ලෝකයේ වැඩිම ආදායමක් උපයන දැවැන්ත ව්‍යාපාරිකයෝ ඒ තත්ත්වයට ආවේ තමන්ගේ ව්‍යාපාරය තුළම තිබුණ තවත් ව්‍යාපාර අවස්ථාවලට අවධානය යොමු කරන්න ඔවුන් සමත් වුණ නිසා. Loku Business Blog එකෙන් අද අපි කියන්න යන්නේ කුඩා ව්‍යාපාරයක් දැවැන්ත ව්‍යාපාරයක් දක්වා ගෙනියන්න පුළුවන් සංකල්පයක් ගැන. ඒ තමයි Vertical and Horizontal Integration කියන සංකල්පය. මේ සංකල්පය දැවැන්ත ව්‍යාපාර ගොඩනගන්න හේතු වුණේ කොහොමද කියලා බලමු.
Vertical Integration සංකල්පය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න රත්රන් ආශ්රිත ව්‍යාපාරයක් අති දැවැන්ත ව්‍යාපාරයක් බවට පුළුල් වුණ ආකාරය වගේම මී පැණි ආශ්රිත ව්‍යාපාරයක් දැවැන්ත ව්‍යාපාරයක් දක්වා ව්‍යාප්ත වුණ ආකාරය ගැන බලමු.
ලොව දැවැන්ත ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාර දවසින් දවස පුළුල් කරගන්න භාවිත කළ උපක්‍රමයක් තමයි ඔවුන් වර්තමානයේ සිදු කරන ව්‍යාපාරයේම පියවර කීපයක් ආපස්සට ගිහින් ඒ ගැන අවධානය යොමු කරන එක. ඒකට කියනවා Backward Integration කියලා.
මේ සමාගම විසින් දකුණු අප්‍රිකාවේ තිබෙන විශාලම රත්රන් පතල පවා මිලට ගත්තා. ඒකෙන් ඒ පතලෙන් ලැබෙන ආදායමත් මේ සමාගමේ ආදායමට එකතු වුණා.
මේ වෙනකම් ඔයා කියෙව්වේ Backward Integration එක ගැන. මේ සමාගම එතනින් නතර වුණේ නැහැ. ඔවුන් මේ වෙනකම් කළේ ඔවුන්ගේ ව්‍යාපාරයේ වර්තමාන තත්ත්වයෙන් පියවර පියවර ආපස්සට ගිහින් ඒ දේවල් ඔවුන් විසින්ම කරන්න ගත්ත එක. ඊළඟට ඔවුන් යොමු වුණේ තමන්ගේ ව්‍යාපාරයේ ඉදිරියට තිබෙන පියවරවලට. ඒක හඳුන්වන්නේ Forward Integration කියලා.
ඔයාට තේරෙනවා ඇති මේ රත්රන් සමාගම Backward Integration එකක් වගේම Forward Integration එකකුත් තම ව්‍යාපාරයට Apply කරලා තියෙනවා කියලා. එහෙම අවස්ථාවක් හඳුන්වන්නේ Full Vertical Integration එකක් විදියට.
ඒ වචනේ තවත් සරලව පැහැදිලි කරන්නම්. Vertical කියන්නේ සිරස් කියන අදහස. එතකොට ව්‍යාපාරයක පසු පියවරවල් සහ ඉදිරි පියවරවල් ඒකාබද්ධ වීමක් තමයි Full Vertical Integration එකකදි වෙන්නේ.
මී පැණි ආශ්රිත ව්‍යාපාර ගැන සලකා බැලුවොත් මී පැණි නිෂ්පාදනය තමන්ගේ ව්‍යාපාරය කරගත්ත පිරිස් ඉන්නවා, තවත් පිරිසක් නිෂ්පාදකයන්ගෙන් මී පැණි මිලට අරන් ඇසුරුම් කරලා ඔවුන්ගේ Brand Name එකක් යටතේ අලෙවි කරනවා, තවත් පිරිසක් මී පැණි වෙනත් රටවලට අපනයනය කිරීම තමන්ගේ ව්‍යාපාරය කරගෙන තියෙනවා. මෙතැනදි වෙලා තියෙන්නේ මී පැණි ආශ්රිත නිෂ්පාදන ක්‍රියාවලියේ එක් එක් අංශ එක් එක් පුද්ගලයන් විසින් තමන්ගේ ව්‍යාපාරික අවස්ථාව බවට පත් කරගෙන තිබෙන
ලෝකයේ වැඩිම ආදායමක් උපයන දැවැන්ත ව්‍යාපාරිකයෝ ඒ තත්ත්වයට ආවේ තමන්ගේ ව්‍යාපාරය තුළම තිබුණ තවත් ව්‍යාපාර අවස්ථාවලට අවධානය යොමු කරන්න ඔවුන් සමත් වුණ නිසා. Loku Business Blog එකෙන් අද අපි කියන්න යන්නේ කුඩා ව්‍යාපාරයක් දැවැන්ත ව්‍යාපාරයක් දක්වා ගෙනියන්න පුළුවන් සංකල්පයක් ගැන. ඒ තමයි Vertical and Horizontal Integration කියන සංකල්පය. මේ සංකල්පය දැවැන්ත ව්‍යාපාර ගොඩනගන්න හේතු වුණේ කොහොමද කියලා බලමු.
Vertical Integration කියන්නේ මොකක්ද?
Vertical Integration සංකල්පය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න රත්රන් ආශ්රිත ව්‍යාපාරයක් අති දැවැන්ත ව්‍යාපාරයක් බවට පුළුල් වුණ ආකාරය වගේම මී පැණි ආශ්රිත ව්‍යාපාරයක් දැවැන්ත ව්‍යාපාරයක් දක්වා ව්‍යාප්ත වුණ ආකාරය ගැන බලමු.
රන් ආකරයක් වුණ Gold Company එක
ලොව දැවැන්ත ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාර දවසින් දවස පුළුල් කරගන්න භාවිත කළ උපක්‍රමයක් තමයි ඔවුන් වර්තමානයේ සිදු කරන ව්‍යාපාරයේම පියවර කීපයක් ආපස්සට ගිහින් ඒ ගැන අවධානය යොමු කරන එක. ඒකට කියනවා Backward Integration කියලා.
Backward Integration: එක්තරා රත්රන් ආශ්රිත ව්‍යාපාරයක් තිබුණා. වෙනත් පාර්ශවයක් සිදු කරන රත්රන් ආශ්රිත නිෂ්පාදන මිලට අරගෙන ඒවා අලෙවි කරන Jewellery Shops ඔයා ඕන තරම් දැකලා ඇති. මේ කියන සමාගම ඔවුන්ගේ ව්‍යාපාරයේ පියවරක් ආපස්සට ගිහින් රත්රන් නිෂ්පාදනය (Gold Manufacturing) කරන්න පටන් ගත්තා. ඉන්පස්සේ ඒ පියවරට කලින් පියවර වෙන රත්රන් Design කිරීමටත් ඔවුන් යොමු වුණා. ඒ විදියට ඊට පසු පියවරයන් වන රත්රන් පිරිපහදු කිරීම (Gold Refining), රත්රන් කැණීම (Gold Mining) කරන්න පවා ඔවුන් යොමු වුණා.
මේ සමාගම විසින් දකුණු අප්‍රිකාවේ තිබෙන විශාලම රත්රන් පතල පවා මිලට ගත්තා. ඒකෙන් ඒ පතලෙන් ලැබෙන ආදායමත් මේ සමාගමේ ආදායමට එකතු වුණා.
මේ වෙනකම් ඔයා කියෙව්වේ Backward Integration එක ගැන. මේ සමාගම එතනින් නතර වුණේ නැහැ. ඔවුන් මේ වෙනකම් කළේ ඔවුන්ගේ ව්‍යාපාරයේ වර්තමාන තත්ත්වයෙන් පියවර පියවර ආපස්සට ගිහින් ඒ දේවල් ඔවුන් විසින්ම කරන්න ගත්ත එක. ඊළඟට ඔවුන් යොමු වුණේ තමන්ගේ ව්‍යාපාරයේ ඉදිරියට තිබෙන පියවරවලට. ඒක හඳුන්වන්නේ Forward Integration කියලා.
Forward Integration: මෙතැනදි මේ සමාගම මුලින්ම කළේ Wholesale Market එකේ තොග වෙළඳාමට යොමු වුණ එක. ඉන්පස්සේ එතනින් ඉදිරි පියවර විදියට ඔවුන්ගේම කියලා Jewellery Showroom එකක් ආරම්භ කළා. එතැනිනුත් ඉදිරි පියවරක් තැබුව මේ සමාගම රත්රන් නිෂ්පාදන අලෙවි කරන්න තමන්ගේම කියලා E-Commerce Site එකක් ආරම්භ කළා.
