ප්‍රධාන විධායක නිලධාරී (Chief Executive Officer – CEO) තනතුරට පත් වෙන්නත්, සාර්ථක CEO කෙනෙකු ලෙස ඒ තනතුරේ රැඳී ඉන්නත් හැකියාව ලැබෙන්නේ සුළු පිරිසකට පමණයි. ඒක තනතුරක් කිව්වට තනතුරකට එහා ගිය චින්තනයක්, හැකියාවන් රැසක් ඒ තුළ ගැබ්වෙලා තිබෙනවා. 

ඔබ CEO කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් සමහරවිට ඔබ හිතයි තව උපාධියක් කළොත් හොඳයි, තව ඩිප්ලෝමා එකක් දෙකක් කළොත් හොඳයි, තව මොනවා හරි අධ්‍යාපන සුදුසුකම් ටිකක් හදාගන්න ඕන කියලා. ඒත් ඔබ සහතික ගොඩක් එකතු කරගෙන විතරක් ඒ තනතුරට යන්න හිතනවා නම් ඔබේ බලාපොරොත්තුව හීනයක් විතරක් වෙන්න පුළුවන්. අධ්‍යාපන සුදුසුකම් වගේම හිතන විදිය, ඔයාගේ කුසලතා, නායකත්ව ගුණාංග, ඇතුළු ගොඩක් දේවල් ඔබ වර්ධනය කරගන්න ඕන.

දැනටමත් CEO කෙනෙක් ලෙස කටයුතු කරන පුද්ගලයෙක් හිතන්න පුළුවන් “මම දැන් CEO කෙනෙක්නේ, මට තවත් ඉගෙන ගන්න දේවල් නැහැ, අනිත් අයට මගෙන් ගන්න දේවල් තමයි තියෙන්නේ,” කියලා. ඒත් ප්‍රධාන විධායක නිලධාරිවරයෙක් කියන්නේ නිකන්ම නිකන් තනතුරක් නෙමෙයි. ඔබ තමයි ආයතනය නියෝජනය කරන්නේ. ඔබේ හැකියාවන්, තීරණ මත තමයි ආයතනයේ රඳා පැවැත්ම, සේවකයන්ගේ සහ ආයතනයේ වර්ධනය තීරණය වෙන්නේ. ඒ නිසා ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු ලෙස යන්න තියෙන ගමන අතිවිශිෂ්ට අන්දමින් යාමට නම් ඔබ තවදුරටත් වර්ධනය විය යුතුයි.

CEO කෙනෙකුට Coach කෙනෙක් අවශ්‍ය වන්නේ ඇයි?

“මම CEO කෙනෙක්. මට Coach කෙනෙක් ඕනෙද?” ප්‍රධාන විධායක නිලධාරියෙකුට මෙහෙම හිතෙන්න පුළුවන්. පිළිතුර තමයි ඔව්, ඔබටත් Coach කෙනෙකු සිටිය යුතුයි. ඕනම ව්‍යාපාරයක කොඳු නාරටිය වන්නේ එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා. එතකොට ඔබට යන්න තියෙන ගමන ඉතාම අභියෝගාත්මකයි.

අතිදක්ෂ පුද්ගලයෙකුට වුවද තම හැකියාවන් තවදුරටත් වර්ධනය කර ගැනීමට මග පෙන්වීමක් අවශ්‍ය වෙනවා. ලෝක වාර්තා තැබූ ඔලිම්පික් ක්‍රීඩකයන්ට පවා පුහුණුකරුවෙක් ඉන්නවා. ඒකට හේතුව ඔවුන් මොන තරම් ලෝක වාර්තා තැබුවත් ඔවුන් තව තවත් වර්ධනය විය යුතුයි.

ඒ වගේම ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු තවදුරටත් වර්ධනය වීමට අවශ්‍ය කුමන ආකාරයෙන් ද, ඔවුන් මුහුණ දෙන සැබෑම අභියෝග මොනවා ද, සාර්ථකව කටයුතු කරන්න අවශ්‍ය මානසිකත්වය වර්ධනය කරගන්නේ කොහොමද වගේ කාරණා රැසක් පුහුණුකරුවෙකුගේ මග පෙන්වීම යටතේ සිදු කළ හැකියි. CEO කෙනෙකුට පුහුණුකරුවෙකු සිටීමේ වැදගත්කම තවත් විස්තරාත්මකව සලකා බලමු.

ප්‍රධාන විධායක නිලධාරියෙකුගේ 1%ක වර්ධනයකින් දැවැන්ත බලපෑමක් කළ හැකි වීම

CEO වරයෙකුගේ හැකියාවන් 1% කින් වර්ධනය වුවහොත්, එය සමාගමේ ලාභයට, සේවකයින් දස දහස් ගණනකට සහ රටේ ආර්ථිකයට පවා දැවැන්ත ධනාත්මක බලපෑමක් ඇති කරන්න හේතු වෙනවා. පුහුණුකරුවෙකුට පුළුවන් මේ 1%ක වර්ධනය ප්‍රධාන විධායක නිලධාරියෙකු තුළ ඇති කරන්න.

Blind Spots හඳුනා ගැනීම

ප්‍රධාන විධායක නිලධාරීන් බොහෝ විට තනි වී සිටින අතර ඔවුන්ට අවශ්‍ය නිසි උපදෙස් බොහෝ වෙලාවට ලැබෙන්නේ නැහැ. එතකොට මොනවද ඔවුන්ගේ ගමනට බාධා වන කරුණු කියන එක දැනගන්න ක්‍රමයක් නැහැ. පුහුණුකරුවෙකු සිටින විට ඔහුට පුළුවන් ඒවා හඳුනාගෙන CEOගේ Performance වැඩි වෙන ආකාරයට ඔවුන්ව මෙහෙයවන්න.

දිගුකාලීන තිරසාරත්වය (Long-Term Sustainability)

ප්‍රධාන

Share this post: