ඔයාගේ ජීවිතේ වැදගත්කමක්, Priority එකක් දෙන දේවල් ගොඩක් තියෙනවා කියන්නේ වක්‍රාකාරව අදහස් වෙන්නේ ඔයා කිසිම දේකට ප්රමුඛත්වයක් දෙන්නේ නැහැ කියන එක. වෙන විදිහකට කියනවා නම් ඔයාගේ ජීවිතේ Focus කරන දේවල් තුනකට වඩා තියෙනවා කියන්නේ ඔයා එකකටවත් හරියට Focus කරන්නේ නැහැ.
ඊළඟ දින 90ක කාලය, ඒ කියන්නේ මාස තුනක කාලය ඇතුළත දවසට පැය දෙක ගාණේ එක වැඩකට ඔයාගේ Focus එක යොමු කරන්න. හරියට කළොත් මේ දින 90ක Formula එක ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් කරන බව විශ්වාසයි. ඔයාට නොදැනිම ඔයාගේ අවධානය මොන තරම් ගිලිහිලා තියෙනවද, මොනවද ඒකට හේතු, කොහොමද නැවත අවධානයෙන් වැඩ කරන්න පුහුණු වෙන්න ඕන කියන එක මේ ලිපිය සම්පූර්ණයෙන් කියවලා ඉවරවෙනකොට ඔයාට තේරුම් ගන්න පුළුවන්.
විශේෂයෙන් නාගරික ප්‍රදේශවල ජීවත් වෙන පුද්ගලයෝ ඉන්නේ Broken Focus එකකින් කියලා පර්යේෂණවලින් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ බිඳුණු අවධානයකින් තමයි ඔවුන් නිතරම ඉන්නේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් දිනකට 112 වතාවක් පමණ තම ස්මාර්ට්ෆෝන් තිරය දෙස බලන බව සමීක්ෂණ මගින් හෙළිවෙලා තියෙනවා. කිසිම හේතුවක් නැතුව පවා මේ විදියට ජංගම දුරකතනය දිහා බලන්න ගොඩක් දෙනෙක් පුරුදුවෙලා ඉන්නවා. අපේ අවධානය බිඳෙන්න මේකත් එක හේතුවක්. Focus එක අඩුවීම නිසා සමහර වෙලාවට ඔයාට හොඳ අදහසක් තිබුණත් ඒක ක්‍රියාත්මක කරන්න යද්දි ඔයාට ඒක කරන්න අමාරුයි. මොකද එක තැනකට අවධානය යොමු කරන්න ඔයාට නොහැකි නිසා.
සාමාන්‍යයෙන් එක එක පැතිකඩවල්වලට දැනුම විහිදිලා තියෙන මිනිස්සු ඉන්නවා. ඔවුන්ව හඳුන්වන්නේ Multi Branch Intelligence කියලා. මේ වගේ පුද්ගලයෝ වැඩක් කරද්දි එක එක පැතිකඩවලින් හිතනවා. ඒ නිසාම කරන්න උත්සහ කළ දේ හරියට කරන්න ඔවුන්ට නොහැකි වෙනවා.
“හාවුන් දෙදෙනෙකු පසුපස හඹා යන මිනිසෙකුට එක හාවෙකුවත් අල්ලා ගත නොහැක,” කියලා කියමනක් තියෙනවා. මේ කියමනෙන් පැහැදිලි කරන්නේ අවධානය එක තැනක තබා ගැනීමේ වැදගත්කම ගැන. හාවෝ දෙන්නටම අවධානය දෙන්න ගියාම ඔයාගේ අවධානය දෙපැත්තකට යනවා. අවසානයේ ඔයාට එක හාවෙක්වත් අල්ලගන්න වෙන්නේ නැහැ. ඒ වගේම නිකරුණේ ඔයාගේ ශක්තියත් ඒ වෙනුවෙන් වැයවෙලා ඉවරයි.
ඔයාට පුළුවන් ද මුහුදෙ වතුර රත් කරන්න? බෑ නේද? ඒත් පොඩි කේතලයක තියෙන වතුර රත් කරන්න පුළුවන් නේද? ඒ වගේ ඔයාගේ
ඔයාගේ ජීවිතේ වැදගත්කමක්, Priority එකක් දෙන දේවල් ගොඩක් තියෙනවා කියන්නේ වක්‍රාකාරව අදහස් වෙන්නේ ඔයා කිසිම දේකට ප්රමුඛත්වයක් දෙන්නේ නැහැ කියන එක. වෙන විදිහකට කියනවා නම් ඔයාගේ ජීවිතේ Focus කරන දේවල් තුනකට වඩා තියෙනවා කියන්නේ ඔයා එකකටවත් හරියට Focus කරන්නේ නැහැ.
ඊළඟ දින 90ක කාලය, ඒ කියන්නේ මාස තුනක කාලය ඇතුළත දවසට පැය දෙක ගාණේ එක වැඩකට ඔයාගේ Focus එක යොමු කරන්න. හරියට කළොත් මේ දින 90ක Formula එක ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් කරන බව විශ්වාසයි. ඔයාට නොදැනිම ඔයාගේ අවධානය මොන තරම් ගිලිහිලා තියෙනවද, මොනවද ඒකට හේතු, කොහොමද නැවත අවධානයෙන් වැඩ කරන්න පුහුණු වෙන්න ඕන කියන එක මේ ලිපිය සම්පූර්ණයෙන් කියවලා ඉවරවෙනකොට ඔයාට තේරුම් ගන්න පුළුවන්.
Broken Focus
විශේෂයෙන් නාගරික ප්‍රදේශවල ජීවත් වෙන පුද්ගලයෝ ඉන්නේ Broken Focus එකකින් කියලා පර්යේෂණවලින් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ බිඳුණු අවධානයකින් තමයි ඔවුන් නිතරම ඉන්නේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් දිනකට 112 වතාවක් පමණ තම ස්මාර්ට්ෆෝන් තිරය දෙස බලන බව සමීක්ෂණ මගින් හෙළිවෙලා තියෙනවා. කිසිම හේතුවක් නැතුව පවා මේ විදියට ජංගම දුරකතනය දිහා බලන්න ගොඩක් දෙනෙක් පුරුදුවෙලා ඉන්නවා. අපේ අවධානය බිඳෙන්න මේකත් එක හේතුවක්. Focus එක අඩුවීම නිසා සමහර වෙලාවට ඔයාට හොඳ අදහසක් තිබුණත් ඒක ක්‍රියාත්මක කරන්න යද්දි ඔයාට ඒක කරන්න අමාරුයි. මොකද එක තැනකට අවධානය යොමු කරන්න ඔයාට නොහැකි නිසා.
සාමාන්‍යයෙන් එක එක පැතිකඩවල්වලට දැනුම විහිදිලා තියෙන මිනිස්සු ඉන්නවා. ඔවුන්ව හඳුන්වන්නේ Multi Branch Intelligence කියලා. මේ වගේ පුද්ගලයෝ වැඩක් කරද්දි එක එක පැතිකඩවලින් හිතනවා. ඒ නිසාම කරන්න උත්සහ කළ දේ හරියට කරන්න ඔවුන්ට නොහැකි වෙනවා.
“හාවුන් දෙදෙනෙකු පසුපස හඹා යන මිනිසෙකුට එක හාවෙකුවත් අල්ලා ගත නොහැක,” කියලා කියමනක් තියෙනවා. මේ කියමනෙන් පැහැදිලි කරන්නේ අවධානය එක තැනක තබා ගැනීමේ වැදගත්කම ගැන. හාවෝ දෙන්නටම අවධානය දෙන්න ගියාම ඔයාගේ අවධානය දෙපැත්තකට යනවා. අවසානයේ ඔයාට එක හාවෙක්වත් අල්ලගන්න වෙන්නේ නැහැ. ඒ වගේම නිකරුණේ ඔයාගේ ශක්තියත් ඒ වෙනුවෙන් වැයවෙලා ඉවරයි.
Laser Sharp Focus
ඔයාට පුළුවන් ද මුහුදෙ වතුර රත් කරන්න? බෑ නේද? ඒත් පොඩි කේතලයක තියෙන වතුර රත් කරන්න පුළුවන් නේද? ඒ වගේ ඔයාගේ අවධානය මුළු මුහුදටම යොමු කරනවා වෙනුවට, වතුර පොඩි ප්‍රමාණයක් රත් කරන්න යොමු කරන්න. දකින දකින හැමදේටම, ඇහෙන හැම දේටම, කරන්න ඕන කියලා හිතෙන හැමදේටම අවධානය දෙන්න ගියොත් ඔයාට කිසිම වැඩක් හරියට කරගන්න බැරි වෙනවා.
“වැදගත්ම දේ වන්නේ, වැදගත්ම දේට වැදගත්කම දී තබා ගැනීමයි” (The main thing is to keep the main thing the main thing) කියලා කියමනක් තියෙනවා. මේ කියමන ඇතුළෙ සැඟවිලා තියෙන රහස තමයි ඔයාගේ අවධානය ඔයාගේ ඉලක්කය වෙත යොමු කිරීමෙන්, ඔයාගේ ශක්තිය සහ කාලය කාර්යක්ෂමව භාවිතා කරන්න හැකියාව ලැබෙනවා කියන එක.
දැන් ඔයා නිකමට ඔයාගේ දවස ගෙවෙන විදිය ගැන හිතලා බලන්න. Social Mediaවල තියෙන Short Videos බල බල ඉන්න ඔයා සමහරවිට හුරුවෙලා ඇති. ඒ නිසාම සමහර පුද්ගලයන්ට වැදගත් දෙයක් ගැන කියවෙන මිනිත්තු 15ක 20කවත් වීඩියෝ එකක් බලන්න අවධානය යොමු කරන්න අමාරුවෙලා තියෙනවා. ඔයාගේ අවධානය Short Videos බලන්න යොමු කළාම ඒ ඒ Social Media Companyවලට මුදල් ලැබෙනවා. ඒත් ඔයාට ලැබෙන්නේ මොනවද? prank videos, news videos, emotional videos, useless videos මේ වගේ එක එක වර්ගයේ වීඩියෝ ඉතා කෙටි කාලයක් තුළ කොපමණ සංඛ්‍යාවක් ඔයා නරඹනවා ඇත් ද? ඒ නිසාම ඔයාගේ අවධානය එක එක මාතෘකාවලට ඇදිලා ගිහින් එක දෙයක් කරන්න අවධානය යොමු කරන්න අමාරු තත්ත්වයකට ඔයා පත් වෙනවා.
ඔයාගේ අවධානය මොනවා හරි දේකට යොමු වෙනවා කියන්නේ ඔයාගේ Energy එක ඒ දේ වෙනුවෙන් වැය වෙනවා. ඒ නිසා හැමවෙලාවකම ඔයා Focus එක කොතනටද දෙන්නේ, කොච්චර Laser Sharp Focus එකක් ද දෙන්නේ කියන එක තේරුම් ගන්න උත්සහ කරන්න.
ඔයාට ඉලක්කයක් ඇති. අන්න ඒ ඉලක්කයට යන්න අවශ්‍ය දේවල් වෙනුවෙන් අවධානය යොමු කරන්න ටිකෙන් ටික හුරු වෙන්න. එතකොට ඔයාගේ කාලය, ශක්තිය, අවධානය හැමදේම යොමු වෙන්නේ ඔයාගේ ඉල්ලකය ජයගැනීම වෙනුවෙන් විතරයි.
