් තමන්ගේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට Relationships හදාගන්න, Chat කරන්න Hot or
බිලියනපතියන් කිව්වම අපේ මතකයට එන්නේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන, විශාල නිවාස සහ වාහන හිමි පුද්ගලයෝ. නමුත් සැබෑ බිලියනපතියන් ධනයට වඩා ඔවුන්ගේ මානසික, බුද්ධිමය සහ පෞරුෂමය ශක්තිය මත තමන්ගේ සාර්ථකත්වය රඳවා ගන්නවා. ඒ සාර්ථකත්වයේ රහස ඔවුන්ගේ පුරුදුවල සැඟවී තිබෙනවා. මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන් බිලියනපතියන් වුණ පුද්ගලයෝ අනුගමනය කළ සාර්ථක පුරුදු 6ක් ගැන.
මේ කිසිම පුරුද්දක් අමාරුවෙන් කරන්න ඕන දේවල් නෙමෙයි. ඔයාට උනන්දුවක්, කැපවීමක් තියෙනවා නම් මේ පුරුදු ඔයාගේ ජීවිතේට ටිකෙන් ටික ඇතුළත් කරගෙන ඔයාටත් බිලියනපතියෙක් වෙන්න පුළුවන්.
1. Laser Sharp Focus
සාර්ථක පුද්ගලයින් තම ජීවිතයේ ඉලක්ක මොනවාද සහ අනවශ්‍ය දේවල් මොනවාද යන්න හොඳින් දන්නවා. ඔවුන්ගේ අවධානය ඉලක්කගත චින්තනය, ඉලක්කගත මානසිකත්වය, ඉලක්කගත සංවාදයන් මත රඳා පවතිනවා. ඔවුන්ගේ අවධානය ලේසියෙන් වෙනතකට යොමු වෙන්නේ නැහැ. Parkinson Law කියන සංකල්පයට අනුව ඔයා යම් වැඩකට, ඉලක්කයකට ලබා දෙන ප්‍රමුඛතාව අනුව තමයි ඔයාට ලැබෙන ප්‍රතිඵලය තීරණය වෙන්නේ. ඔයා යම්කිසි වැඩක් සතියකින් ඉවර කරනවා කියලා හිතුවොත් ඔයා ඒක සතියෙන් ඉවර කරන්න කැපවෙනවා. යම් ඉලක්කයකට ඔයා අවුරුදු 5කින් යනවා කියලා සැලසුම් හැදුවොත් ඔයා ඒක අවුරුදු 5කින් සැබෑ කරගන්න වැඩ කරනවා.
Dilmah Tea ආයතනයේ නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු, Ceylon Tea නාමය ලෝකයටම අරන් යන්න තමන්ට තිබූ සිහිනය ඔස්සේ ක්‍රමයෙන් ඉදිරියට ගොස් වසර 34කට පසුව ඔහුගේම Brand එකක් ලොවට හඳුන්වා දුන්නා. ස්ටීව් ජොබ්ස් මිනිසුන්ගේ ජීවිත පහසු කරන මෙවලම් සහ උපාංග පමණක් නිර්මාණය කිරීමට අවධානය යොමු කළා. Starbucks USA Market එකට Coffee අරන් ගියෙත් ඒ විදියට Laser Sharp Focus එකක් තමන්ගේ ව්‍යාපාරය කෙරෙහි යොමු කරලා. ඔහු උත්සහ කළේ නැහැ කෝපි, තේ, වයින්, වගේ බීම වර්ග රැසක් අරමුණු කරන්න. ඉලෝන් මස්ක් තම ඉලක්ක කෙරෙහි කෙතරම් අවධානය යොමු කරනවාද කිව්වොත්, ඔහු අවට සිදුවන දේවල් පවා නොදැන සිටින අවස්ථා තිබෙනවා. ඒ තරමට ඔහු තමන් කරන දෙයට හොඳින් අවධානය යොමු කරන පුද්ගලයෙක්.
2. They Don’t Wait, They Act
සාර්ථක පුද්ගලයින් කිසිවක් සඳහා බලා නොසිටින අතර, ඔවුන් ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ගේ ACT Formula එක වන්නේ Action Changes Everything කියන එක.
නාසා ආයතනය අඟහරු වෙත යනකම් බලාගෙන හිටියේ නැතුව ඉලෝන් මස්ක් ඒ ව්‍යාපෘතිය තනිවම ආරම්භ කළා. KFC නිර්මාතෘ විසින් වර්තමානයේ තිබෙන KFC Recipe එක වෙළඳ නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දීමට 1009 වතාවක් උත්සාහ කළා. ඔහු බලාගෙන හිටියෙවත්, අත්හැර දැමුවේවත් නැතුව තමන්ගේ ඉලක්කය වෙත ගියේ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණ නිසයි. මාර්ක් සකර්බර්ග් තමන්ගේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට Relationships හදාගන්න, Chat කරන්න Hot or Not කියලා Platform එකක් නිර්මාණය කළා. ඒක හරියන වැඩක් නෙමෙයි කියලා විශ්වවිද්‍යාලයේ අය කියද්දිත් ඔහු ඒ වෙනුවෙන් වැඩ කළා. අවසානයේ අද වෙද්දි අතිශය ජනප්‍රිය Facebook කියන Social Media Platform එක ඔහු තනිවම නිර්මාණය කළා.
3. Time Blocking
බිලියනපතියන් කාල කළමනාකරණය සම්බන්ධ විශේෂඥයින් කියලා කිව්වත් වැරදි නැහැ. ඔවුන් To Do Listවලට වඩා Time Blocking ක්‍රමය අනුගමනය කරනවා. වොරන් බෆට් MCD කියලා Framework එකක් අනුගමනය කරනවා. ඒකට අනුව ඔහු Must do, Can do සහ Don’t do ලෙස තම කාර්යන් වර්ගීකරණය කරගෙන තියෙනවා. ඒ කියන්නේ, අනිවාර්යෙන් කරනවා (Must do), වෙලාව තිබුණොත් කරනවා (Can do) සහ කොහොමටවත් කරන්නේ නැහැ (Don’t do) කියලා ඔහු ඔහුගේ කාර්යන් වර්ග කරගෙන තියෙනවා.
මාර්ක් සකර්බර්ග් සහ ස්ටීව් ජොබ්ස් එකම ඇඳුම සෑම අවස්ථාවකටම අඳින්නේ, ඇඳුම් තෝරා ගැනීමට කාලය නාස්ති කිරීම වළක්වා ගන්න ඕන නිසා කියලයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ඉලෝන් මස්ක් විනාඩි 5කට වඩා තිබෙන රැස්වීමකදි, ඒ රැස්වීම වැඩි වෙලාවක් පවත්වන්න අවශ්‍ය ඇයි කියන එක ප්‍රශ්න කරන පුද්ගලයෙක්. අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි නම් ඔහු රැස්වීමක් වෙනුවෙන් පවා නිකරුණේ කාලය වැය කරන්න සූදානම් නැහැ.
Jeff Bezos කියනවා, ඔයාගේ ජීවිතේදි ඔයා කාලය, Energy එක Focus කරලා කරන වැඩ තියෙනවනේ, අන්න ඒ දේ තමයි ඔයාගේ ජීවිතේ තීරණය කරන්නේ කියලා. ඒ නිසා කාලය නාස්ති කරන මිනිස්සු, කාලය නාස්ති කරන ක්‍රියාකාරකම්, කාලය නාස්ති කරන සංවාද, වගේ හැම දෙයකින්ම ඔයා ඈත්වෙන එක පුරුද්දක් කරගන්න.
4. Value of Money
බිලියනපතියන් මුදලේ වටිනාකම හොඳින් දන්නවා. වොරන් බෆට් තමන් ධනවතෙක් වුණත් ජීවත් වන්නේ ඔහුගේ පැරණි නිවසේ. ඒ වගේම රියැදුරෙක් ගන්නවා වෙනුවට ඔහු තමාගේ වාහනය පදවන එක පවා තනිවම කරගන්නවා.
මුකේෂ් අම්බානිගේ දියණිය එක්වරක් ලන්ඩන්වලට ගියා යම් කටයුත්තකට. නැවත ඉන්දියාවට එන දිනට ඇයට වරදින නිසා ඇයට නියමිත දිනයේ එන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඇය ඒ අවස්ථාවෙදි තම පියාගේ පෞද්ගලික ජෙට් යානය ලන්ඩන් වෙත ගෙන්වාගන්න උත්සහ කළා. සේවකයන් විසින් ජෙට් යානය සූදානම් කරද්දි මුකේෂ් අම්බානි කිව්වේ ජෙට් එක යවන්න එපා කියලයි. ඔහු සේවකයන්ට පැවසුවේ, ඒ ඔහුගේ දියණිය වුවත් මුදල්වල වටිනාකම ඇය තේරුම්ගත යුතුයි කියලා. ඒ නිසා ඊළඟට තියෙන Flight එකක ඇයට එන්න ඉඩ දෙන්න කියන එකයි ඔහු සේවකයන්ට පැවසුවේ.
