Entrepreneur කියන වචනේ ඔයා දන්නවා. ඒත් Intrapreneur කියන වචනේ ඔයා අහලා තියෙනවා ද? ඔයාගේ රැකියාවේදි ව්‍යවසායකයෙක් වගේ වැඩ කරන්න කැමති නම් ඔයා Intrapreneur කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. Intrapreneurship කියන්නේ ලෝකයේ වේගයෙන් වර්ධනය වන සංකල්පයක්. අපි බලමු මොකක්ද Intrapreneurship කියන්නේ, Intrapreneurship සහ Entrepreneurship අතර වෙනස, කොහොමද ඔයා රැකියා ස්ථානයේදි ව්‍යවසායකයෙක් වගේ වැඩ කරන්න ඕන කියන දේවල් ගැන.
Intrapreneur කියන්නේ කවුද?
සරලවම කියනවා නම් Intrapreneur කෙමෙක් කියන්නේ ව්‍යවසායකයෙක් වගේ හිතන සේවකයෙක්ට. ඒ කියන්නේ, ඔහු/ ඇය ආයතනයක සේවය කරමින් මාසික වැටුපක් ලබාගත්ත ද හිතන්නේ, කටයුතු කරන්නේ ව්‍යවසායකයෙක් විදියට.
ඔයා දන්නවා ව්‍යවසායකයෙක් කියන්නේ නව නිෂ්පාදන හෝ සේවා අලෙවි කරන, අවදානම් භාර ගන්න ආකාරයේ නිර්මාණාත්මක චින්තනයක් ඇති පුද්ගලයෙක් කියලා. Intrapreneursලා මාසික වැටුපක් ලබන රැකියාවක් කළත් ඔවුන් ආයතනය තුළ නව අදහස් ගෙන එමින්, ආයතනයේ වර්ධනය වෙනුවෙන් නිර්මාණශීලීව ක්‍රියා කරන පුද්ගලයන් පිරිසක්.
Intrapreneur කෙනෙක් සාමාන්‍යයෙන් සම්ප්‍රදායික සේවකයෝ වගේ කියන වැඩේ විතරක් ඒ විදියටම කරලා ඉන්නේ නැහැ. ඔවුන් ඒ රාජකාරිය හෝ ව්‍යාපෘතිය කරන්න අලුත් අදහස් ගෙන එනවා, අලුත් අත්හදාබැලීම් කරනවා. ආයතනයේ දියුණුවට මේ Intrapreneursලාගෙන් විශාල දායකත්වයක් ලැබෙනවා.
ඕනම ආයතනකට දැක්මක් (Vision) තියෙනවා. Intrapreneur කෙනෙක්ට, ආයතනයේ දැක්මට සමගාමී තමන්ගේම දැක්මක් තියෙනවා. ඒ නිසා ඔවුන් සම්ප්‍රදායික සේවකයන්ට වඩා වෙනස්.
සම්ප්‍රදායික සේවකයෙක් තුළ නොමැති Intrapreneur කෙනෙක් තුළ ඇති ලක්ෂණ
- Intrapreneur කෙනෙක් නව අදහස් හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට කැමතියි. ගැටලු සහ අභියෝගවලට නව විසඳුම් සොයාගැනීමට ඔවුන් උත්සහ කරයි.
- ඔවුන් ස්වාධීනව වගකීම් භාරගෙන කටයුතු කරයි. නිර්දේශ සහ උපදෙස් ලැබෙන තෙක් වැඩ කල් දමමින් නොසිටී.
- Intrapreneur කෙනෙක් විවෘතව අදහස් හුවමාරු කරගන්නා අතර කණ්ඩායම් වැඩවලදී නායකත්වය ගෙන කටයුතු කරයි.
- අවදානම් ගැන සැලකිලිමත් වෙමින් රාජකාරි කටයුතු සම්බන්ධ අවදානම් කළමනාකරණය කරගනිමින් කටයුතු කිරීමට සැලසුම් කරයි.
- තමා අතින් වරදක් සිදු වීම Intrapreneur කෙනෙකු විසින් සලකන්නේ අලුත් යමක් ඉගෙනගැනීමට ලැබුණු අවස්ථාවක් ලෙසයි. ඔවුන් නිතරම නව දැනුම සොයමින් තම හැකියාවන් වර්ධනය කරගනියි.
Intrapreneur සහ Entrepreneur අතර වෙනස
Intrapreneur කෙනෙක් Entrepreneur කෙනෙක් වගේ වුණත් ඔවුන් දෙපිරිස අතර වෙනස්කම් කිහිපයක් තියෙනවා. අපි දැන් බලමු මොනවද ඒ වෙනස්කම් කියලා.
- Entrepreneur කෙනෙක් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කර ආදායම් උපයන අතර Intrapreneur කෙනෙක් වෙනත් ආයතනයක සේවය කරමින් ආදායම් උපයයි.
- Entrepreneur සිය ව්‍යාපාරයේ සියලු අවදානම් හා වගකීම් සම්පූර්ණයෙන්ම භාර ගන්නා අතර Intrapreneur ගන්නා අවදානම්වල වගකීම ආයතනය විසින් ගනී.
- Entrepreneur කෙනෙකු අවදානමක් ගත්විට එහි වාසිය හෝ පාඩුව ඔහු විසින් දරාගත යුතු අතර Intrapreneur කෙනෙක් ගන්නා අවදානමේ වාසිය හෝ පාඩුව ආයතනය විසින් දරාගනී.
- Entrepreneurට සිය ව්‍යාපාරයේ සියලු තීරණ ගැනීමේ බලය තිබෙන අතර Intrapreneurට නව අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණ ද තනි තීරණ ගැනීමට ආයතනයේ ප්‍රධානීන්ගේ අනුමැතිය අවශ්‍ය වේ.
- Entrepreneur ස්වයංක්‍රීය හා නවෝත්පාදනමය පරිසරයක සිය අදහස් නිදහසේ ක්‍රියාත්මක කරන අතර Intrapreneur සිය ආයතනයේ ස්ථාපිත නීති රීති යටතේ නව අදහස් ඉදිරිපත් කරයි.
- Entrepreneur ව්‍යාපෘතිය සාර්ථක නම් ලාභ සියල්ල ඔහුටම හිමි වන අතර අසාර්ථක නම් පාඩුව ද ඔහුටම විඳ දරාගැනීමට සිදු වේ. Intrapreneurට ස්ථිර වැටුපක් හිමි වන අතර ඔහුගේ/ ඇයගේ කාර්යසාධනය (KPI) ඉහළ නම් ඒ වෙනුවෙන් බෝනස් වැනි ප්රතිලාභ සහ දීමනා හිමි වේ.
මෙම වෙනස්කම් හැරුණුකොට Entrepreneur සහ Intrapreneur දෙදෙනාගේම mindset එක එනම් ඔවුන්ගේ මානසිකත්වය සමාන වේ. එනම් ඔවුන් දියුණුව කරා යන උත්සහවන්ත පුද්ගලයන් වේ. එමෙන්ම ස්වයං අභිප්‍රේරණයක් (Self motivated) සහිතය.
කොහොමද Intrapreneur කෙනෙක් වෙන්නේ?
ඔයා Intrapreneur කෙනෙක් වෙන්න කැමති නම් ඔයා තුළ ගොඩනගාගත යුතු ලක්ෂණ කිහිපයක් තියෙනවා. ලිපියේ මෙතෙක් සඳහන් කළ කරුණුවලින් ඔයාට යම් අදහසක් ඒ ගැන දැනටමත් ඇති.
- ඉලක්කයක් සාදා ගන්න: Intrapreneur කෙනෙක් වෙන්න අවශ්‍ය නම් ආයතනයේ ඉලක්ක, දැක්ම සමග සමපාත වන ලෙස ඔයාගේ පෞද්ගලික ඉලක්ක ගොඩනගාගන්න.
- නව අදහස් ඉදිරිපත් කරන්න: රාජකාරි කටයුතුවලදි පැත්තකට වෙලා තමන්ගේ ප්‍රධානීන් කියන දේ අහගෙන ඒ විදියටම වැඩ කරනවා වෙනුවට ඔයාගේ අදහස් ඉදිරිපත් කරන්න. ඔයාගේ අදහස් ආයතනයේ දියුණුවට හේතු වෙනවා නම් ඔයාට ආයතනය තුළ ඉහළට යන්නත් ඒක හේතුවක් වෙනවා.
- වගකීම් ගන්න: ඕනම වැඩකදි වගකීම් සහගතව කටයුතු කරන්න. ඔයාගේ අතින් සුළු හෝ වැරැද්දක් වුණොත් එහි වගකීම ගන්න පවා මැලි වෙන්න එපා.
- අලුත් අත්හදා බැලීම් කරන්න: ඔයාගේ රාජකාරි කටයුතු ඉක්මනින්, Smart විදියට කරන්න අලුත් අත්හදා බැලීම් කරන්න.
- නායකත්ව ගුණාංග වර්ධනය කරගන්න: ඔයා Intrapreneur කෙනෙක් විදියට කටයුතු කරන්න කැමතියි නම් ඔයාගේ නායකත්ව ගුණාංග, ආත්ම විශ්වාසය වගේ ලක්ෂණ වර්ධනය කරගත යුතුයි.