Find Out One Top Focus
අපේ ජීවිතවල විවිධ පැතිකඩ තියෙනවා. ඒ අතර පවුල් ජීවිතය, වෘත්තීය ජීවිතය, සමාජීය ජීවිතය, අධ්‍යාත්මික ජීවිතය, විතරක් නෙමෙයි චිත්තවේග, මානසික තත්ත්වය, කායික නිරෝගී බව ඇතුළු මේ හැමදෙයක් එක්කම ගත්තම පුද්ගලයෙක්ගේ ජීවිතේ පැතිකඩවල් කිහිපයක්ම තියෙනවා. මේ හැම පැත්තක් ගැනම හිතලා Focus එක දෙන්න අත්‍යවශ්‍යම ප්‍රධානම එක දෙයක් තෝරගන්න. වැඩ දහයක් බාගෙට ඉවර කරනවට වඩා එක වැඩක් හොඳට සම්පූර්ණයෙන් ඉවර කරන එක තමයි හොඳම දේ.
ඊට පස්සේ ඔයා කරන්න ඕන දේ තමයි ඔයාගේ අවධානය වෙන පැත්තකට යොමු වෙන එක වළක්වගන්න ඕන. මේක කියන තරම් ලේසි දෙයක් නෙමෙයි. ඔයා පාරේ ගමනක් යනකොට බල්ලෝ බුරන්න ගත්තොත් ඒ බුරන හැම බල්ලටම ඔයා ගල් ගහන්න යන්නේ නැහැනේ. ඒ වගේ තමයි මෙතැනදිත් අවධානය විසිරෙන්න නොදී ඔයා කරන්න ඕන ඔයාගේ ගමන යන එක.
Martial Arts ඉගෙනගන්න ශිෂ්‍යයෙක් වැඩි අවධානයක් දීලා පුහුණු වෙන Shot එකක් තමයු Block and Punch කියන්නේ. මොන තරම් හොඳට ඔවුන් ඒක පුහුණු වෙනව ද කියනවා නම් මොකක් හරි ගැටලුවක් ආවම ඉබේම ඒ Shot එක ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ මට්ටමකට ඔයාගේ අවධානය ගෙනියන එකට පුහුණු වෙන්න.
අවධානය එහෙනම් නැත්නම් Focus එක ඇයි වර්තමානයේ වැදගත් දෙයක් බවට පත්වෙලා තියෙන්නේ කියලා ඔයාට දැන් පැහැදිලි ඇති. Social Media නිසා අවධානය ගිලිහීම, එක දෙයකට අවධානය යොමු නොකිරීම, අවධානය යොමු කරන්න ඕන දේ තෝරගන්නෙ නැතිකම වගේ දුර්වලකම් රැසක් නිසා අවධානය කියන එක අද ගොඩක් වැදගත් මාතෘකාවක් වෙලා තියෙනවා.
දැන් ඔයාට කරන්න තියෙන්නේ, ඔයාගේ ජීවිතේ ඊළඟ දින 90දි එක දවසකට පැය 02 බැගින් ඔයාගේ ප්‍රධානම අරමුණක් වෙනුවෙන් අවධානය යොමු කරලා වැඩ කරන්න පුහුණු වෙන එක. ඒ දින 90න් පස්සේ ඔයාගේ ජීවිතේ, මේ මොහොතේ ඔයාගේ ජීවිතේට වඩා ඉතා සාර්ථක වගේම ධනාත්මක එකක් බවට පත්වේවි.
අවධානය එක තැනක තියාගන්න ඔයාගේ පුරුදු (Habits) පවා ලොකු බලපෑමක් කරනවා. උදේ ඇහැරුණ ගමන් Social Mediaවල තියෙන Short Videos බල බල ඉන්න එකෙන් පවා වෙන්නේ ඔයාට නොදැනිම අවධානය දුර්වල වෙන එක. ජීවිතේ සාර්ථකත්වයට මග අහුරන පුරුදු හඳුනගෙන ඒවගෙන් මිදෙන්නත්, ඉලක්ක කරා යන්න අවශ්‍ය පුරුදු ඇති කරගන්නත් පහළ Link එකට ගිහින් James Clear විසින් රචිත Atomic Habits ග්‍රන්ථය ඇසුරෙන් නිර්මාණය කළ Video Book එකේ Free Chapters නරඹන්න.
https://school.lokubusiness.lk/p/atomic-habits?affcode=1420258_ghpjvsre