ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ආනන්ද් මහින්ද්‍රා කියන්නේ, මහින්ද්‍රා සමූහ ආයතනයේ දියුණුව වෙනුවෙන් උපායමාර්ගිකව කටයුතු කළ සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඔහු මහින්ද්‍රා ආයතනයේ තෙවන පරම්පරාවේ ව්‍යාපාරිකයෙක්.  ඔහුගේ දූරදර්ශී සැලසුම්, අවදානම් ගැනීමේ හැකියාව හා නවෝත්පාදන චින්තනය මහින්ද්‍රා සමූහයේ සාර්ථකත්වයට හේතු වුණා.

පසුබිම හා අධ්‍යාපනය

1955 මැයි 1 වැනි දා උපත ලැබූ ආනන්ද් මහින්ද්‍රා ව්‍යාපාරික පවුලකින් පැවත එන්නෙක්. ඔහුගේ සීයා වන ජග්දිෂ් මහින්ද්‍රා තමයි මහින්ද්‍රා සමූහයේ ආරම්භකයා වෙන්නේ. සීයාගෙන් පසු ආනන්ද් මහින්ද්‍රාගේ පියා වන හරිෂ් මහින්ද්‍රා එම සමූහයේ සභාපති ධුරයට පත් වුණා. මේ විදියට තෙවන පරම්පරාවේ ව්‍යාපාරිකයෙක් වුණ ආනන්ද් මහින්ද්‍රා හාවඩ් විශ්වවිද්‍යාලයෙන් චිත්‍රපට නිෂ්පාදනය හා ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ හැදෑරුවා. පසුව Harvard Business School එකෙන් ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ MBA එකක් ද ඔහු ලබා ගන්නට සමත් වුණා.

1970දි ඔහු චිත්‍රපටයක් පවා කළා. ඒ චිත්‍රපටය සඳහා සම්මානයක් දිනාගන්නත් ඔහු සමත් වුණා. නමුත් කුඩා කාලයේ සිටම ව්‍යාපාරික ක්ෂේත්‍රයට තිබුණ ආසාව නිසා ඔහු තරුණ වයසේදීම සිය පවුලේ ව්‍යාපාරයට එක් වුණා.

සාමාන්‍යයෙන් ඉන්දියානු ජනතාව සමච්චලයට පත් කරන දේවල් ටික කොහොමද skillful talented industries බවට පරිවර්තනය කරන්නේ කියන එක තමයි ඔහුට තිබුණ ආසාව සහ අරමුණ වුණේ.

මහින්ද්‍රා සමූහයේ දියුණුව වෙනුවෙන් කටයුතු කළ ආකාරය

ආනන්ද් මහින්ද්‍රා 1997දී සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස මහින්ද්‍රා සමූහයට එක් වූ අතර 2012දී එම ආයතනයේ සභාපති ධුරයට පත් වුණා. ඔහුගේ නායකත්වය යටතේ සමාගමේ කොටස් මිල 213% කින් වර්ධනය කරන්න පවා ඔහු සමත් වුණා. ඉන්දියාවේ පළවෙනි electric vehicle එක පවා හැදුවේ ආනන්ද් මහින්ද්‍රාගේ දැක්ම යටතේ. ආයතනයේ දියුණුව වෙනුවෙන් ඔහු විවිධ ව්‍යාපාරික උපායමාර්ග (Business Strategies) යොදාගත්තා.

ඒ වගේම ගෞතම් අදානි, මුකේෂ් අම්බානි වැනි දැවැන්තයන් සමග කරට කර සටනක යෙදෙන්නත් ව්‍යාපාරිකයෙක් විදියට ආනන්ද් මහින්ද්‍රා සමත් වුණා. ට්‍රැක්ටර් සහ light commercial vehicles සඳහා වෙළඳ පොළ ප්‍රමුඛයා වුණේ පවා මහින්ද්‍රා සමූහය. අපි දැන් බලමු එතරම් සාර්ථකත්වයක් අත් කරගන්න ආනන්ද් මහින්ද්‍රා භාවිත කළ උපායමාර්ග මොනවාද කියලා.

Diversification Strategy

එකම දෙයකට කොටු වී නොසිට ව්‍යාපාරය විවිධ ක්ෂේත්‍ර

Share this post: