රැකියාවක් කරන ඕනම පුද්ගලයෙක් කැමතියි තමන්ගේ ක්ෂේත්‍රයේ සුවිශේෂී චරිතයක් වෙන්න. පියවර 03කින් කොහොමද ඔයාගේ වෘත්තීය ක්ෂේත්‍රයේ සුවිශේෂී චරිතයක් වෙන්නේ කියලා මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන්. රැකියාවක් කරන කෙනෙක්ට විතරක් නෙමෙයි, රැකියාවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පවා මේ ලිපිය වැදගත්. 

ඔයාගේ රැකියා ක්ෂේත්‍රය තුළ හැමෝගේම ගෞරවය දිනාගත් අමතක නොවන පුද්ගලයෙක් වෙන්න අවශ්‍ය නම් මොනවද ඔයා අනුගමනය කරන්න ඕන කියන එක පියවරෙන් පියවර බලමු.

01. Unique Signature Skill

ඔයාගේ ළඟ තියෙන ඔයාටම ආවේණික වුණ, අද්විතීය හැකියාව මොකක්ද කියන එක මුලින්ම හඳුනාගන්න. වෙන කිසි කෙනෙක් ළඟ නැති ඔයාටම Unique වුණ, අනිත් අයගෙන් ඔයාව වෙනස් කෙනෙක් විදියට කැපිලා පේන හැකියාවක් තමයි මෙතැනදි ඔයා හඳුනාගන්න ඕන. 

අපි භෞතිකව විතරක් නෙවෙයි unique වෙන්නේ. මනෝවිද්‍යාත්මකව පවා අපි unique. උදාහරණයක් විදියට මෙහෙම හිතන්න. දැන් ඔයා ශක්තිමත්ම පුද්ගලයාව තෝරනවා නම්, strong, stronger, strongest කියලා ප්‍රබලතාව වැඩිවෙන විදියට ශක්තිමත් පුද්ගලයන්ව වර්ග කරන්න පුළුවන්. ඒත් Unique පුද්ගලයෙක්ව නම් ඔයා තෝරන්නේ unique, uniquer, uniquest කියලා කියන්නේ නැහැ. Unique එහෙම නැත්නම් අද්විතීය කියන්නේ ඒ වගේ පුද්ගලයෙක්ට සමාන කරන්න තව පුද්ගලයෙක් නැහැ. 

අනිවාර්යෙන්ම ඔයා ළඟ සුවිශේෂ හැකියාවක් ඇති, ඒත් ඔයා එහෙම එකක් නෑ කියලා හිතාගෙන රැකියාවේ පවා එකම තැනක, එකම මට්ටමක ඉන්නවා ඇති. මෙහෙම කල්පනා කරලා බලන්න, ඔයා වැඩක් කරනකොට විශාල ශක්තියක් යොදවලා, හරිම අපහසුවෙන් කරන වැඩ අතරේ වැඩි මහන්සියක් නැතුව, ආසාවෙන් කරන්න පුළුවන් දෙයක් ඇති. අන්න ඒ හැකියාව ගැන පොඩ්ඩක් හිතලා බැලුවොත් ඔයාට පැහැදිලිවෙයි වෙන කෙනෙක් ඒක කරන්නේ කොහොමද කියලා හිතනකොට ඔයා ඒ වෙනකොටත් ඒක කරලා ඉවරයි කියලා. වෙන කෙනෙක්ට පෝය දවසක වැඩ කරන්න බෑ වගේ හිතනකොට ඔයා ඒ පෝය දවසෙත් වැඩ කරනවා ඒ දේ වෙනුවෙන්. ඒ වගේ Unique Signature Skill එකක් ඔයාට තියෙනවා. ඒක ගොඩක් හොඳට විශ්ලේෂණය කරලා හඳුනගන්න උත්සහ කරන්න. 

මේක එක පාර කරන්න අමාරුවෙයි. සමහරවිට ඔයාගේ මතකයට එන එකක් නැහැ මොකක්ද ඒ හැකියාව කියන එක. ඒ නිසා ඔයා රැකියාව කරන අතරතුර ඔයාටම හොඳ අවධානයක් දෙන්න. එතකොට ඔයාට පුළුවන්වෙයි ඔයත් නොදැන හිටිය ඔයාගේ Unique Signature Skill එක හඳුනාගන්න.

02. Focus on Depth, Not Width

පළමු පියවර විදියට Unique Signature Skill එක මොකක්ද කියලා හොයාගත්තට පස්සේ කරන්න ඕන දේ තමයි, ඒ Skill එක සම්බන්ධයෙන් ඔයාට යන්න පුළුවන් ගැඹුර පිළිබඳව අවධානය යොමු කරන එක. කොච්චර පුළුල්ව ඒ දේ කරන්න ඕන ද කියන එක නෙමෙයි ඇත්තටම වැදගත් වෙන්නේ ඒකේ මොන තරම් ගැඹුරට ගිහින්

Share this post: