අද ලංකාවේ වැඩියෙන්ම තියෙන ප්‍රශ්නයක් තමයි දේවල් පටන් ගන්නවා, හැබැයි ඉවර කරන්න බෑ. 2000 වර්ෂයේදි කළ පර්යේෂණවලට අනුව, මිනිසෙකුගේ අවධානය තියාගැනීමේ හැකියාවේ සාමාන්‍යය තත්පර 12ක් තරම් අඩු අගයක් වුණා. ඊටත් වර්ෂ 2කට පසුව එම අගය තත්පර 8.25කට වඩා අඩු වෙලා කියලා වාර්තා වුණා. ඔයා මේ ලිපිය කියවලා ඉවර වෙන්න කලින් කී වතාවක් ඔයාගෙ අවධානය phone එකේ notifications බලන්න හෝ වෙනත් දේවල්වලට යොමුවෙයි ද කියලා බලන්න.
ඔයත් වැඩක් පටන් ගත්තම අවධානය එක තැනක තියාගන්න අපහසු නිසා වැඩක් හරියට ඉවර කරගන්න බැරි කෙනෙක් නම් මේ ලිපිය ඔයාගේ ඒ පුරුද්ද වෙනස් කරන්න උදව් වෙන බව නොඅනුමානයි. Cal Newport විසින් රචිත Deep Work කියන පොත ඇසුරෙන් අපි ඔයාට කියලා දෙන්නම් කොහොමද පටන් ගත්ත වැඩක් හරියට ඉවර කරන්න ඕන කියන එක ගැන.
ඔයා කරන වැඩ කොටස් 2කට බෙදෙනවා.
Shallow Work නිතරම distractionsවලින් යුක්තයි. ඒ කියන්නේ ඔයා හිතලා, කල්පනා කරලා, අවධානය දීලා කරන වැඩ නෙමෙයි මේ කොටසට අයිති වෙන්නේ. Email check කරන්න, WhatsApp messages බලන්න, Customersලා එක්ක ගනුදෙනු කරන කෙනෙක් නම් ඒ එන මැසේජ්වලට පිළිතුරු දෙන්න වගේ කොයි තරම් අවධානය බිදෙන සුළු පරිසරයක හිටියත් කරන්න පුළුවන් වැඩ තමයි Shallow Work යටතට අයත් වෙන්නේ. ප්‍රශ්නේ කියන්නේ මේ වගේ Shallow Work කරලා වටිනා දේවල් ලෝකෙට කවදාවත් ගේන්න බෑ. ඔයාගේ ජොබ් එකේ ඔයා වැඩිපුරම තියෙන්නේ Shallow Work නම් ඔයාව ලේසියෙන්ම තව කෙනෙක්ට Replace කරන්න පුළුවන්.
අවධානය බිදෙන සුළු දෙයක් නැති පරිසරයක ඉඳලා පූර්ණ අවධානය දෙමින්, හිතලා බලලා කරන්න ඕන වැඩ තමයි මේ කොටසට අයිති වෙන්නේ. ඒ කියන්නේ, උත්සහයක් වැඩිපුර යොදලා, මොළය වෙහෙසලා කරන්න වෙන වැඩ.
ලෝකයට අලුත් නිර්මාණ, දැවැන්ත ආයතන, ජනප්‍රිය පොත්, නව නිෂ්පාදන වගේ දේවල් බිහි වෙන්නේ Deep Work නිසා. එහෙම හැකියාවක් ඔයාට තියනවා කියන්නේ ඔයාව ලේසියෙන් Replace කරන්න ගොඩක් අමාරුයි.
උදාහරණයකට බිල් ගේට්ස්, ඊලොන් මස්ක්, හැරී පොටර් කතාමාලාව ලියූ ජේ.කේ. රෝලින් වගේ පුද්ගලයෝ ඔවුන්ගේ විශිෂ්ට නිර්මාණ, අදහස් මේ ලෝකෙට ගෙනාවේ Deep Work mode එකේ ඉන්න අවස්ථාවල. ඔයා ව්‍යවසායකයෙක්, නිර්මාණශීලීත්වය අවශ්‍ය රැකියාවක යෙදෙන්නෙක්, හෝ මොනම දෙයක් හෝ කරද්දි ඔයාට අවධානය එක තැනක රඳවා ගෙන වැඩ කරන්න බැරි නම් ඔයාට මේ ලෝකයට අලුත් දෙයක් හඳුන්වා දෙන්න හැකියාවක් ලැබෙන්නෙත් නැහැ.