බිල් ගේට්ස් තම දියණිය ඇය නිතර යන එන Restaurant එකකදි එහි වේටර්වරයාට ඩොලර් 500ක පමණ විශාල ටිප් එකක් දෙන්න පුරුදුවෙලා හිටියා. ඒත් බිල් ගේට්ස් කවදාවත් ඒ වගේ මුදලක් ටිප් එකක් වශයෙන් දුන්නේ නැහැ. මේ ගැන වේටර්වරයා දවසක් බිල් ගේට්ස්ගෙන් ප්‍රශ්න කළා. “එයා මගේ දුව. එයා ලෝකේ ලොකුම කෝටිපතියාගේ දුව. ඒ නිසා එයාට එහෙම ගාණක් දෙන්න පුළුවන්. ඒත් මම ටීචර් කෙනෙක්ගේ දරුවෙක්. මම දන්නවා සල්ලිවල වටිනාකම්. ඒ නිසා මට ඒ වගේ ලොකු ටිප් එකක් දෙන්න බැහැ,” කියලා සිනා මුසු මුහුණෙන් බිල් ගේට්ස් අර වේටර්වරයාට පිළිතුරු දුන්නා.
5. Risk Taking Ability
සාර්ථක පුද්ගලයින් ගණනය කළ අවදානම් (Calculated Risk) ගන්න බය වෙන්නේ නැහැ.
සිද්ධාලේප වෙද මහත්තයා ආයුර්වේද නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමේදිත් මේ කියන Calculated Risk එකක් ගත්තා. ඒ වෙනකොට වෙළඳ පොළේ තිබුණේ බටහිර බෙහෙත්. විදේශිකයන් විසින් ඒ වෙළඳ පොළ පාලනය කරමින් ඉන්න කාලයකයි අවදානම ගණනය කරලා වික්ටර් හෙට්ටිගොඩ එහෙම නැත්නම් සිද්ධාලේප වෙද මහත්තයා ආයුර්වේද නිෂ්පාදන වෙළඳ පොළට හඳුන්වාදෙන්න උත්සහ කළේ.
වෝල්මාර්ට් නිර්මාතෘ තමන්ගේ නිවස උකසට තියලයි ව්‍යාපාරය පටන් ගත්තේ. ඔහු මුලින්ම වෙනත් පුද්ගලයෙකුට අයත් Retail Store එකක් කරගෙන ගිහින් ඒ ලබා ගත්ත අත්දැකීම් අනුව අවදානම ගණනය කරලයි ව්‍යාපාරය පටන් ගන්න කටයුතු කළේ. මොකද හිතුමතේට තමන්ගේ නිවස උකසට තියලා ව්‍යාපාරයක් පටන් අරගෙන ඒක අසාර්ථක වුණොත් ලොකු අමාරුවක වැටෙන්න වෙනවා. ඒ නිසා ඔහු නිකන්ම අවදානමක් ගත්තේ නැහැ.
6. Continuous Learning
සාර්ථක පුද්ගලයින් අඛණ්ඩ ඉගෙනීමේ ක්‍රියාවලියට නිරන්තරවම සම්බන්ධ වෙනවා. ඉගෙනීමට වයසක් හෝ නීතියක් අවශ්‍ය නැහැ.
New York Times, Wall Street Journal, Financial Times වගේ මූල්‍ය තොරතුරු සම්බන්ධ පුවත්පත්වල පිටු 500ක් පමණ වොරන් බෆට් දිනකට කියවනවා. ඉලෝන් මස්ක් දිනකට පැය 15ක් පමණ කියවනවා. ඒ හැරුණම බිල් ගේට්ස් අවුරුද්දකට පොත් 50ක්, මාර්ක් සකර්බර්ග් සතියකට පොතක්, ඒබ්‍රහම් ලින්කන් මාසයකට එක පොතක්, බරක් ඔබාමා සතියකට එක පොතක්, ජැක් මා දිනපතා පොතක් සහ ස්ටීව් ජොබ්ස් මාසයකට එක පොතක් බැගින් කියවනවා.
මේක කියවන ඔයා පොත් කීයක් සතියකට, මාසයකට කියවනව ද? ඒ කියවන පොත් ඔයාව සාර්ථක පුද්ගලයෙක් කරන්න හේතු වෙන පොත් ද?
දැන් ඔයාට අවබෝධ වෙනවා ඇති මේ පුරුදු ඔයාගේ ජීවිතේට ළං කරගන්න එක අමාරු නැහැ කියලා. ඒත් ඔයාගේ කැපවීම, මහන්සිය ඒකට අවශ්‍යයි. Loku Business අපි ඔයාට මේ ලබා දෙන දැනුම ප්‍රායෝගිකව අත්හදා බලන්න. මොකද ඔයා, ඔයා හිතනවට වඩා බලවත් කෙනෙක්.
ඔයාගේ ජීවිතේ පුරුදු තවත් හොඳින් හැඩගස්වාගෙන සාර්ථකත්වයේ ඉහළටම යන්න කැමති නම් පහළ Link එකට ගිහින් ලොව වැඩිම අලෙවි වාර්තා තැබූ Atomic Habits Video Book එකේ Free Chapters බලන්න.
https://school.lokubusiness.lk/p/atomic-habits?affcode=1420258_ghpjvsre