ඔයා පොඩි කාලේ සිහිනයක් තියෙන්න ඇති ලොකු වුණාම ඔයා කවුරු වෙනවා ද කියන එක ගැන. ඒත් ඔයා තරුණ වයසට එනකොට ඒ හීන වෙනස් වෙලා ඔයා අලුත් සිහිනයක් ගැන හිතන්නත් ඇති. මේ මොහොත වෙනකොට ඔයා ඒ හීනවලට ළඟා වෙලා ද ඉන්නේ?
ඔයාට ඒ හීනවලට ළඟා වෙන්න බැරි වුණා නම් මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන් හීන සැබෑවක් කරගන්න ඔයා ළඟ තියෙන්න ඕන ගුණාංග 4ක් ගැන.
සමාජයේ අපි දකින බොහෝ දෙනෙක් තමන්ගේ හීනවලට යන්න බැරි වුණ අය. ඉතාම සුළු පිරිසක් විතරයි ඔවුන්ගේ හීන සැබෑවක් බවට පත් කරගන්නේ. ඔයා හිතලා තියෙනවා ද ඇයි එහෙම වෙන්නේ කියලා? ඔයාට ධනාත්මක ශක්තියක් (positive energy) නොමැති නම් ඔයාගේ ජීවිතයේ බොහෝ දේවල් ළඟා කර ගැනීම දුෂ්කර වෙන්න පුළුවන්. මෙම ශක්තිය නිරන්තරයෙන් ඔයා තුළ පැවතිය යුතු දෙයක්.
ඔයා තුළ මේ කියන ධනාත්මක ශක්තිය අවමයි කියලා හිතෙනවා නම් ඒ ශක්තිය වැඩිදියුණු කරගන්න අවශ්‍ය ගුණාංග 4ක් තමයි මේ ලිපියේ සඳහන් වෙන්නේ. ඔයා ව්‍යාපාරිකයෙක්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්, හෝ ජීවිතයේ යමක් ඉටු කර ගැනීමට අරමුණක් ඇති කෙනෙක් නම් මේ කියලා දෙන්න යන ගුණාංග ඔයා තුළ අනිවාර්යෙන්ම වර්ධනය කරගන්න.
ධනාත්මක ශක්තියක් ඇති පුද්ගලයන් තුළ තමන් කරන දේ සම්බන්ධයෙන් විශාල කුතුහලයක් සහ උද්යෝගයක් දකින්න ලැබෙනවා. ඔයාට ඔයා කරන දේ සම්බන්ධයෙන් කුතුහලයක් නොමැති නම්, ඔයා හරියට හුළං නැති ටයර් එකක් වගේ වෙනවා. හුළං නැති ටයර් එකකට ඉදිරියට යන්න බැහැ. ඒ වෙනුවට අලුත් ටයර් එකක් දැම්මොත් තමයි ඉදිරියට යන්න හැකියාව ලැබෙන්නේ.
කුතුහලයෙන් සහ උද්යෝගයෙන් පිරි පුද්ගලයෙකුගේ ශරීර භාෂාවෙන් (body language) පවා එය අනිත් පුද්ගලයන්ට දැනෙනවා. ඔයාගේ රැකියා ස්ථානයේ හෝ විශ්වවිද්‍යාලයේදී මෙවැනි පුද්ගලයෙක් පැමිණි විට එම ස්ථානයේ සිටින පුද්ගලයන්ගේ පවා කතාව වෙනස් වෙනවා. ඔවුන් ද උද්යෝගීමත් වෙනවා. සමහර වෙලාවට ඔවුන්ව දකින්නම අවශ්‍ය නැහැ. දුරකතන ඇමතුමකින් පවා ඔවුන්ගේ ධනාත්මක ශක්තිය සහ කුතුහලය අනෙකාට දැනෙනවා.

01. කුතුහලය (Enthusiasm)

02. දැඩි අධිෂ්ඨානය (Determination)
ඔයාගේ ධනාත්මක ශක්තිය වැඩි කර ගැනීමට ඔයාට දැඩි අධිෂ්ඨානයක් තියෙන්න ඕන. කුතුහලය සහ උද්යෝගය සමහර විට ඔයා සතුව තියෙන්න පුළුවන්. එය තිබුණත්, යා යුතු දිශාව පිළිබඳව නිවැරදි අධිෂ්ඨානයක් නොමැති නම් එයින් වැඩක් වෙන්නේ නැහැ. ඔයාගේ ධනාත්මක ශක්තිය වැඩකට ඇති දෙයකට යොමු කිරීමට නම් ඔයාට යම් අධිෂ්ඨානයක් තිබිය යුතුමයි.
අධිෂ්ඨානයක් තියාගෙන ඒ වෙනුවෙන්ම කැපවෙලා වැඩ කරන එක අමාරුයි කියලා ඔයා සමහර විට ඔයාගේ සිහින අතහැරලා දාලා ඇති. ඒත් ඔයා යම් විනයක් (discipline) ඇතිව අමාරුවෙන් හරි සිහිනය වෙනුවෙන් වැඩ කරන එක, ඔයා දවසක ඒ සිහිනවලට යන්න බැරි වුණා කියලා දුක් වෙනවාට වඩා වටිනවා. ඔයාට පසුතැවිලි වීමෙන් වේදනා විඳින එක, අධිෂ්ඨානයකින් යුතුව වැඩ කරනකොට දැනෙන අපහසුතාවට වඩා වැඩියි. ඒ නිසා දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න අදම හිතාගන්න.
03. ඉවසීම (Patience)
කුතුහලය සහ අධිෂ්ඨානය තිබුණත්, ඉවසීමක් නොමැති නම් ඒත් ඔයාට පසුබහින්න වෙනවා. වැටුණු විට නැවත නැගී සිටින්නේ ඉවසීම තිබෙන පුද්ගලයන් විතරයි. සමහර පුද්ගලයන්ට තමන්ගේ හීනවලට යන්න ලොකු හදිසියක් තියෙනවා. එක රැයින් සිහින සැබෑ කරගන්න ඔවුන්ට ඕන වෙනවා. තවත් සමහරු මාස කීපයක් උත්සහ කරනවා. ඒත් තමන්ගේ සිහිනය ඒ විදියටම ඉටු වෙන්නේ නෑ කියලා හිතලා ඒ හැමදෙයක්ම අත්හැරලා දානවා.
හොඳට මතක තියාගන්න ඕන කාරණාවක් තමයි ඔයා මේ තරම් දුරක් ආවේ ඔයා ඒ වැටෙන තැනින් නවතින්න නෙමෙයි කියන එක. ජීවිතේ අසීරුම දවස් තමයි ඔයාගේ ජීවිතේ හොඳම දවස් නිර්මාණය කරන්න ශක්තිය දෙන්නේ, පාර පෙන්වන්නේ.
ඔයා සිහින හඹා යද්දි කඩා වැටෙන්න පුළුවන්. ඒ විදියට කඩා වැටීම අහම්බයක් වෙන්න පුළුවන්, ඒත් දිගටම ඒ විදියට වැටිලා ඉන්නවා කියන්නේ ඒක ඔයාගේ තේරීමක්. වැටුණ තැනින් නැගිටලා සිහිනය සැබෑ වෙනකම් යන්න නම් ඉවසීම කියන ගුණාංගය ඔයා වර්ධනය කරගත යුතුමයි.