මේ පොත කියනවා මේ ලෝකේ යන විදිහ අධ්‍යයනය කරලා හොයාගෙන තියනවා කියලා අනාගතයේදි මිනිස්සු වර්ග තුනක් ඉන්නවා, ඒ වර්ග තුන තමයි ලෝකයත් එක්ක ඉදිරියට යන්නේ කියලා.
මේ පොතේ සඳහන් වෙන්නේ, ඉහත සඳහන් කළ තුන්වෙනි වර්ගයේ පුද්ගලයෙක් වෙන්නේ කොහොමද කියන එක ගැන. ඒ වර්ගයේ පුද්ගලයෙක් වෙන්න නම් ඔයාට හැකියාවන් දෙකක් තියෙන්න අවශ්‍යයි කියලා පොතේ සඳහන් වෙනවා.
එකක් තමයි අදාළ විෂය ගැන ඔයාට A to Z දැනුමක් තියෙන්න ඕන. අනිත් හැකියාව තමයි ඒ දැනුම Quality product එකක්, service එකක් හෝ විදියට එළියට ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඔයාට තියෙන්න ඕන.
උදාහරණයකට ඔයා ඊලොන් මස්ක් ගැන හිතන්න. රොකට් සයන්ස් පිළිබඳ ඩිග්රි එකක්වත් ඔහුට නැහැ. ඒත් ඔහු ඒ සම්බන්ධ දැනුම ගන්න පුළුවන් පොත්පත් හැම එකක්ම වගේ කියෙව්වා. ඒ දැනුම භාවිත කරලා ඔහු අභ්‍යවකාශයට රොකට් එකක් යවන තැනකට දියුණු වුණා.
Dilma Tea කියන Brand එක ලෝකයට හඳුන්වාදුන් මෙරිල් ජේ. ෆර්නැන්ඩු කියන්නේ අවුරුදු 30ක් තිස්සේ තේ කර්මාන්තය ගැන අධ්‍යයනයක යෙදුණ පුද්ගලයෙක්. ඉන්පස්සේ ඔහු විශිෂ්ට සන්නාමයක් ලෙස ගුණාත්මක නිෂ්පාදනයක් ලොවට හඳුන්වා දෙන්න සමත් වුණා.

- Shallow Work

- Deep Work

ලෝකයේ රඳා පැවැත්මක් ඇති මිනිස්සු වර්ග 03
මේ පොත කියනවා මේ ලෝකේ යන විදිහ අධ්‍යයනය කරලා හොයාගෙන තියනවා කියලා අනාගතයේදි මිනිස්සු වර්ග තුනක් ඉන්නවා, ඒ වර්ග තුන තමයි ලෝකයත් එක්ක ඉදිරියට යන්නේ කියලා.
- Capital එක තියෙන (සල්ලි තියෙන) මිනිස්සු
- Advanced Technologies එක්ක වැඩ කරන්න දන්න මිනිස්සු
- Expert-level Professionalsලා
මේ පොතේ සඳහන් වෙන්නේ, ඉහත සඳහන් කළ තුන්වෙනි වර්ගයේ පුද්ගලයෙක් වෙන්නේ කොහොමද කියන එක ගැන. ඒ වර්ගයේ පුද්ගලයෙක් වෙන්න නම් ඔයාට හැකියාවන් දෙකක් තියෙන්න අවශ්‍යයි කියලා පොතේ සඳහන් වෙනවා.
එකක් තමයි අදාළ විෂය ගැන ඔයාට A to Z දැනුමක් තියෙන්න ඕන. අනිත් හැකියාව තමයි ඒ දැනුම Quality product එකක්, service එකක් හෝ විදියට එළියට ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඔයාට තියෙන්න ඕන.
උදාහරණයකට ඔයා ඊලොන් මස්ක් ගැන හිතන්න. රොකට් සයන්ස් පිළිබඳ ඩිග්රි එකක්වත් ඔහුට නැහැ. ඒත් ඔහු ඒ සම්බන්ධ දැනුම ගන්න පුළුවන් පොත්පත් හැම එකක්ම වගේ කියෙව්වා. ඒ දැනුම භාවිත කරලා ඔහු අභ්‍යවකාශයට රොකට් එකක් යවන තැනකට දියුණු වුණා.
Dilma Tea කියන Brand එක ලෝකයට හඳුන්වාදුන් මෙරිල් ජේ. ෆර්නැන්ඩු කියන්නේ අවුරුදු 30ක් තිස්සේ තේ කර්මාන්තය ගැන අධ්‍යයනයක යෙදුණ පුද්ගලයෙක්. ඉන්පස්සේ ඔහු විශිෂ්ට සන්නාමයක් ලෙස ගුණාත්මක නිෂ්පාදනයක් ලොවට හඳුන්වා දෙන්න සමත් වුණා.
Deep Work කිරීමේ ආකාර 04
01. Monastic Style – තමන්ගේ වටපිටාවේ බාධාවන්වලින් සම්පූර්ණයෙන්ම ඉවත්වෙලා, Deep Workවල පමණක් යෙදෙන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ.
උදාහරණ විදියට අයිසැක් නිවුටන්, ඇල්බට් අයිස්ටයින්, ඊලෝන් මස්ක්, J.K. Rowling වගේ පුද්ගලයන්ව හඳුන්වන්න පුළුවන්. J.K. Rowling හැරී පොටර් කතා මාලාව ලියද්දි එක් අවස්ථාවක ගෙදරින් ගිහින් හෝටලයක නතරවෙලා තමයි එයට සම්පූර්ණ අවධානය යොමු කළේ.
02. Bimodal Style – දවස් කිහිපයකට පූර්ණ අවධානය දීලා වැඩ කරන එක තමයි මෙතැනදි කරනේ. ඉතිරි දිනවලදි සාමාන්‍ය පරිදි වැඩ කරන්න පුළුවන්. බිල් ගේට්ස් අවුරුද්දකට එක සතියක් Think Week කියලා වෙනම අරගන්නවා Deep Work සඳහාම. ඔහු ඒ සතිය ඇතුළත ෆෝන් එක භාවිත කරන්නේ, ආයතනයේ වැඩ ගැන කරදර වෙන්නේ නැහැ. ඒ හැමදෙයකින්ම ඈත්වෙලා සම්පූර්ණ සතියම Deep Work වෙනුවෙන් වෙන් කරනවා. ඒ තුළින් තමයි ඔහු ලෝකයට අලුත් දේවල් හඳුන්වා දුන්නේ. අලුත් අදහස් ඔහුට ආවේ ඒ කාලය ඇතුළත.
03. Rhythmic Style – අවුරුදු පුරා fix schedule එකක් භාවිත කරලා Deep Work කිරීම තමයි මේ යටතට අයත් වෙන්නේ. ඒ කියන්නේ සඳුදා උදේ 9 ඉඳලා 12 වෙනකම් Deep Work විතරයි කරන්නේ වගේ ඔයාට පුළුවන් Schedule එකක් හදාගන්න. ඒක Rhythm එකක් බවට පත් වුණාම ඒ වෙලාව ඇතුළත Deep Workවල යෙදෙන්න ඔයාගේ මොළයත් හුරු වෙන්න ගන්නවා.
04. Journalistic Style – අවස්ථාවකට අදාළ immediate Deep Work කරන්නත් ඔයාට පුළුවන්. ඒ කියන්නේ දවසේ ඔයාට හිතෙන වෙලාවක Deep Work කරනවා. නැවත Shallow Work කරනවා. මේ විදියට මාරුවෙන් මාරුවට වැඩ කරන්න පුළුවන්. ඒත් ඔයා beginner නම් මේ ක්‍රමයෙන් Deep Work කිරීම පටන් ගන්න එපා.
Deep Work කිරීම පුරුද්දක් බවට පත් කරගන්නා ආකාරය
Deep Work කිරීම පුරුද්දක් බවට පත් කරගත්තේ නැත්නම් ඔයාට අවධානය රඳවාගෙන වැඩ කරන්න ටිකක් අමාරු වෙනවා. ඒ නිසා පුරුද්දක් විදියට Deep Work කිරීම ඔයාගේ ජීවිතයට හුරු කරගන්න අවශ්‍යයි. එතකොට ඔයාට ලොකු ආයාසයකින් ඒ දේ කරන්න ඕන වෙන්නේ නැහැ.
මුලින්ම තීරණය කරන්න Deep Work කරන්න හොඳ ස්ථානය මොකක්ද කියන එක. ඒ ඔයාගේ කාමරය වෙන්න පුළුවන්, පුස්තකාලය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බාධාවලින් තොර වෙනත් ස්ථානයක් වෙන්න පුළුවන්. ඔයා දැකලා ඇති සමහර පුද්ගලයො Coffee Shop එකකට ගිහින් තමන්ගේ පාඩුවේ වැඩ කරන විදිය. මේ වගේ ඔයාගේ අවධානය නොබිඳෙන ඔයා කැමති තැනක් මේ වෙනුවෙන් තෝරගන්න.
හැරී පොටර් කතා මාලාවේ අවසාන කොටස ලියන්න ජේ.කේ. රෝලින් තරු පහේ හෝටලයක නතර වුණා. හේතුව වුණේ නිවසේදි දරුවන් කෑගහන ශබ්ද එක්ක ඇයට පොත ලියන්න අපහසු වීම.
Deep Work කරන්න වැය කරන කාලය කොපමණක් ද කියන එක ඔයා තීරණය කළ යුතුයි. පැය කීයක් ඔයාට ඒ වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් ද කියන එක ඔයාගේ අනිත් වැඩත් එක්ක බලලා තීරණයක් ගන්න. මොකද ඔයා කරන වැඩේ අනුව ඔයා යොදවන්න අවශ්‍ය කාලය හරියටම දන්නේ ඔයා.
ඔයා Deep Work කරන අතරතුර අනුගමනය කරන්න ඕන Rules මොනවද කියන එකත් ඔයා තීරණය කළ යුතුම දෙයක්. උදාහරණයකට හිතන්න ඔයා පොතක් ලියනවා නම් ඒකෙ පිටු කීයක් ලියන්න ඕන ද කියන එකත් මුලින්ම තීරණය කරගන්න ඕන. Assignment එකක් කරනවා නම් ඒකේ කොයි තරම් ප්‍රමාණයක් ඉවර කරනවද කියලා මුලින් තීරණය කරන්න ඕන. ඒ වගේම ෆෝන් එක ඔන් කරලා තියනවද, ඕෆ් කරනවද, ඔන්ලයින් ඉන්නවද කියන මේ හැම දෙයක්ම තීරණය කරන්න ඔයාට හැකියාව තියෙනවා.
ඒ වගේම ඔයා Deep Work කරද්දි ඔයාට මොළය සැලකිය යුතු ලෙස වෙහෙසවන්න සිද්ධ වෙනවා. එතකොට ලොකු ශක්තියක් ඒ වෙනුවෙන් වැය වෙනවා. ඒ නිසා ඔයාට කෝපි එකක්, තේ එකක්, එහෙම නැත්නම් කන්න චොක්ලට් එකක්, වැඩ කරන අතරතුර Relax music එකක් අවශ්‍ය වෙන්න පුළුවන්. ඔයාට අනුව ඒ අවශ්‍ය වෙන දේවල් ලැයිස්තුවක් මුලින්ම හදාගන්න.
ඊළඟට, ඔයා Deep Work කරන්න යනකොට ටීවී, social media, යාළුවෝ, සතුන් කෑගහන ශබ්ද, පොඩි ළමයි කෑගහන සද්ද, වාහන ශබ්ද වගේ අවධානය බිඳෙන දේවල් ඉවත් කරන්න අවශ්‍යයි. ඔයා වැඩ කරන්න යන ස්ථානය, Rules අනුව මේ බාධා ඉවත් කරගන්න විදිය ගැනත් හිතන්න.
උදාහරණයකට මේ පොත කියනවා, ඔයා open office space එකක වැඩ කරනවා නම්, ගොඩක් මිනිස්සු ඉන්නවා වගේ නම්, ඔයාට ඒක කරදරයක් වගේ හිතෙනවා නම්, headphones දාලා වැඩ කරන්න කියලා. ඇයි දන්නවද, එතකොට මිනිස්සු කියන දේවල් ඔයාට ඇහෙන්නේ නැහැ කියලා හිතලා ගොඩක් අය ඔයාට කරදර කරන්න එන්නේ නැහැ.
ඒ වගේම ඊමේල්, ෆේස්බුක්, වට්සැප් බලන එකට වෙනම වෙලාවක් වෙන් කරලා තියාගන්නත් ඔයාට පුළුවන්. උදේ නැත්නම් හවස ඒ දේවල් කරනවා කියලා ඔයාට ඒ වෙලාව වෙන් කළාම සෝෂල් මීඩියා නිසා බාධා වෙන එකත් අවම කරගන්න පුළුවන්.
Multitasking කරන එක හොඳ ද?
මේ පොතේ සඳහන් වෙනවා, බොහෝ දෙනෙක් කරන වැරැද්දක් තමයි එක වෙලාවේ වැඩ කීපයක් කරන්න උත්සහ ගන්න එක කියලා. සමහරු හිතනවා එහෙම කළාම ඵලදායී විදියට වැඩ කරන්න පුළුවන් කියලා. ඒත් ඒක වැරදියි. විශ්වවිද්‍යාලයකින් කළ පර්යේෂණයකින් හෙළිවෙලා තියෙනවා ඔයා A කියන වැඩේ කරලා ඒක ඉවර කරන්නේ නැතුව B කියන task එකට ගියොත්, ඔයා හැමතිස්සෙම හිතන්නේ B කියන task එක කරන ගමන් වුණත් A එකේ ඉවර කරපු නැති ටික ගැන කියලා. ඔයා physically වැඩ කරන්නේ B task එකේ. හැබැයි ඔයාගේ මනස තියෙන්නේ A task ටිකේ. මේ විදියට හැමදේම එක පාර කරන්න ගියොත් ඔයා කරන වැඩෙන් හරි ප්‍රතිඵලයක් ලැබෙන්නෙ නැහැ. ඒ නිසා Multitasking කරන කෙනෙක් නම් ඔයා, ඒ පුරුද්ද වෙනස් කරගන්න.
Shutdown Time එකක් තියාගන්න
ඔයා කොහොමද shutdown වෙන්නේ සහ ඇයි එහෙම වෙන්න ඕන කියලා හිතෙනවා ඇති ඔයාට. අපිට නින්ද මදි වුණොත් ඊළඟ දවසෙ ප්‍රබෝධයෙන් වැඩ කරන්න බෑ නේද? ඒ වගේම දින ගණනක් නිදිවරාගෙන වැඩ කළොත් ඔයා අසනීප වෙනවා කියන එකත් ඔයා දන්නවා. ඒ වගේ අපේ ශරීරයට Shutdown Time එකක් අවශ්‍යයි. ඔයා නිදාගන්න ගියාමත් ෆෝන් එක බලනවා නම් ඔයාට සුවපහසු නින්දක් ලැබෙන්නෙත් නැහැ.
මේ පොත නින්ද කියන එක දකින්නෙ වෙනස්ම ආකාරයකට. ඔයා Deep Work කළාම ඒකට ලැබෙන තෑග්ගක් තමයි නින්ද කියන්නේ. ඔයා Deep Work කරලා ඉවර වුණාම ඔයාගේ යටි සිත ඒ කියන්නේ subconscious mind එකේදි තමයි ඔයාගේ නිර්මාණශීලීත්වය, පරිකල්පනය, මතක ශක්තිය වගේ හැමදෙයක්ම වැඩ කරන්න ගන්නේ. සමහර විට Deep Work කළාම ඒ අතරතුර ඔයාට හොයාගන්න බැරි වුණ උත්තරයක්, අදහසක් ඔයාගේ මනසට එන්නේ shut down mode එකේ ඉන්නකොට. ඔයාටත් ඒ වගේ අත්දැකීම් ඇති.
ඒ නිසා නිදහසේ ඉන්න, හොඳ නින්දක් ලබන්න, පවුලේ අය එක්ක ඉන්න, ඔයා ආසා කරන දේවල් කරන්න. මේ දේවල්වලින් තමයි ඔයාගේ මොළය recharge වෙන්නේ. එතකොට තමයි ඊළඟ දවසේ කිසිම ප්‍රශ්නයක් නැතුව Deep Work එකේ යෙදෙන්න ඔයාට හැකියාව ලැබෙන්නේ.
දැන් මේ දැනගත්ත දේවල් ඔයාගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගන්න. ඔයා මොන රැකියාව කළත් ඔයාට ඒකෙ විශිෂ්ටයෙක් බවට පත්වෙන්න Deep Work උදව් වෙනවා. ඒ වගේම ඔයා ව්‍යවසායකයෙක් නම්, අනාගතයේ අලුත් දෙයක් ලෝකෙට හඳුන්වා දෙන්න අදහසක ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම Deep Work කළ යුතුයි.
අපි මේ ලිපියේ සඳහන් කළ දේවල්වලින් ඔයාට තේරුම් යන්න ඇති Deep Work කරන්න ඔයාගේ පුරුදුවල බලපෑමක් තියෙනවා කියන එක. ඉතින් ඔයාගේ නරක පුරුදු තියෙනවා නම් ඒවා හොඳ පුරුදුවලින් replace කරගන්න වගේම හොඳ පුරුදු තවත් නිවැරදිව ජීවිතයට සමීප කරගන්න වැදගත්වෙන පොතක් තමයි ලොව වැඩිම අලෙවි වාර්තා තැබූ Atomic Habits කියන පොත. පහළ Link එකෙන් ඔයාට පුළුවන් Atomic Habits Video Book එකේ Free Chapters බලන්න.
https://school.lokubusiness.lk/p/atomic-habits?affcode=1420258_ghpjvsre