- මෘදු කුසලතා (Soft skills) වර්ධනය කරගන්න: සන්නිවේදනය, කාල කළමනාකරණය, සේවක සබඳතා වර්ධනය කරගැනීම ඇතුළු කුසලතා වර්ධනය කරගැනීම නිරන්තරයෙන් කළ යුතුයි.
ආයතනවල Intrapreneur සංස්කෘතිය ගොඩනගන ක්‍රම
ඔයා ආයතනයක හිමිකරුවෙක් හෝ ප්‍රධාන තනතුරක් දරන පුද්ගලයෙක් නම් මේ කොටස ඔයාට වැදගත්. ආයතනයක් තුළ Intrepreneursලා ඉන්න පුළුවන්. ඔවුන්ව හඳුනාගත් පසු ආයතනය විසින් ඔවුන්ගේ ගමනට සහය දුන්නොත් ආයතනයේ දියුණුවට ඒක විශාල අත්වැලක් බවට පත් වෙනවා.
- නායකත්ව සහ සහයෝගය: ඉහළ කළමනාකරණය Intrapreneur සේවකයන්ගේ නවෝත්පාදන කාර්යන්ට සහය විය යුතුය. ඔවුන්ගේ අදහස් අගයමින්, අවස්ථා ලබා දීමත්, අවදානම් බෙදා ගැනීමත් අවශ්‍ය වේ.
- විවෘත සහ සහයෝගිත්වය සහිත පරිසරය: සමාගම් තුළ විවෘත සංවාද සහ අදහස් හුවමාරු කිරීමට පරිසරය සකස් කළ යුතුයි. නව අදහස් සඳහා අදහස් හුවමාරු සැසි, කණ්ඩායම් වැඩමුළු හා සාකච්ඡා වැනි අවස්ථා තිබිය යුතුය.
- පුහුණුව සහ දැනුම ලබා දීම: සේවකයන්ගේ නිර්මාණාත්මක හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා පාඨමාලාවන් සහ පුහුණු වැඩමුළු පැවැත්විය යුතුය. එය Intrapreneur සේවකයන්ගේ කුසලතා තවත් වර්ධනය කිරීමට හේතු වේ.
මීට අමතරව Intrapreneur කෙනෙකුගෙන් යම් අතපසුවීමක් හෝ වරදක් සිදු වූ විට ඔවුන්ගේ අසාර්ථකත්වය ගැන භීතියක් ඇති නොවන පරිසරයක් සාදා දීම ද ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ වගකීමක්. එසේ නොමැතිව අසාර්ථක වන අවස්ථාවක ඔවුන්ව පහළට දමා කතා කළහොත්, ඔවුන්ව අධෛර්යමත් කළහොත් එය ආයතනයේ දියුණුව ද මන්දගාමී වීමට හේතුවක් විය හැකියි.
දැන් ඔයා දන්නවා Intrapreneur කෙනෙක් වෙන්න නම් මොකද කරන්න ඕන කියලා. මේකෙ තියෙන ලොකුම වාසිය තමයි ඔයා ව්‍යවසායකයෙක් වෙන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඔයාට අනාගතයේ ව්‍යවසායකයෙක් වෙන්න අවශ්‍ය දැනුම, කුසලතා සියල්ල ආයතනයක සේවකයෙක් ලෙස සිටියදී වර්ධනය කරගන්න හැකි වීම.
අවදානම් කළමනාකරණය, නායකත්වය, සන්නිවේදනය වගේ කුසලතා වර්ධනය කරගන්න ඔයාට හොඳ පරිසරයක් ආයතනයක් තුළ තිබෙනවා. ඒ නිසා ඔයා ව්‍යවසායකයෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් රැසක් ප්‍රායෝගිකව කලින්ම අත්දකින්න හැකියාව Intrapreneur කෙනෙක් වීමෙන් ඔයාට ලැබෙනවා.
ගොඩක් සම්ප්‍රදායික සේවකයෝ ඔවුන්ගේ රැකියාව ආසාවෙන් කරන්නෙ නැහැ. ඒකට එක හේතුවක් තමයි තමන්ගේ Passion එක මොකක්ද කියලා ඔවුන් හඳුනාගෙන නොමැති වීම. Passion එකක් නැති දෙයක් කරද්දි ඒක කැමැත්තෙන් කරන්න බොහෝ දෙනෙක් අසමත් වෙනවා. Intrapreneur කෙනෙක් වෙන්න කැමති ඔයාට Passion එක සොයාගැනීමත් වැදගත් වෙයි. ඒ නිසා පහළ Link එකට ගිහින් කොහොමද ඔයාගේ Passion එක සොයාගන්නේ කියලා අදහසක් ගන්න Free Chapters බලන්න.
https://school.lokubusiness.lk/p/how-to-find-your-passion?affcode=1420258_ghpjvsre