වීඩියෝ සංස්කරණය, අපි නිතර භාවිත කරන විදියට කිව්වොත් Video Editing කියන්නේ වර්තමානය වන විට ඉහළ ඉල්ලුමක් තියෙන රැකියා අවස්ථා රැසක් නිර්මාණය වුණ ක්ෂේත්‍රයක්. මෙහි විශේෂත්වය වෙන්නේ Video Editing කරන්නේ පූර්ණකාලීන රැකියාවක් විදියට එය තෝරාගත් අය පමණක් නෙමෙයි. වෙනත් රැකියා කරන පුද්ගලයන් මෙන්ම නිර්මාණශීලී වීඩියෝ නිර්මාණය කිරීමට පෙලඹුන පුද්ගලයන් පවා අමතර ආදායමක් සොයාගැනීම සඳහා Video Editing කරනවා. ඇත්තටම කිව්වොත් මේක රැකියාවක්ම නෙමෙයි, මේක හැකියාවක්. වීඩියෝ එකක් ආකර්ෂණීයව සංස්කරණය කිරීමේ හැකියාව (Skill) තියෙන පුද්ගලයෙක්ට ඉහළ ආදායමක් උපයන්න අපහසු නැහැ.

ඔයා පූර්ණකාලීන (Full time) රැකියාවක් විදියට Video Editing ක්ෂේත්‍රයට පිවිසෙන්න බලාපොරොත්තු වෙනවා නම් වගේම අමතර ආදායමක් සොයන්න Video Editing ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්නවා නම් මේ ලිපිය ඔයාටයි.

හැකියාවෙන් රැකියාවට යන්න ලේසිම මාර්ගය

වර්තමානයේ බොහෝ ආයතන විශාල වශයෙන් content creation සඳහා යොමු වී සිටිනවා. වීඩියෝ නිර්මාණ සඳහා ඉල්ලුම ද දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මෙවැනි පරිසරයක් තුළ වීඩියෝ සංස්කරණ කුසලතාවට විශාල ඉල්ලුමක් පවතින අතර එය මුදල් උපයා ගැනීමට විවිධ අවස්ථා ඔයාට නිර්මාණය කරලා දෙනවා. ලංකාවේ විතරක් නෙමෙයි වෙනත් රටවල පවා Video Editing සම්බන්ධ රැකියා අවස්ථා රාශියක් තිබෙනවා. ඩොලර්වලින් මුදල් උපයන්නත් මේක හොඳ අවස්ථාවක්.

Video Editing හැකියාව දියුණු කරගන්න ඔයාට මුල්ම පියවර තියන්න පුළුවන් පහසුම Tool එකක් තමයි CapCut කියන්නේ. සමහරවිට ඔයා දැනටම CapCut mobile version එක භාවිත කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඒ හැකියාව තවත් වැඩිදියුණු කරගෙන CapCut desktop version එක භාවිත කළොත් ඔයාට Video Edit කරන්න

Share this post: