Artificial Intelligence (AI) කියන්නේ, මේ වෙනකොට ඔයාට අලුත් දෙයක් නෙමෙයි. AI ලෝකය පුරා ව්‍යාප්ත වෙන්න ගන්නකොට, වඩාත් ජනප්‍රිය වෙනකොට බොහෝ දෙනෙක් බය වුණා AI නිසා තමන්ගේ රැකියාවත් නැති වෙයි කියලා. ඒත් හැකියාවෙන් වැඩ පෙන්නන්න පුළුවන් නම් කාටවත් බැහැ ඔයාගේ රැකියාව නැති කරන්න. මේ කියන්න යන්නේ AI නිසා ඉලක්කම් 6, 7ක වැටුපකට වුණත් යන්න පුළුවන් පාරක් ගැන.

Generative AI කියන්නේ මොකක්ද?

ඔයා AI කියන එක නම් අහලා ඇති. ඒත් Generative AI ගැන අහලා තියෙනවා ද? සරලවම කියනවා නම්, Generative AI කියන්නේ කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා අලුත් contents නිර්මාණය කිරීමේ ක්‍රියාවලියට. මේ Contents කියලා අදහස් කරන්නේ Text, Image, Video, Audio වගේ ඕනම දෙයක් ගැනයි.

උදාහරණය විදියට ගත්තොත් බොහෝ දෙනෙක්ට AI කිව්වම මතකයට එන ChatGPT එකෙන් ප්‍රධාන වශයෙන් Text content generate කරගන්න අපිට පුළුවන්, Midjourney වගේ AI tools භාවිත කරලා Image generate කරන්න පුළුවන්.

පසුගිය කාලයේ වඩාත් ජනප්‍රිය වුණ DeepSeek ඇතුළුව Gemini, DALL·E, RunwayML, වගේ විවිධාකාර Generative AI Applications භාවිතයෙන් විවිධ වර්ගයේ අන්තර්ගතයන් නිර්මාණය කරගන්න මේ වෙනකොට හැකියාව තිබෙනවා. මේ විදියට කෘත්‍රිම බුද්ධිය යොදාගෙන විවිධ Contents generate කරගැනීමට අපිට හැකියාව ලැබෙන්න Generative AI නිසයි. ඒ හේතුව නිසාම මේ ක්ෂේත්‍රයේ රැකියා සඳහා ඉහළ ඉල්ලුමක් පවතිනවා. මොකද අනාගතයේදී කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් අන්තර්ගතයන් සැකසීම තවත් දියුණු වෙන නිසා Generative AI සම්බන්ධ රැකියා සඳහා මානව සම්පතෙහි දායකත්වය අත්‍යවශ්‍ය වෙනවා.

ඒ විතරක් නෙමෙයි ඉදිරියේදී Agent AI හරහා තීරණ ගැනීමේ හැකියාව සහිත AI systems පවා වැඩිදියුණු වෙයි. එවිට එයට හැකියාවක් තිබෙනවා මනුස්සයෙකුගේ දායකත්වයක් නැතිව තීරණ ගන්න වගේම Tools නිර්මාණය කරන්නත්.

අද වෙනකොට Customer Service

Share this post: