ඔයා ඔයාගෙ බිස්නස් එකටත් Digital Marketing කරනවද?

හැබැයි “Digital Marketing කියල දෙයක් නෑ. ඒක බොරුවක්”

කියල කවුරුහරි කිව්වොත් පොඩ්ඩක් හිතට අවුල් නේද? ඒ වුණාට ඇත්තටම Digital Marketing කියල දෙයක් නෑ කියල පිළිගන්න ඔයා කැමතිද?

“Digital Marketing කියල දෙයක් මේ ලෝකෙ නෑ. ඒක තමයි පළවෙනිම කාරණාව. හැමෝම කතා කරනවනෙ Digital Marketing කියල. ඇත්තටම තියෙන්නෙ Digital Marketing නෙවෙයි Marketing in Digital Era තමයි තියෙන්නෙ. එහෙම නැත්තම් අපේ ප්‍රඩක්ට්ස් වලට අවෙයානස් ක්‍රියේට් කරන්න, ප්‍රඩක්ට්ස් විකුනගන්න Technology එක භාවිතා කිරීමක් තමයි වෙන්නෙ”

මෙහෙම කියන්නෙ වෙන කවුරුවත් නෙවෙයි, දැනට ලංකාව වගේම වෙනත් රටවල්වලත් ජනප්‍රිය Tech Companies වල Growth Marketing Position එකක් දරන වගේම ඒ වැඩේ හරියටම කරන Digital Marketing වැඩ්ඩෙක්.

ඒ අධීෂ ධර්මකීර්ති.

ඉතින් අධීෂගෙන් අපි අහපු පලවෙනි ප්‍රශ්නෙ වුණේ ඇත්තටම මේ Digital Marketing කියන දේ අපි පටන් ගන්නෙ කොහෙන්ද කියන එක.

“ඇත්තටම ඒක ගොඩක් හොඳ, කාලීන මාතෘකාවක් වගේම ප්‍රශ්නයක්නෙ. කොහෙන්ද සහ කොහොමද අපි මේ Digital Marketing කියන දේ පටන් ගන්න ඕන කියන එක. අපි මුලින්ම බලන්න ඕන දේ තමයි කොහොමද අපි මේක Market කරන්නෙ කියන දේ නෙ. දැන් මේ Marketing කියන දේ ගත්තම CIM Definition එක තියෙනවනෙ, Identification, Anticipation, Satisfaction of Customer Requirement Profitably කියන එක. සරලවම ගත්තොත් මෙතනදි අපිට තේරෙනව මේක හැදිල තියෙන්නෙ Customer වටේට. Customer ගෙ Requirement එක වටේට කියන එක. එතකොට අනිත් අවස්තාවලදි වගේම Digital Marketing  වලදිත් අපි මේ වැඩේ පටන් ගන්න ඕන එතනින්.

Customer ව අඳුරගන්න තැනින්. Customer කියන්නෙ මොන වගේ කෙනෙක්ද, එයා බලාපොරොත්තු වෙන්නෙ මොන වගේ දෙයක්ද කියන තැනින් තමයි මේ ගමන අපි හරියටම පටන් ගන්න ඕන. Customer කවුද? එයා කැමති දේවල් මොනවද? එයා Interest මොනවගේ දේවල් වලටද? එයා භාවිතා කරන Channels මොනවද කියන හැමදේම ගැන Clear අදහසක් අපිට තියෙන්න ඕන”

දැන් මෙහෙම Customer ව තේරුම්ගන්න ඕන, අඳුරගන්න ඕන කියල කිව්වට ඇත්තටම බිස්නස් එකක් කරන, බ්‍රෑන්ඩ් එකක් හැන්ඩ්ල් කරන කෙනෙක්ට තියෙන්න පුලුවන් ප්‍රශ්නයක් තමයි “ඇත්තටම මම Customer ගැන මොනවද දැනගන්න ඕන?” කියන එක. ඒ නිසාම තමයි අපි ඒ ප්‍රශ්නෙත් අධීෂට යොමු කරේ.

“දැන් අපි sell කරන්නෙ නිශ්පාදනයක්නෙ. එතකොට අපි බලන්න ඕන අපි මේ විකුණන්න හදන ප්‍රඩක්ට් එක Customer ගෙ ජීවිතය ඇතුලෙ කොතනද තියෙන්නෙ කොහොමද Position වෙන්නෙ කියන එක වගේම Customer ඒ ප්‍රඩක්ට් එක යූස් කරන්නෙ කොතනදිද, එයා ඒක කොහෙද හොයන්නෙ සහ කොහොමද හොයන්නෙ කියන එක ගැන අපිට Clear Idea එකක් තියෙන්නම ඕන.

ඒ විතරක් මදි. Profitably කියන කාරණාව තමයි අපේ බිස්නස් එකේ ඔබ්ජෙක්ටිව් එක වෙන්නෙ. ඒක Brand Awareness, Profit Motive, Transactions ඕන දෙයක් වෙන්න පුලුවන්. හැබැයි Objectives හරිම Clear වෙන්න ඕන.  Smart Objectives කියල අපි කතා කරනවනෙ Management Thinking වලදි. Specific, Measurable, Actionable, Relevant, Time Bound කියලනෙ තියෙන්නෙ. ඒ Smart Features ටික Capture වෙන විදියට තමයි අපි අපේ Achievable Objectives හදාගන්න ඕන. අපේ Objectives Achievable ද කියල අපි බලන්න ඕන. අපි ඉන්න තැන ඉඳල අපිට යන්න ඕන තැනට යන්න පුලුවන්ද කියන දේ ගැන හරි අදහසක් අපිට තියෙන්න ඕන. අපේ බිස්නස් එකේ Status එක මත මේ Goals වෙනස් වෙනවා, මේ Objectives වෙනස් වෙනවා.

ඒක හරිම පරිස්සමෙන් තමයි අපි Define කරන්න ඕන”

අධීෂගෙ කතාවෙන් පැහැදිලි වුන දේවල් තුනක් තියෙනවා. ඒ තමයි Digital Marketing වලදි වුණත් Customer Insights, Goals සහ Status of Business කියන කාරණා තුන ඉතාම වැදගත් වෙනවා කියන එක. ඒ තුන අමතක කරල අපිට Digital Marketing විතරක් නෙවෙයි Marketing කියන දේවත් හරියට කරන්න පුලුවන් කමක් නැහැ.

මොකද අපි ඇත්තටම Digital Marketing කියල කිව්වට ඇත්තටම මෙතන තියෙන්නෙ සාමාන්‍ය දැනීම ගැන කතාවක්. ඉතින් සාමාන්‍ය දැනීම නැතුව කිසිම දෙයක් කරන්න අපහසුයිනෙ. Digital Marketing වුනත් එච්චර තමයි.

ගොඩක් වෙලාවට අපි මේ Digital Marketing කියන දේ වරදවා වටහාගන්නවනෙ Digital Marketing කියන්නෙ Facebook Ad එකක් Run කරන එක, SEO කරන එක එහෙම කියලා. හැබැයි මේ Customer Insights, Goals සහ Status of Business කියන කාරණා තුන හරියට තේරුම් ගන්නෙ නැතුව Digital ලෝකෙ Marketing Game එකක් ගහන්න අපිට පුලුවන් කමක් නෑ.

ඊලඟට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නේ කොහොමද මේ Awareness Build කරන්නෙ කියලා. Product එකකට Awareness එක හදන්න ක්‍රම ඕන තරම් තියෙනවනෙ. එතකොට මේ Digital Marketing කියන දේ කොහොමද Awareness Build කරන එකේදි වැදගත් වෙන්නෙ?

Digital Marketing වලින් Business එකක් කරන කෙනෙක් ඒක දැනගෙන ඉන්නම ඕන.

“Social, Local සහ Mobile කියන තැන ඉඳල තමයි අපි Digital Marketing වල Awareness ගැන හිතන්න ඕන. මෙතන අපි කාරණා දෙකක් කරනවා. එකක් තමයි Inspire කරනවා. ඒ කිව්වෙ අපේ Audience එකට ආසාවක් ඇති කරනව අපේ ප්‍රඩක්ට් එක ගැන. ඊලඟ එක තමයි Intent Capturing. ඒ කියන්නෙ අර අපේ කන්ටෙන්ට් දැකල අපේ ප්‍රඩක්ට් එක ගැන කැමැත්තක් ඇති වුණ කෙනාව අපි කොහොමද අපේ නිශ්පාදනය මිල දී ගන්න තැන වෙනකම් අරගෙන එන්නෙ කියන කාරණාව.

දැන් මම මෙතන මේ SO-LO-MO ගැන කතාකරාට ඒ කන්සෙප්ට් එක තව කොච්චර කාලයක් තියෙවිද කියල දන්නෙ නෑනෙ. හැබැයි කවදාවත් වෙනස් නොවන දේවල් තුනක් මෙතන තියෙනවා ඒ තමයි Customer Insights, Goals සහ Status of Business කියන තුන. ඒ තුන කවදාවත් වෙනස් වෙන්නෙ නෑ”

ඔයත් ඔයාගෙ බිස්නස් එකට ඕන තරම් ඇඩ්ස් රන් කරනව ඇති. ඒ ඇඩ්ස් නිසා ඔයාගෙ Awareness, Reach එක එහෙමත් වැඩිවෙලා ඇති. හැබැයි Sales වල, Transactions වල කිසිම වෙනසක් වෙලා නෑ.

එහෙම නේද?

ඔයාට විතරක් නෙවෙයි ඒක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නෙ. ඇත්තටම කොහොමද අපි මේ Customer කෙනෙක්ව අපේ ප්‍රඩක්ට් එකක් මිල දී ගන්න එහෙම නැත්තම් අපේ සර්විස් එකක් භාවිතා කරන තැනකට Digital Marketing ඔස්සේ අරගෙන එන්නේ?

ඒ ප්‍රශ්නෙටත් අධීෂ මෙතනදි උත්තරයක් දෙනවා.

“මේකට ප්‍රධානම හේතුව තමයි අපේ ගොඩක් බිස්නස් කරන අය කස්ටමර්ගෙ ජර්නි එක ගැන හිතන්නෙ නෑ. අපි මුල ඉඳලම දකින්න ඕන තේරුම් ගන්න ඕන අපේ කස්ටමර්ගෙ ජර්නි එක ගැන. ඒ ජර්නි එක ඇතුලෙ අපි ප්ලාන්ට් කරන්න ඕන ස්ට්‍රැටජික් කමියුනිකේශන් මැසේජස් වල කී ටච් පොයින්ට්ස්.

උදාහරණයක් විදියට අපි ඔෆර් එකක් ගැන කියනව කියන්නකො. ඒ ඇඩ් එකේ අපි ෆෝන් නම්බර් එක, ඊමේල් එක හැමදේම මෙන්ශන් කරනවා. වෙන්නෙ මොකද්ද කස්ටමර් කන්ෆියුස් වෙන එක. ස්ටෙප්ස් වැඩිවෙන්න වැඩිවෙන්න වෙන්නෙ මිනිස්සු මගින් හැලෙන එක. ඕනම කෙනෙක් කැමතියිනෙ තමන්ගෙ වැඩේ ටක්ගාලා කරගන්න පුලුවන් නම්. රස්තියාදු වෙන්න කවුරුවත් කැමති නෑනෙ. මෙතනටත් ඒ කතාව ඒ විදියටම වලංගුයි. ඒ නිසා මේ ස්ටෙප්ස් හරිම සරල කරන්න. ඒක හරි වැදගත්. ඒ ජර්නි එක මුලදිම හරියටම අඳුරගන්න ඕන නිසා තමයි. අපි බිස්නස් එකේ ඔක්කොම දේවල් ගැන හිතනවා ඒ ජර්නි එක ගැන හිතන්නෙ නැතුව. එතනින් තමයි අපි වරද්දගන්නෙ. හරියට ජර්නි එක හදාගෙන අපි ඇඩ් එක රන් කරයින් පස්සෙත් ලීඩ්ස් එන්නෙ නැත්තම් අන්න එතනදි අපිට තව ලේසියි ඇත්තටම මොකද්ද අවුල කියල හොයාගන්න එක. මොකද අපිට පැහැදිලි පාරක් තියෙනව ප්‍රශ්නෙ උනේ කොතනදිද කියල හොයල බලන්න”

    මෙවැනි වටිනා Blog එකක් දැමූ සැනින් දැනගැනීමට අපව Subscribe කරන්න


    ඉතින් මේ වගේම බිස්නස් එක හරියට ගොඩ දාගන්න Digital Marketing  පාවිච්චි කරන්නෙ කොහොමද කියන ගැටලුව ඔයාටත් තියෙන්න පුලුවන්.

    අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නෙ වෙන කාගෙ ළඟවත් නෙවෙයි Loku Business අපි ළඟ තමයි.

    ඉතින්, ඒ ප්‍රශ්නෙට විතරක් නෙවෙයි ඔයාගෙ බ්‍රෑන්ඩ් එකට, බිස්නස් එකට හරියටම හරියන Digital Marketing Strategy එකක් ගොඩනගන්නේ කොහොමද කියල දැනගන්න Adeesha Dharmakeethi සමග Loku Business අරගෙන එන “How to Develop a Digital Marketing Strategy” පාඨමාලාවේ Free Chapters අදම බලන්න!

    ඔයාගෙ පුංචි බ්‍රෑන්ඩ් එකත් ලෝකෙම හොල්ලන බ්‍රෑන්ඩ් එකක් කරන රහස ගැන දැනගන්න Free Chapters බලලම Loku Business – Digital Marketing Online Course එකට එකතුවෙන්න!

    Link: https://school.lokubusiness.lk/p/how-to-develop-a-digital-marketing-strategy?affcode=1420258_ghpjvsre

    ඔයාගෙ බ්‍රෑන්ඩ් එක ගොඩ දාන වැඩේට #LokuwatamaSupport කරන්න Loku Business අපි සූදානම්!

    Share this post: