වර්තමාන කාර්යබහුල ලෝකයේ මිනිසුන් ඉතා සුළු දේටත් ක්ෂණිකව තරහ ගන්නවා. “ANGER” (කෝපය) සහ “DANGER” (අනතුර) යන වචන දෙක සලකා බලන විට, “DANGER” යන වචනයෙන් ‘D’ අකුර ඉවත් කළ විට “ANGER” යන වචනය ලැබෙනවා. අධික කෝපය අපි ඕනම කෙනෙක්ට අනතුරක් ළඟා කරන්න පුළුවන්.
කෝපය අධික වූ විට අපට අපගේ හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි වෙනවා. එහෙත්, කෝපය පාලනය කිරීම පහසු දෙයක් නොවේ. එසේ නම්, අප කෝපය කළමනාකරණය කර ගත යුත්තේ කෙසේද කියන ප්‍රශ්නයක් අපිට එනවා. අපි මේ ලිපියෙන් බලමු කෝපය පාලනය කරගෙන ඒ කෝපයම හොඳ දෙයක් බවට පරිවර්තනය කරගන්නේ කොහොමද කියලා.
අපට යම් දෙයක් ගැන දැඩි කැමැත්තක් ඇති වූ විට අප එය ලබා ගැනීමට උත්සාහ කරනවා. එය ලැබුණු පසු අපට එය තවදුරටත් අප ළඟ තබා ගැනීමට ආසා කරන්න පටන් ගන්නවා. මේ අවස්ථාවේ අපි ඒ දේට ලෝභ වෙනවා. යම් අයුරකින් එම දේ අපට නොලැබී ගියහොත්, නැතහොත් අපේ බලාපොරොත්තු බිඳ වැටුණහොත්, එවිට කෝපය, තරහ ඇති වෙනවා. මෙය චක්‍රයක් (cycle) ලෙස ක්‍රියාත්මක වෙනවා. අපට එම දේ ලැබෙන තාක් කල් ප්‍රශ්නයක් නැතත් එම චක්‍රය බිඳ වැටුණු විට කෝපය මතුවෙනවා.
උදාහරණයක් ලෙස, සමාගමක කළමනාකරුවෙක් තම කණ්ඩායමට කාර්යයක් භාර දෙන විට කණ්ඩායම එය ඉතා හොඳින් එම කාර්ය කළ විට කළමනාකරු ඒ ගැන සතුටට පත් වෙනවා. ඔහු ඉන්පසුව හැමදාම බලාපොරොත්තු වන්නේ ද කණ්ඩායම ඒ අයුරින්ම හොඳින් වැඩ කරයි
වර්තමාන කාර්යබහුල ලෝකයේ මිනිසුන් ඉතා සුළු දේටත් ක්ෂණිකව තරහ ගන්නවා. “ANGER” (කෝපය) සහ “DANGER” (අනතුර) යන වචන දෙක සලකා බලන විට, “DANGER” යන වචනයෙන් ‘D’ අකුර ඉවත් කළ විට “ANGER” යන වචනය ලැබෙනවා. අධික කෝපය අපි ඕනම කෙනෙක්ට අනතුරක් ළඟා කරන්න පුළුවන්.
කෝපය අධික වූ විට අපට අපගේ හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි වෙනවා. එහෙත්, කෝපය පාලනය කිරීම පහසු දෙයක් නොවේ. එසේ නම්, අප කෝපය කළමනාකරණය කර ගත යුත්තේ කෙසේද කියන ප්‍රශ්නයක් අපිට එනවා. අපි මේ ලිපියෙන් බලමු කෝපය පාලනය කරගෙන ඒ කෝපයම හොඳ දෙයක් බවට පරිවර්තනය කරගන්නේ කොහොමද කියලා.
කෝපය කියන්නේ චක්‍රයක්
අපට යම් දෙයක් ගැන දැඩි කැමැත්තක් ඇති වූ විට අප එය ලබා ගැනීමට උත්සාහ කරනවා. එය ලැබුණු පසු අපට එය තවදුරටත් අප ළඟ තබා ගැනීමට ආසා කරන්න පටන් ගන්නවා. මේ අවස්ථාවේ අපි ඒ දේට ලෝභ වෙනවා. යම් අයුරකින් එම දේ අපට නොලැබී ගියහොත්, නැතහොත් අපේ බලාපොරොත්තු බිඳ වැටුණහොත්, එවිට කෝපය, තරහ ඇති වෙනවා. මෙය චක්‍රයක් (cycle) ලෙස ක්‍රියාත්මක වෙනවා. අපට එම දේ ලැබෙන තාක් කල් ප්‍රශ්නයක් නැතත් එම චක්‍රය බිඳ වැටුණු විට කෝපය මතුවෙනවා.
උදාහරණයක් ලෙස, සමාගමක කළමනාකරුවෙක් තම කණ්ඩායමට කාර්යයක් භාර දෙන විට කණ්ඩායම එය ඉතා හොඳින් එම කාර්ය කළ විට කළමනාකරු ඒ ගැන සතුටට පත් වෙනවා. ඔහු ඉන්පසුව හැමදාම බලාපොරොත්තු වන්නේ ද කණ්ඩායම ඒ අයුරින්ම හොඳින් වැඩ කරයි කියලා. එලෙසම වැඩ සිදුවන තාක් කල් මේ චක්‍රය ක්‍රියාත්මක වෙනවා. නමුත් නොසිතූ ආකාරයට අඩු කාර්ය සාධනයකින් (low performance) වැඩ සිදුවුවහොත් ඒ අදාළ චක්‍රය බිඳී ගොස් කෝපය, තරහ මතුවෙනවා.
කෝපයෙන් ප්‍රයෝජන ගන්නා ආකාරය
කෝපය කළමනාකරණය කිරීමේදී සිතෙහි ඇති කෝපය එකවර පිට නොකර එය ප්‍රයෝජනවත් මෙවලමක් (useful tool) බවට පරිවර්තනය කිරීමට උත්සාහ කරන්න.
මහත්මා ගාන්ධි තුමාගේ කතාව: වරක් දකුණු අප්‍රිකාවේදී දුම්රියක පළමු පන්තියේ ගමන් ගනිමින් සිටි මහත්මා ගාන්ධි ඔහුගේ සමේ වර්ණය නිසා දුම්රියෙන් බස්සවා තිබුණා. ඔහුට එවෙලේ කෝප වී විශාල ප්‍රශ්නයක් ඇති කර ගැනීමට හැකියාව තිබුණත් ඔහු එය විප්ලවයක් බවට පත් කළා.
MADD සංවිධානයේ කතාව: ඇමරිකාවේ “Mothers Against Drunk Driving” (MADD) නම් ලාභ නොලබන සංවිධානයක් (non-profit organization) තිබෙනවා. එක් කාන්තාවකගේ දරුවා බීමත්ව රියදුරෙකු නිසා අනතුරට ලක්ව මිය ගියා. එම මවට දරාගත නොහැකි වූ වේදනාව, කෝපය, තරහ, විප්ලවයක් බවට හැරවූයේ වෙනස්ම ආකාරයකටයි. ඇය සෑම නිවසකටම ගොස් තම අත්දැකීම පවසා බීමත්ව රිය පැදවීම දරුවන්ට කරන විශාල අනතුරක් බවට මව්වරුන් දැනුවත් කළා. ඇය එම කෝපය අනතුරු අවම කිරීමට යොදාගැනීමට තීරණය කිරීමෙන් ඇය සමාජයට ද විශාල සේවයක් ඉටු කළා.
අපට කෝපය නිවැරදිව කළමනාකරණය කරගන්න හැකි නම් කෝපය නිසා අපට සහ අපගේ ආදරණීයයන්ට අනතුරක් සිදුවන එක වළක්වාගන්න අපට හැකියාව තිබෙනවා.
ඔයා ඕන තරම් සමාජ මාධ්‍ය ඔස්සේ දැකලා ඇති තමන්ට හෝ සමාජයේ වෙනත් පුද්ගලයෙකුට සිදුවූ අසාධාරණයකට එරෙහිව විවිධ වැඩසටහන්, Campaign ක්‍රියාත්මක වෙනවා. එවැනි අසාධාරණකම්වලට මිනිසුන් තරහ ගන්නවා වෙනුවට එය සමාජයට යහපතක් කළ හැකි දෙයක් බවට පරිවර්තනය කළ හැකි නම් අධික කෝපය හේතුවෙන් ඇති වන අනතුරු රැසක් අපට වළක්වාගන්න පුළුවන්.
කෝපය හේතුවෙන් තම පවුලේ සාමාජිකයන් හෝ මිතුරන්ගේ ජීවිත නැති කළ කතා, අනතුරක් සිදුවූ පසු ඇති වූ කෝපය නිසා ජීවිත හානිවීම්, ඉඩම් ගැටලු වැනි ගැටලු හේතුවෙන් ජීවිත හානි වීම් අපට නිතර අසන්නට දකින්නට ලැබෙනවා. නමුත් මේ සෑම අවස්ථාවකම ඇති වන කෝපය ඔයාගේ මෙන්ම සමාජයේ යහපත වෙනුවෙන් විප්ලවීය ලෙස ප්‍රයෝජනයට ගන්න ඔයාට හැකියාව තිබෙනවා.
ඒ සඳහා ඔයාට අවශ්‍ය වන්නේ යම් පුහුණුවක් පමණයි. එය කුඩා අවස්ථාවලින් ආරම්භ කරන්න ඔයාට පුළුවන්. නිවසේදී, ආයතනයේදී හෝ මිතුරන් ආශ්‍රය කරන අවස්ථාවක ඔයාට යම් සුළු දෙයකට තරහක් ඇති වුවහොත් එම අවස්ථාවේ කෝපවී හැසිරෙනවා වෙනුවට එය ධනාත්මක බලපෑමක් කිරීමට යොදාගන්න. ටිකෙන් ටික මෙලෙස පුහුණු වූ විට අධික කෝපයක් ඇති වූ අවස්ථාවක සිදු විය හැකි අනතුරු වළක්වා ගැනීමේ හැකියාව නිරායාසයෙන්ම වර්ධනය කරගත හැකියි.
කෝපය ප්‍රයෝජනවත් මෙවලමක් බවට පරිවර්තනය කරගන්නා ආකාරය ගැන ඔයාට යම් අදහසක් දැන් ලැබෙන්න ඇති, ඊට අමතරව ඔයාගේ පෞරුෂය හැඩගස්වා ගැනීමට, හොඳ පුරුදු ඇති කරගෙන ජීවිතය ජයගැනීමට වගේම හැකියාවන් වර්ධනය කරගැනීමට අවශ්‍ය දැනුම ලබා ගන්න පහළ Link එක Click කරන්න.
https://school.lokubusiness.lk