ලෝකවාසීන්ගේ ගෞරවාදරයට පාත්‍ර වුණ විශිෂ්ට පුද්ගලයෙක් විදියට ආචාර්ය අබ්දුල් කලාම් හඳුන්වන්න පුළුවන්. 1931 ඔක්තෝබර් මාසයේ උපත ලැබූ ඔහු පවුලේ හයවෙනි දරුවා. කුඩා කාලයේ ඉඳලාම උත්සහවන්තව ඔහුගේ ගමන එන්න දැඩි කැපවීමකින්, දුරදක්නා නුවණකින් ඔහු කටයුතු කළා. පාසල් අවධියේදී ඔහු පත්තර විකිණීමෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මුදල් පවා සොයාගත්තා.
ආර්ථික වශයෙන් ශක්තිමත් තත්ත්වයක් ඔහුගේ පවුල් පසුබිමෙහි තිබුණෙ නැතත් තමන්ගේ අධිෂ්ඨානය සහ කැපවීම නිසා ජීවිතය දිනූ ඔහුගේ කතාව ඔයාගේ ජීවිතයටත් වටිනා ආදර්ශ රැසක් ලබා දෙනවා. නැහැ බැහැ කියමින් අඩියක් පසුපසට තබනවාට වඩා විශ්වාසයෙන් යුතුව ඔයාගේ ගමන ඉදිරියට යන්න මේ කතාව ඔයාට වැදගත් වෙයි.
ආචාර්ය ඒ. ජේ. පී. අබ්දුල් කලාම් අගහිඟකම් පිරි පවුලකින් පැවත ආවත් අධ්‍යාපනයෙන් තමන්ට යා හැකි උපරිම දුරක් පැමිණි චරිතයක්. ඒ වගේම 2002 වසරේ සිට 2007 වසර දක්වා ඉන්දියාවේ ජනාධිපතිවරයා විදියට කටයුතු කරන්නත් ඔහු සමත් වුණා. ඉන්දියාවේ 11 වන ජනාධිපතිවරයා වුණ ඔහුගේ ගමනේ සාර්ථකත්වයට හේතු වූ රහස් 4ක් තිබෙනවා.
01. සුවිසල් අරමුණක් තිබීම
02. දැනුම සොයා යාම
03. දැඩි කැපවීම
04. නොපසුබට උත්සහය
මේ රහස් 04 ඔහුගේ ජීවිත කතාව වෙනස්ම මගකට ගේන්න සමත් වුණා. සිය පවුලේ දක්ෂතම දරුවා වුණ අබ්දුල් කලාම් කුඩා කාලයේ පත්තර අලෙවි කිරීමෙන් අමතර ආදායමක් පවා සොයාගත්තා. එය ඔහුගේ අධ්‍යාපන කටයුතුවලට විශාල පිටිවහලක් වුණා.
ඉගෙනීමෙන් ඉහළට යන්න තිබුණ ඔහුගේ කැමැත්ත නිසාම පසුව ඔහු ඉන්දියානු තාක්ෂණ ආයතනයට (IIT) ඇතුළු වුණා. ඒත් ඔහුගේ පවුලේ අයට ඔහුව මේ ආයතනයට ඇතුල් කරන්න වත්කමක් තිබුණේ නැහැ. ඒ නිසා කෙසේ හෝ ශිෂ්‍යත්වයක් ලබාගෙන මෙම ආයතනයට බැඳෙන බවට දැඩි අධිෂ්ඨානයකින් ඔහු පසුවුණා. අවසානයේ අබ්දුල් කලාම් තමන්ගේ අධිෂ්ඨානය සහ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස ශිෂ්‍යත්වයක් ලබාගෙන IIT ආයතනයට ඇතුළත් වීමේ සිහිනය සැබෑවක් කරගන්න සමත් වුණා.
අබ්දුල් කලාම් කියන්නේ අභියෝග රැසක් පසු කරගෙන තමන්ගේ සිහින සැබෑ කරගත්ත පුද්ගලයෙක්. ඔහු සතුව තිබූ එක් ගති ලක්ෂණයක් වූයේ දකින දකින සෑම දෙයක්ම කුතුහලයකින් බැලීමයි. ඒ කුතුහලය ඔහුගේ ගමනට විශාල ආශිර්වාදයක් වුණා.
ඔහුට එක්තරා අවස්ථාවක රැකියා සම්මුඛ පරීක්ෂණ දෙකකට ආරාධනා ලැබුණා. එකක් ආරක්ෂක අංශයෙන් (Defense) සහ අනෙක ගුවන් හමුදාවෙන් (Air Force). කෙසේ හෝ ගුවන් හමුදා සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූ අයගෙන් ඔහු නවවන ස්ථානය ලබා ගත්තා. නවවන ස්ථානය ලැබීමෙන් ඔහුට එහි රැකියාවක් කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. දෙවනුව ඔහුට ආරක්ෂක අංශයේ සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළින් සමත් වීමට හැකි වුණා. ඒ නිසා අවසානයේ ඔහුට තිබූ එකම විකල්පය වූයේ ආරක්ෂක අංශයට බැඳීමයි.
ඔහු ආරක්ෂක අංශයේ සේවය කරන විට NASA හි සමහර ව්‍යාපෘති සඳහා සම්බන්ධ වීමට ඔහුට අවස්ථාව ලැබුණා. මේ ආකාරයට අබ්දුල් සහ ඔහුගේ කණ්ඩායම ව්‍යාපෘති සිදු කරන විට ඇමරිකාවෙන් අනතුරු ඇඟවීමක් ඔවුන්ට ලැබුණා. “ඉන්දියාවේ ආරක්ෂක ව්‍යාපෘති මේ ආකාරයෙන් කිරීමට හැකියාවක් ඇතැයි අපි සිතන්නේ නැහැ. ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය වන අතර රටක් ලෙස ඔබට මෙය සාර්ථක වනු ඇතැයි අපට
ලෝකවාසීන්ගේ ගෞරවාදරයට පාත්‍ර වුණ විශිෂ්ට පුද්ගලයෙක් විදියට ආචාර්ය අබ්දුල් කලාම් හඳුන්වන්න පුළුවන්. 1931 ඔක්තෝබර් මාසයේ උපත ලැබූ ඔහු පවුලේ හයවෙනි දරුවා. කුඩා කාලයේ ඉඳලාම උත්සහවන්තව ඔහුගේ ගමන එන්න දැඩි කැපවීමකින්, දුරදක්නා නුවණකින් ඔහු කටයුතු කළා. පාසල් අවධියේදී ඔහු පත්තර විකිණීමෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මුදල් පවා සොයාගත්තා.
ආර්ථික වශයෙන් ශක්තිමත් තත්ත්වයක් ඔහුගේ පවුල් පසුබිමෙහි තිබුණෙ නැතත් තමන්ගේ අධිෂ්ඨානය සහ කැපවීම නිසා ජීවිතය දිනූ ඔහුගේ කතාව ඔයාගේ ජීවිතයටත් වටිනා ආදර්ශ රැසක් ලබා දෙනවා. නැහැ බැහැ කියමින් අඩියක් පසුපසට තබනවාට වඩා විශ්වාසයෙන් යුතුව ඔයාගේ ගමන ඉදිරියට යන්න මේ කතාව ඔයාට වැදගත් වෙයි.
සාර්ථකත්වයේ රහස් 04
ආචාර්ය ඒ. ජේ. පී. අබ්දුල් කලාම් අගහිඟකම් පිරි පවුලකින් පැවත ආවත් අධ්‍යාපනයෙන් තමන්ට යා හැකි උපරිම දුරක් පැමිණි චරිතයක්. ඒ වගේම 2002 වසරේ සිට 2007 වසර දක්වා ඉන්දියාවේ ජනාධිපතිවරයා විදියට කටයුතු කරන්නත් ඔහු සමත් වුණා. ඉන්දියාවේ 11 වන ජනාධිපතිවරයා වුණ ඔහුගේ ගමනේ සාර්ථකත්වයට හේතු වූ රහස් 4ක් තිබෙනවා.
01. සුවිසල් අරමුණක් තිබීම
02. දැනුම සොයා යාම
03. දැඩි කැපවීම
04. නොපසුබට උත්සහය
මේ රහස් 04 ඔහුගේ ජීවිත කතාව වෙනස්ම මගකට ගේන්න සමත් වුණා. සිය පවුලේ දක්ෂතම දරුවා වුණ අබ්දුල් කලාම් කුඩා කාලයේ පත්තර අලෙවි කිරීමෙන් අමතර ආදායමක් පවා සොයාගත්තා. එය ඔහුගේ අධ්‍යාපන කටයුතුවලට විශාල පිටිවහලක් වුණා.
ඉගෙනීමෙන් ඉහළට යන්න තිබුණ ඔහුගේ කැමැත්ත නිසාම පසුව ඔහු ඉන්දියානු තාක්ෂණ ආයතනයට (IIT) ඇතුළු වුණා. ඒත් ඔහුගේ පවුලේ අයට ඔහුව මේ ආයතනයට ඇතුල් කරන්න වත්කමක් තිබුණේ නැහැ. ඒ නිසා කෙසේ හෝ ශිෂ්‍යත්වයක් ලබාගෙන මෙම ආයතනයට බැඳෙන බවට දැඩි අධිෂ්ඨානයකින් ඔහු පසුවුණා. අවසානයේ අබ්දුල් කලාම් තමන්ගේ අධිෂ්ඨානය සහ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස ශිෂ්‍යත්වයක් ලබාගෙන IIT ආයතනයට ඇතුළත් වීමේ සිහිනය සැබෑවක් කරගන්න සමත් වුණා.
අභියෝගාත්මක ගමන් මගක් ඔස්සේ ගලා ගිය ජීවිතය
අබ්දුල් කලාම් කියන්නේ අභියෝග රැසක් පසු කරගෙන තමන්ගේ සිහින සැබෑ කරගත්ත පුද්ගලයෙක්. ඔහු සතුව තිබූ එක් ගති ලක්ෂණයක් වූයේ දකින දකින සෑම දෙයක්ම කුතුහලයකින් බැලීමයි. ඒ කුතුහලය ඔහුගේ ගමනට විශාල ආශිර්වාදයක් වුණා.
ඔහුට එක්තරා අවස්ථාවක රැකියා සම්මුඛ පරීක්ෂණ දෙකකට ආරාධනා ලැබුණා. එකක් ආරක්ෂක අංශයෙන් (Defense) සහ අනෙක ගුවන් හමුදාවෙන් (Air Force). කෙසේ හෝ ගුවන් හමුදා සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූ අයගෙන් ඔහු නවවන ස්ථානය ලබා ගත්තා. නවවන ස්ථානය ලැබීමෙන් ඔහුට එහි රැකියාවක් කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. දෙවනුව ඔහුට ආරක්ෂක අංශයේ සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළින් සමත් වීමට හැකි වුණා. ඒ නිසා අවසානයේ ඔහුට තිබූ එකම විකල්පය වූයේ ආරක්ෂක අංශයට බැඳීමයි.
ඔහු ආරක්ෂක අංශයේ සේවය කරන විට NASA හි සමහර ව්‍යාපෘති සඳහා සම්බන්ධ වීමට ඔහුට අවස්ථාව ලැබුණා. මේ ආකාරයට අබ්දුල් සහ ඔහුගේ කණ්ඩායම ව්‍යාපෘති සිදු කරන විට ඇමරිකාවෙන් අනතුරු ඇඟවීමක් ඔවුන්ට ලැබුණා. “ඉන්දියාවේ ආරක්ෂක ව්‍යාපෘති මේ ආකාරයෙන් කිරීමට හැකියාවක් ඇතැයි අපි සිතන්නේ නැහැ. ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය වන අතර රටක් ලෙස ඔබට මෙය සාර්ථක වනු ඇතැයි අපට සිතෙන්නේ නැහැ.” මේ හේතුවෙන් ඇමරිකාව ඉන්දියාව සමග පැවති ආරක්ෂක සබඳතා ලිහිල් කළා.
නමුත් අබ්දුල් කලාම් ඇතුළු පිරිස ඔවුන් මේ තීරණය කර ඇති දේ කෙසේ හෝ සිදු කිරීමට අධිෂ්ඨානයෙන් වැඩ කරන විට ඉන්දියාවට ආරක්ෂක කටයුතු සහ ව්‍යාපෘති සිදු කිරීමට සාදා තිබූ ස්ථානය හදිසි ගින්නකින් විනාශ වුණා. පසුව ඔවුන් වෙනත් ස්ථානයක් සොයාගන්න උත්සහ කළත් එවැනි ස්ථානයක් සොයා ගැනීමට නොහැකි වුණා. අවසානයේ ව්‍යාපෘතියේ ඉතිරි කොටස් පල්ලියක සිට සිදු කරන්න ඔවුන් තීරණය කළා.
මේ විදියට ඉතාමත් අසීරු තත්ත්වයන් යටතේ ඔවුන්ට රොකට්ටුවක් අහසට යැවීමට හැකි වුණා. ඇත්තටම එයට අවශ්‍ය තරම් සම්පත් ඔවුන්ට තිබුණේ නැහැ. ඒත් සීමිත සම්පත් සහ අධික දුෂ්කරතා හමුවේ ඔවුන් මේ දේ සිදු කළා. මේ විදියට කැපවීමෙන් කටයුතු කළ ඔහුට SLV 3 (Satellite Launch Vehicle) යානය නිර්මාණය කර සාර්ථකව චන්ද්‍රිකාවක් අහසට යැවීමට සමත් වුණා. මේ ගැන දැනගත් ඉන්දීය රජය අබ්දුල් කලාම් ඇතුළු පිරිසට මුල්‍යාධාර සපයන්නත් කටයුතු යෙදුවා.
ඉන්දීය රජයේ සහය සමග ඉදිරියට
අබ්දුල් කලාම් ඇතුළු පිරිසගේ ප්‍රගතිය දැකපු ඉන්දීය රජය එම පිරිසට ව්‍යාපෘති ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය සහය දෙන්න තීරණය කළා. එවකට සිටි ඉන්දීය නායිකා ඉන්දිරා ගාන්ධි මේ සඳහා අරමුදල් සැපයීමට කැමති වුණා.
1979 දී SLV 3 දියත් කළ නමුත්, එය නොසිතූ ලෙස අසාර්ථක වුණා. “අසාර්ථක වීම් සාමාන්‍ය දෙයක්, අපි නැවත උත්සාහ කළ යුතුයි” කියලා අබ්දුල් කලාම්ට මේ අවස්ථාවෙදි පුද්ගලයෙක් පැවසුවා. මේ අනුව, 1980දී SLV 3 නැවත දියත් කළ අතර එය සාර්ථක වුණා. “අබ්දුල්, ඔබ අපට සම්පතක්. ඔබ නිසා තමයි අපට 1980 දී දෙවන වරටත් උත්සාහ කර මෙය කිරීමට හැකි වුණේ. මේ වැඩ කටයුතු දිගටම කරගෙන යන්න. අපි රජයක් ලෙස ඔබට සහාය දෙන්නම්, මේ සඳහා අරමුදල් සපයන්නම්” කියා හිටපු නායිකා ඉන්දිරා ගාන්ධි අබ්දුල් කලාම්ට පවසා තිබුණා.
ඔහු අසාර්ථකවීම් හමුවේ නොසැලී ඉදිරියට ගිය නිසයි අවසානයේ ඔහු සාර්ථක වුණේ. ඔහුට ඉන්දීය රජයේ සහය ලබා ගන්න පවා අවස්ථාව හිමි වුණේ ඒ නොපසුබට උත්සහය නිසයි.
ඉන්දියාවේ 11 වන ජනාධිපතිවරයා දක්වා පැමිණි ආකාරය
ආචාර්ය අබ්දුල් කලාම් ඉටු කළ සේවය වෙනුවෙන් 1981දී ඔහු පද්ම භූෂන් (Padma Bhushan) සම්මානයෙන් පවා පිදුම් ලැබුවා. 1983 දී ඔහු DRDO (Defense Research and Development Organization) හි අධ්යක්ෂ බවටත් පත් වුණා.
සිය අසල්වැසි රටවල්වල චීනය, පකිස්ථානය වගේ රටවල මිසයිල වැනි බලගතු අවි ආයුධ තිබෙන නමුත් ඉන්දියාවට එම පහසුකම් නොමැති වීම ගැන අබ්දුල් කලාම්ගේ අවධානය යොමු වුණා. ඉන්දියාව අවදානම් තත්ත්වයක තිබෙන බවත් එය රටේ ආරක්ෂාවට තර්ජනයක් බවත් ඔහු සිතුවා. කරන්න බෑ කියන දේවල් කරන්න පුළුවන් කියලා හිතලා වැඩ කරන පුද්ගලයා තමයි දවසක මිනිස්සු විසින්ම නිර්මාණය කරලා තියෙන සීමා මායිම් බිඳ දාලා ඉදිරියට යන්නේ. ඉතින් මේ සිතුවිල්ල අනුව අබ්දුල් කලාම් තීරණය කළා ඉන්දියානුවන් විදියට ඔවුන්ට පුළුවන් කියලා මිසයිල නිපදවන්න.
මුලින්ම ත්රිශූල් මිසයිලය (Trishul Missile) සාදා එය අහසට යැවූ අතර, පසුව පෘථිවි මිසයිලය (Prithvi Missile) සාදා එය අහසට යවන්න ඔහුගේ සිතුවිල්ල සමත් වුණා. 1989 වන විට ආකාශ් මිසයිලය (Akash Missile) සහ නාග් මිසයිලය (Nag Missile) සාදා ඒවා ද මුදා හැරියා. පාකිස්තානය යුද ටැංකියක් ගෙන සටන් කිරීමට පැමිණෙන විට ඉන්දීය රජය මිසයිල ගෙන යුද්ධ කිරීමට සමත් වුණා. 1990 දී PSLV (Polar Satellite Launch Vehicle) දියත් කිරීම සාර්ථක වූ අතර, එවකට සිටි අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවා මේ කාර්ය ගැන විශ්වාස කළ නොහැකි තරම් සතුටු වුණා. ඔවුන්ට අවශ්‍ය වූයේ කෙසේ හෝ ඉන්දියාවට රොකට්ටුවක් සාදා අහසට යැවීමයි. එය රජයක් ලෙස ඔවුන්ට තිබූ අරමුණක් වුණා.
ඇමරිකාව, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, ඊශ්‍රායලය, කසකස්ථානය වැනි රටවල් ඉන්දියාවේ හදිසි පිබිදීම දැක පුදුමයට පත් වුණා. “මිසයිල තාක්ෂණය ඉන්දියාවට එනවා කියා අපි හීනෙකින්වත් හිතුවේ නැහැ” යැයි ඔවුන් පැවසුවා. දැන් මිසයිල තාක්ෂණය ඉන්දියාව පුරා සියලු රාජ්‍ය ප්‍රතිපත්ති සහ යුද කටයුතු සඳහා ව්‍යාප්ත වෙමින් පැවතුණා. අනෙකුත් රටවල් මොහොතකට ඉන්දියාව දෙසට හැරී බැලීමට පටන් ගත්තා.
1998 දී ශක්ති මෙහෙයුම (Shakti Operation) නමින් නව මෙහෙයුමක් දියත් කළේ න්‍යෂ්ටික බලය (Nuclear Power) පිළිබඳ නව දේවල් නිර්මාණය කිරීමට සහ සංවර්ධනය කිරීමටයි. ප්‍රංශය, ඇමරිකාව, රුසියාව, එක්සත් රාජධානිය, චීනය වැනි රටවල් පමණක් දැන සිටි න්‍යෂ්ටික බලය පිළිබඳව දැන් ඉන්දියාවත් පර්යේෂණ කරනවා. ඉන්දියාව මේ ස්ථානයට පැමිණීමට ප්‍රබල හේතුවක් වූයේ අබ්දුල් කලාම් කියන මේ අප්‍රතිහත ධෛර්යයෙන් යුතු මිනිසායි. මේ හේතුව නිසා අබ්දුල් කලාම්ට 1997 දී භාරත් රත්න (Bharat Ratna) සම්මානය පවා ලැබුණා.
මේ ආකාරයට තම රටට ඉමහත් සේවයක් කළ කෙනෙකුට නිකන්ම අතහැර දැමීමට ඉන්දීය රජය හෝ ඉන්දීය ජනතාව කැමති වුණේ නැහැ. ඔවුන් ඔහුව ඉන්දීය ජනාධිපතිවරණයට තරග කිරීමට ආරාධනා කළා. මේ අනුව ඔහු ඉන්දියාවේ 11 වන ජනාධිපති බවට පත් වුණා. ඔහු ජනාධිපති වන විට ඔහු සතුව තිබුණේ සීමිත වත්කම් කිහිපයක් පමණයි. ඒවා නම්, ඔහුගේ පාරම්පරික නිවස, පොත් 2500ක්, වීණාවක්, අත් ඔරලෝසුවක්, සීඩී ප්ලේයරයක්, ලැප්ටොප් එකක්, කමිස හයක්, කලිසම් හතරක්, සූට් තුනක් සහ එක් සපත්තු යුගලයක් පමණයි.
ඒත් ඔහුට ඊට වඩා ලොකු වත්කම් රැසක් ඔහුගේ අධිෂ්ඨානය, කැපවීම නිසා හිමි වුණා. ආචාර්ය උපාධි 40කට වැඩි ගණනක් ලබන්න ඔහු සමත් වුණා.
දැන් හිතලා බලන්න අපි දේවල් නැහැ කියලා තැවෙමින් සිටින අතරේ අපිට සමාන තත්ත්වයක ඉන්න මිනිස්සු කොහොමද ඉදිරියට යන්නේ කියලා. ඔයාට පුළුවන්. ඒ නිසා ඔයත් උත්සහය අත්හරින්න එපා.
ආචාර්ය අබ්දුල් කලාම් පැවසූ විශිෂ්ට ප්‍රකාශයක් තියෙනවා. “විශ්‍රාම ගැනීම කියා දෙයක් නැහැ, ඇත්තේ නැවත උත්සාහ කිරීම (Retire) පමණයි.” ඉතින් ඔයත් උත්සහ කරන්න.
ඔයාගේ ගමන ගැන හොඳ විශ්වාසයක් ඔයාට තියෙනවා නම්, කැපවීම තියෙනවා නම් ඔයාගේ ගමනාන්තය දක්වා යන්න ඔයාට පුළුවන්. ඔයාගේ ස්වඋත්සහයෙන් දැනුම වැඩිදියුණු කරගෙන ඉලක්ක ජයගන්න පහළ Link එක Click කරන්න.
https://school.lokubusiness.lk