අපි ජීවිතයේ බොහෝ තීරණ අරගන්නේ අපි අවට සිටින අයගේ බලපෑම මත. අපේ දෙමාපියන්, ගුරුවරුන්, සහ සමාජය විසින් අපි කරන්න ඕන මොනවද නැත්තේ මොනවද කියන එක ගැන බලපෑම් කරන අවස්ථා ඕන තරම් තියෙනවා. සාමාන්‍ය මනසක් (ordinary mind) ඇති අය මේ බලපෑම් සහගත දේවල් ප්‍රශ්න නොකර පිළිගන්නවා. නමුත් අසාමාන්‍ය මනසක් (extraordinary mind) ඇති අය එහෙම කරන්නේ නැහැ. ඔවුන් “ඇයි මම මේ දේ කරන්නේ?” සහ “මට මේකෙන් ලැබෙන්නේ මොකක්ද?” කියන ප්‍රශ්න අහනවා. ඉතින් මේ විදියට ප්‍රශ්න කරන නිසාම ඔවුන්ට තමන් කැමති දෙයක් කරලා දියුණු වෙන්න පවා පහසුයි.
Vishen Lakhiani ලියූ The Code of the Extraordinary Mind කියන පොතේ සඳහන් වෙනවා සාමාන්‍ය මනසක් කොහොමද අද්විතීය, අසාමාන්‍ය මනසක් බවට පත් කරගන්නේ කියලා. මේ පොතේ ඒ සඳහා මට්ටම් 04ක් යටතේ නීති 10ක් හඳුන්වාදීලා තියෙනවා.
සමාජය විසින් අපට පෙන්වා දෙන මාර්ගය හැමවිටම අපට ගැළපෙන්නේ නැහැ. අපට අදාළ වන නීති සහ සාමාන්‍යයෙන් අදාළ නොවන නීති හඳුනා ගැනීම වැදගත්. සමාජය විසින් ඔයාට දාන නීති ඔයාගේ සතුටට හා දියුණුවට බාධාවක් නම් ඒවායින් ඈත්වෙන්න ඔයා ඉගෙන ගන්න ඕන. ඒ නිසා ඔයා සමාජය විසින් ඔයාට දාන සීමාවන් ඇතුළෙ ඉන්නේ නැතුව අවශ්‍ය හැම අවස්ථාවකම ඒවා ඉක්මවා යන්න උත්සහ කරන්න.
සමාජයෙන් ඔයාට දාන, නමුත් ඔයාට නොගැළපෙන නීති (Brules – Bullshit Rules) හඳුනාගෙන ඒවා ප්‍රශ්න කරන්න. මේවා ඔයාගේ සැබෑ අරමුණු කරා යන ගමනට බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා “ඇයි මම මේක කරන්න ඕන?” වගේ ප්‍රශ්න අසමින්, ඔයාට යන්න ඕන මාර්ගය තෝරාගන්න.
නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය වන දැනුවත්භාවය ඔයා තුළ වර්ධනය කරගන්න. මේ සඳහා සාම්ප්‍රදායික ඉගෙනීම (traditional learning) සහ පරිවර්තනීය ඉගෙනීම (transformational learning) අතර වෙනස තේරුම් ගැනීම වැදගත්. ඔයා ඔයා ගැන දන්නේ නැත්නම් ඔයාට ගැළපෙන්නෙ මොනවද කියන එක ඔයාට හරියට තෝරගන්න අපහසු වෙනවා. ඒ නිසා දැනුවත්භාවය වර්ධනය කරගන්න එක ඔයාට මේ පියවර සාර්ථක කරගන්න උදව් වෙනවා.

පළමු මට්ටම – අවට ලෝකය ගැන අවබෝධ කරගැනීම
පළමු නීතිය: සංස්කෘතික සීමාවන් ඉක්මවා යන්න
සමාජය විසින් අපට පෙන්වා දෙන මාර්ගය හැමවිටම අපට ගැළපෙන්නේ නැහැ. අපට අදාළ වන නීති සහ සාමාන්‍යයෙන් අදාළ නොවන නීති හඳුනා ගැනීම වැදගත්. සමාජය විසින් ඔයාට දාන නීති ඔයාගේ සතුටට හා දියුණුවට බාධාවක් නම් ඒවායින් ඈත්වෙන්න ඔයා ඉගෙන ගන්න ඕන. ඒ නිසා ඔයා සමාජය විසින් ඔයාට දාන සීමාවන් ඇතුළෙ ඉන්නේ නැතුව අවශ්‍ය හැම අවස්ථාවකම ඒවා ඉක්මවා යන්න උත්සහ කරන්න.
දෙවන නීතිය: නොගැළපෙන නීති ප්‍රශ්න කරන්න
සමාජයෙන් ඔයාට දාන, නමුත් ඔයාට නොගැළපෙන නීති (Brules – Bullshit Rules) හඳුනාගෙන ඒවා ප්‍රශ්න කරන්න. මේවා ඔයාගේ සැබෑ අරමුණු කරා යන ගමනට බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා “ඇයි මම මේක කරන්න ඕන?” වගේ ප්‍රශ්න අසමින්, ඔයාට යන්න ඕන මාර්ගය තෝරාගන්න.
දෙවන මට්ටම – ඔයාට ගැළපෙන දේවල් තෝරාගැනීම
තෙවන නීතිය: දැනුවත්භාවය වර්ධනය කරගන්න
නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය වන දැනුවත්භාවය ඔයා තුළ වර්ධනය කරගන්න. මේ සඳහා සාම්ප්‍රදායික ඉගෙනීම (traditional learning) සහ පරිවර්තනීය ඉගෙනීම (transformational learning) අතර වෙනස තේරුම් ගැනීම වැදගත්. ඔයා ඔයා ගැන දන්නේ නැත්නම් ඔයාට ගැළපෙන්නෙ මොනවද කියන එක ඔයාට හරියට තෝරගන්න අපහසු වෙනවා. ඒ නිසා දැනුවත්භාවය වර්ධනය කරගන්න එක ඔයාට මේ පියවර සාර්ථක කරගන්න උදව් වෙනවා.
සිව්වන නීතිය: යථාර්ථය නැවත ලියන්න
අපි ඉපදුණ ආකාරය, අධ්‍යාපනය හෝ සංස්කෘතිය අපිට වෙනස් කරන්න බැහැ. ඔයා දුප්පත් පවුලක ඉපදුණා ද, පොහොසත් පවුලක ඉපදුණා ද, පවුල් පසුබිම සහ සමාජ පසුබිම හොඳ ද, නරක ද, මේ කිසි දෙයක් අපිට වෙනස් කරන්න බැහැ. ඒවා අපේ යථාර්ථයේ කොටස් (models of reality). නමුත්, එහෙමයි කියලා ඔයා ඒ යථාර්ථය ඇතුළෙ කොටුවෙලා ඉන්නවා නම් ඔයාට අද්විතීය මනසක් නිර්මාණය කරගන්න වෙන්නේ නැහැ. වෙනත් සංස්කෘතීන් සහ ජීවන රටා ගැන විවෘත මනසකින් බලන්න හැකියාව ඇති කරගන්න. වෙනස් කරන්න බැරි යථාර්ථය වෙනුවට අලුතෙන් ඒ යථාර්ථය නැවත ලියන්න පටන් ගන්න.
පස්වන නීතිය: ජීවන රටාව වැඩිදියුණු කරගන්න
ඔයාට ඔයාගේ ජීවන රටාව (systems for living) වැඩිදියුණු කරගන්න පුළුවන්. මේක හරියට ඔයාගේ ජංගම දුරකතනයේ මෘදුකාංග අප්ඩේට් කරනවා වගේ දෙයක්. ඔයාගේ ජීවිතය අඛණ්ඩව වැඩිදියුණු කිරීමෙන් ඔයාට අද්විතීය මනසක් නිර්මාණය කරගන්න පුළුවන්. නැත්නම් ඔයා එකම ජීවන රටාවක හැමදාම සාමාන්‍ය මනසක් තියෙන පුද්ගලයෙක් වගේ රැඳිලා හිඳීවි.
තෙවන මට්ටම – ඔයාගේ අභ්‍යන්තර ලෝකය අවබෝධ කරගැනීම
හයවන නීතිය: ආතතිය මැද සතුටෙන් සිටින්න (Bend Reality)
ඔයාගේ ඉලක්ක කරා යන ගමනේදී ඇතිවන පීඩනය සහ ආතතිය මැද වුණත් සතුටින් ඉන්න පුරුදු වෙන්න. මේක හිතන තරම් පහසු නැහැ, නමුත් එයින් ඔයාගේ මනස ශක්තිමත් වෙනවා. ඔයාට අද්විතීය මනසක් සහිත පුද්ගලයෙක් ලෙස ඔයාගේ දියුණුව සලසගන්න මේ නීතිය ගොඩක් උපකාරී වෙනවා.
හත්වන නීතිය: ඔයාගේ අවසාන ඉලක්ක සොයාගන්න (Find Your End Goals)
සමාජයේ බලපෑම් මත ඔයා ඇති කරගන්න ඉලක්ක (means goals) වෙනුවට, ඔයාගේ සැබෑ කැමැත්තට, සැබෑම වුවමනාවලට ගැළපෙන අවසාන ඉලක්ක (end goals) හඳුනාගන්න. එහෙම නැත්නම් ඔයාගේ වැඩිහිටියන්, අවට සමාජය කියන දේවල් අනුව ඔයාගේ ඉලක්ක තෝරගන්න ඔයා කටයුතු කළොත් කවදාවත් ඔයාට තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න පවා අපහසුයි. සමහරවිට ඔයා කැමති කලා ක්ෂේත්රයේ ඉදිරියට යන්න වෙන්න පුළුවන්. ඒත් ඔයා අවට සමාජය ඔයාට බලපෑම් කරනවා “ඕවා කරලා හරියනව ද, ඔයා බිස්නස් එකක් පටන් ගන්න,” කියලා. සාමාන්‍ය මනසක් තියෙන පුද්ගලයෙක් සමාජයේ බලපෑමට යටත් වුණාට ඔයාට හැකියාව තියෙනවා නම් ඔයාගේ අවසාන ඉලක්ක මොන වගේ වෙන්න ඕන ද කියලා හොයාගෙන ඒ අනුව වැඩ කරන්න ඔයා සාමාන්‍ය මිනිස්සු අතරින් වෙනස් කෙනෙක් බවට පත් වෙනවා. සාමාන්‍ය මනසක් තියෙන කෙනෙක් තමන් අකමැති දෙයක් කරමින් එක තැන ඉන්න අතරේ, අද්විතීය මනසක් තියෙන ඔයා දියුණුවට පත් වෙනවා.
අටවන නීතිය: අභියෝග භාරගැනීම
අභියෝග ඔයාගේ ජීවිතයේ අරමුණු බවට පත් කරගන්න. ඔයාගේ දියුණුවට ඒවා අවශ්‍ය වෙනවා. සාමාන්‍ය මනසක් තියෙන කෙනෙක් විදියට ඔයා අභියෝගවලින් පැනලා යනවා නම් ඔයාට කවදාවත් දියුණු වෙන්න ලැබෙන්නේ නැහැ. ඒත් ඔයා අභියෝග භාරගෙන ඒවා ජයගන්න උත්සහ කරනවා කියන්නේ ඔයා ඒ අභියෝගය පරාජය වුණත් ඔයා යම් දෙයක් ඉගෙන ගන්නවා කියන එකයි. ඒක අද්විතීය පුද්ගලයෙක් ලෙස දියුණු වෙන්න ඔයාට වැදගත් වෙනවා.
හතරවන මට්ටම – ඔයාට ලෝකය වෙනස් කළ හැකි ආකාරය
නවවන නීතිය: පරාජය කළ නොහැකි පුද්ගලයෙක් වෙන්න
හතර වන මට්ටම යටතේ ලෝකය වෙනස් කරන්න නම් ඔයාට මේ නවවන නීතිය ගොඩක් වැදගත්. සමාජයේ විවේචන සහ පීඩන හමුවේ නොවැටී සිටීමට ඔයා අනිවාර්යෙම ඉගෙනගන්න ඕන. අන් අයට ඔයාව පහතට දැමීමට ඉඩ නොදෙන ශක්තිමත් චරිතයක් බවට පත්වෙන්න.
දසවන නීතිය: ඔයාගේ අරමුණ පසුපස හඹා යන්න
ඔයාගේ ජීවිතයේ හරයට (Core) බැඳී ඇති, ඔයාට සතුටක් ගෙන දෙන අරමුණක් හඳුනාගෙන ඒක හඹාගෙන යන්න. අපි අවට ඉන්න ගොඩක් දෙනෙක්ගෙන් ඇහුවොත් තමන්ගේ අරමුණ මොකක්ද කියලා ඒකට පිළිතුරක් ඔවුන් ලබා දෙයි. ඒත් අවුරුදු කීපයක් ගිහින් බැලුවත් ඔවුන් ඒ අරමුණ වෙනුවෙන් යමක් කළා ද කියලා ඔවුන් කිසිවක් කරලා නැහැ කියලා ඔයාට අවබෝධ වෙයි. සාමාන්‍ය මනසක් තියෙන කෙනෙක් ඒ විදියට කටයුතු කරනවා. ඒත් ඔයාට අද්විතීය මනසක් සහිත පුද්ගලයෙක් වෙලා ඔයාගේ දියුණුව සලසා ගන්න ඕන නම් ඔයාගේ ජීවිතයට බද්ධ වුණ අරමුණ හොයාගෙන ඒක පසුපස හඹා යන්න ඕන.
දැන් මේ නීති 10 මොනවද කියන්න ඔයා දන්නවා. මේ නීති ඔයාගේ ජීවිතයට යොදාගන්න උත්සහ කරන්න. එතකොට ඔයා සාමාන්‍ය මනසක් තියෙන පුද්ගලයෙක් වුණත් ඔයාට අද්විතීය මනසක් තියෙන පුද්ගලයෙක් බවට ක්‍රමයෙන් පත් වෙන්න පුළුවන්. ඒ වගේම අද වෙනකම් ඔයා බලාපොරොත්තු වෙන දියුණුව නොලැබුණා නම් මේ අද්විතීය මනසක් සාදා ගැනීමත් එක්ක ඔයාගේ දියුණුව පවා ඉක්මන් කරගන්න ඔයාට හැකියාව ලැබෙනවා. මේ ගැන තවත් ගැඹුරින් දැනගන්න පහළ තියෙන Link එක Click කරන්න.
https://school.lokubusiness.lk/p/the-code-of-the-extraordinary-mind-video-book?affcode=1420258_ghpjvsre