ඔයාට තේරෙනවා ඇති මේ රත්රන් සමාගම Backward Integration එකක් වගේම Forward Integration එකකුත් තම ව්‍යාපාරයට Apply කරලා තියෙනවා කියලා. එහෙම අවස්ථාවක් හඳුන්වන්නේ Full Vertical Integration එකක් විදියට.
ඒ වචනේ තවත් සරලව පැහැදිලි කරන්නම්. Vertical කියන්නේ සිරස් කියන අදහස. එතකොට ව්‍යාපාරයක පසු පියවරවල් සහ ඉදිරි පියවරවල් ඒකාබද්ධ වීමක් තමයි Full Vertical Integration එකකදි වෙන්නේ.
මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි
මී පැණි ආශ්රිත ව්‍යාපාර ගැන සලකා බැලුවොත් මී පැණි නිෂ්පාදනය තමන්ගේ ව්‍යාපාරය කරගත්ත පිරිස් ඉන්නවා, තවත් පිරිසක් නිෂ්පාදකයන්ගෙන් මී පැණි මිලට අරන් ඇසුරුම් කරලා ඔවුන්ගේ Brand Name එකක් යටතේ අලෙවි කරනවා, තවත් පිරිසක් මී පැණි වෙනත් රටවලට අපනයනය කිරීම තමන්ගේ ව්‍යාපාරය කරගෙන තියෙනවා. මෙතැනදි වෙලා තියෙන්නේ මී පැණි ආශ්රිත නිෂ්පාදන ක්‍රියාවලියේ එක් එක් අංශ එක් එක් පුද්ගලයන් විසින් තමන්ගේ ව්‍යාපාරික අවස්ථාව බවට පත් කරගෙන තිබෙන එක.
මේ කිව්ව ව්‍යාපාරිකයන් හිතන විදියට වඩා වෙනස් විදියට හිතපු ව්‍යාපාරිකයෙක් හිටියා. ඔහු කළේ මී වදවලින් මී පැණි නිස්සාරණය (Honey Extraction) කරන එක. දවසක් ඔහු සහභාගී වුණා පුහුණු වැඩසටහනකට. ඒකෙදි ඉගෙනගත්ත දේවල්වලින් ඔහුට තේරුම් ගියා මී පැණි නිස්සාරණය කර කර එක තැන පල් වෙන්නේ නැතුව එතැනින් එහාට යන්න ක්‍රම ඕන තරම් තියෙනවා කියන එක. දැන් ඔහු තමන්ගේ ව්‍යාපාරය පුළුල් කරගන්න භාවිත කරන්නෙත් රත්රන් සමාගම අනුගමනය කළා වගේ ක්‍රමවේදයක්.
Backward Integration: මී පැණි නිස්සාරණය කරන්න මී වද ඔහුට ලැබෙන්නේ මී මැසි ජනපද පවත්වාගෙන යමින් මී මැසි පාලනය සිදු කරන පුද්ගලයන්ගෙන්. මී මැසි පාලනයට විශේෂ පුහුණුවක් අවශ්‍යයි. ඉතින් අපේ මේ කතාවේ කතානායකයා වන මී පැණි නිස්සාරණය කරන ව්‍යාපාරිකයාට ආවා අදහසක්. ඒ තමයි මී මැසි පාලනය කරන Farmersලාව පුහුණු කරන එක. මී මැසි පාලනය සම්බන්ධ විශේෂඥයෝ ගෙන්නලා වැඩමුළු පවත්වන්න, නව තාක්ෂණය මුසු කරලා මී මැසි පාලනය කරන විදිය කියලා දෙන්න, වගේ දේවල් ගැන Farmersලාට පුහුණුව දෙන්න තිබෙන ව්‍යාපාරික අවස්ථාව ඔහු හඳුනාගත්තා.
මේ විදියට Backward Integration එකක් සිදු කරමින් ඔහුගේ ව්‍යාපාරයේ ආපසු පියවරවල් ගැන සැලකිලිමත් වෙද්දි ඔහුට හඳුනාගන්න ලැබුණා පරාගණය සම්බන්ධවත් ව්‍යාපාරික අවස්ථාවක් තිබෙන බව. මී මැසි ජනපද තිබෙන ප්‍රදේශ ආශ්‍රිතව මල්වල පරාගණය හොඳින් සිදු වෙනවා කියන එක සමහරවිට ඔයාටත් නිරීක්ෂණයවෙලා ඇති. මෙන්න මේ නිරීක්ෂණය මගින් ඔහු ඊළඟට පියවර තැබුවේ මී මැස්සන්ගේ විෂ (Bee Venom) එකතු කරන ව්‍යාපාරයක් කරන්න. Cosmetic Industry, Pharmaceutical Industry වගේ Industries කීපයකම නිෂ්පාදන සඳහා මී මැස්සන්ගේ විෂ අමුද්‍රව්‍යයක් විදියට භාවිත කරනවා. කෝටි ගණනකට මී මැස්සන්ගේ විෂ අලෙවි වෙන නිසා ඒකත් හොඳ ව්‍යාපාරික අවස්ථාවක් වුණා.
නමුත්, මී මැසි විෂ එකතු කරන යන්ත්‍ර සොයාගන්න එක ටිකක් අමාරු වැඩක්. ඒ නිසා ඔහු මී මැසි විෂ එකතු කරන Machine විකුණන පියවරටත් යොමු වුණා. මීට අමතරව තවත් අවස්ථාවක් ඔහු හඳුනාගත්තා. ඒ තමයි මී මැසි රාජධානියක වටිනාම සම්පත විදියට සලකන මී මැසි රජින මී වදවලින් අරගෙන මී මැසි නිෂ්පාදකයන්ට අලෙවි කිරීම. මේ වෙනකම් හඳුනාගත්ත ව්‍යාපාරික අවස්ථා සියල්ල Backward Integration එකට අදාළ ඒවා.
Forward Integration: මුලින්ම කිව්ව විදියට මේ ව්‍යාපාරිකයා මී පැණි නිස්සාරණය කරන පුද්ගලයෙක් කියන එක ඔයාට මතක ඇති. දැන් එතැනින් ඉදිරියට තිබෙන ව්‍යාපාරික අවස්ථා එකින් එක ගැන ඔහුගේ අවධානය යොමු වුණා. මී පැණි නිස්සාරණයෙන් පස්සේ ඒවා අලෙවි කරන්න නම් ඊටත් කලින් Honey Testing සිදු කළ යුතුයි. ඒ මී පැණිවල ගුණාත්මකභාවය ගැන පාරිභෝගිකයාට සහතික වීම කරන්න ඕන නිසා. මොකද සමහර ව්‍යාපාරිකයෝ වංචනික විදියට Rice Syrup සහ Corn Syrup දෙක මී පැණි සමග මිශ්‍ර කරලා අලෙවි කරනවා. ඒකෙන් මී පැණිවල ගුණාත්මකභාවය අඩු වෙනවා වගේම ඒවා පරිභෝජනය කරන පුද්ගලයන්ට දියවැඩියාව තිබෙනවා නම් එය තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතිනවා. නමුත් හොඳ මී පැණි පරිභෝජනය කළා කියලා දියවැඩියාව තවදුරටත් වැඩි වෙන්නේ නැහැ කියන එකයි විශේෂඥ මතය වෙන්නේ.
තවදුරටත් මේ ව්‍යාපාරය Forward Integration තුළින් පුළුල් කරද්දි Packaging, Export දක්වාම රැගෙන යන්න අයිතිකරුට හැකි වුණා. Export කියන පියවර තවත් ව්‍යාපාරික අවස්ථා දෙකකට බෙදන්න පුළුවන් Private Labelling සහ White Labelling කියලා.
Private Labelling කියන්නේ තමන්ගේ මී පැණි ව්‍යාපාරයේ Brand Name එක යටතේම මී පැණි නිෂ්පාදන වෙළඳ පොළට නිකුත් කරන එකට. මේ කියන ව්‍යාපාරිකයා මී පැණි අපනයනය නොකරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඔහු එය අපනයනකරුවෙකුට අලෙවි කරන්නේ ඔහුගේ Brand Name එක යටතේම අපනයනය කිරීම සඳහායි.
White Labelling කියන්නේ එක් ව්‍යාපාරිකයෙක් මී පැණි නිෂ්පාදනයේ තිබෙන තමන්ගේ ලේබල් එක ඉවත් කරලා තවත් ව්‍යාපාරිකයෙක්ට එය අලෙවි කරනවා. ඉන්පස්සේ දෙවනුවට එය මිලට ගත්ත ව්‍යාපාරිකයා ඔහුගේ Brand Name එක යටතේ එය අපනයනය කරනවා. මේ තමයි Export Market එක ඇතුළෙ මී පැණි අලෙවිය සම්බන්ධ ව්‍යාපාරික අවස්ථා.
දැන් ඔයාට හොඳින් පැහැදිලි ඇති මොකක්ද Full Vertical Integration එකක් කියන්නේ කියලා. සිරස් අතට සිද්ධ වුණ මේ ව්‍යාපාර පුළුල් කිරීම මෙතැනින් නතර කරන්නේ නැතුව ඒක තිරස් අතට ඒ කියන්නේ Horizontal Integration එකක් තුළිනුත් තවත් පුළුල් කරන්න අවස්ථාව තියෙනවා. දැන් අපි ඒ ගැන බලමු.
Horizontal Integration කියන්නේ මොකක්ද?
ඔයාගේ නිෂ්පාදනය ආශ්රිත තවත් නිෂ්පාදන වෙළඳ පොළට හඳුන්වා දෙන්න ඔයාට පුළුවන්. ඒක තමයි Horizontal Integration එකක් විදියට හඳුන්වන්නේ. ඒ ගැන තව පැහැදිලි වෙන්න උදාහරණ කීපයක් බලමු.
Amul කියන්නේ කිරි ආශ්රිත නිෂ්පාදන සිදු කරන ඉන්දියානු සමාගමක්. මේ සමාගම යෝගට්, මුදවපු කිරි, අයිස්ක්‍රීම්, ඇතුළුව කිරි ආශ්රිත නිෂ්පාදන 28ක් ඔවුන්ගේ Brand Name එක යටතේ වෙළඳ පොළට හඳුන්වා දීලා තිබෙනවා. කිරි කියන අමුද්‍රව්‍ය යොදාගෙන ඔවුන්ගේ නිෂ්පාදන පරාසය වැඩි කරගැනීම අයත් වෙන්නේ Horizontal Integration එක යටතට.
Paytm කියන්නේ තවත් උදාහරණයක්. දැවැන්ත ඉන්දියානු සමාගමක් බවට පත්වෙලා තියෙන මේ ආයතනය Bill Recharge කරලා Payment එක කරන එක තමයි කළේ. නමුත් අද වෙනකොට ඉන්දියාව තුළ Digital Revolution එකක් කරන තැනට මේ සමාගම පරිවර්තනය වෙලා තියෙනවා.
Paytm Bank, Wealth Management, Food Delivery, Paytm Mall එකක් දක්වාම ඔවුන් සිය ව්‍යාපාරය Horizontal Integration යටතේ පුළුල් කරගත්තා.
අපි මුලින් කතා කළ රත්රන් ආශ්රිත නිෂ්පාදන සමාගම ගැන හිතුවොත් Horizontal Integration යටතේ ඒ ව්‍යාපාරය පුළුල් කරන්න අවස්ථා රැසක් තියෙනවා. රත්රන් ආභරණ රට රටවල සංස්කෘතිය අනුව වෙනස් කියන එක ඔයා දන්නවා ඇති. ඉන්දියානුවන්ට ගැළපෙන රත්රන් ආභරණ, යුරෝපීයයන්ට ගැළපෙන ආභරණ වගේ විවිධාකාර නිෂ්පාදන අවස්ථා එහි තිබෙනවා. ඒ වගේම රත්රන් ප්‍රතිමා, Gold Plated Watches, රත්රන් මිශ්‍ර රාමු සහිත ඇස් කණ්ණාඩි වගේ රත්රන් යොදාගෙන කරන නිෂ්පාදන පවා කරන්න හැකියාව තියෙනවා.
අපි ඊළඟට කතා කළ මී පැණි ව්‍යාපාරය Horizontal Integration සංකල්පය යොදාගෙන තවදුරටත් පුළුල් කරන්න පුළුවන්. මී පැණි බෝතල් අලෙවියට අමතරව මී පැණි යොදාගෙන කරන රූපලාවණ්‍ය නිෂ්පාදන, ආයුර්වේද නිෂ්පාදන, Confectionery Products, වගේ නිෂ්පාදන රාශියක්ම වෙළඳ පොළට හඳුන්වා දෙන්න හැකියාව තියෙනවා.
ඔයාටත් Business Field එකේ දැවැන්තයෙක් වෙන්න ඕන නම් එක තැන ඉන්න එපා. ඔයාගෙම ව්‍යාපාරය වටා තියෙන ව්‍යාපාරික අවස්ථා ගැන අවධානය දෙන්න. ඔයාගේ ව්‍යාපාරය දැවැන්ත දියුණුවක් කරා රැගෙන අවශ්‍ය දැනුම ලබාගන්නත්, ව්‍යාපාරයට පාරිභෝගිකයන් ආකර්ෂණය කරගන්න ක්‍රම දැනගන්නත් පහත Link එක click කරන්න.
https://school.lokubusiness.lk/p/5-frameworks-to-grow-your-business?affcode=1420258_ghpjvsre