04. කළ යුතු දේවල් පමණක් කරන්න
දැන් ඔයා කුතුහලය, අධිෂ්ඨානය, සහ ඉවසීම යන ගුණාංග තුනම වර්ධනය කරගෙන තිබුණත් තවත් එක් ගුණාංගයක් ඔයාගේ සිහින සැබෑ කරගැනීම සඳහා අත්‍යවශ්‍ය වෙනවා. ඒ තමයි කළ යුතු දේවල් පමණක් කරන්න ඔයාට හැකි වෙන්න ඕන. ඔයාගේ සිහිනවලට යන්න ඔයා හැම දෙයක්ම කරන්න ඕන නැහැ. ඒ සිහිනය හෝ සිහින වෙනුවෙන් කළ යුතු දේවල්වලට වැඩි අවධානයක් දීලා ඒ දේවල් පමණයි ඔයා කරන්න ඕන.
ඔයාගේ සිහිනයට යන්න අවශ්‍ය නොවෙන දේවල් කරන්න ඔයාගේ කාලය වැය කරනවා නම් ඔයාගේ සිහිනය තව තවත් ඔයාගෙන් ඈතට යනවා. සමහර පුද්ගලයෝ හරිම කාර්යබහුලයි. ඔවුන්ට ඒ නිසාම තමන්ගේ හීන මගහැරෙනවා. හොඳට හොයලා බැලුවොත් ඒ සිහින මගහැරෙන තරම් කාර්යබහුල බවක් ඔවුන්ට ඇවිත් තියෙන්නේ ඔවුන් ඕන දෙයයි, එපා දෙයයි හැම දෙයක්ම කරන නිසා. ඔවුන් තමන්ගේ හීන වෙනුවෙන් විතරක් නෙමෙයි කාර්යබහුල වෙලා තියෙන්නේ. හරියට Vampire කෙනෙක් ඔයාගේ ඇඟෙන් ලේ උරා බොනවා වගේ ඔයාගේ ශක්තිය ක්‍රමයෙන් අඩු වෙන්න මේ දේවල් හේතුවක් වෙනවා.
ඒ නිසා ඔයාගේ සිහිනය සැබෑ කරගන්න අවශ්‍ය මොනවද කියන එක හඳුනාගෙන ඒ දේවල්වලට හොඳ අවධානයක් දීලා කටයුතු කරන්න.
දැන් මේ සඳහන් කළ ගුණාංග 4 ඔයා තුළ වර්ධනය කරගන්න උත්සහ කරන්න. ලිපියේ මුලින් සඳහන් කළ හුළං නැති ටයර් එක වෙනුවට හුළං පිරුණ අලුත් ටයර් එකක් දාගන්න. එතකොට මෙතෙක් කලක් සැබෑ නොවුණ ඔයාගේ සිහින සැබෑ කරගන්න ඔයාට පුළුවන්.
මේ විදියට ඔයාගේ සිහින සැබෑ කරගන්න යන ගමනේදි ඔයා වැඩිදියුණු කරගන්න ඕන හැකියාවක් තමයි කාල කළමනාකරණය සහ ප්‍රමුඛතා හඳුනාගැනීම (Time Management and Prioritization) කියන්නේ. හතරවෙනි ගුණාංගය හරියාකාරව ඔයා තුළ වර්ධනය කරගැනීමේදී මේ හැකියාව ඔයාට ගොඩක් වෑදගත් වෙනවා. ඔයාගේ සිහින සඳහා කළ යුතු වැඩ කොටස පහසුවෙන් කරගන්න කාල කළමනාකරණය සහ ප්‍රමුඛතා හඳුනාගැනීම ඔයාට විශාල උපකාරයක් වෙයි.
ඔයාට හිතෙනවා නම් කාලය කළමනාකරණය කරගන්න එක හරියට තේරෙන්නේ නැහැ, තියෙන පැය 24ත් ඔයාට මදි කියලා පහළ Link එකට ගිහින් ඒකේ තියෙන Free Chapter එක බලන්න. කාල කළමනාකරණය ගැන හොඳ දැනුමක් ඔයාට ඒකෙන් ලබා ගන්න පුළුවන්.
https://school.lokubusiness.lk/p/time-management-course1?affcode=1420258_ghpjvsre