දියුණු වෙන්න ඕන කියන හීනය හිතේ තියාගෙන පොඩියට පටන් ගත්ත ඔයාගේ ව්‍යාපාරය තාමත් එක තැන නතරවෙලා කියලා හිතෙනවා ද? මාස ගණන්, අවුරුදු ගණන් ගියත් ඔයා සැලසුම් කළ විදියට ව්‍යාපාරයේ වර්ධනයක් අත්කරගන්න බැරි වුණා නම් ඒකට හේතුව මොකක්ද කියලා සමහරවිට ඔයාට හිතාගන්න අමාරු ඇති. 

ඇත්තටම, ව්‍යාපාරයක දියුණුව මන්දගාමී කරන හේතු එකක් නෙමෙයි කිහිපයක්ම තියෙනවා. ඔයාගේ ව්‍යාපාරය හිතුව විදියට වර්ධනය කරගන්න අවශ්‍ය නම් ඒ හැම අංශයක් ගැනම ඔයා සැලකිලිමත් වෙන්න ඕන.

ව්‍යාපාරයක් කියන්නේ එන්ජින් ගණනාවක එකතුවක්

ඔයා හිතන්න, වාහනයක් පිටතින් පේන්න මොන තරම් ලස්සනට තිබුණත් ඒකේ එන්ජින් එක හොඳ තත්ත්වයේ නැත්නම් ඒ වාහනයෙන් ඔයාට කොහේවත් යන්න පුළුවන් ද? බැහැ නේද? ව්‍යාපාරයක් කියන්නෙත් ඒ වගේ තමයි. 

‘A business is a mega system of so many engines which are interconnected to each other.’

ඒ කියන්නේ, ව්‍යාපාරයක් කියන්නේ එකිනෙකට සම්බන්ධතාවයන් තියෙන එන්ජින් ගණනාවක එකතුවක් කියන එක. 

වෛද්‍යවරයෙක් දන්නවා ඔහු/ ඇය හදාරන්න ඕන විෂයන් මොනවාද කියන එක, ඒ වගේම ඉංජිනේරුවරයෙක්, ගණකාධිකාරීවරයෙක්, මේ වගේ හැම වෘත්තියකම පුද්ගලයෝ දන්නවා ඔවුන් හදාරන්න ඕන විෂයන් මොනවාද කියන එක ගැන. ඔයා මොනම හෝ රැකියාවක් කරන පුද්ගලයෙක් නම් ඒ අදාළ විෂයේ මොන තරම් ගැඹුරට යනවා ද කියන එක තමයි එතැන තියෙන විශේෂත්වය.

ඒත් ව්‍යවසායකයෙකුට, ව්‍යාපාරිකයෙකුට තමන් ඒ අදාළ ක්ෂේත්‍රයේ කොතරම් ගැඹුරට යනවා ද කියන එක විතරක්ම නෙමෙයි වැදගත් වෙන්නේ. ඔයා කොතරම් පුළුල්ව ඔයාගෙ ව්‍යාපාරයට අදාළ දේවල් ගැන දන්නවා ද කියන එකත් එතැනදි වැදගත් වෙනවා. 

ව්‍යාපාර කළමනාකරණය, අලෙවිකරණය, වගේ උපාධියක් හදාරලා ඉහළ ලකුණු අරගෙන තිබුණත් එවන් පුද්ගලයෙක් පටන් ගන්න ව්‍යාපාරයක් පවා දියුණු කරගන්න ඔවුන්ට නොහැකි වෙන අවස්ථා තියෙන්නේ ව්‍යාපාරයකදි එක දෙයක් ගැන විතරක් දැනුම තිබීම ප්‍රමාණවත් නොවන නිසා. මේ ලිපියේ සඳහන් වුණා ව්‍යාපාරයක් කියන්නේ එකිනෙකට සම්බන්ධ එන්ජින් ගණනාවක එකතුවක් කියලා. ඒ නිසා ව්‍යවසායකත්වය

Share this post: