ඔයාගේ දවස ගොඩක් කාර්යබහුල ද? ඒ කාර්යබහුල බව නිසාම ඔයා වැඩ කීපයක් එක වර කරන්න පුරුදු වෙලා ඇති. එක වැඩකට අවධානය නොදී වැඩ කීපයක් මේ අවුරුද්ද ඇතුළත කරන්නත් සැලසුම් කරලා ඇති. ඉතින් ඒ Busyness එක නිසා Business එකෙන් හොඳම ප්‍රතිඵල ගන්න ඔයාට පුළුවන් කියලා හිතෙනවා ද? Multitasking කරලා ඔයාගේ ඉලක්කවලට යන්න පුළුවන් වුණා ද?

මේ ලිපියෙන් කතා කරන්නේ Busyness එක වැඩි නිසා Multitasking කරන එකෙන් ඔයාගේ Business එකට මොකද වෙන්නේ, කොහොමද හරි ප්‍රතිඵලයක් ලබා ගන්නේ කියන එක ගැන.

Busyness වැඩි වුණාම Business වැඩිවෙයි ද?

බොහෝ දෙනෙක් වරද්දගන්න තැනක් තමයි Busyness එක වැඩි වුණාම Business එකත් ඉක්මනට දියුණු වෙයි කියලා හිතන එක. මේ වචන දෙක ටිකක් එක වගේ වුණාට අර්ථය වෙනස්. 

Busyness කිව්වම මතක් වෙන්නේ වැඩ ගොඩක් නේද? උදේ ඉඳලා රෑ වෙනකම් වැඩ. ඒ විතරක් නෙමෙයි වැඩ ඔක්කොම කරන්න ඕන නිසා ඔයා Multitasking කරන්න පෙලඹෙනවා. මෙන්න මේ දේට ව්‍යාපාර වර්ධනය හෝ පෞද්ගලික වර්ධනයක් කියන්නේ නැහැ. ඔයා හොඳින් තේරුම් ගන්න ඕන දේ තමයි වැඩ ගොඩක් එක මොහොතක කළත් ඒකෙන් ඔයා හෝ ඔයාගේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගියා කියලා අදහස් වෙන්නේ නෑ කියන එක. 

Multitasking කියන්නේ මායාවක් වෙන්නේ ඒ නිසයි. ඔයා හිතනවා ඔයා වැඩ ගොඩක් කරන නිසා ඔයා දැන් ඉස්සරට වඩා වර්ධනය වෙලා, දියුණුවෙලා කියලා. ඒත් නැවතිලා හිතලා බැලුවොත් ඔයා තාම ඒ හැටි දුරක් ඉස්සරහට ඇවිත් නැහැ කියන එක ඔයාට අවබෝධ වෙයි.

Multiactivity සහ Multifocus කියන්නේ මොකක්ද?

Multiactivity

Share this post: