ධනය කියන්නේ එක පාරට ලැබෙන දෙයක් නෙමෙයි. ගොඩක් දෙනාගේ හීනයක් තමයි හොඳට සල්ලි හම්බකරලා හොඳ ජීවිතයක් ගත කරන එක. ඒත් ඒක කරන්න ලේසි නෑ කියලා ගොඩක් අය හිතනවා. ඒක හිතන තරම් ඉක්මනට කරන්න බැරි වුණත් ඔයාගේ මුදල් කළමනාකරණය කරගෙන හරි පාරේ ගියොත් පොහොසතෙක් වෙන එක හිතන තරම් අමාරු වෙන්නේ නැහැ.
මූල්‍ය නිදහස (Financial Freedom) ජීවිතේට අත්‍යවශ්‍යයි. මෙම මූල්‍ය නිදහස කරා යන ගමනේදී අපට අදියර (stages) හතක් පසු කිරීමට සිදුවෙනවා. අපි බලමු ඒ අදියර 07 මොනවාද කියලා.
Depend වෙනවා කියන්නේ අපි වෙනත් කාගෙන් හරි මූල්‍යමය වශයෙන් යැපෙන එක. උදාහරණ විදියට දෙමාපියන්ගෙන් යැපෙන සිසුන්, රැකියාවක් නැති තරුණ තරුණියන්, වෙනත් ඥාතියෙකුගේ සහාය ඇතිව ජීවත් වන අය සඳහන් කරන්න පුළුවන්.
ඔයා මේ අදියරේ ඉන්නවා නම් ඉක්මනින් මේ අදියරෙන් ඊළඟ අදියරට යන්න ඕන. ඒකට ඔයාගේ කුසලතා (Skills) වර්ධනය කරගැනීම, දැනුම වැඩිදියුණූ කරගැනීම, Freelancing හෝ Part-time jobs කිරීමෙන් ආදායම් මාර්ග සොයා ගැනීම වගේ දේවල් හරහා ඔයාගේ ආදායම් මාර්ගයක් හදාගන්න උත්සහ කළ යුතුයි.
විදෙස් රටක් ගැන හිතලා බැලුවොත් ඔයා දන්නවා ඇති ඔයාගේ හිතමිතුරන් වෙන රටක ඉන්නවා නම් කොහොමද ඔවුන් මුදල් උපයන්නේ කියලා. ඉගෙනගන්න ගිය අය අර්ධකාලීන රැකියා කරලා මුදල් හොයනවා. ඔවුන් සම්පූර්ණයෙන්ම තමන්ගේ දෙමාපියන්ගෙන් යැපෙන්නේ නැතුව තරමක මූල්‍ය නිදහසක් හදාගන්න උත්සහ කරනවා ඒ තුළින්.
ඔයා ධනවත් වෙන්න නම් මුලින්ම කරන්න ඕන මේ අදියරේ ඉන්නවා නම් පුළුවන් තරම් මේ අදියරේ රැඳෙන එක අවම කරන එක. ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් පොඩි වැටුපක් හෝ ලැබෙන අර්ධකාලීන රැකියාවක් හෝ ඔයාගේ දක්ෂතාවක් ඔස්සේ ස්වයං රැකියාවක් වගේ දෙයක් කරන්න. මේකෙන් ඔයා ලොකු ගාණක් හොයන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් ඔයාට ධනවත් වෙන්න පළමු පියවර තබන්න මේ පියවර වැදගත් වෙනවා.
දැන් අපි දෙවන අදියරට යනවා. ඒ තමයි පැවැත්මේ අදියර (Survival Stage). දැන් ඔයා ටිකක් මුදල් උපයන්න පටන් ගන්නවා. ඔයා දැන් තනිකරම යැපෙන පුද්ගලයෙක් නොවෙයි. ඔයා ඉන්නේ ‘Survival Mode’ එකේ. “හරි, දැන් මම සල්ලි හම්බ කරනවා, දැන් මට කාර් එකක්, වාහනයක් මේ ඔක්කොම ගන්න පුළුවන්” කියල මෙහිදී වැරදි විදියට හිතන්න එපා. මොකද Survival කියන්නේ ඔයා සම්පූර්ණයෙන් මූල්‍ය නිදහස අත්කරගත්තා කියන එක නෙමෙයි.
මේ අදියරේදී ඔයා රැකියාවක් ඇතිව ආදායම් උපයන නමුත්, ඒක ඔයාගේ මූලික අවශ්‍යතා සඳහා පමණක් ප්‍රමාණවත් වෙනවා.
උදාහරණ විදියට නිවසේ බිල් ගෙවන්න, ගෙවල් කුලී ගෙවන්න, ගෙදර අයට අවශ්‍ය කෑම ගේන්න වගේ දේවල්වලට වියදම් කරන්න ඔයාට හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට පැවැත්ම තහවුරු කරගන්න මේ අදියරේදී පුළුවන්.
ඔයා මේ අදියරේදි මතක තියාගන්නම ඕන දේ තමයි හැඟීම් පාලනය කිරීම (Emotions Control). වෙන කෙනෙක් හොඳ වාහනයක්, ගෙයක් ගත්තොත්, හොඳට අඳිනවා දැක්කොත් ඔයත් ඒ විදියට කරන්න උත්සහ කරනවා වගේ දේවල් මේ අදියරේදි කරන්න එපා. ඒ දේවල් පාලන්බය කරගන්න. මොකද මේ අදියරේදි ඔයාට අතදිග
ධනය කියන්නේ එක පාරට ලැබෙන දෙයක් නෙමෙයි. ගොඩක් දෙනාගේ හීනයක් තමයි හොඳට සල්ලි හම්බකරලා හොඳ ජීවිතයක් ගත කරන එක. ඒත් ඒක කරන්න ලේසි නෑ කියලා ගොඩක් අය හිතනවා. ඒක හිතන තරම් ඉක්මනට කරන්න බැරි වුණත් ඔයාගේ මුදල් කළමනාකරණය කරගෙන හරි පාරේ ගියොත් පොහොසතෙක් වෙන එක හිතන තරම් අමාරු වෙන්නේ නැහැ.
මූල්‍ය නිදහස (Financial Freedom) ජීවිතේට අත්‍යවශ්‍යයි. මෙම මූල්‍ය නිදහස කරා යන ගමනේදී අපට අදියර (stages) හතක් පසු කිරීමට සිදුවෙනවා. අපි බලමු ඒ අදියර 07 මොනවාද කියලා.
අදියර 1: Dependent Stage
Depend වෙනවා කියන්නේ අපි වෙනත් කාගෙන් හරි මූල්‍යමය වශයෙන් යැපෙන එක. උදාහරණ විදියට දෙමාපියන්ගෙන් යැපෙන සිසුන්, රැකියාවක් නැති තරුණ තරුණියන්, වෙනත් ඥාතියෙකුගේ සහාය ඇතිව ජීවත් වන අය සඳහන් කරන්න පුළුවන්.
ඔයා මේ අදියරේ ඉන්නවා නම් ඉක්මනින් මේ අදියරෙන් ඊළඟ අදියරට යන්න ඕන. ඒකට ඔයාගේ කුසලතා (Skills) වර්ධනය කරගැනීම, දැනුම වැඩිදියුණූ කරගැනීම, Freelancing හෝ Part-time jobs කිරීමෙන් ආදායම් මාර්ග සොයා ගැනීම වගේ දේවල් හරහා ඔයාගේ ආදායම් මාර්ගයක් හදාගන්න උත්සහ කළ යුතුයි.
විදෙස් රටක් ගැන හිතලා බැලුවොත් ඔයා දන්නවා ඇති ඔයාගේ හිතමිතුරන් වෙන රටක ඉන්නවා නම් කොහොමද ඔවුන් මුදල් උපයන්නේ කියලා. ඉගෙනගන්න ගිය අය අර්ධකාලීන රැකියා කරලා මුදල් හොයනවා. ඔවුන් සම්පූර්ණයෙන්ම තමන්ගේ දෙමාපියන්ගෙන් යැපෙන්නේ නැතුව තරමක මූල්‍ය නිදහසක් හදාගන්න උත්සහ කරනවා ඒ තුළින්.
ඔයා ධනවත් වෙන්න නම් මුලින්ම කරන්න ඕන මේ අදියරේ ඉන්නවා නම් පුළුවන් තරම් මේ අදියරේ රැඳෙන එක අවම කරන එක. ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් පොඩි වැටුපක් හෝ ලැබෙන අර්ධකාලීන රැකියාවක් හෝ ඔයාගේ දක්ෂතාවක් ඔස්සේ ස්වයං රැකියාවක් වගේ දෙයක් කරන්න. මේකෙන් ඔයා ලොකු ගාණක් හොයන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් ඔයාට ධනවත් වෙන්න පළමු පියවර තබන්න මේ පියවර වැදගත් වෙනවා.
අදියර 2: Survival Stage
දැන් අපි දෙවන අදියරට යනවා. ඒ තමයි පැවැත්මේ අදියර (Survival Stage). දැන් ඔයා ටිකක් මුදල් උපයන්න පටන් ගන්නවා. ඔයා දැන් තනිකරම යැපෙන පුද්ගලයෙක් නොවෙයි. ඔයා ඉන්නේ ‘Survival Mode’ එකේ. “හරි, දැන් මම සල්ලි හම්බ කරනවා, දැන් මට කාර් එකක්, වාහනයක් මේ ඔක්කොම ගන්න පුළුවන්” කියල මෙහිදී වැරදි විදියට හිතන්න එපා. මොකද Survival කියන්නේ ඔයා සම්පූර්ණයෙන් මූල්‍ය නිදහස අත්කරගත්තා කියන එක නෙමෙයි.
මේ අදියරේදී ඔයා රැකියාවක් ඇතිව ආදායම් උපයන නමුත්, ඒක ඔයාගේ මූලික අවශ්‍යතා සඳහා පමණක් ප්‍රමාණවත් වෙනවා.
උදාහරණ විදියට නිවසේ බිල් ගෙවන්න, ගෙවල් කුලී ගෙවන්න, ගෙදර අයට අවශ්‍ය කෑම ගේන්න වගේ දේවල්වලට වියදම් කරන්න ඔයාට හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට පැවැත්ම තහවුරු කරගන්න මේ අදියරේදී පුළුවන්.
ඔයා මේ අදියරේදි මතක තියාගන්නම ඕන දේ තමයි හැඟීම් පාලනය කිරීම (Emotions Control). වෙන කෙනෙක් හොඳ වාහනයක්, ගෙයක් ගත්තොත්, හොඳට අඳිනවා දැක්කොත් ඔයත් ඒ විදියට කරන්න උත්සහ කරනවා වගේ දේවල් මේ අදියරේදි කරන්න එපා. ඒ දේවල් පාලන්බය කරගන්න. මොකද මේ අදියරේදි ඔයාට අතදිග ඇරලා හැඟීම්බර වෙලා වියදම් කරන්න හැකියාවක් නිර්මාණය වෙලා නැහැ. වියදම් පාලනය කරගන්න උත්සහ කරන්න.
අදියර 3: Stability Stage
මේ අදියර ස්ථාවරත්වයේ අදියර කියලා හඳුන්වන්න පුළුවන්. මෙහිදී ඔයාගේ මුදල් පදනම ටිකක් ශක්තිමත් වීගෙන එනවා. කලින් අදියරේදී වගේ මොන මොනවාට හෝ වියදම් කළොත් අතේ සතේ නැති තත්ත්වයකට ඔයා මෙතැනදි පත් වෙන්නේ නැහැ. ඔයාට ලැබෙන ආදායමෙන් 20%ක්වත් මේ අදියරේදි ඉතුරු වෙනවා.
මෙතැනදිත් ඔයා පරිස්සම් වෙන්න ඕන සල්ලි ඉතුරු කරගන්න පුළුවන් වුණා කියලා කෝටිපතියෙක් කියලා හිතාගෙන අනවශ්‍ය වියදම් නොකර ඉන්න.
බොහෝ විට ඔයාට හදිසි අවස්ථාවකට ගන්න emergency fund එකක් විදියට මුදලක් ඉතිරි කරන්න මේ අදියරේදි පුළුවන්. මේ වගේ ස්ථාවරත්වයකට ආවම ගොඩක් අය මේ අදියරෙන් නතර වෙනවා. ඒක ධනවත්කම නෙමෙයි. ධනවතෙක් වෙන්න නම් ඔයා මේ අදියර පහු කරන් ඉදිරියට යන්න ඕන.
අදියර 4: Financial Security Stage
මූල්‍ය ආරක්ෂාවේ අදියර (Financial Security Stage) තමයි හතර වන අදියර වෙන්නේ. ස්ථාවරත්වය (stability) සහ මේ අදියර අතර වෙනසක් තියෙනවා.
ස්ථාවරත්වය ගැන අපි තුන්වෙනි අදියරේදි දැනගත්තා. එතැනදි ඔයාට මුදලක් ඉතිරි කරගන්න හැකි වුණා. ඒත් හිතන්න හදිසියේ ඔයාගේ රැකියාව නැති වෙනවා, නැත්නම් වසංගතයක්, ආර්ථික අර්බුදයක් එනවා කියලා. දැන් මොකද වෙන්නේ? ඔයාගේ රැකියාව, ව්‍යාපාරය අස්ථාවර වෙනවා නේද?
මේ අදියරේදි ඔයා මූල්‍ය ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. ස්ථාවරත්වයක් ගොඩනගා ගෙන තිබුණත් මේ වගේ අවස්ථාවක ආරක්ෂාකාරීව ඉන්න ඔයාට හැකියාවක් හදාගන්න ඕන. ඔයාගේ වාර්ෂික ආදායම (Annual Income) දෙගුණයක් කරගන්නේ කොහොමද කියලා මේ අදියරේදි හිතන්න. ඒ වගේම ඒ දෙගුණ වූ මුදලින් 50% ක් අවුරුද්ද අවසානයේදී ඉතිරි කරගන්නත් ඔයා උත්සහ කළ යුතුමයි.
මුදල් ඉපැයීම විතරක් කළා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඔයා මුදල් ඉතිරි කරන්නත් අවශ්‍යයි. නමුත් සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි, මෙම මූල්‍ය ආරක්ෂිත අදියරට ඕනෑම කෙනෙකුට ඉක්මනින් යාමට නොහැකියි කියන එක. ඔයා තනිකඩ කෙනෙක් නම් මූල්‍යමය වශයෙන් ආරක්ෂිතයි කියලා ඔයාට දැනෙන්න පුළුවන්. මූල්‍ය විශේෂඥයින් ධනය පිළිබඳව සිදු කර ඇති පර්යේෂණවලින් කියන දෙයක් තමයි මූල්‍යමය වශයෙන් ආරක්ෂිතද නැද්ද කියන එක හරියටම කියන්න පුළුවන් ඔයා පවුලක් විදියට සම්පූර්ණ වුණාට පස්සේ කියන එක. ඒකයි මේ අදියර ටිකක් අමාරුයි කියලා අදහස් කරන්නේ. ඔයා පවුලක් විදියට සම්පූර්ණවෙලා වාර්ෂික ආදායමෙන් 50% ක් ඉතිරි කරනවා නම් සහ ඔයාට සියලු දේ අහිමි වූ පසුත් ටික කලක් ඉතුරුම්වලින්, වත්කම්වලින් ජීවත් විය හැකි නම් සාමාන්‍යයෙන් ඔයා මූල්‍යමය වශයෙන් ආරක්ෂිත කෙනෙක් කියලා හඳුන්වන්න පුළුවන්.
ඒත් මෙතැනින් ඔයාගේ ගමන අවසන් වෙන්නේ නැහැ. අපි ඊළඟ අදියරට යමු.
අදියර 5: Independent Stage
මේ අදියරේදී ඔයා මූල්‍යමය වශයෙන් ස්වාධීනයි. ඒ කියන්නේ මේ අදියරට ආවම ඔයාට වැඩ නොකර ඉන්න පුළුවන්. ඔයා රැකියාවක් කර කර මුදල් උපයන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඔයා ඉක්මනින් මූල්‍ය ස්වාධීනත්වයක් අත්කරගන්න නම් ආදායමෙන් 50% සිට 75% දක්වා ගණනක් ඉතිරි කරන්න හැකියාවක් තිබිය යුතුයි. උදාහරණයක් විදියට ටිකක් සරලව හිතලා බලමු, ඔයාගේ මාසික ආදායම ලක්ෂයක් නම් ඔයාට රුපියල් 25,000 කින් මාසයේ සියලු වියදම් දරා ජීවත් වීමට හැකි විය යුතුයි. එවිට රුපියල් 75,000 ක් පමණ ඉතිරි වෙනවා.
ඔයාගේ ආදායමට අනුව මේ උදාහරණය ගළපලා බැලුවොත් ඔයාට අවබෝධ වෙයි ඔයා කොපමණ මුදලක් වර්ෂ අවසානය වෙනකොට ඉතිරි කරන්න උත්සහ කරන්න ඕන ද කියලා මේ අදියර සම්පූර්ණ කරගන්න. ඔයාගේ මාසික වියදම 12න් ගුණ කළොත් ඔයාගේ අවුරුද්දක වියදම කොපමණ ද කියලා ගණනය කරගන්න පුළුවන්. එතකොට ඔයාගේ ආදායමෙන් මේ වියදම අඩු කළාම වාර්ෂිකව ඔයාට සැලකිය යුතු ගාණක් ඉතිරි වෙනවා. එතකොට ඔයාට අවුරුදු ගණනක් ඉදිරියට ජීවත් වෙන්න අවශ්‍ය මුදල් ඔයා ඉතිරි කරලා අවසන්. එතකොට ඔයා රැකියාවක් කරමින් ඉන්න අවශ්‍ය නැහැ. මොකද ඔයාට සුවපහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් විදියට ඔයා මූල්‍ය ස්වාධීනත්වයක් ගොඩනගාගෙන තියෙන නිසා.
අදියර 6: Freedom Stage
මේ අදියරට ආවට පස්සේ ඔයාට වියදම් ගැන වද වෙන්න අවශ්‍ය නැහැ. නිවාඩුවක් ගත කරන්න සුඛෝපභෝගී හෝටලයකට යන්න, පවුලේ හැමෝම එක්ක විදෙස් සංචාරයකට යන්න වගේ දේවල් වුණත් මේ අදියරේ ඉන්න කෙනෙක්ට එතරම් ලොකු දේවල් නෙමෙයි. 05 වන අදියරේ ඉන්න කෙනෙක්ට මොනවා වුණත් යම් සීමාවක් පැනවෙනවා. ඔහුට/ ඇයට අනවශ්‍ය විදියට නිකරුණේ වියදම් කරන්න බැහැ. මොකද ඉදිරි අවුරුදු කිහිපයකට විතරයි ඔවුන්ට මුදල් තියෙන්නේ.
ඒත් මේ අදියරට එන්බ කෙනෙක් ආයෝජන (investment) පැත්තට බරයි. ඔයා විශ්‍රාම යනවා කියලා හිතන්න. එතකොට ඔයාට තියෙන මුදල්වලින් ඔයා ජීවත් වෙනවා. ඒත් මේ අදියරේදි එහෙම ඉන්නේ නැහැ. ඔයා ආයෝජනය කරලා තවත් ආදායම වැඩි කරගන්නවා. විශ්‍රාම ගියත් ඔයාට දෙගුණයක, තෙගුණයක මුදලක් වැඩිපුර ලැබෙනවා ආයෝජන නිසා. එවිට ඔයාට මූල්‍යමය වශයෙන් නිදහසක් ලැබෙනවා.
අදියර 7: Abundance Stage
දැන් ඔයාට හිතෙයි 6 වෙනි අදියරට ඇවිත් ආයෝජන කරලා මූල්‍ය නිදහස ලැබුණා දැන් පොහොසත් කියලා. එතැනින් නතර වෙන්න එපා. ඊළඟට උත්සහ කරන්න මූල්‍ය නිදහසෙන් පසුව අතිරික්තයක් නිර්මාණය කරගන්න.
ඔයා වියදමක් කළාම ඒ මුදල වගේ දෙගුණයක් ලැබෙන මාර්ගයක් විවෘත කරගන්න. සාමාන්‍යයෙන් කරන කුඩා ආයෝජන ක්‍රමවලින් එහාට ගිහින් දේපළ සඳහා ආයෝජනය කිරීම, කොටස් වෙළඳ පොළ ආයෝජන වගේ ආයෝජන තුළින් ඔයාට පුළුවන් හිතනවාට වඩා හොඳ අතිරික්ත මුදලක් ලබාගන්න.
එතකොට ඔයා වියදම් කළාට ඔයාට ඊට වඩා ගණනක් නැවත ලැබෙනවා. මේක තමයි ධනවතෙක් වීමේ අවසන් අදියර.
දැන් හිතලා බලන්න ඔයා මේ වෙනකොට ඉන්නේ මොන අදියරේ ද කියලා. ඒක හරියටම තේරුම් ගත්තට පස්සෙ ඔයා ඊළඟ අදියරට යන්න උත්සහ කරන්න. ඒක කරන්න අමාරු නැහැ. ඔයා හරියට මූල්‍ය විනයක් සහිතව වැඩ කළොත් ඔයාට මේ හත්වෙනි අදියරට ළඟා වෙන්න පුළුවන්.
ඔයාට ධනවත් වෙන්න තවත් මොනවද කළ යුත්තේ කියලා දැනගන්න පුළුවන් පහළ Link එකේ Free Chaptersවලින්. ඔයාගේ මූල්‍යමය නිදහස හදාගන්න ඕන කරන තවත් කරුණු ඉගෙන ගන්න ඒ Free Chapters ඔයාට උදව් වෙයි.
https://school.lokubusiness.lk/p/rich-dad-poor-dad-video-book?affcode=1420258_ghpjvsre